Posts

Showing posts from March, 2012

කේ.බී. අත්තා

Image
කේ.බී අත්තා යනු තවත්  හොඳම එක්කෙනෙකි.  හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය.
කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ.
කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජිනල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය.
දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි.
“මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?”
“ඒ කඩෙන් තමා අප්පච්චී.”
“ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ”
ගංගා  පුංචී ට යකා නැංගේ ය.
“ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?”
එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය.
කේබී අත්තා අපේ අභීත අයියා, මරණෙ අයියලාගේ ලොකු අප්ප…

ඔක්කොම පැටවු එක වගේ ය.

Image
අවුරුදු පහකට ආසන්න කාලයක් කටුවක් ලෙව කෑමෙන් පසුව මම හෝර්ටන් තැන්න කිට්ටුව තිබූ සිංහල මහ විදුහලට ආයුබෝවන් කියා පැමිණියෙමි. හිතාගෙන උන් තරම් ලේසියෙන් මට එයට සමු දී ඒමට නොහැකි විය. මා ආ දා මගේ පොඩ්ඩෝ දවසම මගේ පසුපසින් ආහ. මට සමුදෙන්නට පැමිණ හඬා වැටුනහ. මටද වචනයක් කතා කර ගන්නට බැරි වෙන තරමට ඔවුන්ගේ කඳුළු මා අසරණ කලේ ය. මොන මගුලකට මෙච්චර උඩ පැනගෙන මාරුවීම හදා ගත්තාදැයි මම සිතුවෙමි. කතාකර ගන්නට බැරි තරම් මගේ ඇස් වලින් කඳුළු කැට කැට කඩාගෙන වැටුණි. හයියෝ සංසාරේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති වී ඉන්නට තිබූ චෑන්ස් එකද නැති කරගෙන මම ආපසු ගෙදර පැමිණියෙමි.
වසර 7 කට පසු මම අපේ ගෙදර ස්ථීර පදිංචියට ආපසු පැමිණියෙමි.  ඒ තව කොපමණ කාලයකටද කියා දන්නෙ දෙවියන් පමණි.


ගෙදර පැමිණි මට ලැබුනේ අපේ ගෙදර සිට කිලෝ මිටරයක් පමණ දුරින් පිහිටි මුස්ලිම් පිරිමි විදුහලකි.  අවුරුදු 4ක් ඉංග්‍රීසි ගුරුවරියකම ව සිටි මට දෙමළ මාධ්‍ය පාසලකට පැමිණීම නිසා සිංහලද ඉගැන්වීමට භාර ගැනීමට සිදු විය. අයියෝ සංසාරේ සිංහල උගන්නන්නට මගේ ඔළුවේ කිසිම අදහසක් නැත. අදටත් නැත. ඉංගිරිසිය උගන්වා පළපුරුදු මුත් සිංහල උගන්නන එක නම් වහ කඳුරු කනවා වගේ වැඩකි. න…