Posts

Showing posts from 2014

ඔබේ යශෝදරා මම...!

Image
නොකැමැත්තෙන් කැමති වී අහසක් තරම් පෙම් කර  ඔබේම වී ඔබ තුරුලේ  කෙතරම් සොඳුරුද ජීවිතයම  ඔබෙ දෑතෙ එල්ලිලා ඔබේ කැදැල්ලට ගිය දා  ලැබුණු ආදරේ තරම  කියන්නට වදන් කොහිද මට මහ මෙරක් දුක් දරා  ඔබව මට දුන්නු ඔබෙ  පෙම්බර මෑණියන්ගේ වදන්  අදත් මට ඇ සෙන්නෙ "දුවේ මම නුඹට දුන්නේ මගේ හොඳම පුතු ය. සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන්  නිසංසල හිතකිනුත්  ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය  මේ මගේ කිරි පුතා  මගේ බුදු පුතු ය...!"  මවගෙන් බුදු පුතු කියා විවරණ ලබන්නට පින් කල  ඔබ සමඟ ජීවිතේ  ඉතිරි ටික ගෙවන්නට මා කෙතරම් පින් කලාදැයි  සිතා ගන්නට නොහැකිව  උපනුපන් තව ජාති ජාතිත්  ඔබේම වන්නට පින් පුරමි මම  ඔබේ යශෝදරා වන්නට ...! 

මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?

Image
අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි.  අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා. එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D  http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා.  එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ටික

යන්නට සිත හදා ගනිමි

Image
දෙමාපිය සිහින වලට ඉඩ දී යන්නට සිදුව ඇත මා සිහින පසෙක ලා කිසි දින නොදුටු මාවතක  නොදන්නා අරමුණකට  නොහදුනන අමුත්තන් අතරට  ඉතින් යන්නට සිත හදා ගමි  නොදන්නා අනාගතයකට... (https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)