Posts

Showing posts from April, 2011

තාත්තාට ප්‍රශ්නයක්….!

Image
මේ පැටියා කාලේ...


මේ සිද්දිය මම ඉතා කුඩා කාලයේදී මාත් අපේ තාත්තාත් අතර සිදු වූවකි. එය අපේ තාත්තාට මතක නැතිව ඇතැයි මම සිතමි. මතක තිබ්බත් හේ එය අමතක ගානට සිටිනු ඇත. ඒ ඒ මොහොතේදී හේ මාරම අමාරුවක වැටුණු බැවිණි.

පෙර කතාවක මම කියූ පරිදි අපේ අත්තම්මගේ වැඩ නිසා මට අන් සියළුම ළමයින්ට කලින් කියවීමේ හා ලිවීමේ හැකියාව ලැබිණි. නමුත් ඒ බව අපේ තාත්තා දන්නේ නැත. හේ හැමදාම දුශ්කර පලාත්වල සේවය කර ගෙදර එන්නේ සති අන්තයේ පමණක් නිසාද හේ සිටින විට අපි නැටීම පමණක් කරන නිසාද අපේ තාත්තා අපේ ඉගෙනීම් වැඩ ගැන වැඩිය දැනගෙන සිටියේ නැත.

එක දිනක් සති අන්තයේ පුවත් පතක් පෙරලාගෙන අපේ තාත්තා පුටුවක් උඩට වී කියවයි. මම ඒ පුටුව වටා සෙල්ලම් කරමින් සිටියෙමි. මගේ මතකයේ හැටියට ඒ වන විට මට වයස 6ක් හෝ 7ක් පමණ වන්නට ඇත.

තනියම සෙල්ලම් කරන්නට බැරි තැන  මම තාත්තා අල්ලාගෙන සෙල්ලම් කරන්නට උත්සාහ කලෙමි. ඔහුගේ පුටුව වටා යමින් පුටු ඇන්ද උඩ නගිමින් පුටුව යටින් බඩ ගාමින් එවකට නොම්බර එකේ ටොම් බෝයි කෙනෙකු වූ මම තාත්තාව සෙල්ලමට ගැනීමට උත්සාහ කලෙමි. නැත ….. කිසිම යහපත් ප…

මාරුවීම

Image
නැත මා ලියන්නට යන්නේ මගේ ස්ථාන මාරුව ගැන නම් නොවේ. ස්ථාන මාරුව ගැන මා නැවත බලන්නේ මා විවාහ වන දිනක කියා සිතාගෙන මම එය සහමුළින් ම අමතක කර දැමුවෙමි. ඒ මට කොයි දිග්භාගයේ යන්නට සිදු වේදැයි දන්නේ දෙයියෝ පමණක් නිසාය. මේ ලියන්නේ ඒ ගැන නොවේ.

කවුරුත් දන්නා පරිදි මගේ විෂය ඉංග්‍රීසි ය. වසර 4ක් පමණ එක දිගට ඉංග්‍රීසි උගන්වා මට දැන් තරමක් අමාරු ය. එපා වී ඇත. එකම දේ කරන විට එපා වන බැවින් ඒ ආනිසංසය මටද සිදු වී තිබුණි. මට යම්කිසි හෝ වෙනසක් අවශ්‍යවම සිටියෙමි.

ශාකවී ටීච පූර්ව ප්‍රසව නිවාඩු ලබාගෙන ඇති බැවින් ඇයගේ කාලසටහන දඩෝං ගා එරංග මල්ලීගේ ඔලුවට කඩාපාත් විය. මාස 4ක් 5ක් පමණක් බාල වුවත් පොඩි එකා සේ ඉන්නා බැවින් මම ඔහුට කටපුරා මල්ලී කියමි. පලමු දිනයේ ගුරු රැස්වීමේදි ජනප්‍රිය 3 වන වතාවට වෙනස් කල කාලසටන් ලැබෙන විට එරංග ගේ කාලසටහන දෙයියනේ කියා ඔහුට හුස්මක් කටක්වත් ගන්නට නොහැකි පරිදි හිර වී තිබුණි.

ගුරු රැස්වීම යන අතරතුරම එරංගගේ නව කාලසටහන ඉල්ලා ගත් මම මගේ නිදහස් කාලච්ඡේද හා එය සැසදුවෙමි. ඉන් පසු 6 වන ශ්‍රේණියේ ඉතිහාසය විෂය කිරීමට භාර ගතිමි.

ඒ අස්සේ ම මගේ කණ ගාවම වලියකි. අළුත් සර් වන ජිත් සර් හා උතුමා සර් වාද…

මගේ කෙල්ලෝද මා වාගේම දග ය…..!

Image
අද උදේ මට නිකන් ඉන්නට බැරුවාට යමක් සිතුනි. ඒ මගේ පන්තියේ  පොඩ්ඩෝ ටික සමග මගේ උපන්දිනය සැමරීමටයි.

මම අසල කඩයකට ගොස් චොකලට් මහ ගොඩක් ද ගෙන පාසලට රිංගීමි. මගේ පස්සෙන් හා ඉස්සරහින් හමු වූ ගුරු මණ්ඩලයේ එකා එකා ඒ බෑගයට ඇන ඇන පස්සෙන් ආවද එය සගවාගෙන පන්තියට ගෙන යාමට මම සමත් වීමි. රවා ගොරවා පාඩමක් කියා දී මම නම් ලකුණු කරන්නට පුටුවේ වාඩි වී චමෝදා ඇමන්තුවෙමි.

“චමෝදා මේක බෙදන්නකෝ ළමයි හැමෝටම එක්කෙනාට එක ගානේ”

මම පාඩුවේ වැඩය.

කට්ටියගේ ම කටවල් කණේ ය. වාරයේ ආරම්භය බැවින් මම මේ නත්තල් ආච්චී සේ චොකලට් බෙදන්නේ මොන හේතුවක් නිසාදැයි ඔවුන් ට එක පාරම මීටර් නොවුණි. ටිකකින් ධනේශ් කෑ ගැසුවේ ය.

“ඒයි………..අද  ටීචගෙ උපන්දිනේ නෙ!”

මම ධනේශ් ට ගොන් හිනාවක් දමා අහක බලා ගතිමි. ඉන් පසු සුපුරුදු පරිදි මම අනික් පන්ති වලද ඉගැන්වීමේ යෙදුනෙමි.

විවේකයෙන් පසුව මම සිටියේ 6 වසරේ ය. මගේ පන්තියේ කෙල්ලෝ ටික එබෙමින් දගලනු මට පෙනුණි. මම උගන්වන අතරම “ඇයි?” කියා ඇසුවෙමි. උගන්වන වෙලාවල් වලදි එලියේ සවාරි ගසා මගෙන් දෙක තුන අසාගෙන ඇති පැරණි අත්දැකීම් නිසාම එනපොට හොද නැති බව පෙනුණ ඔවුන් පන්තියටම දිව ගියහ.

දවසේ වැඩ අවසන් කල මම සුවපහසුවට පඩි…

මම උපන් දිනය දා රැයේ තනිවී ලියමි.

Image
කෙනෙකුට උපන්දිනය දා යනු ජීවිතයේ වැදගත් දිනයක් විය හැකියි. සමහරුන් ට එය එසේ නොවේ යැයි තාර්ක කල හැක. මට නම් මගේ උපන්දිනය වැදගත් දිනයකි. ඒ එවන් දවසක් වෙනත්  නැති බැවිනුත් ඒ මගේ දවස වන නිසාත් ය.

මනුස්ස වේශයෙන් මෙ ලෝකයේ ඉපදීම සදහා අනන්ත කුසල කර්ම කල යුතු බව මම අසා ඇත. එයිනුත් අංගසම්පූර්ණ මනුස්සයෙකු වීමට තවත් බොහෝ පින් කල යුතුය. ඒ අතින්  මම අතිශය වාසනාවන්ත යැයි මම විශ්වාස කරමි. ඒ බෝඩිමේ අක්කා කියන්නාක් මෙන් කණ අස්සේ පය යෑම වැනි දේ මට සිදු නොවීම ගැනය.

නමුත් කලි යුගයේ උපන් නිසාදෝ ඒ මනුසත්කමින් ප්‍රයෝජනයක් ගන්නට මට තවම නොහැකි වී ඇත. සමහර විට එය යුගයේ වැරැද්දක් නොව මගේ පව්කාරකමට සිදු වූ දෙයක් යැයි මම සිතමි. පිනක් කරන්නට මිනිසෙකුට මොන තරම් කැපවීමක් කල යුතු දැයි මම දනිමි. සමහරුන්ට පින් කිරීමට ඉතා ලෙහෙසිය. නමුත් මගේ පව්කාරකම නිසාදෝ පිනක් කිරීමට තිබෙන අවස්ථා ඇස් ඉදිරිපිටම නැති වී යයි.

දකින්නෝ කෙසේ දැක්කත් මා අශ්‍රය කරන අය මම කවුදැයි කියා දනිති. මට අමාරුම කාර්‍රය වී තිබුනේ මිතුරන් ඇති කර ගැනීමයි. ඒ මම පොඩි කාලයේ සිට ගොලුබෙල්ලියක ලෙස ගෙදර නම් වූ කට්ට අස්සේම රිංගාගෙන සිටීම නිසාය. නමුත් වයසෙන් වැඩෙත්ම …

ඔබට පමණක් ම........!

Image
හැම අහසකම පැතුම් පැතුවේ ඔය මුහුණ දකින්න. අඩුම ගානෙ ඡායාවක්වත්… ඒත් ඒ හීන මොන තරම් දුර ද!
ඔයාට තුරුල් වෙලා හුරතල් වෙන්න මම කොච්චර ආසද? ඒත් ඔයා මගෙන් කොයි තරම් නම් දුරද? හිතා ගන්නවත් බැරි තරම්……

ඔයා මොකද කරන්නේ? ඔයා කෑවද? අසනීපයක් නෑ නේද? සතුටින් ඉන්නව නේද? බලන්න මට අහන්න ප්‍රශ්න කොච්චරද?

ඔයා කළු වෙලාද? නෑ නෑ ඉස්සර වගේම සුදුවට ඇති නේද? නැත්නම් කළුම කළු ද මන්දා! නෑ නෑ මම කියන්නෙම නෑ. ඔයාම බලන්න.

ඔයා දන්නවද ඔයා නැතුව මම දුකින් හිටිය තරම්? කවුරුවත් දන්නෙ නෑ. හැම රෑකම මම ඇදුවා. ඔයාගෙ පපුව කියලා හිතාගෙන කොට්ටෙකට තුරුල් වෙලා නිදා ගත්තා. මගෙ පුංචි ටෙඩී බෙයා විතරයි මාත් එක්ක හිටියෙ…

ඔයා දන්නවද ඔයා නැති හැම මොහොතකම මම මැරි මැරී උපදිනවා. හැමදාම මම පතන්නේ අපි දෙන්නා කවදාවත් වෙන් කරන්න එපා කියලා.

ඔයා එක්ක ඇවිදින්න, ඔයාගෙ අතේ එල්ලිලා ඇවිදින්න, ඔය මූණ දිහා බලාගෙන ඉන්න, හිනා වෙනකොට කොනිත්තලා තරහ ගස්සන්න මම කොච්ච්cඅර ආසද කියලා ඔයා දන්නවද?

ඔන්න ඔයාට තුරුල් වෙලා යන ගමන් මට ඕනි ඔයාගෙ දතකුත් ගලවන්න. මට අරන් දෙනවා නේද මම ඉල්ලන ඕනි දෙයක්? බෑ බෑ මට අරන් ඕනිමයි. මොනවද දන්නවද? ඔයා බය වෙයිද මන්දා……. ම්ම්ම්…

බෙල්වුඩ් යන්න ශිෂ්‍යත්වයක්…….!

Image
අපේ අම්මගේ පියා නොහොත් මගේ ලොකු අත්තාට සහෝදර සහෝදරියෝ හැට හුට හමාරක් සිටිති. අවුරුදු දවස්වලට අපිට පණ යන්නේ මේ අයට ඔවුන් ගේ දරුවන් වන අපේ නැන්දලා මාමලා සෙට් එකට සහ අයියලා අක්කලා සෙට් එකට වදින්න යාම නිසාය. එය සතියක් කොන්දට තෙල් බෙහෙත් සත්කාර කළ යුතු ගේමකි. මේ සහෝදර රොත්ත අතර දේශපාළුවන්ගේ සිට ගොවියා දක්වා කස්ටිය සිටිති. සහෝදරී රොත්ත සුමනකලා, අමිතකලා, මල්ලිකලා සිට අමරකලා ගෙන පසුව සීතකලා දක්වා අපේ ලොකු ලොකු අත්තා අපේ කොන්ද සීත වන තරමට ළමයින් රොත්තක් හදා ඇත.

මේ අය අතර මරු මරු කස්ටිය සිටිති.

අපේ අත්තා ද මා සේම ගුරෙකි. හේ එසේ මෙසේ ගුරෙක් නොව ඉස්සර ලෙස කීවොත් පාසලේ මුල් ගුරුතුමෙකි. අත්තාගේ විෂය සිංහල භාෂාව ය. අපේ අත්තම්මාද ගුරුවරියකි. ඇය ප්‍රාථමික ගුරුවරියකි. උන්දෑ ගෙදරට වී කලේ මොන්ටිසෝරී යන්නටත් වඩා පොඩි එකා වූ මට අකුරු ඉගැන්වීමයි. ඉතින් මම මොන්ටිසෝරි යන්නටත් කලින්ම හොදින් ලිවීමේ කියවීමේ හැකීයාවෙන් යුක්තව සිටියෙමි. (දැන් බැරි වුණාට ඒ කාලේ පුළුවන්)

අපේ අත්තාගේ විනෝදාංශය චිත්‍ර ඇදීමයි. ඔහුටම ආවේනික ශෛලියකින් ඔහු චිත්‍ර ඇන්දේය. ඒවා වතුරේ දිය කල දියසායම් චිත්‍ර බව මට මතක ය. ඒ වගේම ජලය හා වර්ණ මුසු…

බේබදු කතා ලියන්න පුලුවන් කොල්ලොන් ට විතරමද????

Image
***මේක මම මාස 6 කට විතර කලින් මගේ කොමෙන්ටු මොඩරේටරේ නැතිව ලිව්ව කාලේ දාපු එකක්. හැබැයි දැන් ඒ ජිල්මාට් දන්න නිසා ආයෙත් පෝස්ට් කරනවා*** පහුගිය දවස්වල බ්ලොග් වල තිබ්බ අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බියර්, කොරොනා, ටිකිලා, රක්ත නාම පත්‍ර, කාල නාම පත්‍ර, පරණ වෙච්ච එව්වා, වොඩ්කා ආදී එකී මෙකී නොකී ඇල්කොහොල් කතා කියවලා සංජු ටත් නිකන් වෙරි වගේ. සමහර බ්ලොග් ලගින් ගියත් ජීවන සුවදේ බෑ. ඉතින් ඔන්න සංජු ටත් ලිකර් නිසා සිද්ද වෙච්ච සීන් 2-3ක් ලියන්නයි හදන්නේ. 
 ඔන්න ඉතින් මම තුමී ඉස් ඉස්සෙල්ලාම මත්පැනක් කියලා කටේ ගෑවේ වයින් ටිකක්. ඒකත් මීගමුව පැත්තේ තිබුණ මගුල් ගෙදරකදි. කොහොමත් මෙහෙ නුවර පැත්තේ කාන්තා පාර්ශවය ටිකක් බොන්න හොර කරනවනේ. ඉතින් අපේ නැන්දා කෙනෙකුගේ දෙවනි ගමනකට මීගමු ගිය මේ ගමනෙදි අපේ කට්ටියටත් වයින් ලැබුනා. දැන් මේක මොකටද කියලා වට පිට බලනකොට හැමෝම මේක ටික ටික තොල ගානවා. මමත් ඉතින් වීදුරුව නහය ගාවට ගත්තා. අපේ අම්මා මට රවනවා. මේ වගේ වෙලාවක කවුද ඕවා ගනන් ගන්නේ. සුවදෙත් වැඩි අවුලක් නෑ. පොඩ්ඩක් තොලේ ගෑවා. රසෙත් අවුලක් නෑ. ඇදලා ඇරියා වීදුරුවම. "අම්මි මේක පැණි රසයි නේ. බීල බලන්නකෝ"…

ඕ ලෙවල් විබාගේ

Image
මේක මීට සති දෙක තුනකට උඩදි දාන්න හිතපු කතාවක් වුනත් දාන්න වෙන්නෙ දැන් තමා. ඒ තරමටම පහුගිය දවස්වල වැඩ වැඩි වෙලා හිටියේ. අද තමා ටිකක්වත් නිදහසක් ලැබුනේ වැඩ වලින්.

 ඒ මදිවට ටෙලිකොම් එකේ කස්ටමර් සර්විස් එකටයි අලුත්වැඩියා අංශයටයි පින් සිද්ද වෙන්න සතියකට වැඩි කාලයක් ඉන්ටර්නෙට් සහ දුරකතන පහසුකම් නැතිව ඉන්න සිද්ද වුනා.

 ටෙලිකොම් එකේ කණුව ගාවට එනකල් වයර් ටික චෙක් කරන්න එන්නෙ එක කට්ටියක්. කණුව ගාව ඉදන් ටෙලිෆෝන් එක ගාවට එනකල් තව කට්ටියක් ඇවිල්ල හදන්නේ. ඊගාවට ADSL එක හදන්න ආයේ කම්ප්ලේන් එකක් දැම්මම එන්නෙ තව වෙනම කට්ටියක්. මම 10 වෙනි වතාවට විතර ADSL කස්ටමර් සර්විස් එකට කතාකලාම කියනව මේ කම්ප්ලේන් එක ඉන්වෙස්ටිගේට් කරන්න අපි ඇරේන්ජ් කරලා තියෙන්නෙ ෆීල්ඩ් ට්‍රිප් එකක් කියල. මට බකස් ගල හිනහවකුත් ගියා. අනේ ඔය වැඩ තුනටම එකපාර කට්ටියක් එව්වනම් එයාලටත් ලේසියි අපිටත් ලේසියි. ඒ මදිවට ටෙලිෆෝන් එක හදන්න ආපු පොරවල් දෙක ලෙසටම අනුමත වෙලා හිටියේ 12 වෙනිදා හවස නිසා. මට හොදටම සුවර් සූර් පිට ADSL වයර් එකට සෑහෙන්න ජිල්මාට් එකක් දාල ගිය නිසා තමා මේ ADSL එක ලෙසටම වැඩ නොකලෙ කියලා.

හරි ඔන්න ආයේ මාතෘකාව. හැමෝම දන්නවා ඇතිනේ ගි…

සයිබරේ අවුරුදු........!

Image
එකමත් එක රටක සිටියලු                       මහත්තයෙක්
අමුතු අමුතු හීන පේන                             මහත්තයෙක්
පෙනී දිනක් මෙලොවෙත් නැති                      හීනයක්
නෝනා ඇහුවාලු හානේ                           මේ මක්කක්


බලහං නෝනෙ මට පේනා හීන                      ගොඩක්
මේ පාර නම් භයානකයි කොල්ලො               ගොඩක්
සමගින් තවත් සුදු ලස්සන කෙල්ලො             ගොඩක්
හැමෝ එක්ක එක අවුරුදු                          උත්සවයක්


ඇයි ද වදේ ඔහේට පිස්සුද                                 කියලා
නෝනා ඇහුවා මුණ කටත් ඇද                         කරලා
ගේ හදන්නෙ පොලීසියෙන්දැයි                        අහලා
නෝනා ගියා ගස්සන් තරහම                               වීලා


මහත්තයා ගත්තා                                          කොම්පීතරය
අකුරෙන් දෙකෙන් හීනයෙ තතු                          ගැහුවේය
තව තව අයට ඒ හීනෙම                                  පෙනුනේය
හීනය හැබෑ වී එන බව                                    පෙනුනේය


සංවිධාන මණ්ඩලයේ ලොට්                                    එකට
මහත්තයා බැස්සා වැඩ                                      කන්දකට
දැන…

ප්‍රෙග්නන්සි ටෙස්ට්

Image
හලේ සෑහෙන්න කාලෙකින් ලියන්න ගත්තෙ. ඔන්න ඉතින් කස්ටිය බය වෙන්ට එහෙම එපා කතාවෙ ටොපික් එක දැකලා. මේ මට උණු උණුවේම පෙරේදා සිද්ධ වෙච්ච දෙයක්. පොඩි කට්ටිය කියවන්න එපා හරිය? 
ඔන්න අපේ ඉක්කෝලේ ඉන්නවා මාත් එක්ක බෝඩිමේම ඉදලා ඒ ගමේම විවාහයෙන් පස්සේ පදිංචි වෙච්චි ගුරුතුමියක්. අපි එයාට ෂානි ටීච කියමුකෝ.  මේ ෂානි ටීච ඉස්සර ඉදලම හිටියෙ බබා පාට් එකෙන් දහයට ගැන ගන්න බැරි ගානට. හැබැයි මටත් වඩා අවුරුදු 2ක් විතර වැඩිමල්. ඉතින් වැඩිමලාට තැන දෙන්න ඕනි නිසා මගේ බැචියක් වුණත් ඔන්න ඉස්සෙල්ලම විවාහ වුණා. හැබැයි අපි බයේ හිටියේ බැන්දට පස්සේ මගුල අවමගුල් වෙයි කියලා මොකද ඒ තරම් බබා. මොකුත් දන්නෙත් නෑ දැකලත් නෑ අහලත් නෑ කියවලත් නෑ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහත් නෑ. ඉතින් ඔන්න දැන් වයසට ගිහින් කසාද බැන්ද නිසා ෂානි ටීචගේ පරම පිවිතුරු අපේක්ශාව වෙලා තියෙන්නෙ මේ දවස්වල දරු පැටියෙකුගේ මුහුණ බලා ගැනීම. ඉතින් දැන් ඒ ගැන හරිම උනන්දුයි. 
 අපේ ඉක්කෝලේ ඉන්න අනික් අම්මණ්ඩිලා ටිකත් ඒකටම හරියන කස්ටිය. මේ ලගදි ෂානි ටීචට ටිකක් දරුණුවට මූත්‍රා සම්බන්ධ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක අහපු මේ වන විට අට මස් ගැබිණි ශා-කවී ටීච කිව්වේ …