Posts

Showing posts from June, 2011

කාටූන්

Image
අද මම ලියන්නම් කියලා හිතාගෙන ආවෙ  කාටුන් ගැන.  මේ මම පොඩි කාලෙ පිස්සෙක් වගේ බලපු කාටුන්. ඒ වගේම මගෙ වර්තමාන ජීවිතයටත් ලොකු බලපෑමක් මේ කාටුන් නිසා මට ලැබුනා. නමුත් කියන්න දුකයි අද ළමයින් ට ඒ දේ ලැබෙන්නෙ නෑ.  අඩුම ගානෙ මේ කාටුන් බලන්නවත් ලැබෙන්න හරිම කලාතුරකින්.   මේ කාටුන් වලින් මම ලබා ගත්ත ප්‍රධාන දේ තමා මගේ ළමා කාලයේම කඩුව පාවිච්චි කරන්න පොඩි තල්ලුවක් මේවයින් ලැබුන එක. දැන් නම් ඕනි කාටුන් එකයි එපා කාටුන් එකයි හැම එකම සිංහලෙන් හඩ කවලා නිසා කාටුන් එකේ හරය වගේම ඒකෙන් අපිට ලබා ගන්න තියෙන යම් යම් දේවල් නැති වෙලා යනවා. මම පහුගිය කාලෙ හරි අපූරු දෙයක් ළමයින් ගෙන් නිරීක්ෂණය කලා. ළමයි තමගෙ කතා ශෛලිය ගොඩ නගා ගන්නෙ තමන් කැමති කාටුන් එකේ විදියට. නැත්නම් තමා කැමති චරිතයක් විදියට. සියයට සීයක් ම නැතත් සියයට පණහක පමණ බලපෑමක් එයින් ලැබෙනවා.  අනිත් එක තමයි හොද දේවල් මොනවද හොද පැත්තට කතා කරන්න ඕනි කියන එකත් සමාජයට දුශ්ඨයෙකු නොවෙන්න කියන දේත්.  පුංචි කාටුන් 2-3ක් මගින් ඒක හරියට තේරුම් කරලා දුන්නට අද කාලෙ කාටුන් නම් අනේ මන්දා....! බලන්නත් අප්පිරියයි. ඒවගෙ හඩ කැවීම් ඊටත් වඩා අප්‍රසන්නයි. චරිත වලට හඩ කව

දුන්නු වේදනා................!

Image
අනේ මන්දා මේ දවස්වල මට හරි හමන් සින්දුවක් ඇහුනෙම නෑ. මගෙ කණේ දෝසයක් ද එහෙම නැත්නම් මගෙ කණට පත්තියම් වෙන ජාතියෙ සින්දු හැදෙන්නෙ නැද්ද මන්දා! මේ සින්දුව මට හරි අහම්බෙන් ඇහුනෙ හිරු එෆ්.එම්. එකේ.... ඇහුන දවසෙ ඉදලා මම පෙරලගෙන සින්දුව හෙව්වා. ඒත් සෑහෙන ගේමක් දීලා තමා සින්දුව හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් මට හිතුනා මේක ඔයාල එක්කත් බෙදා ගන්න.   මේ සින්දුව කියද්දි සමහර දේවල් මතක් වෙනවා ඒත් ලියන්න නම් අමාරුයි. වේදනාත්මක මතක මොන තරම් නම් අපේ ජීවිතේ තියෙනවද?  ඒත් මේ සින්දුවත් එක්ක මතක් වෙන වේදනාත්මක මතක වලත් අපූරු සුන්දරත්වයක් මම දකිනවා. ඒ මතක මගේ කර ගන්න පුළුවන් නම් ............. සදහටම...........!!!

බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද?

Image
ඇත්තටම මේක මට දැන් දවස් ගානක ඉදලා හිතට වද දෙන ප්‍රශ්නයක්.  ඇත්තටම අපි කවුද?   නිකන් ඉන්නවට ලියන අයද? හේතුවක් ඇතුව ලියන අයද? සමාජයට අපි යන්නෙ කවුරුන් විදියටද?  බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකක්ද? මම නම් කැමතියි බ්ලොගර්ස් ලා කියන්නෙ " නිදහස් මාධ්‍යවේදීන් " කියන වචනයෙන් හදුන්වන්න.  ඔබ හිතන්නෙ මොකක්ද?