Posts

Showing posts from December, 2010

අපි වෙනුවෙන් අපි ආයේ......!

Image
අදත් ඔන්න ලියන්න ආවේ සින්දුවක් ගැන. මගේ හිත හූරලා රිද්දන්න පුලුවන් වුණ සින්දුවක් ගැන. වැඩි කතා නැතුව සින්දුව මෙතනින් ඕනෙ නම් බා ගන්නත් යූටියුබ් එකෙන් බලන්නත් පුලුවන්.  මේ සින්දුව නිසා මේ තරම් රිදුනේ ඇයි කියලා සමහර වෙලාවට මටම හිතෙනවා. මගේ සමහර යාලුවෝ නම් කියන්නේ මම ගිය ආත්මේ හමුදා නිලධාරියෙක් ගෙ බිරිදක් වෙලා ඉන්න ඇතිලු. ඒ මනුස්සයා යුද්දෙන් මැරෙන්න ඇතිලු. මමත් ඒ දුකටම මැරෙන්න ඇතිලු. ඒක නිසා මේ වගේ ඒවට දැනටත් හිත සසල වෙනවා ඇතිලු. සමහර විට වෙන්නත් ඇති අප්පා. ආදරේ කරන කෙනෙක් නැති වුනාම ඒකෙ අමාරුව දන්නේ තනි උන කෙනාම තමා. මුහුණු පොත නිසා ඒ ආකාරයේ අපූරු අත්දැකීම් කිහිපයකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.  පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දි මාව සසල කලා එක ගුවන් අනතුරක්. ඒ වෙලාවේ ඒ හෙලිකොප‍්ටරය තුල හිටපු ගුවන් නියමුවෝ දෙදෙනාත් අවිකරුවෝ දෙදෙනාත් එතනම මිය ගියා. එහි හිටපු ගුවන් නියමුවන්ගෙන් එක්කෙනෙක් බොහොම කඩවසම් තරුණයෙක්. පස්සේ මම පුවත්පතක කියෙව්වා ඔහු මේ අනතුර සිද්ධ වෙච්ච මාසෙට පස්සෙ මාසෙ විවාහ වෙන්න හිටපු කෙනෙක් කියලා. මට ඒ වෙලාවේ විදුලියක් කෙටුවා වගේ රිදුණා. ඔහු විවාහ වෙන්න හිටපු පෙම්වතිය මේ සි

අ.පො.ස. (සා/පෙ) 10 වන සංවත්සරය

Image
10 වන සංවත්සරය ගැන ලියන්න කලින් මෙය සංවත්සරයක් වෙන්නට හේතු පාදක වූ කතාව කිව යුතුය . මම 1999 වසරේ දී සා . පෙළ විභාගයට පෙනී සිටියෙමි . ප්‍ර තිඵල පැමිණි දා මමත් ලක්මාලිත් ප්‍ර තිඵල ප් ‍ රදර්ශනය කළ මේස පන්දු ක්‍රී ඩාගාරයෙන් පිටතට වී ගැහි ගැහී සිටියෙමු . විභාගයට වාරයකට පෙර කනිෂ්ඨ අංශ විදුහල්පතිනියගෙන් පන්තියම ඉදිරිපිට කණ පිරෙන්නට අසා ගත්තෝ අපි දෙදෙනාය . ඒ ගණිතයට පන්තියේ " වැඩිම " ලකුණු ලබා ගැනීම වෙනුවෙනි .   ලක්මාලිගේ යෙහෙළියක වූ භා ග්‍යා මේස පන්දු ක්‍රී ඩාගාරයෙන් එළියට පැන්නාය . " ලකී ඔයා පාස් . ඔක්කොටොම D, C තියෙන්නෙ ". ලකීට ඇඩුණි . ඕ මාවද ඇදගෙන ක් ‍ රීඩාගරය තුලට රිංගුවාය . මමද ඇදී ගියෙමි . ලකී කෙල්ලන් අතරින් රිංගා ඇයගේ ප්‍ර තිඵල තහවුරු කරගෙන උඩ පැනගෙන පැමිණියාය . සෙනග අඩු වන තුරු බලා සිට මම ප්‍ර තිඵල පුවරුව ට සෙමෙන් ලං වීමි .      අකුරක හෝ දෙකක වෙනසක් සහිතව මගේ වාසගමම හිමි සකුන්තලා ගේ නමද මා අසලින් විය . නම් දෙක පටලැවුණි . නම් දෙකම ඉදිරියෙන් මාගෙ ඇගිල්

ඉංග්‍රීසි කදවුර

Image
අපේ අංක 3 කොඨ්ඨාශයේ ඉංග්‍රීසි කදවුරක් පැවැත්වීමට දින 4 කට හලින් හති දාගෙන මෝටර් සයිකලයේ පැමිණි අසල්වාසී දෙමළ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමා ලිපිය අපේ විදුහල්පති (උ) තුමා වෙත භාර දී පලා ගොස් තිබුණි. ඒ අවසාන මොහොතේ ලියුම් ගෙනත් දී මගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගෙන තිබෙන වසර 3ක් අඛණ්ඩ පලපුරුද්ද නිසාය. ඉංග්‍රීසි දිනයට පක්ෂග්‍රාහී හා අසාධාරණ විනිශ්චයන් ලබාදීම නිසා මා සිටියේ ද අහු වෙන තුරුය. නමුත් ඔහු මා එන්නට පෙර පලා ගොස් ඇත.  6 වන ශ්‍රේණියෙන් 7 දෙනෙකු සහ 7 වන ශ්‍රේණියෙන් 8 දෙනෙකු ලෙස මගේ කණ්ඩායම ගෙන යාමට සූදානම් වන ලෙස (උ) තුමා දැනුම් දුනි. වහාම පසුගිය වාරයේ ලකුණු පොත පෙරලූ මම පන්ති දෙකෙන්ම වැඩිම ලකුණු ලත්තන් ටික තෝරා ගතිමි. "මොනවා උනත් පිට ඉස්කොලෙකට ගිහින් මගේ සායම බේරා ගන්නත් එපායැ..." අනේ දෙය්යනේ කියා පොඩ්ඩෝ සියලු දෙනාම වෙලාවට දෙමළ විද්‍යාලය අසලට පැමිණ සිටියෝය. වට පිට බලන විට එකෙක්වත් පේනතෙක් මානයක නැත. මම පොඩ්ඩෝ 15ක් සමග ගේට්ටුව ගාවය. තවත් බසයක් පැමිණුනි. "ෂර්මිලා" ප්‍රෙස්ටන් දෙමළ විද්‍යාලයේ පොඩ්ඩෝ ටිකද රැගෙන ආවාය. "ඇති යන්තම්.... මොකද බන් පරක්කු උනේ??" එහෙම