tag:blogger.com,1999:blog-54086972530796525332024-02-08T03:39:52.629+05:30සංජු ගේ සයිබර් සමාගමඑකී මෙකී නොකී කතා...... කියනකොට නම් ටිකක් සැරයි හැබයි ස්වීට් නැත්තෙමත් නෑ..... වැදිලා රිදුනොත් නම් සොරි වෙන්ට ඕනේ..!සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-5408697253079652533.post-28149053380671323902015-09-06T11:38:00.003+05:302015-09-06T11:38:45.681+05:30I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මේ කතාව සිද්ධ උනේ මං මේ කාන්තාර රටේ උගන්නපු අපේම ඉංග්‍රීසි උසස් විද්‍යාලයේ දි. මෙහෙ මේ පාසලේ මං මාස තුනක් විතර උගන්නල සමු ගත්තත් සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා ඒ ටික කාලෙදි. එකින් එක හෙමිහිට ලියන්න ඕනි.

මේ ඉස්කෝල ඉතින් පෞද්ගලික පාසල්. පාසලේ වාර්ශික ගෙවීම් මුදල දැක්කම අපරාදෙ කියන්න බෑ දෙතුන්පාර කැරකිලා ඉන්දවෙනවා. ඒත් මං ඉගැන්නුවෙ තනිකරම අරාබි දරුවො ඉන්න පන්තියකට. එයාලගෙ අඩුම ගානෙ ගෙදර තව සහෝදර සහෝදරියො 5-6ක් වත් ඉන්නවා. උන් ඔක්කොම ඉස්කෝලෙ යවන වියදම හිතනකොට අනේ මන්දා! ඒත් මේ රටේ ස්වදේශිකයන් හා අපි වගේ විදේශිකයන් ගෙ වැටුප්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් අපි ඇත්තටම පව්.

ඊගාවට මං කිව්වනෙ මගෙ පන්තියෙ හිටියෙ අරාබි පැටව් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ එමිරාටි , ඊජීප්තු, සිරියානු, පලස්තීන, ජෝර්දාන හා සූඩාන පැට්ටො සෙට් එකක් හිටියෙ. උන් ඔක්කොගෙම ආගම එක උනත් ඇවිත් තියෙන්නෙ විවිධ සංස්කෘතීන් වලින් නිසා හැසිරීමත් විවිධාකාරයි . පොඩි හරි නිදහසක් දුන්නොත් පියන වහන්නෙ නැතිව මිශ්‍ර පලතුරු බීම හදන්න බ්ලෙන්ඩර් එක ඔන් කලා වගේ තමා. හතර අතේ.

ළමයි දාහෙන් සම්පතයි කියන්න පුලුවන් උන්ගෙ දෙමාපියො එක්ක බැලුවාම. ආවොත් එන්නෙ ගේමක් ඉල්ලගෙන. මුලදිම බයෙන් හිටියත් ටික දවසකින් මාත් දෙමාපියන්ගෙන් ගේම නම් ගේම ගානට වැටුනා. මේ දැං ලියන්න යන්නෙ එහෙම කතාවක්.

මගෙ පන්තියෙ හිටියා ආයා "Ayah" කියල පුංචි ලස්සන කෙල්ලක්. කෙල්ල පලස්තීන ජාතික කෙලි පැටියෙක්. ඉගෙන ගන්නත් දක්ශයි. උනන්දු යි. හොඳ මතයක් තියෙනවා. සාමාන්යෙන් පන්තියෙ හැම බබාටම ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒකෙ ආයාගෙ පියාගෙ රැකියාව තිබ්බෙ "Army" කියලා. ඒ නිසා කෝකටත් මං ආයා ගෙ වැඩ ගැන ඇහැ ගහගෙන මයි හිටියෙ.

ඔන්න වාරෙ අන්තිම දවස. දෙමාපියො ඉස්කෝලෙ එන්න ඕනි ළමයින්ගෙ උත්තර පත්තර ඉල්ලගන්න ටීචර් හම්බ වෙන්න. දෙමාපියො ඔන්න එකා දෙන්නා ඇවිත් යද්දි ආයාගෙ තාත්තත් ආවා පන්තියට. එයාගෙ ශරීරය දැක්කම මට ආමි කියලා තිබ්බ ප්‍රතිරූපය ඩාං ඩෝං ගාලා කඩං වැටුනා. කොටින්ම පන්තියට ආවෙම පෙරලීගෙන වගේ.

ඔය දෙමාපිය හමුවට කලින් ඉස්කෝලෙන් අපිට තරයේ කියලා තිබ්බෙ පාසල් ගාස්තු එක වාරිකයක් හරි ගෙවන්න ඉතිරි වෙලා තියෙන අයට එයාලගෙ දරුවන්ගෙ උත්තර පත්‍රය වත් ලකුණුවත් කොහෙත්ම දෙන්න එපා කියලා. ඒ වගේම ඉස්කෝලෙ අකවුන්ටන්ට් මහත්තයා හැම ටීචර් කෙනෙකුටම හිඟ ගාස්තු කාගෙද කීයද කියලා ලිස්ට් එකක් ඒ වෙලාවෙම ඊමේල් කරලා තිබ්බා. ඉතින් ලිස්ට් එක බලද්දි ආයාගෙත් එකම එක හිඟ වාරිකයක් තියෙනවා. අපිට කලින් කියලා තිබ්බෙ දෙමාපියන්ට කියන්න කියලා කැශියර් එක ඇරලා තියෙන්නෙ හිඟ වාරික ගෙවලා බිල ගේන්න එවෙලෙම ලකුණු දෙනවා කියන්න.

මාත් ඉතින් කිව්ව දේ අකුරටම කලා. ආයගෙ තාත්තා මුලදි බටර් පාර ගාගෙන ආවත් මාව වෙනස් කරන්න බැරි බව තේරුනාම රණ්ඩු කරන්න පටන් ගත්තා. මට ටිකක් බය හිතුනත් මමත් අත ඇරියෙම නෑ කාගෙනම ප්‍රතිප්‍රහාර දීගෙන හිටියා. දැං ආයාගෙ තාත්තගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න.

ඉඳගෙන හිටපු පුටුව ඉස්සරහට කරපු ආයාගෙ තාත්තා රහසක් කියන්න වගේ මගෙ පැත්තට එයාගෙ ඔලුව කිට්ටු කලා.

"Ma'am, I am from palestine and I am a terrorist."

ආයාගෙ තාත්තා එයාගෙ අන්තිම තුරුම්පුව ගැහුවා.

මමත් ඉඳගෙන හිටිය පුටුව ඉස්සරහට ඇදලා ආයාගෙ තාත්තා දිහාට මගෙ ඔලුව දික් කලා.

"Oh sir! I am from Sri Lanka and I am a terrorist too"

ඉඳගෙන හිටි පුටුව පස්සට විසි වෙන්න වේගයෙන් නැඟිටපු ආයාගෙ පියා අතපය විසි කරමින් අරාබි බසින් බැන වදිමින් මගෙ පන්තියට චුට්ටක් එහා තිබුණු ප්‍රාථමික උප විදුහල්පතිනි ජොසී මැඩම්ගෙ ඔෆිස් එකට යන්න පටන් ගත්තා. ඔහුට යන්න ඇරලා මාත් ටිකකින් එතෙන්ට ගියා. ඒ වෙනකොටත් ආයාගෙ තාත්තා ජොසී මැඩම් එක්ක රණ්ඩු වෙන්න පටන්ගෙන. අවසානයේ ඔහු ඉතා ආචාරශීලී ජොසී මැඩම්ගෙන් ආචාරශීලී බැනුමක් අහගෙන බැන බැනම යන්න ගියා.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com11tag:blogger.com,1999:blog-5408697253079652533.post-37549275673047329222015-02-04T22:24:00.002+05:302015-02-04T22:24:41.934+05:30දරුපෙම බිඳක් තොල ගා බැලීමි!

කිසි දිනෙක මම දකින දකින දරුවන් අනේ පනේ කියා සුරතල් නොකලෙමි. දුටු සැනින් වඩාගෙන සුරතල් නොකලෙමි. අතේ දුරින් පොඩි උන්ට ආදරේ කල මම කිසි දිනෙක ඕනෑවට වඩා ඔවුන්ව ලං කර නොගත්තෙමි. ඒ මගේ නපුරු කමක් නොව හැටිය.

මා විවාහ වී හරියටම සති 4ක් වෙද්දී මට මගේ සිරුරේ සිදු වන යම් විශාල වෙනසක් දැනුනි. ඔක්තෝබර් 30 වනදා විවාහ වූ මගේ නොවැම්බර් 30 වනදා කල ගර්භණී පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්වීය. දෙලොව රත් වෙනවා කියා කතාවට කී දේ ඇත්තටම රත් වෙන්නේ කොහොමද කියා මට හරියටම දැනුනේ එදාය.

අමු පැපොල්. කිලෝ එකක් පමණ ඉස්සන් හා අනෙකුත් අපෝ ආහාර ගනිමින් සිටි මට ඇඬුනි. හදිසියේම සිදු වූ මගේ විවාහයට පෙර අප දෙදෙනාට පවුල් කන්නේ කෙසේදැයි කියා කතා කරන්නටවත් ඉඩක් ලැබුනේ නැත. යාන්තම් ට්‍රැක් එකට වැටීගෙන එන්නටත් කලින් මේ පුංචි හොර ගෙඩියාද මගේ කුසට විත් නොසිතූ ලෙස අප දෙදෙනාව දෙමාපියන් කලේය. කොටින්ම අප දෙදෙනාගේ අහලකවත් දරු සිහිනයක් නොතිබිනි.

මගේ ආදර සැමියාට හා මට අප දෙදෙනා දෙමාපියන් වන්නට යන බව මොළයට දමා ගැනීමට සතියක පමණ මහා සංග්රාමයකින් පසුව යන්තමට හැකි විය. ඒ අතර මගේ කුස පෙරලි කරන්නට විය. විවිධාකාර කැක්කුම් ඇති විය. අප දෙදෙනා එමීරයේ කාන්තාරයේ තනිවිය. අවසානයේ අප දෙදෙනා වෛද්‍යවරයකු සොයා ගියෙමු.

වෛද්‍යවරියගේ නිර්ණය ඇසූ අප දෙදෙනාගේ හදවත් කඩා වැටුනි. ස්කෑන් පරීක්ෂණයෙන් ඈට දරු කලලයක් සොයා ගත නොහැකි විය. ඇය කීවේ තව දින හයක් තුළ රුධිර වහනයක් වී නම් වහා එන ලෙසයි. ඇය සැක කලේ දරු පැටියා පැලෝපිය නාලයේ සිටින බවයි.

දින තුනකින් දහවල හදිසියේ මගේ සිරුරින් රුධිරය වහනය වන්නට විය. පරීක්ෂණ රැසක්ම කල පසු මගේ වෛද්‍යවරිය මට තව සති දෙකක් ඉන්නට කියා අප දෙදෙනාව පිටත් කලාය.

ඒ සති දෙක අප දෙදෙනා මහත් මානසික පීඩනයෙන් ගත කල සති දෙකයි. අප දෙදෙනාට දෙදෙනා නොපෙන්වා සිටියද සිත් ඇතුලින් අපි සිටියේ මහා ගිනි ගොඩාක් උඩය. මගේ පෙම්බර සැමියා මම නිදා සිටිද්දි මට නොදැනෙන්නට මා තුරුල් කර ගනියි. මටත් වඩා ඔහු සිතින් දුක් වන්නට ඇති. සති දෙක අතර එක් දිනක් මගේ කුස මහත් සේ පෙරලි කරමින් මට මහත් වේදනාවක් ඇති කලේය. පාන්දර තුනට පමණ දැඩි වේදනාවෙන් අඬමින් කෑ ගසන මා තුරුල් කරගෙන මගේ කුස සෙමින් පිරිමදිනු විනා ඔහුට කල හැකි වෙන කිසිවක් නොවීය. මටද වේදනාව දරා ගනු මිස කිසිවක් කලනොහැකි විය.

සති දෙක අවසානයේ නැවත මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිනි. එදා මගේ වෛද්‍යවරිය මගේ ගර්භණීබව සනාථ කලාය. නමුත් ඒ ඉතා අකමැත්තෙනි. විවාහ වී සති හතක් වෙද්දි මගේ දරු ගැබ සති හයක් බව පැවසූ ඈ කීවේ දරුවාගෙ හර්ද ස්පන්දනය ඉතා දුර්වල බවයි. එහෙත් ඒ මොහොතේ මට මහා පෙරේතකමක් ඇති විය.

Doctor can you please show me my baby?

ඉතා අකමැත්තෙන් ඈ තිරය මා දෙසට හැරවීය.

මගේ ජීවිතයේ මා දුටු කිසි දිනෙක අමතක නොවන ඒ දසුන දුටු මොහොතේ මගේ දෑසින් කඳුළු රූරා වැටුනි. ඒ දසුන දකින්නට මගේ සැමියා මා අසල නොවීය. මිනිස් හැඩය ලබමින් සිටි පුංචි ප්‍රාණියෙක් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් මගේ කුසේ සිටියි. මට ලැබුණු දෙවියෙකු වන් සැමියාගෙන් මට ලැබුණු වස්තුව මට අහිමි වන්නට ඉඩ වැඩි බව වෛද්‍යවරිය පවසද්දී මම තිරය අත ගෑවෙමි. සැබවින්ම අපේ පැටියා ගේ හදවත ගැහුනේ ඉතා අපහසුවෙනි. ඈ තව දින පහකින් එන්නට කියා මා පිටත් කලාය.

මම පැටියාව දුටු අයුරු උදේශ්ට කියන්නට උත්සහ කලෙමි. නමුත් ඔහුට බලාපොරොත්තු නොදුන්නෙමි. මා මෙන්ම ඔහුද මේ මොහොත දරා සිටින්නේ ඉතා අසීරුවෙනි. වරද 90% මගේ වෙද්දි මා කෙසේ ඉවසන්නද? ඒ මොහොතේ මට කතා කලේ මගේ නැන්දම්මා ය. උදේශ්ගෙ අම්මාය. ඈ කියූ වදන් ඇසූ මගේ ඇස් උඩ ගියේය. මෙහෙම නැන්දම්මලා මෙලොව සිටී ද?

"දුවේ බබා යනව නන් දුක් වෙන්න එපා ලෙඩ දරුවෙක් හැදුනොත් ඔයාලා මුළු ජීවිත කාලෙම විඳවයි. කිසිම දියුණුවක් සතුටක් නැති ජීවිතයක් ලැබෙනවට වඩා දරුවා ඔහොම හම්බ වෙන්න කලින්ම එයාම යන්න හදනව නම් ඉවසගෙන එයාට යන්න දෙන්න"

අපේ අම්මා කී වදන්වලට වඩා මගේ හිත හැදුනේ මගෙ සැමියාගේ අම්මාගේ වදන් වල බලයෙනි. ඈ කීවේ අමූලික ඇත්තකි. නමුත් මට ඇති ප්රශ්නය වන්නේ මගේ පැටියා දුටු පසු මා ඒ පුංචි ප්රාණියාට පෙම් කරන්නට වීමයි. දුටු දුටු දරුවා බදා නොගෙන ආදරේ නොකල මගේ සිතට දරුපෙම උහුලන්නට බැරි තරම් දැනුනි.

කුස සෙමෙන් පිරිමදිමින් මම පැටියාට කතා කලෙමි. ඇඬුවෙමි. අම්මාගේ කුස තදින් අල්ලාගෙන අම්මාගේ ඇඟේ සියළුම ශක්තිය උරාගෙන හයිය බබෙක් වෙන්න කියා මම පැටියාට හැම මොහොතේම කිව්වෙමි. තාත්තා පැටියා දකින්නට කොච්චර ආසාදැයි මං පැටියාට කීවෙමි.

එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි විය. දින පහකට පසු මගේ පැටියා යන්නටම යන්න ගොස් ය. දුවෙක් ද පුතෙක්ද කියා දැන ගන්නටත් පෙරම අපේ පැටියා මගේ කුස තුලම අක්‍රිය වී ඇත.

ඒ දැන ගත්තද මගේ බුදු සැමියා මගේ ඇසින් එක කඳුලක් නොවැටෙන්නට වග බලා ගත්තේය. දුක අමතක වී යන්නට අසීමාන්තිකව මට ආදරේ කලේය. හැම තත්පරයකම මට මහමෙරක් සේ ආදරය කලේය.

ගුවන් යානයෙන් මා පය බිම තැබුවේ කෙලින්ම ඉස්පිරිතාලයේ යන්නට බලාගෙනය.අධික තෙහෙට්ටුවෙන් මා හෙම්බත්ව සිටියෙමි. එහෙත් මම නෑඬුවෙමි.

මට ඇඬුනේ ශල්‍යාගාරයේ දොරටුව අසලදීය. මා ශල්‍යකර්මයට ලක් කලේ මා සමඟ කුඩා අවදියේ පටන් පාසල් ගිය මට වසරක් බාල සොයුරියකි. ඈ මගේ ශල්‍යකර්මය කල නිසා මට බියක් නැති විය. කුඩා කල පටන් ඇගේ තීක්ෂණ නුවණ මම දනිමි. නමුත් මිය ගියද සතියක් පමණ මා කුසේ සිටි පැටියා තව මොහොතකින් මගේ සිරුරින් ඉවත් කරන්නට යන බව දැනුනු මගේ සිතට දැනුනේ දරාගත නොහැකි වචනයෙන් කිව නොහැකි ඉතා දරුණු වේදනාවකි. මට එවෙලේ සිතුනේ මට මෙපමණ නම් මෙලොව සිටි දහසකුත් පටාචාරාවන්ට කෙසේ දුකක් දැනේද කියායි.

එතැන සිටි අඩු වයස් එකම රෝගියා මම විය. අනික් රෝගී අක්කලා මෙන්ම ශල්‍යාගාරයේ සියළුම දෙනා වචනයකින් හෝ මගේ හිත හැදූ මා ගැන සොයා බැලු අය විය. තරුණ වෛද්‍යවරුන් මා සිනහ ගැස්වීමට උත්සහ කලහ. සිත හදාගෙන මම ශල්‍යාගාරයේ මේසය මත වැතිරුනෙමි. ඉන් එහාට මට කිසිවක් මතක නැත.

මගේ පැටියා කුසට ආ පසු වෙන අම්මලාට වාගෙ මට එක දශමයක දුකක් දුන්නේ නැත. කලන්තය වමනය කෑම අරුචිය වැනි දේවල් දී මට කරදර කලේ නැත. ඔහු මා දමා ගිය පසු නම් මම මහත් සේ දුක් වින්දෙමි. ඇඳෙන් නැගිට ගන්න බැරි තරම් මා දුර්වල වී සිටියෙමි. මා නැගිට්ටවා වැසිකිලියට පවා රැගෙන ගියේ මගේ අම්මා පැමිණි පසුයි. මගේ නැන්දම්මා මට සැලකුවේ අදටත් මට සලකන්නේ මා දරුවෙකු බිහිකල මවක් සේ සලකාගෙනයි. හිස් අතින් මා ඇගේ ගෙට ආවද ඈ මා පිලිගත්තේ හා දැනටත් මට සලකන්නේ රැජිනකට මෙනි. ඒ සැලකිල්ල දකින විට මගේ හදවත දෙදරා යයි.

මගේ පැටියා මා දමා ගියේය. මාගේ ශරීර සෞඛ්‍යය යථා තත්වයට එනතුරු නැවත මට මවක් වීමට නොහැකිය. මේ ආකාරයෙන්ම මා නැවත ගැබ් ගතහොත් නැවතත් ඉහත සිද්දියම සිදු වන බව මම දනිමි. එම නිසා මින් පසුව මම මගේ සියළුම දේ සෞඛ්‍යසම්පන්න නිරෝගි දරු පැටියෙකු……… නෑ නෑ මට අඩුම තරමින් පැටව් තුන් දෙනෙක්වත් ඕනෑය. ඔවුන් වෙනුවෙන් මට කැපකල හැකි සියලුදේ කැප කර සූදානම් වෙමි. මක්නිසාද යත් ඒ අපේ ආදරයේ එකම ඵලය නිසාය. මව් සුවඳ මට හඳුන්වා දී ගිය අපේ පැටියාට මම ජාති ජාතිත් පින් දෙමි. ඒ ආදරයේ මුදු මොලොක් බව මට දුන් මගේ පැටියාට මම පින් දෙමි.

නැවත මා දෝතට මගේ පැටියා එනතෙක් මම ඇඟිලි ගනිමි.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com16tag:blogger.com,1999:blog-5408697253079652533.post-77978003076904171992014-11-12T14:22:00.000+05:302014-11-12T14:22:38.342+05:30ඔබේ යශෝදරා මම...!

නොකැමැත්තෙන් කැමති වී

අහසක් තරම් පෙම් කර

ඔබේම වී ඔබ තුරුලේ

කෙතරම් සොඳුරුද ජීවිතයම

ඔබෙ දෑතෙ එල්ලිලා

ඔබේ කැදැල්ලට ගිය දා

ලැබුණු ආදරේ තරම

කියන්නට වදන් කොහිද මට

මහ මෙරක් දුක් දරා

ඔබව මට දුන්නු ඔබෙ

පෙම්බර මෑණියන්ගේ වදන්

අදත් මට ඇසෙන්නෙ

"දුවේ මම නුඹට දුන්නේ

මගේ හොඳම පුතු ය.

සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන්

නිසංසල හිතකිනුත්

ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය

මේ මගේ කිරි පුතා

මගේ බුදු පුතු ය...!"

මවගෙන් බුදු පුතු කියා

විවරණ ලබන්නට පින් කල

ඔබ සමඟ ජීවිතේ

ඉතිරි ටික ගෙවන්නට

මා කෙතරම් පින් කලාදැයි

සිතා ගන්නට නොහැකිව

උපනුපන් තව ජාති ජාතිත්

ඔබේම වන්නට පින් පුරමි මම

ඔබේ යශෝදරා වන්නට ...!

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com12tag:blogger.com,1999:blog-5408697253079652533.post-49304867095518253482014-07-11T00:57:00.000+05:302014-07-11T00:57:16.970+05:30මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?

අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි.

අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා.

එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D

http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg

හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා.

එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ටික දවසකින් කිව්වෙ නොවැම්බර් වලින් පස්සෙ.

ඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........!

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com18tag:blogger.com,1999:blog-5408697253079652533.post-11479504381960515812014-01-29T22:16:00.001+05:302014-01-29T22:16:33.906+05:30යන්නට සිත හදා ගනිමි

දෙමාපිය සිහින වලට ඉඩ දී

යන්නට සිදුව ඇත

මා සිහින පසෙක ලා

කිසි දින නොදුටු මාවතක

නොදන්නා අරමුණකට

නොහදුනන අමුත්තන් අතරට

ඉතින් යන්නට සිත හදා ගමි

නොදන්නා අනාගතයකට...

(https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com9tag:blogger.com,1999:blog-5408697253079652533.post-69458950088587880192013-02-28T00:00:00.000+05:302013-02-28T00:37:31.103+05:30අපිට පිස්සු ooooooooooooooooooයි !!!

අපිට පිස්සු ඕයි !!!

එහෙම කිව්ව කිඹුලෙක්

බබල්ගම් එකක් හප හප

හැරී පොටර්ගෙ සුදුපාට බකමූණයි

රොන්ගෙ තඩි ගෙම්බයි එක්ක

රාජ්‍ය පාලනේ ගැන කතා කරද්දි

ඔශීනුයි චංගුමියි කුස්සිය පැත්තෙ

කෙහෙවලු පටලගෙන

පරිප්පු උයන රෙසිපිය මාරු වෙලා

උපන් ගමං පොඩි එකෙක්

කැට් වටේට මලක් ඇඳලා

ලයන් කිව්වෙ

අප්පේ ඒකා බොන්නෙ

අහවල් කිරලු අම්මව අඳුනන්නෙම නෑලු

අප්ප කියල අඳුන ගත්තෙ

වත්ත පාර දොළ අසබඩ

බැඳල හිටිය සුදු වස්සාලු

මූණ ගාව පෑන ගහන්

නිදහස යැයි බෝඩ් ගහන්

රටේම කුණු රසය සොයා

අපේ රටේ මාධ්‍යය ලු

රිංගල හොග්වාර්ට්ස් වලට

හර්මයිනිගෙන් ප්‍රශ්න කරයි

පොටර් ඔයාගෙ පෙම්වතාලු

නෑ නෑ දැන් එයා මෙහේ නෑ

මේ මොන මල කරුමයක්ද

මෙතන වෙන්නෙ මොනවද අද

ආන්න අර පරිප්පු ඉව්ව්

චංගුමි කෙල්ල පොලිසියේලු

නාකි ඔශීන් අත්තම්මගෙ

බෙල්ල මුලින් මිරිකලාලු

ඒක අහල දුවං එනවා කොළඹ හතේ නෝනා කෙනෙක්

පොලවෙ හැපී පොලෝසියත් දෙකක් වෙන්න

මං එනවා සුදු ගුමියෝ

ඔයාව බේරගෙන යන්න

අපි ගිහිල්ල කොළඹ හතේ

මගේ සුපිරි ගෙදර ඉඳන්

එකගෙයි කමු මාත් එක්ක

නාකි උනත් මං මගෙ ඩ්‍රයිවර් කොල්ලත් එක්ක

බෙදාගන්න බැරිනෑ මට

කිමෝනාව විසිකරලා කොළඹ හතේ

පැටැං දාමු

කුස්සියෙ හිටියා ඇති සුදු චංගුමි

බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් කඩ්ඩ දා ගමු අපි

ඔයත් එතකොට සුපිරි

මොකක් සුපිරිවිකි දත් බේත්

හා ඔය මොකක් හරි

මේක මට පිස්සු නිසා

ඇත්තටම පිස්සුද

මටද ඔයාටද

මට පිස්සු වගේ හලෝ . .

වගේ නෙමේ හලෝ . .

හොදටම පිස්සු හලෝ !!!

මාත් එක්කම ඇඩ්මිට් වුනා Angoda Lunatics : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com9tag:blogger.com,1999:blog-5408697253079652533.post-69617003845677571222013-02-25T02:07:00.000+05:302013-02-25T02:07:04.728+05:30කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...

කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි.

නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්.

නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්.

දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා.

දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා.

එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.

"නංගි මෙතන අව්වයි නේද? ඔයාව පිච්චෙනවා"

මගෙ ගැන මේ හැටි අනුකම්පාවක් තියෙන්නෙ කාටද බලන්න මම හරි අමාරුවෙන් ඔලුව ඉස්සුවා. බලන්න තියෙන අකමැත්තටත් වඩා මගෙ කල්පනා ලෝකය බින්ද තරහට.

ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ හිත සසල කල නුඹ.

මගෙ හිත සසල කල දිලිසෙන ඇස් එහෙම්මමයි. සිනහවත් එහෙම්මමයි. ඒත් නුඹ හිටියටත් වඩා කලු වෙලා. කෙට්ටු වෙලා. ඉස්සෙල්ලාම වචනෙ කටින් එලියට පැන්නෙ මටත් නොදැනීම.

"අයියා ඔයා කළු වෙලා"

නුඹ හඩ නගල හිනා වෙනවා මම ඉස්සෙල්ලම ඇහුවෙ එදා.

එදයින් පස්සෙ දවස් පහක් නුඹ වැරදීමකින් මම පන්ති ඇරිල යන බස් එකට නැග්ගා. ඒ හැම දවසකම නුඹ වාඩි උනේ හරි අහම්බෙන් මගෙ ගාවමයි.

අවුරුදු 3ක් තිස්සෙ නොපෙනී ගිහින් කලේ මොනවද කියල මට දැන ගන්න උවමනාවක් තිබ්බත් අහන්න දිව නැමුනේ නෑ. අවසානයේ නුඹම මට එය කිව්ව. ඒ අප මුණ ගෑසුණු අවසාන දවසේ.

නුඹ වසර තුනකට පෙර සිටි ශිෂ්‍ය නායකයාව තවත් දුර රැගෙන ගොස් තිබුණා. ආඩම්බරකමේ කිසි අඩුවක් නැති තැනක නුඹ ඒ වෙනකොටත් ආඩම්බරකාර උප ලුතිනන්වරයෙක්.

පස්වෙනි දවසෙ නුඹ ඒ බව කියනකොට මට හිතුනෙ නෑ මොහොතකටවත් නුඹ එහෙම කිව්වෙ මාව දාල යන්න කියල. නමුත් නිවාඩුව ඉවර වෙලා නුඹ යන්න සූදානමින්. නවතන්න තරම් හයියක් මගෙ හිතට තිබ්බෙ නෑ.

මම බසයෙන් බහින්න විනාඩියකට කලින් මගෙ නයි මල්ලක් වගේ සාක්කු ගනනාවක් තියෙන බෑගයේ සාක්කුවක් ඇරපු නුඹ යමක් ඒ තුලට දැම්මා. මට ඒ මොකක්ද අහන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ. නුඹවත් අරගෙන බසය ගිහින් තිබුණා.

පස්මහ බැලුම් බලල බලලා රැ දොළහත් පහුවෙලා මම ඒ මොකක්ද බැලුවෙ. මගෙ ජීවිතේ මට ලැබුණු පළවෙනි පෙම් හසුන නුඹ මගෙ බෑගයට දමා තිබුණා. එහි කිසි වැල්වටාරමක් නෑ. ආදරබර වදනුත් නෑ. ඒත් නුඹ ලියල තිබුණා. නුඹට දැනුණු දේ විතරක්.

"මම ඊ ගාව නිවාඩුවට ආවම ආපහු ඔයා එක්ක බස් එකේ එක සීට් එකේ වාඩි වෙලා යන්න මම එනවා. එදාට මේ පහුගිය දවස් හතර වගේ නෙවෙයි මට ඕනෙ ඔයාගෙ දකුණු අත මගෙ පපුව උඩ තියා ගෙන ඉන්න මට ඕනෙ."

මම හිතන්නෙ නුඹ කියන්න ඇත්තෙ නුඹේ හිතේ ආදරේ වෙන්න ඇති. මම ඒ උප ලුතිනන්වරයට මගෙ දකුණු අත පපුව උඩින් තියා ගන්න දෙනවද නැද්ද කියලා කෝටි වාරයක් කල්පනා කලා. බයක් හිතුනා. නුඹ කැමැත්ත අහපු විදිය හරි අමුතුයි. නුඹත් ඒ වගේම අමුතු කෙනෙක්. ඉස්සර ඉදලම. දින ගනනාවක් කල්පනා කරලා කරලා මම තීරණය කලා... නුඹට පපුව උඩ තියා ගන්න මගේ දකුණු අත දෙන්න. හීනයක් වගේ දෙයක් හැබෑ කර ගන්න.

එදා ඉදලා නුඹ ආපහු එනකල් මම දින ගනින්න පටන් ගත්තා.

එකයි..... ගෙවන්න අමාරුම දවසක් !!!

දෙකයි..... වෙලාව යන්නෙ නෑති හෑටි විතරක් !!!

තුනයි.... අනේ ඉක්මනට කලුවර වෙනව නම්!!!

හතරයි.....

"සංජු මාර වැඩේ"

"මොකක්ද?"

"ඔයාට මතකද අප අපි ඉස්සර පොඩි කාලෙ ලයින් පාර දාපු **** අයියා?"

මම මොවුන්ට නුඹ ගැන නොකී එක කෙතරම් හොදද? කිව්වානම් මට දහසක් පද බදීවි.

"ඉතින්?"

"ඒ අයියා ආමි එකේලුනෙ හිටියෙ"

"ඉතින්"

"ඒ අයියට වෙඩි වැදිලා බං. ඊයෙ රැ බොඩි එක ගෙනාවා."

මහා දැවැන්ත අතක් මගේ කෙස් වල්ලෙන් අල්ලා මා ලෝකය වටේම කරකවා හෙණ ගහන වේගයෙන් මගේ හිස මහ පොළවේ ගැසුවා සේ මට දැනුනි. නමුත් මගේ දෑසින් කදුලු නොවැටුනි.

එදා දවසින් බාගයක් මම දළදා මාලිගාවෙ උඩමාලේ කණුවකට මුවා වී සිටියෙමි. නුඹ මට පෙනී නොපෙනී යයි. දින පහක් මා සමග නියම මහත්මයෙකු සේ හැසිරුණු නුඹ.... මට ලං වෙන්නට අවසර පතා නික්ම ගොස් ඇත.

මා ඉතින් නැවත කවදා නුඹට මගේ පිලිතුර දෙන්නද?

මම සිත් පිත් නොමැත්තියක ලෙස හැසිරුණෙමි. කිසි දුකක් නැත්තියක ලෙස සිනා සෙමින් කවට කම් කරමින් මගේ යෙහෙලියන් සමග කතා කලෙමි. ඒ මට තනිව යා නොහැකි ගමනක් මා සමග යන්නට කෙනෙක් සොයා ගන්නටයි.

"අනේ ආමි එකේ ෆියුනරල් එකක් මම දැකලා නෑ අපි යමුද බලන්න?"

නුඹව වරක් හෝ දකින්නට, දැක රිද්දා ගන්නට මගේ සිතට අවැසි වී තිබුණි.

සොහොනට ගිය මට නුඹ දකිනු තබා ඔබට අසළට ලං වීමටවත් නොහැකි විය. මම උත්සාහද නොකලෙමි. ඒ බලන බලන අත තිබූ නිල ඈදුම් මා බියට පත් කළ නිසයි.

සිංහ කොඩියකින් වසා තිබුණු පෙට්ටියේ නුඹ සැතපී සිටියා යැයි මා නොදුටුවෙමි. මගේ සිත ඇදහුවේද නැත. නමුත් නුඹ යලි නේන බව මගේ පුංචි සිතට දැනුනි. එසේම නුඹ මගේ දකුණු අත නුඹේ පපුවට තුරුල් කර ගන්නට නො එන බවද මට දැනුණි. ඔබට යන්නට අවසානයේ සමු දෙන්නට මට සිදු විය.

හදිසියේ වැලලූ අතීත කතා ගොඩ දමන්නේ නුඹට අපහාස කරන්නට නොවේ. නුඹ මියෑදුනේ මට පමණක් නොව අද ජීවත් වන අප හැමටම නුඹේ ජීවිතය දෙමිනි. නුඹ සැබවින්ම විරුවෙකි. එක් දිනක් ඒ විරුවාගේ උණුසුම ලබන්නට ආදරය විදින්නට තබා ආදරය කියා ගන්නටවත් බැරි වූ පව්කාරිය මම.

නුඹ වසර දොළහකටත් වැඩි කලකට පසු මට මතක් කලේ බාලචන්ද්‍රන් ගේ මරණයයි. කුඩා දරුවෙකුගේ මරණය හිතක් පපුවක් ඇති කිසිදු කෙනෙකුට උහුලා ගත නොහෑකිය. ඔහු දුටු විට මගේ පපුව රිදුණි.

නමුත්....

ඔහුට ඉහලින් නුඹ මගේ සිත වටා සැරි සරයි.
අද නුඹ වෙනුවෙන් මගේ ඇස් වල කදුලු ගලයි. ඒ වෙනදාටත් වඩා නුඹේ අඩුව මට දැනෙන නිසාය. නුඹ අභියස මට බාලචන්ද්‍රන්ව නොපෙනේ. ඔහුට වඩා තදින් මට ඔබේ පපුව සිදුරු කල උණ්ඩවල වේදනාව දැනේ. ඒ උණ්ඩ වල වේදනාව ඔබට වරක් දැනෙන්නට ඇත. මට එය ඔබ සිහිවන හැම වරකම දැනේ. නුඹ මියැදුනේ වරකි. මා මැරි මැරී උපදිමි. මගෙ ලොවේ කුමරු නොකියාම මා හැරදමා ගොස් ය.

නුඹ සිටියා නම් අද මා රැජිණකි!

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com33tag:blogger.com,1999:blog-5408697253079652533.post-12422263222466869872012-08-16T12:15:00.000+05:302012-08-16T12:15:41.384+05:30අම්මා

වෙන අම්මලා ගැන නොව අද මම ලියන්නට යන්නේ අපේ අම්මා ගැනයි.

අපේ අම්මාව මට කාලයක් පෙනුනේ මේ ලෝකයේ වෙන අය වාගේමය. වයසට යන්නට යන්නට ඇය ගැන මගේ සිතේ තිබූ රූපය ක්‍රමයෙන් වෙනස් විය. එය වඩාත් වෙනස් වුනේ ඊයෙ පෙරෙදා අපේ ගෙදර සිද්ධ වූ සිදුවීමකිනි. මගේ මුළු ජීවිත කාලයට එය අමතක නොවනු ඇත.

අපේ අම්මා පෙන්ශන් ගිය පසු ඇගේ තනි නොතනියට ගෙදර හිටියේ බලු රැලකි. දරු මුණුබුරන් සුරතල් කල යුතු වයසේ සිටියද අපේ අමන කම නිසා ඒ වාසනාව නොලද ඇයට සුරතල් කරන්නට ගෙදර සිටියේ කොහේදෝ සිට ආ බැල්ලක දමන පැටවුන්ය. එකම නෑදැ බලු රැලෙන් හැදෙන නිසාදෝ ඒ බලු පැටවුන් ප්‍රතිශක්තියෙන් ඉතා දුර්වලය. එහි ප්‍රතිපලය වන්නේ උන් ටික එක එක ලෙඩ සැදී පොඩි වයසෙන්ම මිය යාමය.

පසුගිය මාර්තු මාසයේ ඒ බැල්ල දැමූ පැටව් වෑස්සෙන් බේරා ගැනීමට කන්දක් ලිස්සමින් බඩ ගෑ අපේ අම්මා පැටවුන් දෙන්නා රෙදිවල ඔතා පිස දමා ගෙදර ඉන්නා ලොකු බල්ලන් දෙන්නා එලවා ගෙදරට ගෙනාවාය. ඒ කිට්ටුවම වාගෙ නිදාගෙන සිටි ලොකු බල්ලෙක් ගාවින් යන්නට ගොස් මගේ කකුල ඌ නින්දෙන්ම හපා කැවේය. ඊට උරණ වූ තාත්තා කීවේ මේ බලු සෙල්ලම හරි යන්නේ නැති නිසා බැල්ලව සැත්කමකට භාජනය කල යුතු බවයි. නැත්නම් ගෙදර තවත් බල්ලන් බෝ වී ගෙදර බල්ලන්ට දී අපිට පාරට බැසීමට සිදු වෙන බව පැවසූ ඔහු අම්මාට කිව්වෙ සැත්කම කර ගත හැකි ක්‍රමයක් ගැන සොයා බලන ලෙසයි.

මේ බැල්ල කොහේදෝ සිට ආ එකියක් බැවින් අපි කාටවත් හීලෑ නැත. යන්තම් හෝ හීලැ අපේ අම්මාට පමණි. අපේ ගෙවල් කිට්ටුව බලූ නෝනා කියා මිනිසුන් අමතන සුදු ජාතික කාන්තාවක් සිටියි. ඇයට ඇමතූ අම්මා බැල්ලව අල්ලාගෙන එහි ගෙන යාමට කෙනෙක් එන බව පැවසුවාය.

බැල්ල අල්ලා ගැනීමට නොහැකි බැවින් බලූ නෝනාගේ ගෝලයෙක් පැමිණ ඌට සිහි නැති වෙන්න එන්නතක් දී ඌව තුවායක ඔතාගෙන රැගෙන ගියේය. අපේ අම්මා එය බැලීමට නොහැකිව සාලයට වී සිවිලිම දිහා බලාගෙන සිටියාය. ලොකූ ටෝක් දුන් තාත්තාද අහක බලාගෙන මුහුණ හත කරගෙන සිටියේය. බැල්ලව කුස්සියට කොටු කර එන්නත දී රැගෙන ගිය පසුව කුස්සියට ගිය අපිට දකින්න ලැබුනේ එකම ලේ විලකි. එක එන්නතකින් බල්ලාගෙන් එපමන රුධිරය කෙසේ වහනය වී දැයි අපි කාටවත් සිතා ගැනීමට නොහැකි විය.

සෑත්කමට භාජනය කල බැල්ල බ්රවුනි දින දෙකට පසුව ගෙදරට ගෙනවිත් දැම්මාය. ඌ සති දෙකක් පමණ සුවසේ සිට එක වරම සිරුර පණ නැති ගතියක් පෙන්නුම් කලාය. ටිකින් ටික එම තත්වය උග්‍ර වන්නට වීමත් සමග අප නිවස ආසන්නයේ සිටි පශු වෙදෙකු පැමිණ ඌට එන්නත් කිහිපයක් දුන්නද ඌ ඩිස්ටෙම්පර් නැමති රෝගී තත්වයට උග්‍ර ලෙස පත් වී සිටියාය.

දින තුනක් පමණ බේබද්දෙකු සේ ඇවිද්ද බ්රවුනි හරහටම වැටුණාය. ඌට නැගිට ගන්නට කන්නට බොන්නට පමණක් නොව මල මූත්‍රා කිරීමටවත් නැගී සිටීමට නොහැකී විය. ඒ නමුත් ඌ මලේ නැත. බ්‍රවුනිගේ පණ හරිම හයිය පණක් ය.

අපේ අම්මා හැමදාම උදේට බ්‍රවුනිට කුකුල් පීකුදු සමග බත් සාදාගෙන කවයි. කාලයක් ඔලුව උස්සාගෙන කැ බ්‍රවුනිට ටික දවසකින් ඔලුව උස්සා ගැනීමටවත් නොහැකි විය. එදා සිට අපේ අම්මා කලේ එක අතකින් බ්රවුනීගෙ කැම පිගාන අල්ලාගෙන අනික් අතින් උගෙ ඔලුව ඔසවා අල්ලාගෙන ඌට කැවීමයි. ලෙඩ වූ පසුව බ්රවුනි වතුර නොබී කිරි පමණක් බීමට හුරු වූවාය. අම්මා බ්රවුනි කනකල් සිට ඌ කෑ පසු ඉතිරි බත් අනික් බල්ලන්ට හසු නොවන සේ විසි කර ඌට කිරි ද පොවයි. ඉන් පසු ඒහි ඉතිරියක් තිබ්බොත් එයද අනික් බල්ලන්ට නොදි විසි කරයි.

කොතරම් අසනීපෙන් සිටියත් අපේ අම්මා දවසට තුන් වරක් ඔය වතාවත ඉටු කලාය. ඒ හැර එතනම මල මූත්‍රා පහ කර ගන්නා බ්‍රවුනිගේ සියලු මලමුත්‍රා ඇද පිරිසිදු කර පයිනෝල් දමා සෝදා පිරිසිදු කලාය. බ්රවුනි එකම පැත්තට වැටී සිට ඌට තුවාල වේ යැයි සිතූ ඈ ඌව වරින් වර සෙමෙන් එහාට මෙහාට පෙරලුවාය.

මේවා බලා සිටින මට මම කෙතරම් පව්කාරදැයි දැනුණි. ඒ මම බලාගෙන පමණක් සිටි නිසාවෙනෙ. බ්රවුනි මැරෙන තුරු දිනපතා අපේ අම්මා ඌට සාත්තු සප්පායම් කලාය. ඉදහිට පොඩි උදව්වක් දීම හැර පව්කාර මම නම් ඇට කල වෙන උදව්වක් නැත.

බ්රවුනීට හොදටම අමාරු වෙන කාලය වෙද්දි අපෙ අම්මා මට දේවතාවියක්ව සිටියාය. වෙන ගැහැනියක් නොකරන තරම් දෙවල් ඇ තිරිසන් සතෙකු වෙනුවෙන් කලාය. මේ ලියන විටත් ඈ කළ දේවල් සිනමා පටයක් මෙන් මගේ ඇස් ඉදිරියෙ මැවේ. කදුලු වේලි තිබුනු මගේ ඇස් නැවත තෙත් වුණෙ අපේ අම්මා වෙනුවෙනි.

මේ කතාව මම ලිව්වෙ මට කවදා වත් අමතක නොවෙන ලෙස ය. අපේ අම්මා උතුම් ගුණ ඇති රැජිණක් ලෙස මගේ සිතේ සැමදා රැදෙනු ඇත. ඒ කළ පින් කන්දරාව කරන්නට අපි වැනි අයට තව කල්ප ගනනාවක් ගත වනු ඇත. නමුත් ඈ ................. සැමදාම මගේ දෙවියන්ව මා පසුපස සිටිනු ඇත. ඒ මගේ අම්මාය.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com33tag:blogger.com,1999:blog-5408697253079652533.post-46285303097099663282012-07-28T11:10:00.002+05:302012-07-28T11:10:57.392+05:30කලකට පස්සේ වෙලකට බැස්සේ... කලකට ආයෙත් මෙහි නොබසින්නේ

බහින්න වෙල් නම් ඉතින් මේ දවස් වල ඕනි තරම්. වැස්සත් නිසා වෙල් හොදටම මඩ වෙලා හිතේ හැටියට මඩ නා ගන්න පුළුවන් මේ දවස් වල වෙල්වලට බැස්සොත්. ඒත් කාලෙකින් මගෙ බ්ලොග් පැංචි දකිනකොට වාවන්නෙ නැතුව ගියා කොච්චර හොදට තිබ්බ වෙලක් ද දැන් මේ පුරන් වෙලා ගිහින් තියෙන්නෙ කියල.

උගන්නන ඉස්කෝලෙ වැඩයි ඉගෙන ගත්ත ඉස්කෝලෙ වැඩයි ඔක්කොමත් එක්ක මගේ වැඩ අතපසු වෙනව කියල ගෙදරින් කෙදිරි ගානකොට මම නැසූ කන්ව ලැපේ ස්ක්‍රීන් එක දිහා ඇහිපිය නොගහ බලාගෙන ඉන්නවා. තාත්ත ඇවිල්ලා බැනලා යනවා මම ඒත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන අනිමිසයක. ගිහාම ඉතින් ඇහේ එකතු වෙලා තිබ්බ කදුල හොරෙන් බිමට හලා ගන්නවා. ඔහොම තමා ජීවිතේ.

දැන් ඉතින් ආයි ඉස්කෝලෙ කතා ලියන්න වෙන්නෙත් නෑ මොකද පරණ ඉස්කෝලෙ වගේ නිදහසක් නැ ලියන්න. අනික ලියන ඒවා හරිම පරෙස්සමින් ලියන්නත් ඕනි.පොඩ්ඩ ගැස්සුනොත් සංජු ගෙදර වහලෙ පරාල ගනිමින් ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් හලාල් වෙලා තියෙන්නත් පුළුවන්. :D

මම ඉතින් කල්පනා කලා ලෝකෙට වැඩදායි දෙයක් කරන්නම් කියල. ඒ බ්ලොග් නොලිය තව ටික කාලයක් ඉන්න එක. චුට්ටක් දැන් නිවාඩුවක් ගන්න ඕනි බ්ලොග් ලෝකෙන්. හැබයි ඉතින් කොච්චර කාලෙකටද කියන්න බැ දැනටත් මම මාස තුන හතරක නිවාඩුවක් අරගෙනයි ඉන්නෙ. මෙහෙම කියල හෙට මට මොනා හරි කල්පනා උනොත් ලියයි නිවාඩු පැත්තක තියල. ඒ සංජුගෙ හැටි.

එහෙනම්..... ගිහින් එන්නම් ! :)

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com22tag:blogger.com,1999:blog-5408697253079652533.post-38062208410976392032012-03-08T16:22:00.000+05:302012-03-08T16:22:54.048+05:30කේ.බී. අත්තා

කේ.බී අත්තා යනු තවත් හොඳම එක්කෙනෙකි. හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය.

කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ.

කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජිනල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය.

දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි.

“මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?”

“ඒ කඩෙන් තමා අප්පච්චී.”

“ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ”

ගංගා පුංචී ට යකා නැංගේ ය.

“ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?”

එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය.

කේබී අත්තා අපේ අභීත අයියා, මරණෙ අයියලාගේ ලොකු අප්පච්චී ලෙස හැදින්වූවොත් එහි වරදක් නැත. ඒ කේබී අත්තා යනු අනුමත වීමේදී අනිවාර්යෙන් මේ සියළු දෙනා පරදවන බැවිනි. මේ අවුරුද්දේ බැරි බැරි ගාතේ ෆුඩ්සිටියට ගොස් ගෙනා අරක්කු බෝතල් දෙක ඉවර වූ පසු හේ තම මුණුබුරා වන අමිල අයියාට කිව්වේ තවත් බෝතල් දෙකක් ගෙන එන ලෙසයි.

“පුතේ වෙන කොහෙන්වත් ගේන්න එපා රෝයල් මෝල් එකෙන් හරි ෆුඩ්සිටියෙන් හරි අරන් වරෙන්”

අමිල අය්යා කේක්බී අත්තාගෙන් සල්ලිද ඉල්ලගෙන රෝයල්මෝල් එකෙන් බෝතල් දෙකක් මිලදී ගෙන ඇත. මේ අවුරුදු දවස් නිසාද අමිල අයියාට යාලුවන් කිහිප දෙනෙක් මුණ ගැසීම නිසාද අතරමගදීම එක් බෝතලයක් පාරිභෝජනය වී අවසන් විය. බෝතල් දෙකක් නැතුව ගෙදර ගියහොත් අත්තාගෙන් පයින් පාරය. ඇමිල අයියා කලේ වැලිගල්ලේ බාර් එකෙන් කලින් බෝතලයට සමාන බෝතලයක් රැගෙන ඒමයි.

දින දෙකක් පමණ ගත විය. කේබී අත්තා අමිල අයියාව ඇමතීය.

“පුතේ අර බෝතල් දෙනෙක් එකක් රෝයල්මෝල් එකේ තමා. හැබැයි අනික නම් අනිවාර්යෙන් වැලිගල්ලෙ එකක්”

අමිල අයියාගේ ඇස් උඩ ඉන්දවිය. බෝතල් දෙක වෙනස සොයා ගැනීමට බැරි තරම් සමානය. ඉතින් කේබී අත්තා වෙනස හදුනා ගත්තේ කෙසේද?

“පිස්සුද අත්තා? දෙකම රෝයල් මෝල් එකේ තමා”

කේබී අත්තා ලාවට හිනාවක් දැම්මේය.

“අනේ බන් කොල්ලෝ උඹලා ඊයේ පෙරේදා බොන්න පටන් ගෙන මට බොරු කියන්න එනවද? මම දන්නෙ නැද්ද වැලිගල්ල බාර් එකේ කලවන් රහ!”

අමිල අයියාට හිතුණ දේ දන්නේ ඔහුම පමණි.

වයසට යාම නිසා කේබී අත්තාද දැන් පොඩි ළමයෙක් වාගේය. නිතරම මල්ලිකලා අත්තම්මා සමග ඔරොප්පුවෙන් ය. උදේ පටන්ගෙන හවස්වන තුරු වලි ය. ඒවාත් මේ සංසාරේ නැති පිස්සු වලි ය.

ඔන්න හොදම වලිය යන්නේ තේ හදන්න ගිය විටය. කේබී අත්තාට සීනි බෝතලයට එක හැන්දක් අවශ්‍ය වේ. කිරිපිටි බෝතලයට තව හැන්දක් අවශ්‍ය වේ. තේ කොල එකට තව වෙනම හැන්දකි. තේ දිය කරන්න තව එක හැන්දකි. මේ හැදි හතරෙන් එකක් වත් තේ සෑදීමට පෙර බෝතල් ඇතුලේ තැබීම තහනම් ය. ඒවා තිබිය යුත්තේ එලියේය. තේ සෑදීමට පෙර හැදි හතරම සෝදා රෙදි කැබැල්ලකින් පිස දැමිය යුතුය. පිටි හැන්දෙන් සීනි ගැනීම සපූරා තහනම් ය. තේ සෑදීමෙන් පසුවද හැදි හතර සෝදා රෙදි කැබැල්ලෙන් පිස දැමිය යුතුය.

මේ සියල්ල සිදු කරන තුරු ඇසි පිහ නොගහා බලා සිටීම කේබී අත්තා අනිවාර්යයෙන් කරන දෙයකි. වැරදිලා හෝ එක පියවරක් මග ඇරුනොත් තේ හැදූ කෙනාට කුණු බැනුම් ය. ඉතින් මේ විගඩම නටන්නට ගොස් මල්ලිකලා අත්තම්මාගේ මල පන්නවා ගන්නා කේබී අත්තාට සිදු වන්නේ තේ නැතිව වේලීමටයි. පසුව ඉතින් හබියා පව් යැයි සිතා මල්ලිකලා අත්තම්මාගෙන් තේ එකක් ලැබෙන වෙලාවල්ද එමටය.

ඊගාව වලිය තේ සාදන්නට හෝ බොන්නට වතුර උණු කරන්න යන විට ය. වතුර උණු කල යුත්තේ කේබී අත්තාට අවශ්‍ය තරමට ය. ඔහු ලිප නිවන්න කීවොත් නිවිය යුතුය. නැත්නම් තිබෙන්නට හැරිය යුතුය. බොහෝ විට ඔහු වතුර වැඩි වෙලාවක් නටවන්නට නොදේ. මේ ගැන ප්‍රශ්නයක් ඇති වූ අපේ ගංගා පුංචී දිනක් කේබී අත්තාගෙන් මේ ගැන ඇසුවාය.

“අප්පච්චි මොකද මේ අම්මට වද දෙන්නේ වතුර නටවන්න නොදී?”

කේබී අත්තාගේ පිලිතුර:

“බොලන් ඕනෙවට වඩා රත්කරලා නැටෙව්වම වතුර මැරෙනවා. ඒකයි.”

කේබී අත්තා මල්ලිකලා අත්තම්මා සමග ඊගාව වලිය දා ගන්නේ රේඩියෝ එකටයි. වාරිමාර්ග ඉංජීනේරුවෙකු වූ මල්ලිකලා අත්තම්මාගේ එකම පුතා තරුන වියේදීම කොටි විසින් මරා දැමුණු පසු ඕ බොහෝ ආගම දහමට නැඹුරු වූවාය. ඒ නිසා ඇය නිතරම රේඩියෝවේ පිරිත් මහ හයියෙන් කන පැලෙන්න දමයි. ඇය ඒ ගැන කියන්නෙ…..

“පුතේ පිරිත් හයියේන් දාන්ට ඕනෑ. එතකොට තමා ගෙදර බිච්චි වලට ගඩොල් වලට පිරිත කා වැදිලා සෙතක් සාන්තියක් වෙන්නෙ ඕං”

මල්ලිකලා අත්තම්මා පිරිත් දැමා ගිය පසු රේඩියෝව කරකවන කේබී අත්තා ඉරාජ්ගේ හෝ සින්දුවක් කණ පැලෙන් ගානට දමා යයි. මල්ලිකලා අත්තම්ම බැන වදිමින් නැවත රේඩියෝව කරකවයි. බී කේඅත්තා නැවත කරකවයි. දැන් ඉතින් ගේ දෙක වෙන්න වලි ය.

මේ වලිය බේරන්න බැරි තැන ගංගා පුංචී තව රේඩියෝවක් ගෙනැවිත් කේබී අත්තාට දුන්නාය. ඉන්පසුවවත් මේ දෙන්නාගේ වලිය අවසන් වේයැයි සැවොම සිතූහ. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.

මල්ලිකලා අත්තම්මා කණ පැලෙන්න රේඩියෝවේ පිරිත් දමයි. විනාඩියකින් කේබී අත්තා ඔහුගේ රේඩියෝවේ සින්දු කණ පැලෙන්න දමයි. මල්ලිකලා අත්තම්මා රේඩියෝව වැඩි කරයි. කේබී අත්තා ඊට වඩා වැඩි කරයි. දෙන්නා තරගයට රේඩියෝ වැඩි කරයි. දැන් රේඩියෝ දෙකම උපරිම සද්දෙනි. ඒ අස්සේ ගෙදර සිටින මගේ නෑනා මස්සිනාලා ටීවී එකද දමා ගනියි. ඒ රේඩියෝ දෙකම පරයන ශබ්දයෙනි.

ගංගා පුචී ගෙදර එන්නේ මේ වෙලාවට ය.ං

“මොකක්ද මේ? ගෙදරක් ද සයිවර් කඩයක් ද?”

කොච්චර කොහොම වුනත් මේගොල්ලෝ දැන් මහළුම මහළු වයසේය. ඒ අය නැති දවසක අපිට හිනා වෙන්න මේ කතාවත් ඉතුරු වනු ඇත. නමුත් දැන් දැන් කරන වැඩ ද ඉතා ජොලිය. ඒ නිසා අපි හැමෝම ජේබී අත්තාටත් මල්ලිකලා අත්තම්මාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

ප.ලි. මේ කතා ඇහුවට පස්සේ මම අපේ අම්මිට කිව්වේ එක දෙයයි.

“ඔන්න අම්මී මල්ලිගේ නෝනා එක්ක මට පෙන්නන රැස් දාල මෙහෙම වලි දාගෙන මට එහෙම කෝල් කරන්න එපා ලේලි රණ්ඩු වෙනවා කියලා. මම නම් හතර මායිමේ පස් පාගන්නේ නෑ ඕවා බේරන්න.”

ප.ප.ලි.ඔය කිව්වට එතකොට අම්මනෙ කියලා මමත් රණ්ඩු බේරන්න යයිද දන්නේ නෑ.

ප.ප.ප.ලි. මම ගියා කියන්නේ එතන වලිය බේරිල්ල කෙසේ වෙතත් ඩබල් වෙන එක බව දන්නෝ දනිති. (කවුරු හෝ අපේ අම්මා ඇඩෙව්වොත් ඒ උගේ අවසානයයි.)
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com54tag:blogger.com,1999:blog-5408697253079652533.post-71655410699153715662012-03-03T11:46:00.000+05:302012-03-03T11:46:17.095+05:30ඔක්කොම පැටවු එක වගේ ය.
අවුරුදු පහකට ආසන්න කාලයක් කටුවක් ලෙව කෑමෙන් පසුව මම හෝර්ටන් තැන්න කිට්ටුව තිබූ සිංහල මහ විදුහලට ආයුබෝවන් කියා පැමිණියෙමි. හිතාගෙන උන් තරම් ලේසියෙන් මට එයට සමු දී ඒමට නොහැකි විය. මා ආ දා මගේ පොඩ්ඩෝ දවසම මගේ පසුපසින් ආහ. මට සමුදෙන්නට පැමිණ හඬා වැටුනහ. මටද වචනයක් කතා කර ගන්නට බැරි වෙන තරමට ඔවුන්ගේ කඳුළු මා අසරණ කලේ ය. මොන මගුලකට මෙච්චර උඩ පැනගෙන මාරුවීම හදා ගත්තාදැයි මම සිතුවෙමි. කතාකර ගන්නට බැරි තරම් මගේ ඇස් වලින් කඳුළු කැට කැට කඩාගෙන වැටුණි. හයියෝ සංසාරේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති වී ඉන්නට තිබූ චෑන්ස් එකද නැති කරගෙන මම ආපසු ගෙදර පැමිණියෙමි.

වසර 7 කට පසු මම අපේ ගෙදර ස්ථීර පදිංචියට ආපසු පැමිණියෙමි. ඒ තව කොපමණ කාලයකටද කියා දන්නෙ දෙවියන් පමණි.

ගෙදර පැමිණි මට ලැබුනේ අපේ ගෙදර සිට කිලෝ මිටරයක් පමණ දුරින් පිහිටි මුස්ලිම් පිරිමි විදුහලකි. අවුරුදු 4ක් ඉංග්‍රීසි ගුරුවරියකම ව සිටි මට දෙමළ මාධ්‍ය පාසලකට පැමිණීම නිසා සිංහලද ඉගැන්වීමට භාර ගැනීමට සිදු විය. අයියෝ සංසාරේ සිංහල උගන්නන්නට මගේ ඔළුවේ කිසිම අදහසක් නැත. අදටත් නැත. ඉංගිරිසිය උගන්වා පළපුරුදු මුත් සිංහල උගන්නන එක නම් වහ කඳුරු කනවා වගේ වැඩකි. නමුත් උගන්වමි. සිංහල පාඩම් කරමින් උගන්වමි.

මට ලැබුනේ මුස්ලිම් පිරිමි විදුහලක් යැයි දැන ගත් විට බොහෝ දෙනාට "ලොල්" විය. සමහරු ":කැපිටල් ඩී" කලහ. මගේ එක් ගුරු යෙහෙලියක් පැවසුවේ "මුස්ලිම් නෙවෙයි බන් පෘතුගීසි ඉස්කෝලයක් හරි කමක් නෑ ගෙදර ඉඳලා යන්න තියෙනවනම්" කියා ය. මටත් චකිතයක් නොතිබුණා නොවේ. මක්නිසාද යත් පාසල දෙමළ මාධ්‍ය පාසලක් වීම මදිවාට මුස්ලිම් සිසුන් පමණක්ම සිටින පාසලක් වීමයි.

ඉස්කෝලේ ගිය ගමන්ම ක්‍රීඩා උත්සවයේ සංවිධායක මණ්ඩලයට මාව ගත් අතර ගිය දාට පසුවදාම රුපියල් විසිදාහක් අතට දී මාව භාණ්ඩාගාරික කරගත් විදුහල්පති තුමා මට හුස්ම ගන්නට නොහැකි තරමේ කාලසටහනක් ද පටවා මගේ බෙල්ලට තොණ්ඩුව දැම්මේය.

හෝර්ටන් තැන්න සිංහල මහ විද්‍යාලයට නොදෙවෙනි ****** පිරිමි විදුහලේ මගේ වැඩ එසේ ආරම්භ විය.

මුළු ගුරු මණ්ඩලයම උඩ සිට පහලටම කළුය. දෙයියන්ට පින් සිද්ද වන්නට මට මිතුරියක් හමු විය. ඈ නෙළුම් අක්කාය. ඕ දැනට වසර දෙකක පමණ සිට මේ පාසලේ සිංහල හා ඉංග්‍රීසි උගන්වයි. ඇයගෙන් මට ලැබෙන ලොකුම පිටිවහල කුමක්දැයි මට දැන් යන්තමින් වැටහීගෙන එයි. ආත්මාර්ථකාමි මිනිසුන් මැද වසර ගණනාවක් සිටි මට පරාර්ථකාමි ගැහැණියක් හමු වුනේ මුල්ම වතාවටය. ඈ මෙන්ම ඇගේ සැමියාද අතිශය සංවේදී සොඳුරු මිනිසෙකි. සුමුදු සුදු බෝලයක් වන් වූ ඇගේ කුඩා දියණියද සමඟ දිනපතා ඕ මට මගේ අමතක වූ ගැහැණුකම සිහිපත් කරවන්නීය. ඒ නම් ඇයට ආත්ම ගණනකට පින් ලැබෙන දෙයකි. මක්නිසාද යත් කොලුවෙකු මෙන් සිටි මගේ ගැහැණු සිත අවදි කරවන්නට ඇගේ සැමියාට ඇති ආදරය, බැඳීම දියණිය කෙරේ ඇති ස්නේහය මෙන්ම අන් සියළුම මිනිසුන් ඈ දකින් ආකාරය මට අළුත්ම අත්දැකීම් වූ නිසාය.

ඈ හැර තවත් පරිපාලන සහායිකාවක්ද පාසලේ ඉන්නා නමුත් මා ඈ ගැන කතා කිරීමට කැමති නැත්තේ ඇය මට හමු වූ අන් සියළු ගැහැනුන් මෙන්ම ආත්මාර්ථකාමි කෙනෙක් බැවිනි. වැඩ වලින් මඟ අරිමින් සිටින ඇගේ වැඩ සියල්ලම කරන්නට සිදුව තිබුණේ නෙළුම් අක්කාටය. දැන් මාද පැමිණි පසු අපි දෙන්නා ලිපිකරු වැඩ බෙදාගෙන කරන මුත් ඇය ඒවා දෙස ඇසක් ඇර බලන්නේවත් නැත. නමුත් අප දෙන්නාටම වඩා වැඩි පඩියක් උපාධිධාරී පත්වීම් ලාභිනියක් ලෙස ඈ ලබන්නීය. ඒ වෙලාවට සිතෙන්නේ ටිංකිරි ගා ගන්නවා වැනි දෙයක් උනත් දෙයක් වැරදි ලෙස වනවා බලා ඉන්නට ඇති අකමැත්ත නිසා ඒ වැඩ නිසි ආකාරයෙන් ඉටු කරන්නට හැම මොහොතකම අපට සිදු වේ.

ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් බුකියේ ඉන්නා නිසා මම මේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ගැන කතා නොකරමි. ඇත්තටම කතා කරන්නට දේකුත් නැත. කතාකලොත් වෙන්නෙ මට හිරේ ලැගීමටයි.

ජීවිතයේ පළමු වතාවට ස්ථිර පත්වීමක් ලබා මම පිරිමි පාසලක වැඩ භාර ගතිමි. එය මට අළුත්ම අළුත් අත්දැකීමකි. උපන්දා පටන් බාලිකා පාසල් වල ඉගෙන ගත් මා හට බාලක පාසලක වැඩ කරන්නට ලැබුනේ එකම එක වරක් පමණි . ඒ ද සති දෙකකට ය. නමුත් මෙවර ස්ථීර වශයෙන්ම ය. මොන වගේ තත්වයක් උදා වේදැයි නොදැන ඇත්තටම මා පාසලට පා තැබුවේ තරමක බියකිනි.

මට පළමුව යන්නට වුනේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමටයි. පන්තියට යන විට පන්තියේ සිටි 50 දෙනාම එකම ශබ්දයෙන් කතා කරමින් සිටියහ. එකම ශබ්දයකින් කතා කලා නම් ඇති වැරැද්ද කිම දැයි ඔබ මගෙන් අසනු ඇත. නමුත් එය ඔවුන්ටම ආවේණික වූ අපූරු කතා ක්රමයකි. එනම් අල්ලපු පුටුවේ ඉන්නා එකාටද කතා කරන්නෙ කණ පැලෙන්නට හයියෙන්ය. ඊට පුටු දෙකක් එහා එකාට ඊටත් වඩා උස් හඬින් ය. මෙපමණ කලක් මගේ උළු උඩ යන්නට තියෙනවා යැයි සිතාගෙන සිටි කිංකිණි කටහඬ ගැන මගේ තිබූ මෙව්වා එක එක සැනකින් සුණු විසුණු වී ගියේය. ඔවුන් අසල මගේ කටහඬ සිහින් කෙඳිරියක් පමණි.

දින දෙක තුනක් පමණ ගෙදර පැමිණි මම කාමරය තුලටම වී ගත කලෙමි. කණෙන් සැමදාම කූංංංංංංංංංංංංංං ශබ්දයක් පාසල ඉවර වී එන විට ඇසේ. තවමත් එය ඇසේ. කවුරුන් හෝ උස් හඬින් කතා කරන විට දැන් නම් මට හොඳටම තරහ යයි. ගෙදර අයටත් දැන් සිද්ධ වී ඇත්තේ සද්ද අඩු කර ඉන්නටයි.

ඒ නමුත් ක්‍රීඩ උත්සවයට වැඩ කරන්නට ලැබීම මට ලැබුණු අමුතුම අත්දැකීමකි. මුළු ක්‍රීඩා උත්සවයම ඇද්දේ නෙළුම් අක්කාත් මමත් ය. ඒ වුනාට අන්තිමට බොහෝ අය ලකුණු දා ගත්හ. කොච්චරද කියනවා නම් පාසලේ නිවාස ශූරතාවයට සහ අනු ශූරතාවයට දෙන්නට අභියෝගතා පළිහවල් දෙකක් මිලදී ගත්තේ නෙළුම් අක්කාත් මමත් අපේ අතේ සල්ලිවලින් ළමයින් පව් කියාය. නමුත් ඉන් ලකුණු දා ගත්තේ වෙන අයයි. අපි දෙන්නා දත්මිටි කමින් බලා සිටියෙමු. ලකුණු අවශ්‍ය නැති වුණත් එයට කිසිදු අගය කිරීමක්ද නැත. කමක් නැත. අපි අපේ රාජකාරිය ඉටු කලෙමු.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මධ්‍යම පලාත් මහ ඇමති ය. හේ තරමක තද ගති පැවතුම් ඇත්තෙකි. ශ්‍රී ලාංකිකත්වය මැනවින් දත් පුද්ගලයෙකි. ඊගාව ප්රශ්නය ආරම්භ වූයේ එතැනිනි.

ඔබ සමහර විට නොදන්නවා විය හැක. මක් නිසාද යත් ඒ බව මාද දැන ගත්තේ මේ පාසලට ගියාට පසුවය. කවුරුන් හෝ පඬියෙක් විසින් ලංකාවේ ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර ඇත. ඒ ආකාරයෙන් ගත් කල ශ්‍රී ලංකාවට සිංහලෙන් හා දෙමලෙන් ජාතික ගී 2ක් ඇත. අපේ ඉස්කෝලය දෙමළ මාධ්‍ය පාසලක් බැවින් මේ දක්වා කියා ඇත්තේ දෙමළ පෙළ පොත්වල මුද්‍රණය කර ඇති ඒ දෙමළ ජාතික ගීයයි. නමුත් ප්‍රධාන අමුත්තා ලෙස සිංහලයෙක් ගෙන්වාගෙන දෙමළෙන් ජාතික ගීය ගායනා කළොත් වැඩ වරදින බව දැනුනු අපේ ලොක්කා වහාම සිංහල ජාතික ගීය පුරුදු කරන්නට පටන් ගත්තේය. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද්දෙකු වූ හේ උස් හඬින් කෑ ගැසුවේ "අච්චර භාෂා අසූ ගානක් තියෙන ඉන්දියාවෙත් එක ජාතික ගීයයි තියෙන්නෙ. ඇයි බැරි මුන් ට ඕක සිංහලෙන් විතරක් තියන්න" කියාය.

ජාතිය ගීය පුරුදු කරද්දි එතැනට කඩාගෙන ආවේ අනික් ගුරුවරුන් ය. ඔවුන් පුල පුලා පැවසුවේ සම්පූර්ණ ජාතික ගීය ගායනා නොකර බාගයක් පමණක් කීවා නම් ඇති යන්නයි. අන්තිම නැට්ටට තද උන නෙළුම් අක්කා "හා එහෙනම් ටීචලා කැමති විදියට කර ගන්න" කියා කට ඇරගෙන වටපිට බලමින් සිටි මාවද ඇදගෙන එතනින් එළියට ගියාය.

ක්‍රීඩා උත්සවයට දිනකට පෙර අපි දෙන්නා සහ විදුහල්පතිතුමා සිටි තැනට ගුරු මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ගුරුවරියක් ඇඹරෙමින් පැමිණියාය. ඕ ජාතික ගීය බාගයක් පමණක් කියන ලෙස බල කරන ලෙස අනික් ගුරුවරියන්ද උසි ගැන්වූ කෙනාය.

"සර්.... අහවල් ඉස්කෝලෙ ස්පෝට්මීට් එකට මහ ඇමති තුමා ඇවිල්ල ජාතික ගීය බාගෙට නතර කලාම ඉතුරු ටික එයා තනියම කියල තමා නවත්තල තියෙන්නෙ. අපිටත් ඔක්කොම කියන්න ළමයි පුරුදු කරන්න වෙයි"

නෙළුම් අක්කා හිස ඔසවාවත් බැලුවේ නැත. ඕ මටද ගණන් නොගෙන ඉන්නා ලෙස ඒ වන විටත් ඉඟි කර අවසන් ය. ඒ කතාව අසා දෙකොණ පත්තු වූ විලක්කුව වූයේ අපේ ලොක්කාය.

මගේ ලඟ ජාතික ගීයේ අනුවාදනයක් ඇත. එය කැසට් පටියකට ගන්නට හැදුවත් ජාතික ගීයේ බාගය කියන්නට තූර්ය වාදක කණ්ඩායම වාදනය කරන නිසා මම එය කලේ නැත. ලොක්කා වහා මා ඇමතුවේය. "සංජීවනී අර මියුසික් එකත් අරගෙන 11 පන්තියට එන්න"

මම ලස්සන හිනාවක් දමා මගේ පෙන් ඩ්‍රයිව් එක ඔහුට දික් කලෙමි. ඔහුගේ කට බාගයට නොව හොඳටම ඇරුණි. "ඈ... මේක කැසට් එකකට ගත්තෙ නැද්ද?"

දැන් තිත්තයාගේ වාරයයි.

"ඇයි සර් බාගයක් කියන්න බෑන්ඩ් එකෙන් ප්ලේ කරනව කිව්වෙ???? මම ඉතින් මේක ආයි කැසට් එකකට ගන්න මහන්සි වුනේ නෑ"

කස්ටියම කට උත්තර නැතුව බලා සිටියි. පව් ය. කරන්නට දෙයක් නැතිය. ජාතික ගීයට නිසි ගෞරව දක්වන්නට බැරි අයට ජාතික ගීය අමාරුවෙන් කටපාඩම් කරවිය යුතුය. සිංහලෙන් ජාතික ගීය ගයනවාට ඔපමණ වෛර කරන්නේ ඇයි දැයි මම නොදනිමි. සොයන්නටද නොයමි. මක්නිසාද යත් මේ ශ්‍රී ලංකාව බැවිනි.

නමුත් අපේ පාසලේ කොල්ලෝ එතරම් කුහක නැත. උන් ජාතික ගීය අමාරුවෙන් කට පාඩම් කළහ. "ඥාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා" යන කොටස ඔවුන්ට උච්චාරණය කිරීමට ඉතාම අසීරු විය. අවසානයේ නෙළුම් අක්කාත් මමත් ඔවුන් පසෙකින් හිඳ ජාතික ගීය ගායනා කලෙමු. බලාපොරොත්තු වූ පරිදිම බෑන්ඩ් කණ්ඩායම ජාතික ගීයේ බාගයක් වාදනය කර නැවැත්වූහ. එය ගනන් නොගත් ගායක කණ්ඩායමේ සිටි පොඩි පැටවු ටික ඉතිරි කොටස ආරම්භ කළහ. ඒ තරම් ආඩම්බරකාර මොහොතක් තවත් නැත. අන් අය නිහඬව ඉද්දි නෙලුම් අක්කාත් මමත් බෙරිහන් දී ජාතික ගීය ගායනා කලෙමු.

ක්‍රීඩ උත්සවයේදී ළමෝ අපිට වඩා සමීප වූහ. සිංහල දරුවන්ගේද මුස්ලිම් දරුවන්ගේද වෙනසක් නැති බව මට පසක් කලේ ඔවුන් ය. වෙලාවකට හුරතල් වෙන්නට එයි. බනින විට විරිත්තාගෙන හිනා වෙයි. ඒ දකින් අපටද සිනා යයි. පිටිපස්සෙන් ඇවිත් ඔසරි පොටින් අදියි. 1 වසරේ පොඩ්ඩෙක් හැමදාම ඇවිත් මගේ පිටි පස්සෙන් අත අල්ලන්නට හදයි. මම ඔහුට තරවටු කරන විට සිනා සෙමින් පැන දුවයි. ඔහුගේ පන්තියට නොගොස් අල්ලපු පන්තියට යන විට බෙල්ල දමාගෙන දුකින් බලා සිටියි. "මුන්සීෆ් යන්න පන්තියට" මම ඔහුව එලවා ගනිමි. ඒත් ඔහුව එලවන්නට මටත් ලෝබය.

පොඩ්ඩෝ හැමෝම එක වගේය. වයස 16ක් වන තුරුම ඔවුන් ළමයින් ය. ඉන් එහාට ඔවුන්ව බෙදන්නේ පරිසරයයි. කුහක බව ආත්මාර්ථකාමීත්වය උගන්වන්නේ සමාජයයි. නමුත් අපිට ඔවුන් වෙනසක් නැති දරු පැටවුන් ය. මේ මල් හැමදාම මේ විදියටම සිටී නම් කියා සිතෙන වාර අනන්තය. නමුත් එසේ වන්නේ නැත. අප පරයා නැගෙන වෙනත් රැලි ඔවුන්ව අපෙන් දුරස් කරයි. නැවත ලං වන්නට බැරි තරමටම ඔවුන් ව අපේ මායිමෙන් එලියට ගෙන යයි. නමුත් අනන්ත ආදරේ බිඳුවක් හෝ ඔවුන්ගේ මතකයේ රැඳේ යැයි අපි විශ්වාස කරමු. ඒ බිඳුවෙන්බොහෝ දේ සිදු වන බව අපට දැනේ. නිහඬව බලා සිටිනු හැර අන් විකල්පයක් අපට නැත.
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com49tag:blogger.com,1999:blog-5408697253079652533.post-69395338507687914872012-02-25T00:33:00.000+05:302012-02-25T00:33:40.345+05:30පළමු ආදර ආරාධනාව

මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි.

හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්යෙන් පට්ට ටියුබ් ලයිට්. ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට.

ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ. මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල.

අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික. ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කොල්ලො ලියුන් දෙනව ඒවට ප්‍රතිචාර දෙනව කොල්ලන්ගෙ හැඩරුව බලනව එක විකාර ගොඩයි. ඉතින් අර සුදු කොල්ලෙක් අපේ වෑන් එකේ ඩ්‍රයිවර් වෙලා ආවම අපිට අහල පහල අක්කලගෙන් ලැබෙන ප්‍රතිචාර හරී ඉහලයි.

කොහොමත් මම හාවා අයියගෙ ප්‍රසන්න පෙනුමටත් හරි කැමතියි. මොකද මිනිහා ආව දවසට මිනිහගෙ කට තියෙන්නෙ කණේ. අපිත් එක්ක යන අක්කා කෙනෙක් තම දවසක් කිව්වෙ මට හාවා අයියා ඉස්සරහ තියෙන කණ්නාඩියෙන් පස්ස බලනව වැඩියි කා දිහා ද දන්නෙ නෑ බලන්නෙ කියලා. ඉතින් මගුල මට මොකටද ඒවා. අනික මම හෙන ටියුබ් ලයිට් නිසා ඕවා කොහොමත් මීටර් වෙන්නෙ නෑ.

ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා මම වෑන් එකෙන් බහින තැන ඉඳලා දවසක් හාවා අයියා මාව අල්ලගත්තා එයාගෙ පියාට නොපෙනෙන්න. අල්ලගෙන මට කිව්ව අනේ නංගි මට ඔයාව හම්බ වෙන්න ඕනි කියල. නෝන්ඩි හිනාවක් දාපු මම කිව්වෙ ඇයි මේ හම්බ වෙලා නෙවෙයි ද ඉන්නෙ කියල. මිනිහට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති ඒ වෙලාවෙ. ඒ පාර මූ කියනව නෑ නෑ මට ඔයාව තනියම හම්බ වෙන්න ඕනි කියල. ඒ වෙලාවෙ කවුරුත් පාරෙ හිටියෙත් නෑ. මම ආපහු ඇහුවා දැන් මෙතන කවුරුත් නෑ නෙ කියල. මූ කියනව හෙටම හම්බ වෙන්න ඕනිලු. මගෙත් ටිකිරි මොලේ නෙ. මම කිව්ව එහෙනම් මේ වෙලාවට එන්න කියලා.

ඊගාව දවස වෙද්දි කොටින් ම මට අමතක වෙලා තිබ්බෙ මම මෙහෙම මිනිහෙකුට එන්න කිව්ව කියලත්. ස්කූල් වෑන් එකෙන් බැහැලා ගලකට පයින් ගගහ කන්ද නගින්න පටන් ගත්තා විතරයි මෙන්න මේ යකා කොහෙන්දෝ පාත් වුණා.

"නංගි"

"ආ අයියා"

"මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනව නංගි"

"ඉතින් අහන්න" මම දිගටම ගල් වලට පැන පැන පයින් ගසමින් කන්ද අද්දයි.

"මම ඔයාට කැමතියි. "

"ඉතින් මමත් ඔයාට කැමතියි"

"ඈහ් ඇත්තද?"

"ඔව් ඉතින් අන්කල් නැති දවසට ඔයානෙ අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්නෙ"

හාවා අයියාට වස බොන්න හිතුනාට සැක නැත.

"නෑ නෑ.... ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ" දිගටම ගල් වලට පයින් ගසමින්.......

"මම ඔයාට කැමති ඒ විදියට"

"කොයි විදියටද?"

"ඔයා කැමතිද මාත් එක්ක යාළු වෙන්න?"

"ඉතින් හලෝ මම ඔයත් එක්ක තරහ වෙලායෑ ඉන්නෙ මේ කතා කරන්නෙ යාළු වෙලා නෙවෙයි ද?" ගල් වලට තවම පයින් ගසයි.

"නෑ නංගි මම කැමතියි ඔයාට. මගෙ ගෑණු ළමය වෙනවද?

හුටා............!

ඒ වෙලාවෙ මගේ කටට ආ දේ එලෙසම ලියමි.

"අයියා මට වෙන කොල්ලෙක් ඉන්නව. ඔයා එක්ක යාලු වෙන්න බෑ"

එසේ කී මා එප පිම්මට ගෙදරට දිව ආමි. පපුව තවමත් ගැහේ. ගණනය කිරීම් හරි නම් හේ අඩුම තරමේ මට වඩා අවුරුදු 8-9ක් වත් වැඩිමහල් විය යුතුය. අනික ඒ අපේ ස්කූල් වෑන් ඩ්‍රයිවර් ගේ පුතාය. ලව් කරන්න ගියොත් ඉස්කෝලේ ගිහිල්ලාද හමාරය. ඔය මට හිතිච්ච එව්වාය.

කතාව ඉවර නැත. මම අපේ අම්මාට මේ සිද්ධිය කියා තාත්තාට නොකියන ලෙස ශපථ කරවා ගතිමි. දින දෙකක් පමණ කිසිදු හැල හොල්මනක් නැතිව ගියේය.

දිනක් මම පාසැල් හැරී එන විට ටවුමේ කට්ටිය මා දෙස කන්න වාගෙ බලා සිටියහ. විශේෂයෙන් ම ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ ය. දින 2-3ක් ම මේ සිද්ධිය දිගටම සිද්ධ විය. මම යන එන විට සියල්ලෝම මා දෙස කන්න මෙන් බලා සිටිති. ඉවසා බැරිම තැන මේ ගැන අම්මාට කියන්නට මම තීරණය කළෙමි.

"අම්මි ටවුමෙ මිනිස්සු හරි අමුතු විදියට මගෙ දිහ බලනවනෙ. හාවා අයියා මොකුත් කියලද දන්නෙ නෑ"

එවිට අපේ අම්මා අමුතු හිනාවක් දැම්මාය.

"තාත්ති හාවා අයියට කණට ගහල!!!!!!!"

"හෑ"

"හ්ම්ම්ම් මම එයාට කිව්වා. දවල් ගිහිල්ලා කුමාර අයියගෙ කඩෙන් බඩු ගන්න එතන හාවයියා ඉඳලා තාත්ති එක පාරම ගහලා"

"ඉතින්?"

"හොඳ වෙලාවට කුමාරයියයි රාජයියයි පැනලා තත්තිව අයින් කරලා."

දැන් සනීපය. ටවුමේ උන් මාව කන්න වගේ බලාගෙන ඉන්නෙ මේ නිසාය. එදයින් පස්සෙ මමද පාඩමක් ඉගෙන ගතිමි. ඒ නම් ආයෙ අපේ අම්මාට රහස් නොකීමයි. සෑහෙන කලක් යන තුරු මම අපේ අම්මට ඉන්පසු රහස් කීවේ නැත. නමුත් එදා ඒ ඇති වූ දුරස් බව නම් තවම අපි අතර තිබේ. ඒ මදිවාට හාවා අයියා.....!!!! නැවත කිසිම කිසිදාක මගේ මූණ නම් හේ බැලුවේ නැත. අදටත් හේ මම යන පාරකින්වත් නොයෑමට වග බලා ගනියි. ඒ මා දකින් වාරයක් පාසා කණේ පහර සිහි වන නිසා විය හැක!
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com64tag:blogger.com,1999:blog-5408697253079652533.post-5281258035385377952011-12-15T13:41:00.000+05:302011-12-15T13:41:44.149+05:30ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්

පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය.

"අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි."

ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ.

එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි. ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය.

මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ උතුමා සරුත් එරංග සරුත් සංජු ටීචත් බවයි. සංජු ටීචට ගමේ වසන්නට නොදෙන බව අපේ බෝඩිමටම පැමිණ සත්තම දමා ගියේ මම ඇතුලේ සිටි බව නොදැනය. මම කට වසාගෙන සිටියේ කොකා ට වාරය දී තිත්තයාගේ වාරය එන තුරුය.

බෝඩිමේ අක්කා ලියුම සඟවාගෙන සිටියේ හැට්ටය අස්සේය. ලියුම කියවූ සැනින් මට ශාන් පසුගිය මෝඩකම් අමතක කර ඇති බව පසක් වූ මුත් කෙල්ල තවමත් ඒ පස්සේ යන බව වැටහිණි. එතනින් එහාට පාසලේ සිද්ධ වූ දේවල් මහා කුණු කන්දරාවක් බැවින් මම ඒ ගැන ලියන්නට අදහස් නොකරමි. නමුත් මට ප්රශ්නය වූයේ මේ ලියුම මෙච්චර ලේසියෙන් අහු තිලිණ දුන්නේ කෙසේද කියාය. පසුව මම ඒ ගැන විපරම් කළෙමි.

තිලිණ යනු ශාන් ගේ මස්සිනා වන අතර අපේ ඉස්කෝලයේම 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ප්‍රසාදී ලියුම දී ඇත්තේ තිලිණට ශාන්ට දෙන්නට හගිස්සවාගෙනය. නමුත් එදා ගෙදර එන්නට ප්‍රමාද වූ තිලිණ ට දෙකක් කියූ තිලිණ ගේ පියා වන ප්‍රියන්ත අයියා "මෙහෙ දෙනවා බලන්න තමුසෙගෙ පොත් මල්ල" යැයි පවසා එයට සුට්ටන් සර්ච් එකක දී ඇත. ඒ සෙවිල්ලේදි පොතක් ඇතුලේ තිබී ලියුම ප්‍රියන්ත අයියාට හසු වී ඇත. තිලිණට තිලිණ මහ ගොඩක් එදා ප්‍රියන්ත අයියාගෙන් ලැබුණු බව අක්කා අපට කීවාය.

ප්‍රසාදී තිලිණට දී ඇත්තෙ ලිපිය පමණක් නොවේ.

"නංගි දන්නවැයි... අර කෙල්ල අපේ තිලී ට ලියුම දෙන්න අල්ලසකුත් දීල රුපියල් 5 ක්"

"නෑ........................... එහෙමද?"

"නැත්තං..... අපේ තිලියත් හොඳ බඩුව මෙච්චර දවසක් ලියුම් ඇදලා සල්ලි වලට"

"අම්මපා.....!! ප්රියන්තයියද සීන් එක හොයාගෙන තියෙන්න?"

"එහෙනම්..... හැබැයි තිළිය නම් කියන්නෙ කලින් ලියුම් ගෙනාවෙ නෑ කියලා. ඒත් අපි කටින් අල්ල ගත්තා"

"හෑ ...... ඒ කොහොමද?"

"ඔන්න නංගී.... මමයි අපේ නංගියි පස්සෙ දවසක තිළියා සෙල්ලම් කරද්දි පැත්තකින් කතාවට අල්ල ගත්තා. අපේ නංගි ඇහුවා, 'තිලී ලියුමක් අදින්න රුපියල් 5ක් මදි නේද? අපරාදෙ ඔහෙට තව වැඩිපුර ගානක් කියන්න තිබ්බෙ' කියලා. මූට එක පාරම කියවුණා නංගි 'ගියපාර ලියුමට නම් රුපියල් 30ක් දුන්න' කියලා"

තිළියා නම් ගොන් බඳින ගහකි.

"හික් හික් හික්..... තිළිණට ආයෙ හම්බ වුණාද?"

"නෑ නෑ අපි ඒක ප්‍රියන්තට කීවෙ නෑ"

"එල"

මේ අතරතුරේ බත් කමින් සිටි අපේ අයි.ටී. නංගීගෙ බත්පත ඉස්මොල්ලේ ගියේය. යන්තම් පිටට ගසා වතුර දී ඇයට කතා කර ගන්නට හැකි වූ විට ඈ හිනාවට හේතුව පැවසුවාය.

"තිලිණ හරි අක්කා. ශ්‍රී ලංකා තැපෑල වගේ තමා"

"හෑ.... ඒ කිව්වෙ???"

"දැන් බලන්න අක්කා... ප්‍රසාදි මේ ලියුමට දීල තියෙන්නෙ රුපියල් 5යි. ඒ කියන්නෙ සාමාන්‍ය මුද්දර ගාස්තුව විතරයි. ඒ වගේ ලියුම් වලට තැපෑල වග කියන්නෙ නෑ නෙ. හැබැයි ඒකි කලින් ලියුමට රුපියල් 30ක් දීල. 30ක් කියන්නෙ රෙජිස්ටර් පෝස්ට් නෙ අක්කා. ඒකට වගකීම තැපෑල දරනවා. ඒවා මගදි නැති වෙන්නෙ නෑ. "

"ඒ කියන්නෙ මෙතන වෙලා තියෙන්නෙ තැපෑලෙ ප්‍රශ්නයක්.....!!!!"

"අනිවා..... ප්‍රසාදි ඕක වෙනදා වගේ 30ක් දීල එව්වනම් ශාන් ට හම්බ වෙනවා. 5ක් දුන්න නිසා වගකීමක් නෑ ලබන්නාට හම්බ වුනේ නෑ ලියුම මගදි ලොස්ට් "

අනේ ඉතින් දැන් ලව් ලෙටර් එකක් යවන්නත් එතකොට පාවිච්චි කරන්න වෙන්නෙ ලියාපදිංචි තැපෑලය. ඒ මදිවාට අපේ තිළීට දැන් අළුත් නමකුත් ඇත. ඒ "කූරියර්" ය. සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com20tag:blogger.com,1999:blog-5408697253079652533.post-82371551346665363382011-12-13T13:58:00.001+05:302011-12-13T14:03:05.985+05:30ආපහු අඬන්නට සිද්ධ වුණි.

මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත.

මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය.

සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉස්කෝලයේ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වන්නේ අපේ එරංග මල්ලී ය. පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන්නේ ඔබ අප කවුරුත් දන්නා අර සංජු ටීච නැමති එක්කෙනාය. හලේ විනය බාර ගුරුකම එපා වූ සංජු ටීච දැන් නියෝජ්‍ය විදුහල්පති වෙන්නේ කෙසේද? ලොක්කා නැති දවසට ඉස්කෝලේ රන් කරන්න වෙන්නේ ඇයටය. වෙනදා මෙන් එක එක වාත කඩාපාත් වූ විට හැංගී බේරීමටද බැරිය. අනික් අතට ඈ දන්නා පරිපාලනයක් ද නැත. අතේ සල්ලි වලින් ටිං කිරි ගා ගැනීමේ සීන් එකක් මට නිකමට මැවී පෙනේ. අනික මෙච්චර කලක් බඩගාමින් ඇවිද්ද ඉස්කෝලය හෙට අනිද්දාම වැසී යන්නටද ඉඩ තිබේ. ඉස්කෝලයට දෙයියන්ගේම පිහිටය.

ඒ මල කරදරයෙන් පසුව පැමිනියේ 11 ශ්‍රේණියේ මෙවර සාමාන්‍යපෙළ ලියන කණ්ඩායමට සුභ පැතීමේ අවස්ථාවයි. මෙවර 11 පන්තිය මාරම පන්තියකි. අපි සියළු දෙනාම වැඩ පෙන්නන්නට සිටියේ මුන්ට ඉගැන්වීමෙනි. නමුත් අපේ බලාපොරොත්තු සුනු විසුනු කර දමමින් දෙවැනි වාරයේ සිට කොල්ලෝ ඉගෙන නොගැනීමේ ක්‍රමයක් ආරම්භ කලහ. කෙල්ලෝ ටික නම් සුපුරුදු පරිදි පන්තියේ එකේ සිට දොළහ දක්වා ස්ථාන වෙන් කරගෙන සිටියහ.

මුළු ඉස්කෝලයේම ගුරුවරු 11 වසරේ කොල්ලන්ට පන්නමින් ඉගැන්වූහ. වෙලාවකට මුළු ශාලාවම උඩ යන පරිදි බණ දේශනා ඇසේ. තවත් වෙලාවකට ඩෙස්පුටු පෙරලාගෙන් කොල්ලන් දෙතුන් දෙනෙක් එලියට දුවගෙන එන අතර පන්තියේ සිටි ගුරුවරයා පිටුපසින් දිවයනු පෙනේ. නමුත් මගදී ජිත් සර් ට අසු වුවහොත් ඉතින් කොල්ලන්ගේ අවසානය එතන ය. එවිට උන් ආපසු හැරී පන්තියට දුවන්නේ ජිත් ගෙන් ගුටි කනවාට වඩා පන්තියේ ඉන්නා ගුරුවරයාගෙන් ගුටි කන එක සැප බැවිනි. ජිත් ට අහු වුවහොත් තරු පමණක් නොව ග්‍රහලෝක වල්ගාතරු උල්කාපාත පමණක් නොව චක්‍රාවාට ද පෙනෙන්නට හම්බ වේ.

එහෙම කරලාවත් උන් ටික හරි මගට ගැනීමට අපට ඉතා අසීරු විය. අවසානයේ සියළු දෙනා කලේ දෙමාපිය රැස්වීමකදී හොඳවායින් දෙකක් අමතා වැඩ කරන්නේ නැත්නම් විභාගයට ගොස් ආශ්චර්යක් කරන්නට සිතාගෙන ඉන්නා කොඨ්ඨාශයක් ලෙස සලකා මින් ඉදිරියට කටයුත් කරන බවයි. ඉන් පසු ඔවුන් හැදෙන්නට ඇති බව ඔබ විශ්වාස කරනු ඇත. ඒකට කියන්නට ඇත්තේ මොන පිස්සුද කියා පමණි.

ඒ නමුත් මේ පන්තියේ කට්ටිය වෙන වැඩ වලදී නම් බොක්කෙන්ම වැඩට බහියි. ඉස්කෝලයේ ශිෂ්‍ය නායකයින් 28 දෙනාගෙන් 12 දෙනෙක් ම ඉන්නේ මේ පන්තියේ ය. නිවාස නායකයින් 3 දෙනාද ක්‍රීඩා නායකයා හා නායිකාවද ඉන්නේ මේ පන්තියේය. නිවාස නායිකාවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු සිටින්නේද මේ පන්තියේ ය. (මගේ නිවාසයේ නායිකාව දෙනෝදාහක් හා ඉස්කෝලේ සියළුම ගුරුවරුද පාරේ සිට බලා සිටියදී ඇගේ ආදරවන්තයා සමඟ බයිසිකලයේ නැඟී ගියාය. තවම ඉස්කෝලේ ආවේ නැත.) ඒ නිසා මුන් කොච්චර නසරානි වුණත් අපි ආදරේය.

ඉතින් මුන් ටික යන්න යන දවසට අපිට මල ගෙදර වගේ ය. කට්ටියම පුස්තකාලයට රැස්වූ පසු උතුමා සර් කතාව ආරම්භ කර පන්තියට ඉගැන්වූ ගුරුවරුන්ට කතා කරන්නට අවස්ථාව දෙමින් ධම්මිකා ටීචට කතා කරන්නට කීවේය. ධම්මිකාට නැගිට කියා ගත හැකි වූයේ "වසර එකොළහක් ...." කියා පමණි. ඕ හඬමින් ඉඳ ගත්තාය. දැන් ඉතින් අහල පහල එවුන් අඬන විට ටැප් එක ඇරෙන මට තද විය. මගේ කතාව වෙලාවේදි කඳුලු හංගා ගන්නට සෑහෙන වැරවෑයමක් දරා බලෙන් හිනා වී ධම්මිකාටත් බැන මම මෝඩයෙක් සේ කතාව අවසන් කර වාඩි වුණෙමි. බලෙන් හිනා වෙන්නට ගොස් මම මෝඩයා විය. ඒ වුණාට මම හිතන්නේ මම කරපු අරගලය අනික් අයට තේරෙන්නට ඇති කියා ය. කෙල්ලෝ ඔක්කොම ඔලුව පහත් කරගෙන මලගේ මෙන් හඬයි. කොල්ලෝ වැරවෑයමෙන් කඳුලු නවතාගෙන සිටියහ.

ඉන්පසුව ත්‍යාග 3ක් සූදානම් කර තිබුනේ ඉගෙනීම හා අනෙකුත් සියළුම කටයුතුවලදී ඉහල දක්ශතා පෙන්වූ 3 දෙනෙකුටයි. පළවෙනි ත්‍යාගය පිරිනැමුනේ ධනංජය ටයි. ධනංජයට තෑග්ග දුන්නේ වතී ටීච ය.

ඊගාව තෑග්ග ඉස්කෝලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සංජු ටය. සංජුට තෑග්ග දෙන්නට කතා කලේ සංජු ටිචටය. සංජුවා යනු ඉස්කෝලයට ආ දවසේ සිට මම ඉතා ආදරේ කල කොලුවෙකි. මගේ නම ශෙයා කිරීමට අමතරව හේ ඉංග්‍රීසි භාෂාවටද සමත්කම් දැක්වීය. ඒ හැර සංජු මගේ නැට්ටය. මම යන යන තැන මගේ පස්සේ එයි. මම වචනයක් කිව්වොත් ඒකේ අනික් පැත්ත සිතාගෙන මගේ දිහා බලාගෙන සිනාසෙයි. ඉතින් එවිට මම හොඳවායින් දෙකක් කියා සංජුව පන්නා ගනිමි. ඒත් ටිකකින් ආපහු එයි. මා සමඟ විහිලු කරන්නට සංජුට තැනක් වෙලාවක් නැත. මමද බයිට් එකට අල්ලා ගන්නේ සංජු ය. ඉතින් සංජු මට සිසුවෙක් මෙන්ම ආදරණීය පුතෙකි. සංජු ගෙ ලව් වලට කොක්ක දාන්නේද මමය. සංජු යාලු වෙන්නට අහන කෙල්ලො අනික් අතට සංජු ලියුමක් දුන්නා යාලු වෙන්න ඇහුවා කියන්නේද මටය. ඒවා සංජුගෙන් හගිස්සවන්නේද මම ය. ඒවාට සංජුලා දෙන්නාම කරන්නෙ කෙල්ල යනකල් බලාගෙන ඉඳ එකට සිනාසීම ය. මම සංජුට බනින්නේ "මොනාද බං මේ චාටර් කෑලි වලට ලියුම් දෙන්නේ???" කියලාය. සංජු ඒවාට කරන්නෙ සිනාසීමය.

එහෙව් මම සංජු දිහා නොබලා සිටීමට වග බලාගෙන සිටි මටම සංජුට තෑගි දෙන්නට උතුමා සර් කතා කලේය. මම නැගිට ගියෙමි. මට දණ ගසා වැන්ද සංජුගේ හිසත් මුහුණත් අතගෑ මම ආපසු පැමිණ වාඩි වීමි. ඒත් තත්පර කිහිපයකි. මට මහ හයියෙන් ඉකි ගසා ඇඬුනි. ඇඬන්නේ නැති බව පෙන්නා වීරයා වෙන්නට ගිය මගේ වීරයා මැරුනේය. මා හඬන්නට පටන් ගත් විට මෙපමන වේලා හිර කරගෙන සිටි කොල්ලන්ද හඬන්නට පටන් ගත්හ. සංජු ඩෙස් එකකට හිස ගසාගෙන ඉකි ගසයි. මගේ එහා පැත්තේ හිටි අපේ අනික් ඉන්ගිරිස් නංගී වන ගයියා මා ඇමතුවාය. "අක්කා අඬන එක නවත්තපන්, උඹ අඬනකොට මුන් ගෙ ඇඬිල්ල වැඩි වෙනවා". අන්තිමේදී ඉකි ගසා ගසා ඇඬිල්ල නවතා ගැනීමට මට හැකි විය. පන්තියේ සියළු දෙනා වඳින්නට එන විට මට කාගෙන සිටින්නට හැකි වුණේ කලින් ඇඬු නිසාය. නැත්නම් ආපහු ටැප් එක ඇරීම මට සුළු කාරණාවකි.

අනික් රස්සාවල්ද මෙසේ අඬන්නට වෙන රස්සාද කියා මට වෙලාවකට සිතේ. වෙන රස්සා මොළෙන් කලත් හදවතින් කරන රස්සාවල් කරන්නට අමාරු ය. ඒ අවසානයේ ආදරයේදී මෙන්ම වෙන්වීම දුකක් නිසාය. අපි හඬන විට එරංග ගේ කතාව වාක්‍ය 2කට සීමා විය.

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තව අවුරුදු 10කින් ඕගොල්ලො එලවගෙන යන කාර් එකේ අපිවත් දාගෙන යන්න"

ඒ සමස්ත ගුරු ප්‍රජාවේම එකම හෘදයාංගම පැතුමයි.
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com25tag:blogger.com,1999:blog-5408697253079652533.post-77067758618869717752011-10-11T13:21:00.000+05:302011-10-11T13:21:13.445+05:30යක්කුන්ගේ දෙමාපියෝ

මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.

මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්රඩ් සර් කියන්නෙ කතා සාගරයක්.

ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ. ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ.

දැන් ඔක්කොම කට්ටිය රැස්වීමට සූදානම් ලු. අපේ ලොකු සරුත් ආවලු. ඇවිල්ලා ආපු සියළුම දෙනා දිහා කන්නාඩියට උඩින් විනාඩියක් විතර බැලුවලූ. බලලා එහෙම උගුරේ රැල් බුරුල් ඇරලා කතාව ආරම්භ කරන්න අවසර ගත්තලු.

"මගේ හදිස්සි දැනුම් දීම පිට මේ හදිසි රැස්වීමට පැමිණි යක්කුන්ගේ මව්වරුත් යක්කුන්ගේ පියවරුත් යක්කුන්ගේ භාරකරුවනුත් අනෙකුත් යක්කුත් මේ අවස්ථාවට සාදරයෙන් පිලි ගන්නවා......"

දැන් ඉතින් හරි. විදුහල්පතිතුමා අම්මල තාත්තලට යක්කුන්ගේ දෙමාපියෝ කියලා ඇමතුවා. පළාතෙ හැටියට ඉනේ ගහගෙන ඉන්න කඩු කිණිසි මාළු කපන පිහි ටික එහෙම එලියට එන්න එන්න වගේ හදනවලු. ඒත් අපේ විදුහල්පතිතුමා සැලුණේ නෑලු. එතනින් එහාට කතාව නවත්තලා පල් හිනාවක් එහෙම මූණෙ දාගෙන ලොකු සර් බලාගෙන ඉන්නවලු. ඉවසලා ඉවසලා බැරිම තැන "අම්මා බුදු වේවා!" කියලා පපුවෙ පච්ච කොටා ගත්ත තාත්තා කෙනෙක් නැගිට්ටලු.

"සෑර්... මොකක්ද සෑර් ඒ දාපු පල් ටෝක් එක? අපේ ළමයි යක්කු ද? අපි යක්කුද?"

ඉතින් ඔන්න සර් එතනින් එහාට කතාව කිව්වෙ මේ විදියට.

මේ දෙමාපිය රැස්වීම කැඳවන්න ප්‍රධානම හේතුව වෙලා තිබ්බෙ මේ ඉස්කෝලෙ ළමයි පාවිච්චි කරන එක වචනයක්. ඒ වචනෙ තම "යකෝ". මේක එකේ පන්තියේ ඉඳලා 13 පන්තිය දක්වා ළමයි එක ලෙසට ලෙසටම පාවිච්චි කරනවලු. ලඟ ඉන්න එකාට කතා කරන්නෙ නමින් නෙවෙයි යකෝ කියලලු. ඉතින් මේ වගේ තත්තවයක් ඉස්කෝලෙක විනය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ලොකු සර් හොයලා බැලුවලු මොකද මෙහෙම වෙන්න හේතුව කියලා.

හරි හේතුව ගමේ රවුමක් ඇවිද්ද ගමන් සර් ට මීටර් උනාලු. මෙන්න මේකයි වෙලා තියෙන්නෙ.

තාත්තා අම්මට කතා කරනවලු....... "යකෝ ලමයින්ගේ අම්මා" "යකෝ ගෑණියෙ"

අම්මා තාත්තට කතා කරනවලු "යකෝ ළමයින්ගෙ තාත්තේ" නැත්නම් "යකෝ මේ ඇහුණද?"

එතකොට ගෙදර ඉන්න අනික් අය....... "ආ යකෝ මාමෙ" "යකෝ නැන්දෙ" "යකෝ අයියා උඹ දැකපු කල්"

අන්තිමට වෙන්නෙ ගෙදර ඉන්න පොඩි එකා ඉස්කෝලෙ ඇවිත් තමන්ගෙ හුරු පුරුදු වචනෙ ඉස්කෝලෙදි පාවිච්චි කරන එක. ඉතින් මේක කරදරයක් වෙන්නෙ ඉස්කෝලෙ විදුහල්පති තුමාට. මොකද ඉස්කෝලයක් කියන්නෙ නිතරම පිට මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් අධ්‍යාපන කලාප වලින් කාර්යාල වලින් එහෙම කට්ටිය ආවාම අර වාග් මාලාව ඇහුනට පස්සෙ ඉතින් ඉස්කෝලෙ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලේ සායම කාණුවේ ගලාගෙන යනවා.

මේක ඇහුනම දෙමාපියන්ට කට උත්තර නැති වුනාලු. ඉතින් කතාව තනිකරම ඇත්තනෙ. ආයෙ හෝදන්න දෙයක් නෑ කියන්න දේකුත් නෑ. ඉතින් අපේ විදුහල්පති තුමා දෙමාපියන්ට උපදෙස් දුන්නලු සම්මා වාචා වේ ප්‍රයෝජන ගැන. එදා ඉඳලා වැඩේ ටිකක් පාලනය කර ගන්න පුළුවන් වුනාලු. හැබැයි ඉතින් පුරුද්ද අරින්න බෑ නෙ. හිටපු ගමන් ඇහෙනවලු "යකෝ".
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com29tag:blogger.com,1999:blog-5408697253079652533.post-16970069006725781392011-09-27T22:10:00.000+05:302011-09-27T22:10:21.176+05:30ඔබ එන තුරු.............

මගෙ සුදූ.........

නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා.

මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා.

යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා. ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝම්බ ගැන ඔයා කියන කතා මම ඇත්තටම අහගෙන හිටියෙ අමාරුවකින් නම් නෙවෙයි. ඒ කාලෙ මම ආසම කලේ තොර තෝංචියක් නැතුව පොඩි දරුවෙක් වගේ කියවන ඔයාගෙ කතා අහගෙන තරු දෙකක් වගේ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔයා කියවනවා මම අහගෙන ඉන්නවා.

යුද්ධෙ ඉවර වුනත් ඔයාගෙ රස්සාව තාම ඉවර නෑ කියලා මම දන්නවා. අනික් හැම කෙනාම හවසට ගෙදර එන තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ කැප කරද්දි මම කරන්නෙ තියෙන දෙයක් කාල ගුලි වෙලා නිදා ගන්න එක. ඔයා නැතුව මට මොන කෑමද රත්තරන්? ඔයා එන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්න එක තමා මගෙ වැඩේ. ඔයා දන්නවනෙ පණ ..... ඔයා ආව දවසට අපේ ගෙදර රජ මාලිගාවක් වගේ නේද? කන්න බොන්න ඔයා ආස දේවල් හද හද දෙන එක තමා මගෙ එකම වැඩේ. ඇත්තටම ඔයා ගිහාම අපේ ගෙදර අම්බලමක් වගේ. ඔයා ඒක දන්නෙ නෑ නෙ. ඔයාගෙ සුවද තියෙන ඇදුම් ඉඹින්න, ඔයාගෙ සුවඳ තියෙන ඇදේ නිදාගෙන කල්පනා කරන එක ඇරෙන්න වෙන සිහියක් නම් නෑ මට. දන්නවද සුදූ සමහර වෙලාවට ඔයාගෙ සුවඳ නැතිවෙලා යනවා. එතකොට මම ගේ පුරාම තියෙන ඔයාගෙ ඇඳුම් ඉඹ ඉඹ ඔයාගෙ සුවඳ හොයනවා. ඇත්තටම කවුරු හරි දැක්ක නම් හිතයි මට පිස්සු කියලත්.

අනේ සුදූ සමහර වෙලාවට මට හරිම ආස හිතෙනවා ඔයාගෙ කටහඬවත් අහන්න ඇත්නම් කියලා. මම හිටපු ගමන් ඔයාට කෝල් එකක් අරගෙන පිස්සු ප්‍රශ්නයක් අහන්නෙ අන්න ඒ වගේ වෙලාවට තමා. ඔයාට කේන්තිත් යනවා ඇති මම එහෙම කරනකොට අනේ ඉතින් මම දන්නෙ නෑ නෙ ඔයා මොන රාජකාරි මැද්දෙද ඉන්නෙ කියලා. ඒ වුනාට අද වෙනකල් ඔයා මට එක පාරක්වත් හිත රිදෙන දෙයක් කියල නෑ ඒ වගේ වෙලාවල් වලට. ඉවසීමෙන් උත්තර දීලා මාවත් සනසලා කතා කරනවා. ඒ අතින් ඔයාට පුදුම ඉවසීමක් තියෙනවා. සමහර වෙලාවට මටත් නැති තරම්. ඒ අතින් ඔයා මාව මොන තරම් තේරුම් අරගෙන තියෙනවද? කවදාවත් ඔයා මාව මානසිකව වට්ටලා නෑ. පුළුවන් තරම් මාව මානසිකව සතුටින් තියන්නයි ඔයා උත්සහ කලේ. ඇත්තමයි රත්තරන් ඔයා නොහිටින්න මම කවදාවත් මේ තරම් ප්‍රීතියෙන් ජීවත් වෙන එකක් නෑ.

එක පාරක් ඔයා නිවාඩු ඇවිත් මට දීල ගියා ඔයාව මතක් වෙන්න තෑග්ගක්. එදායින් පස්සෙ එන්න පුළුවන් හැම වෙලාවෙම ඔයා ගෙදර ඇවිත් විනාඩි පහකට හරි මාව බලලා යන්න පුරුදු වුණා. මාව විතරක් ද...? ඔයාගෙ ආදරෙන් පිරුණු මගේ කුසටත් ආදරේ කරලයි ඔයා යන්නෙ. එයා එන්න කිට්ටු වෙනකොට ඔයා ගෙදරට අඩිය තියද්දිම මටත් කලින් මගේ කුසේ ඉන්න එයාට දැනෙනවා. ඔයා කතා කරනකොට ගහන පයින් පාරවල්..... අනේ තාත්තෙ මට ඉක්මනට එන්න ඕනි ඔයා ගාවට කියනව වගේ.

අදටත් ඔයාගෙ සුවඳ විඳින්නෙ මම එයාගෙන්. ඔයාගෙ සුවඳමයි රත්තරන් අපේ පුංචි පැටියගෙ හැමතැනම. පැටියා ලැබුණට පස්සෙ ඔයා මට සලකපු තරම්. මේ ලෝකෙ වාසනාවන්තම ගෑණි මමයි කියලා මම මොන තරම් සතුටින් ද හිටියෙ? අදටත් ඒ සතුට එහෙම්මමයි. මතක් කර කර විදින්න තරම් සතුටක්. අපේ පැටියා ආවට පස්සෙ ඇවිද ගන්නවත් බැරුව හිටිය මාව උස්සගෙන ටොයිලට් එකට එක්කරගෙන ගියෙත් ඔයා. වේදනාවට ඇස් වලින් කඳුළු වැටෙද්දිත් මාව උස්සගෙන මාව සෝදවලා ආපහු උස්සගෙනම ගෙනල්ලා ඇඳ උඩින් තියද්දි මගෙ පපුව පිච්චෙන තරම්... එහෙම කරපු එක දවසක මම ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳ වැටුනෙ මට වෙන ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තිබුනෙ නැති නිසා.

අදත් මම මේ පැටියව තුරුල් කරගෙන බලාගෙන ඉන්නෙ ඔයා එනකල්. ඔයාව පොටෝ වලින් අඳුනන්න තාම එයාට බෑ. ඒත් ඔයාගෙ කටහඬ එයා අඳුනනවා. ඔයා ෆෝන් එකෙන් කතා කරනකොට එයා වැඩ ඔක්කොම නවත්තලා අහගෙන ඉන්නවා. ටිකකින් ඔයා එක්ක කෑ ගහන්න පටන් ගන්නවා. වෙනදාට අමාරුවෙන් අම්ම්ම්ම් අම්ම්ම්මා කියන එක වෙනස් වෙලා ඔයා කතා කලා ම පැය ගානක් යනකල් එයා කෑ ගහන්නෙ තාතාතාතාතාතා කියලා. එයා අම්මා කියනවට වඩා තාත්තා කියනව අහන්න මම ආසයි. ඇයි දන්නවද ? එයාට ඉන්නෙ මේ ලෝකෙ හොඳම තාත්තා නිසා.

රත්තරන් ඉක්මනට එන්න. ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා. ඒ ඇරෙන්න වෙන ඉල්ලන්න දෙයක් මට නෑ. මොකද මම හමුදා නිලධාරියෙකුගෙ බිරිඳක් නිසා. ඔයාගෙ හැම විනාඩියක්ම තේරුම් ගත්ත ඔයාගෙ බිරිඳ නිසා. ඒත් ඔයා නැතුව පාළුයි. ඒ නිසා ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා.

ඔයාගෙ ආදර බිරිඳ

ප.ලි. හිතුනා ලිව්වා. මේක මට ඇප්ලයි කරන්න එපා. නමුත් මේ වගේ මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා කියන එක විතරක් මම සියයට සියයක් දන්නවා. එහෙම සැමියෙක් ලබන්න තරම් වාසනාවන්ත ගැහැණුත් මේ ලෝකෙ ඉන්නවා.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com26tag:blogger.com,1999:blog-5408697253079652533.post-22917922022214421292011-09-05T01:58:00.002+05:302011-09-05T11:25:42.663+05:30චීන කතා 2 - කඩේ යාම

මේක අර අපේ අයියා කිව්ව් දෙවනි කතාව. අපේ රටේ නසරානි අයියලා සෙට් එකක් චීනෙට ගොඩ බැහැලා කරපු හරියේ පළවෙනි කොටස කියෙව්වෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම මේක කියවන්න එන්න.

ඔන්න ඉතින් අයියලා ටික චීනෙ ගියා කියන්නෙ ඉතින් දන්නවනෙ.... අයියලනෙ නෝනලා සහ වෙන්ට නෝනලා බලාගෙන ඉන්නෙ ඉතින් තමන්ගෙ සුවාමිපුරුසයට, වෙන්ට බෝයි ට තමන් ව මතක් වෙලා මොනාද ගේන්නෙ කියලනේ. ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නැති ගානට බිබී හිටපු අපේ සැට් එකට එක පාරටම මතක් වුණාලු මේ සීන් එක. නිකන් අත හොල්ල හොල්ලා ගිහින් පැටියෝ මම ආවා කියනවට වඩා ඉතින් මොනවා හරි ගෙනියන එකනෙ හොඳ.

ඉතින් මේ යුතුකම් දන්න හො....................ඳ අයියලා ටික ඊගාව දවසෙ පාරට බැස්සලු තමන්ගෙ ආදරණීය බිරින්ඳෑවරු රැවටීමේ ව්‍යාපාරයට. ඉතින් මග දිගට බල බල යනකොට කට්ටියටම පේනවලු ලස්සන හෑන්ඩ් බෑග් තියෙන කඩයක්. එක කඩයක් නෙවෙයි අනේ කඩ පේලියක් ම. කාන්තා පාර්ශවේට ඉතින් හෑන්ඩ් බෑග් කීයක් තිබ්බත් මදි බව අත්දැකීමෙන්ම දන්න අයියලා ටික ස් රූස්.... ගාල මේ කඩයකට රිංගුවලු.

හරි දැන් ඔන්න කට්ටිය හෝ ගාලා බෑග් තෝරනවලු. තම තමන්ගෙ බාරි ගෙ සාරි ගැන දන්නෙ අහවල් අයියම නිසා ඉතින් එක එක්කෙනා වෙන වෙනම තමන්ට අවශ්‍ය ඒවා තෝරනවලු. කඩේ අයිතිකාර චීනා දුංමැස්සෙන් පවා ඇද ඇද බෑග් පෙන්නනවලු. ඒ අස්සෙ අපේ එක අයියා කෙනෙකුට ඕනි වුණාලු මේ බෑග් වල මිල දැන ගන්න. ඉතින් අර කඩේ අයිතිකාර චීනට තට්ටුවක් දැම්ම අපේ අයියා මෙහෙම ඇහුවලු.

"හව් මච් ඊස් දිස් බෑග්?"

ඇස් දෙක දොඹ ගානට ලොකු කරලු චීනා අත් දෙකෙන්ම පෙන්නුවලු ගාන.

"තවුසන්ඩ් යූ ආන්"

මේක ඇහුනා විතරයි ගාණ අහපු අයියා විතරක් නෙවෙයි අනික් අයියලත් එතෙන්ට රොක් වුණේ තම තමන් තෝරා ගත්ත බෑග් එක්කලු. කට්ටියගෙම ඇස් දැන් චීනට වඩා ලොකු වෙලාලු. කටවලුත් ඇරිලලු.

"හව් හව්?"

"තවුසන්ඩ් තවුසන්ඩ්"

අපේ කට්ටිය දැන් තවුසන්ඩ් කියන එක මේ ලෝකෙ ජීවිතේට අහල නැති ගානට චීනගෙ මූණ දිහා බලාගෙන ඉන්නවලු. චීනා දන්න චීන අඩි දාලා තවුසන්ඩ් පෙන්නන්න හැදුවත් අපේ කට්ටිය ට තේරෙන්නෙම නෑලු. ඔන්න මෙහෙම අමාරුවෙ වැටිලා ඉන්න චීනාට එකපාරම ගණ දෙවි නුවණ පහල වුණාලු. මිනිහා පැන්න ගමන් කඩේ තිබ්බ කැල්කියුලේටරේ අරගෙන 1000 ගහලා පෙන්නුවලු.

චීනාගෙ මොලේට ගණ දෙවියෝ වැඩියේ ඒ වෙලාවෙ වුණාට චීන නොදන්න දේ තමා අපේ අයියලාගේ මොලේ තමා ගණ දෙයියන්නෙ ස්ථිර වාසභවන කියලා. අපේ කට්ටියත් අතෑරියේ නෑ. ගත්තා චීනා අතින් කැල්කියුලේටරේ.

"වී බයි 5" කියලා අපේ එවුන් ටික කැල්කියුලේටරේ 5 ගහලා දුන්නලු.

ඉතින් චීනා මොකද කලේ! 1000 X 5 = 5000 කියලා ගහලා ඒකෙ ගහලා ආපහු අපේ කට්ටියට දීල චයිනීස් හිනාවක් දැම්මලු. කැල් එක අතට ගත්ත අපේ සැට් එක ඇද්දලු ඇදිල්ලක් උඩට සුසුසුසුසුසුසුසුසුසුසුසූසුසුසුස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාලා අයේ චීනා තව ටිකෙන් අපේ කට්ටියගෙ පෙණහැල්ල අස්සෙන් තමා ගන්න වෙන්නෙ.

අපේ අයියා පැන්නලු. ගත්තලු කැල් එක. ගැහුවලු මොනවදෝ. දුන්නලු චීනට.

"නෝ නෝ නෝ දැට් ඊස් එක්ස්පෙන්සිව්. දිස් ඊස් අවර් ප්‍රයිස්"

අයියගෙ ගාණ දැක්කම චිනාට හුස්ම හිර වෙන්න ඇවිත් ඔළුවෙ අතක් ගහගත්තලු. අපේ අයියා ගහලා තියෙන්නෙ 10 X 5 = 50.

අසරණ චීනා දැන් රටේ නැති අනන් මනන් කියනවලු. ඒ අස්සෙ අපේ කට්ටිය තව අපූරු දේකුත් නෝටිස් කලාලු. චීනා එක බෑග් එකක් 1000 යි කියලා කියල තියෙන්නෙ බොරුවට නෙවෙයි. ඒ බෑග් කඩේට එන චීන මිනිස්සු 1000ක් දීල බෑග් අරගෙන යනවලු. අපේ කට්ටිය දැන් ඉතින් ඉන්නවලු චීනා යූ ආන් 1000 ට විකුණන බෑග් එක 10 ට ගන්න.

චීනා මේ යක්කුන්ගෙන් තියෙන මල වදේ කියලා චයිනීස් වලින් හිතලා ගත්තලු කැල් එක ගැහුවලු. 900 X 5 = 4000. දැන් ඉතින් අපේ කට්ටියට සැටිස්. ගත්තලු කැල් එක ගැහුවලු තමන්ගෙ ගාණ. 10 X 5 = 50 කියලා ඔරිජිනල් ශ්‍රී ලංකන් ස්මයිල් එකක් දැම්මලු චීනට.

මේ විදියට දැන් මේ සීන් එක දැන් සෑහෙන්න වෙලාවක් ඇදිලා ගියාලු. ඉස්සෙල්ල යූආන් 1000 යි කිව්ව බෑග් එක දැන් 200 ට බැහැලලු. අපේ කට්ටිය ඒත් අතෑරලා නෑ. චීනාව බල්ලටම දාල අර බෑග් වල ගාන හෙට්ටු කරනවලු.

අන්තිමට චීනා ගත්තලු තමන් ගෙදරින් ගෙනාව බෑග් එක. කරේ දාගත්තලු ඒක. දෙකට නැවිලා අපේ පොරවල් ටිකට වැන්දලු.

"යූ ස්ටේ.... අයි ගෝ" කිව්වලු. ගියාලු.

හිතා ගන්න බැරි තරමට වේගෙන් වෙච්ච වැඩේ නිසා අපේ කට්ටිය නිකන් තක්කු මුක්කු වුණාලු. ඒ අස්සෙ බෑග් ගන්න ආව වෙන මිනිස්සු කඩේ අයිතිකාර චීනව හොයනවලු. අපේ කට්ටියටම කඩේ කර ගන්න කියලා භාර දීල චීනා මාරු වෙච්චි බව කියන්නෙ කොහොමද? මොකෝ අපේ කට්ටිය චයිනීස් දන්න එකක්යෑ.

ඔන්න පැය දෙකකට විතර පස්සෙ චීනා ආවලු. අපේ කට්ටිය තාම කඩේ ඇතුලෙලු.

"200 X 5 = 1000 සර්... අයි ලොස් අයි ලොස්" චීනා නහයෙන් අඬනවලු. අපේ කට්ටිය ඔන්න අන්තිම ලංසුව තිබ්බලු. 50 X 5 = 250.

චීනා ආයෙ අඬනවලු.

"සර්, අයි බයි ෆිෆ්ටි.... යූ ටේක් ෆිෆ්ටි අයි ලොස් අයි ලොස්"

බලනකොට මේ හොරගෙඩි චීනා යූ ආන් 50 ට ගන්න බෑග් ලූ විදේශිකයට චීනට වෙනසක් නැතුව යූආන් 1000 ට විකුණන්නෙ. අපේ කට්ටියත් දැන් ඉතින් හොඳටම දන්නවනෙ මූ කොණ්ඩෙ බැන්ද චීනෙක් නෙවෙයි කියලා. මෙහෙම මේ යකාව තව දුරටත් මඬවන එකේ තේරුමක් නෑ කියලා අපේ කට්ටිය අවසාන තීරණේ කැල් එකේ ගැහුවලු.

60 X 5 = 300

තවත් මේ නසරාණි සිරිලංකා කාරයො ටික තියා ගත්තොත් තමන්ට කැඳත් නැති වෙන බව තේරිච්ච චීනා මේ ගානට එකඟ වුණාලු. අපේ කට්ටිය ඒ ගානට බෑග් 5ක් නෙවෙයි 10ක් අරගෙන ආවලු.

මේ කතාවෙන් ගන්න විශේෂ ආදර්ශයක් නම් නෑ. ඒත් මේ වගේ සිද්ධි අපේ රටෙත් ඕනි තරම් වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ඉන්න සපත්තු නිශ්පාදකයො එතකොට බෑග් නිශ්පාදකයෝ ඒ වගේම සාරි සහ ආභරණ නිශ්පාදකයොත් කණ රත් වෙන තරම් තමගෙ ලාභය දාල තමා ගාණ කියන්නෙ කියලා. අනේ මන්දා ඉතින් මම නම් කියන ගාණක් දීල අරගෙන එනවා. අපේ අම්මා තමා ගියොත් ගේම ඉල්ලන්නෙ කඩේ මුදලාලිගෙන්.

අපේ අයියා ආපහු පාරක් චීනෙට යනවලු. බොහෝ විට මේ මාසෙ මැදක හෝ අග එහෙම නැත්නම් ලබන මාසෙ අනිවාර්යයෙන්ම. මේ කතා සිද්ද වෙනකොට මාස 6ක් හිටියා වුණත් මේ පාර නම් සති 2යි. ඒත් මම කියලා තියෙන්නෙ අපේ සහෝදරීට සහ පුංචි පැටියට ගේන දේවල් වලට අමතරව මටත් ලියන්න කතා ටිකක් අරගෙන එන්න කියල.

හැබැයි අපේ අයියට ආයෙ නම් අර බෑග් කඩේ පැත්තෙ යන්න බැරිවෙයි මොකද ලංකාවෙන් යන සැට් දකිනකොටම දැන් ඒ චීනා හිස බදාගෙන බිම පෙරලි පෙරලි වචන දෙකක් කිය කිය කෑ ගහනවලු.

"නෝ සිරි ලංකා.... නෝ සිරි ලංකා"

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com30tag:blogger.com,1999:blog-5408697253079652533.post-42326115854911932112011-09-04T11:20:00.000+05:302011-09-04T11:20:48.122+05:30නෝටි කොල්ලෝ

මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ.

මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක්. මිනිහ ටිකක් තරහ යන නපුරු පොඩ්ඩෙක්. තාම ඉන්නෙ 1 වසරෙ. අනික හරිම පණ්ඩිතයි. කොහෙන් කටට එනවද මන්දා කියන දේවල්.

මේ දවස්වල පොරව ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නෙ ෆිට් එක හැදිලා. දැන් නම් හොදයි සෑහෙන්න. ෆිට් එකට දෙන බෙහෙත් නිසා එයාට තරහ යනවා කියලා තමා කියන්නෙ නම්. නමුත් ඉතින් මොණරතැන්න ගැන අපිට කියලා දෙන්න ඕනි නැති නිසා ඒ ගතිගුණ ආවෙ කොහෙන්ද කොහොමද කියලත් ඉතින් අපිට කොලේ වැහුවට අපි දන්නව. :ඩි

ඉතින් ඔන්න මේ වසවර්ති පැටියා ඉස්පිරිතාලෙ ඉන්න අතරෙ දොස්තර මහත්තුරු සැරින් සැරේ ඇවිල්ලා බලනවලු. මෙයා ගෙදරින් නිල් වෙලා තමා ඉස්පිරිතාලෙ ගෙනත් තියෙන්නෙ ඉතින් ටිකක් වැඩිපුර හොයල බලනව.

මෙහෙම දවසක් ඒ දොස්තර මහත්තයෙක් මෙයාව පරීක්ෂා කරනවලු. මේ පොරත් ටික වෙලාවක් දොස්තර ගෙ මූණ බලාගෙන හිටියලු. ඉදලා එක පාරටම මුළු වාට්ටුවටම ඇහෙන්න සද්දෙන් දොස්තර මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.

"මේ ....... ඔයා අද උදේ දත් මැද්දෙ නෑ නේද?"

දැන් ඉතින් මොකේදැයි දන් වලඳන්නේ? දොස්තර මහත්තයට මොනා හිතුණද දන්නෙ නෑ. වටේ ඉන්න මිසීලා යි වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු ටිකයි හරිම අමාරුවෙන් හිනාව කාගෙන ඉන්නවලු. ඉතින් දැන් මොනා කරන්නද?

"හෙට මම එද්දි මැදගෙන එන්නම්කො පුතා"

ඔන්න දොස්තර මහත්තයා උත්තර දුන්නලු. ආයෙ ඉතින් මොන කතාද....!!!! ඔන්න දැන් කාලෙ හැදෙන කස්ටිය.... අපේ එවුන් ආව දවසට මොනව කියයි ද දන්නෙ නෑ!!!!

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com13tag:blogger.com,1999:blog-5408697253079652533.post-81322197993982631922011-09-01T02:39:00.000+05:302011-09-01T02:39:19.799+05:30ටීචට ආදරෙයි!

මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා නම් අහන්න එපා කැපුවත් ඉස්කෝලෙ නම් නම් කියන්නෙ නෑ.

මේක හරිම පොඩි සිද්ධියක් ඒත් අදටත් මට මතක් වෙනකොට හිනා යනව. මතක විදියට මේ සිද්ධිය වුණේ 2004 හෝ 2005 වසර දෙකෙන් එකක.

අපි ඉතින් සුදු සාරි ඇදලා ඉස්කෝල වලට යනකොට ඉස්කෝලවල ඉන්න ටීචලා දැන ගන්නවා සති 2ක් විතර පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් කියලා. පොඩි එවුන් දන්නවා අනන් මනං චිත්‍ර බලන්න සින්දු කියන්න සෙල්ලම් කරන්න නියම කාලෙ කියලා. ඉතින් ඔන්න ඔය විදියට අපිත් යන්න පටන් ගත්ත බ්ලොක් ටීචින් වලට.

මට මේ සති 2 ඇතුලත උගන්වන්න හම්බ වුණේ ඒ පාසලේ 3, 4 හා 5 යන ශ්‍රේණි වල පන්ති 3ක්. මමත් ඉතින් දන්න වැඩකිඩ ඔක්කොම දාල උගන්නනවා. වෙනසක් නෑ ඉතින් පොඩ්ඩොනෙ. හැබැයි මට තේරුණ විදියට හරිම දඟයි.

එක දවසක් ඉතින් මම පන්තියට ගියා. මේක ඉතින් පුංචිම පන්තිය 3 වසර.

මම ඉතින් ගිහින් ඔන්න සින්දුව අහගෙන ඉන්න ඕනි. වෙලාවකට කට්ටිය සීරුවෙන් හිටගෙන ලඟ එකාට ඇන ඇන ඕක කියනකොට පුපුරන්න හිනා යන්න එනවා. ඉතින් එතකොට හරි අමාරුවෙන් හිනාව කාගෙන වහලෙ පරාල ගනන් කරන එක වගේ වැඩ තමා මම නම් කරන්නෙ. මෙන්න මේකයි සින්දුව.

Good morning to you

Good morning to you

Good morning dear teacher

Good morning to you

මේක කියන්නෙ ඉතින් හැපි බර්ත් ඩේ තාලෙන්. ඕක අහගෙන ඉදලා ඉතින් කට්ටියම වාඩි වුණාට පස්සෙ පොඩි කතන්දරයක් කියලා නැත්නම් දුක සැප රෑට උදේට කාපුවා එහෙම අහලා ඔන්න පොත් ගන්න කියලා මම වැඩ පටන් ගන්නයි ලෑස්ති වුණේ.

එක පාරම පන්තියෙන් ස්ස්ස්ස්ස්.... ස්ස්ස්ස්ස්.... සද්දක් ඇහුනා. හරියට නිකන් කවුරු හරි කතා කරන්න අවධානය ඉල්ලනව වගෙ. මම බැලුවෙ කවුද මේ සූ සූ ගාන චණ්ඩියා කියලා. පන්තියෙ පිටිපස්සෙ කණ්ඩායමක ඉන්න කොළු පැංචෙක් ඔන්න ස්ස්ස්ස්.... ස්ස්ස්ස්.... ගානවා.

මම පොඩ්ඩක් සැරෙන් "මොකද?" ඇහුවා. (ඕක ලොකු පන්තියක එකෙක් කලා නම් මම අහන්නෙ "පියා නයා වෙච්ච නයි පුතා කවුද?" කියලා)

මම මොකද ඇහුවම මෙන්න මූ මට ඔළුවෙන් කතා කරනව එන්න කියලා. දැන් ඉතින් කණින් පොඩ්ඩක් අල්ලන්නම වෙන නිසා මම ඩෙස් අතරින් එතෙන්ට ගියා.

"ඇයි මොකද ස්ස්ස්ස්......ස්ස්ස්ස්ස්ස් ගාන්නෙ පොත ගෙනාවෙ නැද්ද? ළමයි ඔහොමද ටීචට කතා කරන්නෙ?"

දැන් ඔන්න කොලුවා පොඩි පහේ මනමාල හිනාවක් දැම්මා.

"නෑ ටීච පොත් තියෙනවා. වෙන එකක් කියන්න කතා කලේ"

"මොකක්ද වෙන එක?"

කොළු පැංචා තමන්ගේ ඩෙස් එකේ ඉන්න යාළුවාව පෙන්නුවා.

"ටීච මෙන්න මේ දිනෙශ්ක කියනව ටීච දිනෙශ්ක ටීචට ලව් කියල"

"හෑ......."

හත්වලාමයි ......අලි මදිවට කොටි. අම්මප මෙච්චර කොල්ලො ඉන්න රටේ මට ලව් හිතුනෙ තුනේ පන්තියෙ එකෙකුටද? එක පාරම හෑ කියවුණත් කේලම් කාරයගෙයි දිනෙශ්ක ගෙයි මූණු දෙක දැක්කම මට හක හක ගාල හිනා වෙන්න තරම් හිනාවක් ආවා. කේලම් කාරය බලාගෙන ඉන්නවා දිනෙශ්කට මම ගහයි කියලා. දිනෙශ්ක බලාගෙන ඉන්නව මම අයි ලව් යූ ටූ කියන කල්. ඒත් ඉතින් හිනාවෙලා කෝමෙයි.

"හා හා ගන්නව ගන්නව පොත්..... කෑ ගහන්නෙ නැතුව. අද පාඩම කරන්නෙ නැද්ද කතා කර කර ඉන්නව ඇරෙන්න?"

මම එහෙම සත්තමක් දාගෙන පන්තිය ඉස්සරහට ගියා. අනේ කාලේ වනේ වාසේ! පස්සෙ ඉතින් මම උගන්නන ගමන් හොරෙන් මුන් දෙන්න කරන්න මොනවද කියල ඇහැ ගහගෙන හිටියා. කේලම් කාරයගෙ නම් මූණ අන්තිම නරක් වෙලා. දිනෙශ්ක ගෙ නම් මූණ හොඳයි මම හිතන්නෙ ගුටි නොවැදුන එකට.

දැන් නම් මුන් ටික 8 - 9 වසරවල ඉන්නව ඇති. මොනවට කියනවද අපේ ඉස්කෝලෙ ඉන්න 8 -9 සෙට් එකත් ආයෙ නෑ ඒ වගේම තමා. පැහිලා වැඩියි. මනමාලකමත් වැඩියි. මගෙ 8 පන්තියට නම් මම කියලා තියෙන්නෙ මනමාලකම් එහෙම කරලා මට අහු වෙන්න එපා කොල්ලොද කෙල්ලොද කියලා මම බලන්නෙ නෑ අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහලා අම්මලා තාත්තලව ගෙන්නල රෙජිස්ටාර්ව ගෙන්නල බන්දලා දෙනවා කියලා.

හික් හික් හික් ඒ සත්තම දානකොටම කොල්ලො ටික කෑ ගහන්නෙ "හපෝ ටීච.... අපි එහෙම කරනවද? අනික මෙගොල්ලො එක්ක ??? චී චී ටීච...!!!! හීනෙන්වත් හිතන්නෙ නෑ අපි. ටීචත් අපි ගැන එහෙම හිතන්න එපා." ඉතින් එතකොට කෙල්ලො ටිකට තද වෙනවා. "අනේ මේ තමුසෙලා අපිටත් වඩා කොටයි" හික් හික් ඇත්තටම මගෙ පන්තියෙ කොල්ලො සෙට් එක හරි කොටයි. තාම අඬු ටික දික් වෙලා නෑ හරියට. ඒ වෙලාවට ඉතින් මම පැනලා රණ්ඩුව බේරනවා...."මේ රණ්ඩු කරගන්නවලා මම යනවා යන්න පන්තියෙන් එහා පන්තියෙ ඉදලා විද්‍යාව සර් තමුසෙලා කෑ ගැහුවා කියලා සැලකුවොත් ඔන්න මම නෑ" කියලා.

පොඩි එව්වො එක්ක මේ දේවල් සීරියස් අරගෙන විසඳන්න උපදෙස් දෙන්න යනවට වඩා ඒ වගේ වෙලාවක විහිළුවෙන්ම ඒක මඟ අරවලා යවන එක තමා හොදම බෙහෙත කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එතකොට දරුවො වුණත් හිතනවා "ටීච මේක වැඩිය ගනන් ගත්තෙ නෑ නෙ. ඒත් අපි වැරදි දෙයක් කලොත් මේ අපිත් එක්ක හිනා වෙලා ඉන්න ටීච අපිත් එක්ක ආයෙ කතාවත් කරන එකක් නෑ" කියල. අත්දැකීමෙන් කියන්නෙ අම්මලා තාත්තලට වුණත් තමන්ගෙ දරුවො එක්ක කතා කරන්න විවෘතව. විහිළු කරන්න සෙල්ලම් කරන්න ආදරේ කරන්න අතගාන්න පොඩි කාලෙ වඩාගෙන අතගාල සුරතල් කලා වගේ. සිඹින්න තුරුල් කරගන්න ආදරෙන්. දරුවො ඒවට ආසයි. ඒ මව්පිය ගුරුවර ආදරේ මතින් හැදෙන්නෙ ඔබට අකීකරු හිතුවක්කාර දරුවෙක් නෙවෙයි. හොද පෞර්ෂත්වයක් තියන අපූරු දරුවෙක්. ඔබට ආදරේ රටට වැඩදායි දරුවෙක්.

අහ් මේ කතාව ලියන්න හිතුනෙ පලාමල්ලෙ මේ කතාව දැකලා.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com24tag:blogger.com,1999:blog-5408697253079652533.post-26325420129450921432011-08-30T00:49:00.001+05:302011-08-30T17:51:44.768+05:30ඔබ ගියා..........!

සිතම මල ගෙයක් කොට

හඬන මා සිත අතැර

අසීමිත පෙම හදැති

බොරුවකැයි පසක් කර

ඔබ ගියා යන්නටම
යලි ආයෙ නො එන්නම...!

ප.ලි.

ලියන්නට අමතක වූ යමක් ලියන්නට නැවත සිත් විය. ලිවීමේ කම්මැලිකම නිසා කෙටි කවි වලින් පමණක් මා ලියූ පෙම් කතාවේ අවසානය මා අද සොහොන් කරමි. ප්‍රේමය බොරුවකැයි පසක් කොට ඔහු යන්නට ගියේ ය. කවදා හෝ දිනෙක මෙය ඇට ලේ මස් නහර සහිත කතාවක් ලෙස ලියන බලාපොරොත්තුවෙන් මම නවතිමි. මතක තබා ගන්න........... අද හෙට නොවේ... මතු යම් දිනෙක....! මක් නිසාද යත් ඒ කතාවේ සමහර සිද්ධි මටද දරා ගැනීමට බැරි තරම් වේදනාත්මක බැවිනි.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com10tag:blogger.com,1999:blog-5408697253079652533.post-46492669842342110352011-08-29T18:49:00.000+05:302011-08-29T18:49:43.533+05:30චීන සවාරි - චීන බීම සහ ශවර් ජෙල්

මේ කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කතා දෙකයි. අනික් කතා දෙක බ්ලොග් බලධාරියා විසින් කපා හරින ලදි. මේ කතා දෙකම ඒ අයියට චීන සවාරියකදි සිද්ද වෙච්ච කතා. තුන්වෙනි හා හතරවෙනි කතා දෙක නම් කිව්වෙ එයා එක්ක ගිය යාළුවන්ට වුණා කියලා. අනේ මං දන්නෙ නෑ ඉතින් ඒවා නම්....! ඒක නිසා මම "ලු" තමා ලියන්නෙ ඔන්න.

ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක. අපේ මේ අයියා වැඩ කරන ආයතනයෙන් අපේ අයියයි තව අයියල කට්ටියකුයි චීනෙට යැව්වලු පුහුණුවකටද මොකක්දෝ එහෙකට. මේ ආයතන එක පාර දෙතුන්දාහක් රාජකාරි කරන ආයතන නිසත් මේ ආයතනේ රාජකාරිවලට ගන්නෙ හයේ හතරෙ වැඩකිඩ දන්න අයියලා නිසත් මේ ගිය සෙට් එකත් අන්තිම නසරානි සැට් එකක්ලු. අපේ පොරත් සුදුවට බෝලෙ වගේ හිටියට ඒ සැට් එකටම හරියන අයියෙක්.

ඉතින් ඔන්න මේගොල්ලන්ට චීනෙට ගිහාම හත්වලාමයි කියලා තරු පහේ හෝටලේකම නැවතෙන්න හම්බවුණාලු. ඒ මදිවට ඇති වෙන්න කන්න ද බොන්නද නාන්නද ..... තව බලන බලන අත චීන කෑලි වැහි වැහැලලු. අපේ ගිය සමහර අයියලගෙ ප්ලෑනුත් ඩයල් එකත් වෙනස් වුණාලු මේවා දැකලා. ඒ මදිවට මදි නොකියන්න සීතලත් තිබුණලු.

මේගොල්ලො කරන්නෙ උදේ පාන්දරම බාත්ටබ් එකට උණුවතුර එකක් පූරවගෙන සීතල යනකල් බැහැලා ඉන්න එකලු. අපි වගේ පිස්සු ඩයල් එකක් එහෙම කලොත් බාත්ටබ් එකෙන් ගන්න වෙන්නෙ අයිස් කෑල්ලක් වුණත් මේ අයියලා සෙට් එකට දීල තියෙන පුහුණුව නිසා මෙයාල ඇන්ටාක්ටිකාවට ගියත් උදේට නාලා තමා එලියට බහින්නෙ.

ඉතින් ඔන්න දවසේ පුහුණුව එහෙම අවසාන කරලා හවස හෝටලේට ආවම තමා අපේ කට්ට්ටියගෙ වැඩ පටන්ගන්නෙ හරියටම කිව්වොත්. අපරාදෙ කියන්න බෑ අපේ කට්ටියටම සැට් වෙන විදියෙ අපූරු භාෂා පරිවර්තකයො පස් දෙනෙකුත් මේ කට්ටියට හිටියලු. හවස වැඩ ඉවර වුණා කියලා නෑ මේ භාෂා පරිවර්තයො දෙන්නත් හොදට කන බොන මිනිස්සු නිසා අපේ කට්ටිය එක්කමලු ඉන්නෙ.

චීනෙ කට්ටිය බොනවලු මෝතායි කියලා බීමක්. බීමෙ නම හරිද මන්දා අපේ කට්ටිය ඉතින් චීන භාෂාව හරියට දන්නෙත් නෑනෙ. ඉතින් අර අපේ කට්ටිය එක්ක ඉන්න භාෂා පරිවර්තකයො දෙන්න හෙණ කයියක් ගැහුවලු එයාලට මේ වර්ගෙන් ගොඩක් බොන්න පුළුවන් බීල වෙරි නොවී ඉන්නත් පුළුවන් කියලා. අපේ කට්ටියත් ඉතින් පුරුදු වෙන්න බොන කට්ටියක් නෙවෙයිලු. බෝතලේ බීලත් සීරුවෙන් සිට ගන්න පුළුවන් කට්ටියක්. ඉතින් චීන කොටාල පස් දෙනෙක් අර වගේ චැලෙන්ජ් එකක් කලාම කාටද ඉවසන්න පුළුවන්?

එදා ඉතින් හවස හෝටලේට ගිහාම කට්ටිය සුපුරුදු පරිදි බොන්න සෙට් වුණාලු. අර භාෂා පරිවර්තකයො 5 දෙනා කට්ටියගෙ කාමරවලට එනවලු. ඔන්න එකෙක් එනවලු. කාමරේ ඉන්න අපේ කොල්ලො දෙන්නට මෝතායි වීදුරු2ක් පොවනවලු. ඊට පස්සෙ තව එකෙක් එනවලු මෝතායි වීදුරු දෙකක් පොවනවලු. ඉතින් ඔහොම භාෂා පරිවර්තකයො 5 දෙනෙක් ඇවිල්ල වීදුරු දෙක ගානෙ පෙව්වම අපේ කට්ටියට දෙවරක් පහ දහයක් වැදිලලු.

ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ අපේ කට්ටිය හරි ශෝයි එකේ ඇටෙන්සොන් එකේම ඉන්නවලු. හැබැයි අර භාෂා පරිවර්තකයො පස් දෙනා පේන්න නෑලු. පස්සෙ ඉතින් මොකද උනේ බලන්න අපේ කට්ටිය කාමරවල චෙක් කරන්න පට්ටන් ගත්තලු. හතර දෙනෙක් පේන තෙක් මානෙක නෑලු. එක්කෙනෙක් නම් සැපට ඇදක් උඩ නිදිලු. කට්ටිය බැලුවලු ඇයි මේ වීදුරු 1 1/2ක් බීල මූට මේ තරම් වෙරි ද අපිට නම් 10ක් බීලත් ගානක්වත් නෑ නෙ කියලා. බලනකොට අර අසරණ මනුස්සයා බාතෲම් එකේ සින්ක් එකට කබරයා එහෙම දාලා ඒක සෝදන්නෙවත් නැතුව නිදිලු.

හෙණ ටෝක් එකක් දුන්නට බොන්න ගිහාම චීනා ට අපේ අය එක්ක හැරෙන්නවත් බැරිලු කියන එක තමා මේ කතාවෙන් හැදෙන ප්රස්ථා පිරුළ.

ඉතින් ඊට පස්සෙ අපේ කට්ටිය දැන් වෙරි මරගාතෙ ගණන් කරා ලු ඉන්න සෙට් එක. මොකද වැරදිලා හරි එක්කෙනෙක් හරි වැඩේ වරා කරගෙනද කියලා සුවර් එකක් නැති නිසා. අන්තිමට මහදැනමුත්තයි ගෝලයො ටිකයි වගේ පැය ගානක් ගනන් කරලා හොයා ගත්තලු........ එක්කෙනෙක් අඩුයි!!

මලා....!!! දැන් කොහෙන්ද ඒ මනුස්සයව හොයන්නෙ ? කොයි එක්කෙනා නැතිවෙලාද දන්නෙත් නෑ ඇයි අනේ සීයක් විතර බොන්න ගියානෙ. නෑ නෑ ගිහින් තියෙන්නෙ 10 දෙනෙක් බීල ඉවර වුණාම 100ක් වගේ පෙනිලා තියෙන්නෙ. ඉතින් ඔන්න අමාරුවෙන් මූණත් තහඩු ටික චැක් කොරලා නැති වෙලා තියෙන මූණ මීටර් කර ගත්තා. හත්වලාමයි නැති වෙලා තියෙන්නෙ ගියපු කට්ටිය සෑර් කියන්ට ඕනි කෙනෙක්වලු.

ඉතින් ඔන්න කට්ටිය ආපහු පණ දාගෙන සෑර් ව කාමර ගානෙ හෙව්වලු. ම්හු..... කිසිම සද්දක් බද්දක් නෑ ලු. කට්ටිය කල්පනා කරාලු මෙයාට වැඩි වෙලා බාත් රූම් එකකවත් වැටිල ඉන්නවද දන්නෙ නෑ කියලා ආපහු බාතෲම් ඔක්කොම ඇර ඇර බලන්න පටන් ගත්තලු.

ඔන්න ටික වෙලාවකින් එක්කෙනෙක් කෑ ගහනවලු මෙන්න ඉන්නවෝ කියාගෙන. ඉතින් අපේ අයියල කට්ටියත් දඩිබිඩි ගාල පෙරලගෙන දිව්වලු.

අනේ මේ මනුස්සයා සැපසේ සුවසේ ඉන්නවලු. තමන්ගෙම කාමරේ බාතෲම් එකේම. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑලු. අනික් අයට කාමරේ මාරු වුණත් මෙයාට මාරු වෙලා නෑ. බලන්න කොච්චර ඇක්ස්පීරිය්න්ස් ද?

එයා ඉතින් තමන්ගෙම බාතෲම් එකෙ බාත් ටබ් එකට උණුවතුර පුරවගෙන බැහැලා සැපට ඉන්නවලු. කොහොමත් අපේ කට්ටිය හවසට කරන්නෙත් ඇවිල්ලා බාත්ටබ් එකට උණු වතුර පුරවගෙන බැහැලා ඉන්න එකලු. ඉතින් සෑර් ට වරදක් කියන්න බෑ නෙ.

කට්ටියට ඒ වුණාට මොකක්ද අමුත්තක් දැනෙනවලු. හිතා ගන්න බැරිලු. වෙනදා විදියට වඩා මොකක් හරි වෙනසක් තියෙනවමලු. ඉතින් පොඩ්ඩක් ලං කරලා බැලුවලු. එකපාරටම එක්කෙනෙක් සෑර් ගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.

"සෑර් මොකක්ද උණු වතුරට දාපු බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක? සර් කලින් පාවිච්චි කරපු එකේ මෙහෙම කෑලි කෑලි පා වුණේ නෑනෙ??"

ලොක්ක බැලුව ලු. ම්හු..... අවුලක් නෑ.....

අපේ කට්ටිය තව ටිකක් කිට්ටු කරාලු මේ බාත් ටබ් එක ගාවට මොකක්ද මේ බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක කියලා බලන්න. එතකොට තව එකෙකුට හයියෙන් මෙහෙම කියවුනාලු.

"හයියෝ මච මේක මේ ලෝකල් එකක්නෙ ... මේඩ් ඉන් ශ්‍රී ලංකා..... මේක කබරයා ලකුණ චයිනීස් ජොජෝබා ඔයිල් බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක" .

දැන් කට්ටියටම හිනාලු මේ වැඩේට. සෑර් බාත්ටබ් එකට වතුර පුරවගෙන බැහැලා ඉන්න අතරෙ සෑර් ට වමනෙ ගිහින් බාත් ටබ් එකේම. ඉතින් මොන තරම් අසිහියෙන්ද කියනව නම් ඒ වතුර එකේම රස්නෙට ජොලියෙ බැහැලා ඉන්නවලු. රෑට කාපුවා බයිට් එහෙම වතුරෙ පා වෙනවලු.

ඉතින් කට්ටිය බැලුවලු බොසා වුණත් මේ යකාව මෙහෙම තියෙන එක හරි නෑනෙ කියලා කම්බි කෑල්ලක් හොයාගෙන ඉස්සෙල්ලම අර බාත්ටබ් එකේ වතුර ටික ඇරියලු. ඊට පස්සෙ වතුර පාරක් ගහලා සර් ව අල්ලන්න පුළුවන් ගානට සේදුවලු. අන්තිමට කරලා තියෙන්නෙ බොසා කියලා බලන්නෙ නැතුව බාත්ටබ් එකෙන් ඇදලා අරගෙන ශවර් එකට අල්ලලා බොස් බබාව නාවලා තියෙන එක හොඳටට සබන් එහෙම ගාලා. ඊට පස්සෙ තෙත මාත්තු කරලා ඇඳුම් අන්දලා ඇඳට ගිහින් දැම්මලු. මේ හැමදේම කරනකල් සෑර් කියලා තියෙන්නෙ "හරි මචං හරි හරි ඔක්කොම හරි" කියලා කියවපු එක විතරලු.

ළමායි මේකෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඕනෙවට වඩා බොන්න ගිහින් ඇවිල්ලා බාත්ටබ් වල නාන්න එපා කියන එකමත් නෙවෙයි උපදේශෙ. කොහොමත් මොන රටේ මොන රහට බිව්වත් අනික් මිනිස්සු ඉදිරියේ තමන්ගෙ තත්වය නැති වෙන එක විතරයි වෙන්නෙ කියන එක තමා මේ කතාවෙන් ගන්න තියෙන උපදේශය.

කතාව දික් වුණා. දෙවනි කතාව එහෙනම් හෙට විතර කියන්නම්.

ට ටා....!

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com10tag:blogger.com,1999:blog-5408697253079652533.post-69464106255940848232011-08-22T18:06:00.000+05:302011-08-22T18:06:24.399+05:30හිමි නමුත් අහිමි සඳ

පෙමින් හදවත වෙලා

අසීමිත ආදරේ ආරාධනා ලඟ

හිමි සඳම වෙලා ඔබ

අතරමන් සිත් අහස

සිසාරා යන

හිමි වන්නටත් පෙර

අහිමි බව මගේ සඳ

පසක් කර දුන්

ඔබේ තුරුලේ

පුංචි දූ සිඟිත්තී

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com10tag:blogger.com,1999:blog-5408697253079652533.post-44419181427515191352011-08-05T18:27:00.000+05:302011-08-05T18:27:35.098+05:30විභාග සැප (අඩන්නද හිනාවෙන්නද කියා හිතා ගන්න බැරි කතාවක්!!)

හෆ්ෆා මේක දැක්ක කලක්. මකුළුදැල් බැදිලා වැඩ ගොඩයි අස් පස් කරන්න. ඒ අස්සෙන් ඉස්කෝලෙ වැඩත් සෑහෙන්න තිබ්බා. දැන් මට වඩා අලුත් ගුරුවරුන්ට ඉස්කෝලෙ බාර දීල තියෙන නිසා දෙයියනේ කියලා මට කණක් ඇහිලා පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටියට වුණේ ඒකෙ අනික් පැත්ත. අපේ අලුත් ඉංග්‍රීසි නංගි ගයියා නිකන් මට කිඹුහුමක් ගියත් ඇයි අක්කා ? කියලා අහලා කොත්තමල්ලි පොවන ජාතියෙ. ඒකිගෙ නහය දෑවත් ඇවිල්ල කියන්නෙ මට. හත්වලාමෙ මට මේ මගේ ප්‍රශ්න විසද ගන්න බැරුව ඉද්දි ගයියා මට වද දෙන්නෙ අනේ අක්කා උඹ යන්න එපා බන් මාරු වෙලා උඹ ගියොත් මම කොහොමද ඉන්නෙ? කිය කියා. ඒකි ගැන කල්පනා කරලම මගෙ මොලේ රිස්ස ගියා පහුගිය කාලෙ. මොනවා වුණත් අපේ ගානටම පිස්සු තියෙන අහිංසක කෙල්ලනෙ.

අනික් එක තමා අපේ බෝඩිමට ආපු අයි.ටී. නංගි. අපරාදෙ කියන්න බෑ ඒකි බුකියට හුරු වුණාට තාම බ්ලොග් වලට හුරු වෙලා නෑ. ඉතින් දෙයියනේ කියලා තව ටික කාලයක් මට මඩ ව්‍යාපාරය කරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්න පුළුවන් වෙයි.

අයි.ටී. නංගිගෙ විෂය අයි.ටී. උනාට කෙල්ල දැන් ඉන්නෙ 3 ශ්‍රේණියේ පන්තිභාර විදියට. අයි.ටී කරන කෙනෙකුට මොන්ටිසෝරියක් කරන්න දෙන එක කොහොමද කියලා හිතා ගන්න පුලුවන් නෙ. අන්න ඒක තමා මෙතනත් වෙලා තියෙන්නේ. ඒත් අපේ නංගි මාර උනන්දුවකින් සහ කැපවීමකින් උගන්නගෙන යනවා.

ඉතින් ඔන්න වාරයක් උගන්නල උගන්නලා ඒකේ ප්‍රතිඵල බලන්න අපට හම්බ වෙන්නෙ වාර විභාගෙ. ඉතින් මේ පාරත් වාර විභාගෙ තිබ්බා කියමුකෝ. නෑ .... නෑ ඒක තිබ්බම තමා.

ඉතින් ඔය වාර විභාගෙ ඉවර උනාම අපිට හම්බ වෙන *** ජොබ් එක තමා උත්තර පත්තර පරීක්ෂා කිරීම. ආයේ ඉතින් නින්දක් නෑ කොළ ගොඩක් දිග ඇරගෙන බලන එක තමා වැඩේ. ඒ ලෙවල් වගේ ප්‍රශ්න පත්තර ටික ෆෑන් එකට අල්ලලා හරි දොර ගාව තියලා පයින් දෙනවා හරි වගේ කෙටි ලකුණු දීමේ ක්‍රම අපිට නැති නිසා ඉතින් අපිට වෙන්න කොහොම හරි බලන්නම තමා. මම ඒත් කල්පනා කලේ කශාධයක් බැන්ද දවසට නම් විභාග කාලෙට සුවාමි පුරුසයාට තමා උයන්න රෙදි හෝදන්න වෙන්නේ!!!

ඉතින් මම ඉංග්‍රීසිත් ඉතිහාසයත් බලද්දි අපේ අයි.ටී නංගි ඔන්න 3 වසරේ උත්තර පත්තර බලනවා. කාමරේ ගන්න දෙයක් නෑ හැමතැනම කොළ. පුදුම පිළිවෙලයි. ඒ අස්සෙ පරන බිස්කට් කොලත් නැතුවම නෙවෙයි.

ඔන්න එක පාර උත්තර පත්තර බල බලා හිටපු අපේ අයි.ටී. නංගි ට පෙරලි පෙරලි හිනා වෙන්න සිද්ද වුනා. ඒකි හිනා වෙලා ඉවර වෙනකල් ඉදලා ඉතින් මමත් හොස්ස දැම්මා සීන් එකට.

"මොකද බන් වෙලා තියෙන්නෙ?"

"අක්කා දන්නවද බකමූණාගෙ ස්ත්‍රී ලිංග පදේ?"

"බකමූණි නේද?"

"නෑ"

"එහෙනම්..... බකමූණු කෑල්ල?"

"නෑ ..... නෑ....."

"එහෙනම් තෝම කියපිය"

"මේ පේපර් එකේ හැටියට නම් බකමූණගෙ ගෑණු සතා බක දෙන"

"හිකිස්"

"එතකොට අක්කා ගවයා ගේ ගෑණු සතා?"

"ගවදෙන"

"කෙහෙම්මල"

"එලදෙන"

"අනේ අක්කා උඹ දන්න සිංහල..... ගවයාගේ ගෑණු සතා ගෙවිලිය"

"හෑ....!!!"

"එහෙනම් කියහන් බලන්න කුකුලාගේ ගෑණු සතා?"

"කිකිළි නෙ.... වෙරි ඊසි"

"අක්කා උඹව ආයෙ 3 පන්තියට යවන්න වෙනවා. "

"ඇයි ඒකත් වැරදි ද?"

"ඔව්. අපිට මේ ළමයින්ට තරම් වත් මොලේ නෑ බන් අක්කෙ"

"හරි හරි ඉතින් දැන් මොකාද කුකුළගෙ ගෑනු සතා?"

"කුකුළි"

"හකෝ හකෝ... ඈ බන් උබ ඕවද මෙච්චර කල් ඉගැන්නුවේ? "

"අනේ මන්දා අක්කා ඉගැන්නුවේ නම් හරි එව්වා.... හෙට තමා මුං ටික ඉතින් මගේ අනික් රූපෙ බලා ගන්නේ. ඇයි අක්කෙ මුං පාඩම් කරන්නෙත් නෑනෙ!"

ඔය ඉතින් අපේ අලුත් අයි. ටී නංගිට වෙච්චි අලකලංචියයි. ඊගාවට මගේ ඉතිහාසය ප්‍රශ්න පත්තර බලන්න ගොස් මට හමු වුණ අපූරු උත්තරයි.

මේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්නයක හිස්තැන් පුරවා ඇති අයුරුය.

පණ්ඩුකාභය රජු ගැන උගුර ලේ රහ වන තුරු කතන්දර කියා දුන්නා මදිවාට අබා චිත්‍රපටයද නරඹා ඇති දරුවන් මෙවැනි පිලිතුරු ලියන විට අප කල්පනා කරන්නේ වැරදී ඇත්තේ අපටද ඔවුන්ටද යන්නයි. මක්නිසාද යත් උපරිම වශයෙන් ඉගැන්වීම හැර විභාගයට ඔවුන් සපයන උත්තර ඒ වෙලාවේ ඔවුන්ගේ වගකීම වෙන නිසායි.

1. ස්වර්ණපාලි කුමරිය යනු .....නිඝන්ඨයෙකි.......... .

2. අසේල යනු ....පණ්ඩුකාභය රජුගේ බිසවයි.... .

3.ජෝතියගිරි යනු .....පණ්ඩුකාභය රජුගේ මාමා කෙනෙකි........... .

මේ විද්‍යාව හිස්තැන් පිරවීමකි.

1. සූර්යකෝෂ මගින් සූර්යාලෝකය .....ප්‍රජනන.... ශක්තිය බවට පත් කරයි.

2. වකුගඩු හා මූත්‍රාශය අයත් වන්නේ ...ප්‍රභාසංස්ලේෂන..... පද්ධතියටයි.

3. අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ....බහිස්ස්‍රාවි.... මන්දාකිණියේය.

4. ගර්භාෂය හා ඩිම්බකෝශ අයත් වන්නේ ....විද්‍යුත් ...... පද්ධතියටයි.

5. ශාඛ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ... කිරි සයුරයි....... .

හොදම එක ලියා තිබුණේ අවසානයට බැලූ සෞඛ්‍යය පිලිතුරු පත්‍රයේ ය.

1. කටේ ඇති දත් වර්ග 4 නම් කරන්න.

(1) පොල් දත්

(2) පණු දත්

(3) නල දත්

(4) කිරි දත්

පණ යන තුරු උගුර ලේ රහ වන තුරු උගන්වා අප අවසානයේ දකින ප්‍රතිඵලය එයයි. මේ විෂය භාර ගුරුවරු මනා කැපවීමකින් මහන්සි වී උගන්වද්දී එහි ප්‍රතිඵල ඔවුන්ට නොලැබෙන්නේ ඇයි? ඒ අපේ අවාසනාවද එහෙමත් නැත්නම් ඒ දරුවන්ගේ අවාසනාවද යන්න දන්නේ දෙවියන් පමණි. බාහිර ලෝකයට විවෘත නොවූ අඩු පහසුකම් සහිත පාසල් වල දරුවන් ගේ තත්වය එබදුය. ඔවුන් ට සිංහලද නොතේරේ යැයි මේ පිළිතුරු දුටූ විට හැගේ. ඒ මදිවාට මගේ අත්දැකීම් පරිදි සාමාන්‍ය බුද්ධි මට්ටමද ඉතා පහලය. ඇත්තේ කටපාඩම් බුද්ධිය පමණි. නමුත් ප්රශ්නය මදක් පටලවා ඇසූ විට එය ගලපාගෙන වැඩේ ගොඩ දා ගන්නට ඔවූහූ නොදනිති. පුදුමය වන්නේ උත්තරද දී තිබියදීත් කණා ෂොට් එකකට වත් මේවා එකක්වත් හරි නොයාමයි. අනේ මන්දා........ තව කොපමන දුරක් මෙලෙස යා හැකිද?
සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com31tag:blogger.com,1999:blog-5408697253079652533.post-70420532200056854852011-07-08T00:20:00.000+05:302011-07-08T00:20:27.014+05:30ඔය හිත හරිම සුන්දරයි දන්නවද ඔයා?

"මේ තාම අරයා ගැන හිතනවද?"

"හ්ම්ම්ම්"

"මචී උඹේ හොදටයි කියන්නෙ ඕක අමතක කරපන්"

"හ්ම්ම්ම්ම්"

"කොල්ලා හැන්ඩ්සම්.... කෙල්ලො වහ වැටිලා පස්සෙන් ඇති"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"අනික පොරත් උඹව සෙල්ලමකට අරගෙනද කවුද දන්නෙ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"උඹ ඔය තරම් ඌට ආදරේ ඇයි බන් මේ ලංකාවෙ වෙන කොල්ලො නැද්ද?"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"කෙල්ලො පස්සෙන් එන්නෙ නෑ වෙන්න බෑ බන් කොහොමත් පොර සිරාවටම හැන්ඩ්සම්"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"අනේ බන් ඕක අතෑරලා වෙන කොල්ලෙකුට කැමති වෙයන් බන්"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"පොර කවදා හරි සල්ලිකාර කෙල්ලක් බදියි. ලස්සන සුදු සල්ලිකාර කෙල්ලක්."

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"එහෙ හැම කොල්ලම එහෙමයි. සල්ලි තියෙන අයව තමා බදින්නෙ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"උඹට අන්තිමට හුළනුයි කදුලුයි තමා"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"තොට මම කිව්ව දේ තේරුනාද?"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"මොනාද තොට තේරුනේ?"

"පොඩි දරුවෙක් සෙල්ලම් බඩුව නැති උනාම අම්මා ගාවට ඇවිත් දුක කියනවා වගේ මගේ ගාවට ඇවිත් අතරමන් වෙච්ච හිත හදාගෙන යන ඒ දැඩියි කියලා පෙන්නගෙන ඉන්න අහිංසක ජීවිතේට මම හරිම ආදරෙයි කියලා"

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com15tag:blogger.com,1999:blog-5408697253079652533.post-25082769238671273592011-07-07T23:53:00.000+05:302011-07-07T23:53:35.183+05:30උම්බලකඩ

අපේ බෝඩිමේ අක්කාගේ ප්‍රධානම රසකාරක වලින් එකක් වන්නේ උම්බලකඩය. කොටින්ම ඈ උම්බලකඩ නොදා ඉදවන්නේ බත් හැලිය පමණි. කොළ මැල්ලුම්, අල , රාබු ආදී එකී මෙකී නොකී සෑමදෙයකට ඕ උම්බලකඩ දමයි. ඉන් කාලයක් අපේ අනෝමා අක්කා මෙන්ම බෝඩිමේ අක්කා ද අමාරුවේ වැටී සිටියාය. අපේ අනෝමා අක්කා සම්පූර්ණ නිර්මාංශික ය. අපි වගේ හොරට නොව සම්පූර්ණයෙන්ම ඇත්තම ඇත්තටමය. ඉතින් බෝඩිමේ අක්කාට එකම කෑම දෙවිදියකට හදන්න සිදු වේ. ඒ උම්බලකඩ රහිත සහ සහිත ලෙසය.එදාට බෝඩිමේ අක්කා අමාරුවේය. අක්කාට කේන්ති ගිය දවසට ඔක්කොම උම්බලකඩ සහිතය. ඉන් අනෝමා අක්කා අමාරුවේ වැටේ. මේ මොනා කලත් අක්කා කියන්නෙ "උම්බලකඩ ටිකක් දැම්මෙ නැත්නම් නංගි කටේ තියන්න බෑ" කියාය.

පසුගිය දවසක මා සමග කුස්සියේ ඕපාදූපයක් කියවමින් සිටි අක්කා,

"අහ් උම්බලකඩ කෑල්ල අමතක උනානෙ නංගි ඉන්න අරගෙන එන්නම්"

කියා කාමරය දිව ගියාය. ඈ පැමිණි පසු මා ඇගෙන් ඇසුවේ,

"අක්කා දැන් කරවල මස්මාළු තියා ගන්නේ කාමරේද?" කියායි.

"නංගි කාමරේ නෙවෙයි ඒවා දාන්න දැන් සේප්පුවක් ගන්නයි වෙලා තියෙන්නෙ"

"ඇහ්.... ඇයි දැන් ඒවා එච්චර ගනන් ද?"

"එහෙනං..... අද පෙරියන් කඩේ කොල්ලා ලෑස්ති උනා උම්බලකඩ කෑල්ල කිරලා අනික් බඩු මල්ලටම දාන්න. මම ඌට කිව්වා මල්ලි ඕක අනික් බඩු එක්ක දාන්න එපාය, ඕක නැති උනොත් මට හරි පාඩුය ඒක නිසා මට ඕක ඔතලා දෙන්න හෑන්ඩ් බෑග් එකේ දා ගන්න කියලා"

අපි සාමාන්‍යයෙන් හෑන්ඩ්බෑග් එකේ දා ගන්නේ වටිනා දේවල් ය. මේ කතාව ඇසූ මගේ ඇස් උඩ ගියේ ය.

"හෑ...... උම්බලකඩ එච්චර ගනන් ද?"

"ඇයි නංගි.......... උම්බලකඩ කෑල්ලක් කියන්නෙ දැන් කාලෙ රත්තරන් මංචාඩි ගානක් වටීන දෙයක් නෙ. ඕක නැති උනා කියන්නෙ ඉතින් වැඩක් නෑ. හොරකම් කරයි කියලා බයට මම ගෙනාවෙ හෑන්ඩ්බෑග් එකේ. දැන් උම්බලකඩ කිලෝ එක රුපියල් 2000 යි."

මේ හිගන රස්සාව අතහැර උම්බලකඩ වේලන්නට යන්නට සිතෙන්නේ මේ වේලාවට ය. දැන් අපේ බෝඩිමේ අක්කා උම්බලකඩ වලට ගරු නම්බු දී කතා කරයි. දැන් ඈ කියන්නෙ කෑම වලට අද උම්බලකඩ දැම්මා කියා නොව "ඔන්න නංගි අද සම්බෝලෙට දෙදාහ දැම්මා" කියාය. අපිටත් හරිම ආඩම්බර ය. අපි ට සුපර් ලක්ශරි කෑම දෙන බෝඩිමක් තිබේ.

හා හා වරදවා වටහා නොගන්න මා තවම සිටින්නේ ඇමරිකාවේ නොවේ. ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටේ කියනා රටේ ය.

සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com10