Posts

Showing posts from 2011

ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්

Image
පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය.   "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි." ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ.  එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි.  ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය.  මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ උතුමා සරුත් එ

ආපහු අඬන්නට සිද්ධ වුණි.

Image
මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත. මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය. සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉ

යක්කුන්ගේ දෙමාපියෝ

Image
මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්‍රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්‍රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.  මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්‍රඩ් සර් කියන්නෙ කතා සාගරයක්. ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ.  ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ.  දැන් ඔක්කොම කට්ටිය රැස්වීම

ඔබ එන තුරු.............

Image
                                       මගෙ සුදූ.........                            නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා. මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා. යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා.  ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝම්බ ගැන ඔයා කියන කතා මම ඇත්තටම අහගෙන හිටියෙ අමාරුවකින් නම් නෙවෙයි. ඒ කාලෙ මම ආසම කලේ තොර තෝංචියක් නැතුව පොඩි දරුවෙක් වගේ කියවන ඔයාගෙ කතා අහගෙන තරු දෙකක් වගේ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔයා කියවනවා මම අහගෙන ඉන්නවා

චීන කතා 2 - කඩේ යාම

Image
මේක අර අපේ අයියා කිව්ව් දෙවනි කතාව. අපේ රටේ නසරානි අයියලා සෙට් එකක් චීනෙට ගොඩ බැහැලා කරපු හරියේ පළවෙනි කොටස කියෙව්වෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම මේක කියවන්න එන්න.  ඔන්න ඉතින් අයියලා ටික චීනෙ ගියා කියන්නෙ ඉතින් දන්නවනෙ.... අයියලනෙ නෝනලා සහ වෙන්ට නෝනලා බලාගෙන ඉන්නෙ ඉතින් තමන්ගෙ සුවාමිපුරුසයට, වෙන්ට බෝයි ට තමන් ව මතක් වෙලා මොනාද ගේන්නෙ කියලනේ. ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නැති ගානට බිබී හිට පු අපේ සැට් එකට එක පාරටම මතක් වුණාලු මේ සීන් එක. නිකන් අත හොල්ල හොල්ලා ගිහින් පැටියෝ මම ආවා කියනවට වඩා ඉතින් මොනවා හරි ගෙනියන එකනෙ හොඳ.   ඉතින් මේ යුතුකම් දන්න හො....................ඳ අයියලා ටික ඊගාව දවසෙ පාරට බැස්සලු තමන්ගෙ ආදරණීය බිරින්ඳෑවරු රැවටීමේ ව්‍යාපාරයට.  ඉතින් මග දිගට බල බල යනකොට කට්ටියටම පේනවලු ලස්සන හෑන්ඩ් බෑග් තියෙන කඩයක්. එක කඩයක් නෙවෙයි අනේ කඩ පේලියක් ම. කාන්තා පාර්ශවේට ඉතින් හෑන්ඩ් බෑග් කීයක් තිබ්බත් මදි බව අත්දැකීමෙන්ම දන්න අයියලා ටික ස් රූස්.... ගාල මේ කඩයකට රිංගුවලු.  හරි දැන් ඔන්න කට්ටිය හෝ ගාලා බෑග් තෝරනවලු. තම තමන්ගෙ බාරි ගෙ සාරි ගැන දන්නෙ අහවල් අයි

නෝටි කොල්ලෝ

Image
මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ. මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක්.  මිනිහ ටිකක් තරහ යන නපුරු පොඩ්ඩෙක්. තාම ඉන්නෙ 1 වසරෙ. අනික හරිම පණ්ඩිතයි. කොහෙන් කටට එනවද මන්දා කියන දේවල්.  මේ දවස්වල පොරව ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නෙ ෆිට් එක හැදිලා. දැන් නම් හොදයි සෑහෙන්න. ෆිට් එකට දෙන බෙහෙත් නිසා එයාට තරහ යනවා කියලා තමා කියන්නෙ නම්. නමුත් ඉතින් මොණරතැන්න ගැන අපිට කියලා දෙන්න ඕනි නැති නිසා ඒ ගතිගුණ ආවෙ කොහෙන්ද කොහොමද කියලත් ඉතින් අපිට කොලේ වැහුවට අපි දන්නව. :ඩි ඉතින් ඔන්න මේ වසවර්ති පැටියා ඉස්පිරිතාලෙ ඉන්න අතරෙ දොස්තර මහත්තුරු සැරින් සැරේ ඇවිල්ලා බලනවලු.  මෙයා ගෙදරින් නිල් වෙලා තමා ඉස්පිරිතාලෙ ගෙනත් තියෙන්නෙ ඉතින් ටිකක් වැඩිපුර හොයල බලනව. මෙහෙම දවසක් ඒ දොස්තර මහත්තයෙක් මෙයාව පරීක්ෂා කරනවලු. මේ පොරත් ටික වෙලාවක් දොස්තර ගෙ මූණ බලාගෙන හිටියලු. ඉදලා එක පාරටම මුළු වාට්ටුවටම ඇහෙන්න සද්දෙන් දොස්තර මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.  "මේ ....... ඔයා අද උදේ දත් මැද්දෙ නෑ නේද?"  දැන් ඉතින් මොකේදැයි දන් වලඳන්නේ?  දොස්තර මහත්තයට මොනා හිතුණද දන්නෙ නෑ. වටේ ඉන්න මිසීලා යි

ටීචට ආදරෙයි!

Image
මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා නම් අහන්න එපා කැපුවත් ඉස්කෝලෙ නම් නම් කියන්නෙ නෑ.  මේක හරිම පොඩි සිද්ධියක් ඒත් අදටත් මට මතක් වෙනකොට හිනා යනව. මතක විදියට මේ සිද්ධිය වුණේ 2004 හෝ 2005 වසර දෙකෙන් එකක.   අපි ඉතින් සුදු සාරි ඇදලා ඉස්කෝල වලට යනකොට ඉස්කෝලවල ඉන්න ටීචලා දැන ගන්නවා සති 2ක් විතර පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් කියලා. පොඩි එවුන් දන්නවා අනන් මනං චිත්‍ර බලන්න සින්දු කියන්න සෙල්ලම් කරන්න නියම කාලෙ කියලා. ඉතින් ඔන්න ඔය විදියට අපිත් යන්න පටන් ගත්ත බ්ලොක් ටීචින් වලට.  මට මේ සති 2 ඇතුලත උගන්වන්න හම්බ වුණේ ඒ පාසලේ 3, 4 හා 5 යන ශ්‍රේණි වල පන්ති 3ක්. මමත් ඉතින් දන්න වැඩකිඩ ඔක්කොම දාල උගන්නනවා. වෙනසක් නෑ ඉතින් පොඩ්ඩොනෙ. හැබැයි මට තේරුණ විදියට හරිම දඟයි. එක දවසක් ඉතින් මම පන්තියට ගියා. මේක ඉතින් පුංචිම පන්තිය 3 වසර.   මම ඉතින් ගිහින් ඔන්න සින්දුව අහගෙන ඉන්න ඕනි. වෙලාවකට කට්ටිය සීරුවෙන් හිටගෙන ලඟ එකාට ඇන ඇන ඕක කියනකොට පුපුරන්න හිනා යන්න එනවා. ඉතින් එතකොට හරි අමාරුවෙන් හිනාව කාගෙන වහලෙ පරාල ගනන් කරන එක වගේ වැඩ තමා මම නම් කරන්න

ඔබ ගියා..........!

Image
සිතම මල ගෙයක් කොට හඬන මා සිත අතැර අසීමිත පෙම හදැති බොරුවකැයි පසක් කර ඔබ ගියා යන්නටම                                       යලි ආයෙ නො එන්නම...! ප.ලි.  ලියන්නට අමතක වූ යමක් ලියන්නට නැවත සිත් විය. ලිවීමේ කම්මැලිකම නිසා කෙටි කවි වලින් පමණක් මා ලියූ පෙම් කතාවේ අවසානය මා අද සොහොන් කරමි. ප්‍රේමය බොරුවකැයි පසක් කොට ඔහු යන්නට ගියේ ය. කවදා හෝ දිනෙක මෙය ඇට ලේ මස් නහර සහිත කතාවක් ලෙස ලියන බලාපොරොත්තුවෙන් මම නවතිමි. මතක තබා ගන්න........... අද හෙට නොවේ... මතු යම් දිනෙක....! මක් නිසාද යත් ඒ කතාවේ සමහර සිද්ධි මටද දරා ගැනීමට බැරි තරම් වේදනාත්මක බැවිනි.

චීන සවාරි - චීන බීම සහ ශවර් ජෙල්

Image
මේ  කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කතා දෙකයි. අනික් කතා දෙක බ්ලොග් බලධාරියා විසින් කපා හරින ලදි. මේ කතා දෙකම ඒ අයියට චීන සවාරියකදි සිද්ද වෙච්ච කතා. තුන්වෙනි හා හතරවෙනි කතා දෙක නම් කිව්වෙ එයා එක්ක ගිය යාළුවන්ට වුණා කියලා. අනේ මං දන්නෙ නෑ ඉතින් ඒවා නම්....! ඒක නිසා මම "ලු" තමා ලියන්නෙ ඔන්න.  ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක. අපේ මේ අයියා වැඩ කරන ආයතනයෙන් අපේ අයියයි තව අයියල කට්ටියකුයි චීනෙට යැව්වලු පුහුණුවකටද මොකක්දෝ එහෙකට. මේ ආයතන එක පාර දෙතුන්දාහක් රාජකාරි කරන ආයතන නිසත් මේ ආයතනේ රාජකාරිවලට ගන්නෙ හයේ හතරෙ වැඩකිඩ දන්න අයියලා නිසත් මේ ගිය සෙට් එකත් අන්තිම නසරානි සැට් එකක්ලු. අපේ පොරත් සුදුවට බෝලෙ වගේ හිටියට ඒ සැට් එකටම හරියන අයියෙක්.  ඉතින් ඔන්න මේගොල්ලන්ට චීනෙට ගිහාම හත්වලාමයි කියලා තරු පහේ හෝටලේකම නැවතෙන්න හම්බවුණාලු. ඒ මදිවට ඇති වෙන්න කන්න ද බොන්නද නාන්නද ..... තව බලන බලන අත චීන කෑලි වැහි වැහැලලු. අපේ ගිය සමහර අයියලගෙ ප්ලෑනුත් ඩයල් එකත් වෙනස් වුණාලු මේවා දැකලා.  ඒ මදිවට මදි නොකියන්න සීතලත් තිබුණලු.  මේගොල්ලො කරන්නෙ උ

හිමි නමුත් අහිමි සඳ

Image
පෙමින් හදවත වෙලා අසීමිත ආදරේ ආරාධනා ලඟ   හිමි සඳම වෙලා ඔබ අතරමන් සිත් අහස සිසාරා යන   හිමි වන්නටත් පෙර  අහිමි බව මගේ සඳ පසක් කර දුන් ඔබේ තුරුලේ   පුංචි දූ සිඟිත්තී

විභාග සැප (අඩන්නද හිනාවෙන්නද කියා හිතා ගන්න බැරි කතාවක්!!)

Image
හෆ්ෆා මේක දැක්ක කලක්. මකුළුදැල් බැදිලා වැඩ ගොඩයි අස් පස් කරන්න. ඒ අස්සෙන් ඉස්කෝලෙ වැඩත් සෑහෙන්න තිබ්බා. දැන් මට වඩා අලුත් ගුරුවරුන්ට ඉස්කෝලෙ බාර දීල තියෙන නිසා දෙයියනේ කියලා මට කණක් ඇහිලා පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටියට වුණේ ඒකෙ අනික් පැත්ත. අපේ අලුත් ඉංග්‍රීසි නංගි ගයියා නිකන් මට කිඹුහුමක් ගියත් ඇයි අක්කා ? කියලා අහලා කොත්තමල්ලි පොවන ජාතියෙ. ඒකිගෙ නහය දෑවත් ඇවිල්ල කියන්නෙ මට. හත්වලාමෙ මට මේ මගේ ප්‍රශ්න විසද ගන්න බැරුව ඉද්දි ගයියා මට වද දෙන්නෙ අනේ අක්කා උඹ යන්න එපා බන් මාරු වෙලා උඹ ගියොත් මම කොහොමද ඉන්නෙ? කිය කියා. ඒකි ගැන කල්පනා කරලම මගෙ මොලේ රිස්ස ගියා පහුගිය කාලෙ. මොනවා වුණත් අපේ ගානටම පිස්සු තියෙන අහිංසක කෙල්ලනෙ.  අනික් එක තමා අපේ බෝඩිමට ආපු අයි.ටී. නංගි. අපරාදෙ කියන්න බෑ ඒකි බුකියට හුරු වුණාට තාම බ්ලොග් වලට හුරු වෙලා නෑ.  ඉතින් දෙයියනේ කියලා තව ටික කාලයක් මට මඩ ව්‍යාපාරය කරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්න පුළුවන් වෙයි.  අයි.ටී. නංගිගෙ විෂය අයි.ටී. උනාට කෙල්ල දැන් ඉන්නෙ 3 ශ්‍රේණියේ පන්තිභාර විදියට. අයි.ටී කරන කෙනෙකුට මොන්ටිසෝරියක් කරන්න දෙන එක කොහොමද කියලා හිතා ගන

ඔය හිත හරිම සුන්දරයි දන්නවද ඔයා?

Image
"මේ තාම අරයා ගැන හිතනවද?" "හ්ම්ම්ම්" "මචී උඹේ හොදටයි කියන්නෙ ඕක අමතක කරපන්" "හ්ම්ම්ම්ම්" "කොල්ලා හැන්ඩ්සම්.... කෙල්ලො වහ වැටිලා පස්සෙන් ඇති" "හ්ම්ම්ම්ම්ම්ම්" "අනික පොරත් උඹව සෙල්ලමකට අරගෙනද කවුද දන්නෙ" "හ්ම්ම්ම්ම්ම්ම්ම්" "උඹ ඔය තරම් ඌට ආදරේ ඇයි බන් මේ ලංකාවෙ වෙන කොල්ලො නැද්ද?" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "කෙල්ලො පස්සෙන් එන්නෙ නෑ වෙන්න බෑ බන් කොහොමත් පොර සිරාවටම හැන්ඩ්සම්" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "අනේ බන් ඕක අතෑරලා වෙන කොල්ලෙකුට කැමති වෙයන් බන්" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "පොර කවදා හරි සල්ලිකාර කෙල්ලක් බදියි. ලස්සන සුදු සල්ලිකාර කෙල්ලක්." "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "එහෙ හැම කොල්ලම එහෙමයි. සල්ලි තියෙන අයව තමා බදින්නෙ" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "උඹට අන්තිමට හුළනුයි කදුලුයි තමා"  "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "තොට මම කිව්ව දේ තේරුනාද?" "හ්ම්ම්ම්ම්ම්ම්ම

උම්බලකඩ

Image
අපේ බෝඩිමේ අක්කාගේ ප්‍රධානම රසකාරක වලින් එකක් වන්නේ උම්බලකඩය. කොටින්ම ඈ උම්බලකඩ නොදා ඉදවන්නේ බත් හැලිය පමණි. කොළ මැල්ලුම්, අල , රාබු ආදී එකී මෙකී නොකී සෑමදෙයකට ඕ උම්බලකඩ දමයි. ඉන් කාලයක් අපේ අනෝමා අක්කා මෙන්ම බෝඩිමේ අක්කා ද අමාරුවේ වැටී සිටියාය. අපේ අනෝමා අක්කා සම්පූර්ණ නිර්මාංශික ය. අපි වගේ හොරට නොව සම්පූර්ණයෙන්ම ඇත්තම ඇත්තටමය. ඉතින් බෝඩිමේ අක්කාට එකම කෑම දෙවිදියකට හදන්න සිදු වේ. ඒ උම්බලකඩ රහිත සහ සහිත ලෙසය.එදාට බෝඩිමේ අක්කා අමාරුවේය. අක්කාට කේන්ති ගිය දවසට ඔක්කොම උම්බලකඩ සහිතය. ඉන් අනෝමා අක්කා අමාරුවේ වැටේ. මේ මොනා කලත් අක්කා කියන්නෙ "උම්බලකඩ ටිකක් දැම්මෙ නැත්නම් නංගි කටේ තියන්න බෑ" කියාය.  පසුගිය දවසක මා සමග කුස්සියේ ඕපාදූපයක් කියවමින් සිටි අක්කා, "අහ් උම්බලකඩ කෑල්ල අමතක උනානෙ නංගි ඉන්න අරගෙන එන්නම්" කියා කාමරය දිව ගියාය. ඈ පැමිණි පසු මා ඇගෙන් ඇසුවේ, "අක්කා දැන් කරවල මස්මාළු තියා ගන්නේ කාමරේද?" කියායි.   "නංගි කාමරේ නෙවෙයි ඒවා දාන්න දැන් සේප්පුවක් ගන්නයි වෙලා තියෙන්නෙ" "ඇහ්.... ඇයි දැන් ඒවා එච්චර ගනන් ද?" "එහෙනං.....

කොන්දේසි විරහිත ප්‍රේමය

Image
ඊයේ වගේම අදත් අද වගේම හෙටත් හෙට මෙන්ම හැමදාමත් වචනයකින් වත් ඔය සිත නොරිදවා හඩා වැටෙන මගේ සිත   පපුව මැද ගුලි කරන්   කඩා හැලෙන කදුලු වැල් ඔබෙන් සගවා ගෙන   පුදන්නම් මගේ හිතේ ඔබ වෙනුවෙන් පමණක්  විකසිතව දිලි මගේ  කොන්දේසි විරහිත ප්‍රේමය   

කාටූන්

Image
අද මම ලියන්නම් කියලා හිතාගෙන ආවෙ  කාටුන් ගැන.  මේ මම පොඩි කාලෙ පිස්සෙක් වගේ බලපු කාටුන්. ඒ වගේම මගෙ වර්තමාන ජීවිතයටත් ලොකු බලපෑමක් මේ කාටුන් නිසා මට ලැබුනා. නමුත් කියන්න දුකයි අද ළමයින් ට ඒ දේ ලැබෙන්නෙ නෑ.  අඩුම ගානෙ මේ කාටුන් බලන්නවත් ලැබෙන්න හරිම කලාතුරකින්.   මේ කාටුන් වලින් මම ලබා ගත්ත ප්‍රධාන දේ තමා මගේ ළමා කාලයේම කඩුව පාවිච්චි කරන්න පොඩි තල්ලුවක් මේවයින් ලැබුන එක. දැන් නම් ඕනි කාටුන් එකයි එපා කාටුන් එකයි හැම එකම සිංහලෙන් හඩ කවලා නිසා කාටුන් එකේ හරය වගේම ඒකෙන් අපිට ලබා ගන්න තියෙන යම් යම් දේවල් නැති වෙලා යනවා. මම පහුගිය කාලෙ හරි අපූරු දෙයක් ළමයින් ගෙන් නිරීක්ෂණය කලා. ළමයි තමගෙ කතා ශෛලිය ගොඩ නගා ගන්නෙ තමන් කැමති කාටුන් එකේ විදියට. නැත්නම් තමා කැමති චරිතයක් විදියට. සියයට සීයක් ම නැතත් සියයට පණහක පමණ බලපෑමක් එයින් ලැබෙනවා.  අනිත් එක තමයි හොද දේවල් මොනවද හොද පැත්තට කතා කරන්න ඕනි කියන එකත් සමාජයට දුශ්ඨයෙකු නොවෙන්න කියන දේත්.  පුංචි කාටුන් 2-3ක් මගින් ඒක හරියට තේරුම් කරලා දුන්නට අද කාලෙ කාටුන් නම් අනේ මන්දා....! බලන්නත් අප්පිරියයි. ඒවගෙ හඩ කැවීම් ඊටත් වඩා අප්‍රසන්නයි. චරිත වලට හඩ කව