Posts

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

Image
මේ කතාව සිද්ධ උනේ මං මේ කාන්තාර රටේ උගන්නපු අපේම ඉංග්‍රීසි උසස් විද්‍යාලයේ දි. මෙහෙ මේ පාසලේ මං මාස තුනක් විතර උගන්නල සමු ගත්තත් සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා ඒ ටික කාලෙදි. එකින් එක හෙමිහිට ලියන්න ඕනි. මේ ඉස්කෝල ඉතින් පෞද්ගලික පාසල්. පාසලේ වාර්ශික ගෙවීම් මුදල දැක්කම අපරාදෙ කියන්න බෑ දෙතුන්පාර කැරකිලා ඉන්දවෙනවා. ඒත් මං ඉගැන්නුවෙ තනිකරම අරාබි දරුවො ඉන්න පන්තියකට. එයාලගෙ අඩුම ගානෙ ගෙදර තව සහෝදර සහෝදරියො 5-6ක් වත් ඉන්නවා. උන් ඔක්කොම ඉස්කෝලෙ යවන වියදම හිතනකොට අනේ මන්දා! ඒත් මේ රටේ ස්වදේශිකයන් හා අපි වගේ විදේශිකයන් ගෙ වැටුප්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් අපි ඇත්තටම පව්. ඊගාවට මං කිව්වනෙ මගෙ පන්තියෙ හිටියෙ අරාබි පැටව් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ එමිරාටි , ඊජීප්තු, සිරියානු, පලස්තීන, ජෝර්දාන හා සූඩාන පැට්ටො සෙට් එකක් හිටියෙ. උන් ඔක්කොගෙම ආගම එක උනත් ඇවිත් තියෙන්නෙ විවිධ සංස්කෘතීන් වලින් නිසා හැසිරීමත් විවිධාකාරයි . පොඩි හරි නිදහසක් දුන්නොත් පියන වහන්නෙ නැතිව මිශ්‍ර පලතුරු බීම හදන්න බ්ලෙන්ඩර් එක ඔන් කලා වගේ තමා. හතර අතේ. ළමයි දාහෙන් සම්පතයි කියන්න පුලුවන් උන්ගෙ දෙමාපියො එක්ක බැ

දරුපෙම බිඳක් තොල ගා බැලීමි!

කිසි දිනෙක මම දකින දකින දරුවන් අනේ පනේ කියා සුරතල් නොකලෙමි. දුටු සැනින් වඩාගෙන සුරතල් නොකලෙමි. අතේ දුරින් පොඩි උන්ට ආදරේ කල මම කිසි දිනෙක ඕනෑවට වඩා ඔවුන්ව ලං කර නොගත්තෙමි. ඒ මගේ නපුරු කමක් නොව හැටිය. මා විවාහ වී හරියටම සති 4ක් වෙද්දී මට මගේ සිරුරේ සිදු වන යම් විශාල වෙනසක් දැනුනි. ඔක්තෝබර් 30 වනදා විවාහ වූ මගේ නොවැම්බර් 30 වනදා කල ගර්භණී පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්වීය. දෙලොව රත් වෙනවා කියා කතාවට කී දේ ඇත්තටම රත් වෙන්නේ කොහොමද කියා මට හරියටම දැනුනේ එදාය. අමු පැපොල්. කිලෝ එකක් පමණ ඉස්සන් හා අනෙකුත් අපෝ ආහාර ගනිමින් සිටි මට ඇඬුනි. හදිසියේම සිදු වූ මගේ විවාහයට පෙර අප දෙදෙනාට පවුල් කන්නේ කෙසේදැයි කියා කතා කරන්නටවත් ඉඩක් ලැබුනේ නැත. යාන්තම් ට්‍රැක් එකට වැටීගෙන එන්නටත් කලින් මේ පුංචි හොර ගෙඩියාද මගේ කුසට විත් නොසිතූ ලෙස අප දෙදෙනාව දෙමාපියන් කලේය. කොටින්ම අප දෙදෙනාගේ අහලකවත් දරු සිහිනයක් නොතිබිනි. මගේ ආදර සැමියාට හා මට අප දෙදෙනා දෙමාපියන් වන්නට යන බව මොළයට දමා ගැනීමට සතියක පමණ මහා සංග්‍රාමයකින් පසුව යන්තමට හැකි විය. ඒ අතර මගේ කුස පෙරලි කරන්නට විය. විවිධාකාර කැක්කුම් ඇති විය. අප දෙදෙනා එමීර

ඔබේ යශෝදරා මම...!

Image
නොකැමැත්තෙන් කැමති වී අහසක් තරම් පෙම් කර  ඔබේම වී ඔබ තුරුලේ  කෙතරම් සොඳුරුද ජීවිතයම  ඔබෙ දෑතෙ එල්ලිලා ඔබේ කැදැල්ලට ගිය දා  ලැබුණු ආදරේ තරම  කියන්නට වදන් කොහිද මට මහ මෙරක් දුක් දරා  ඔබව මට දුන්නු ඔබෙ  පෙම්බර මෑණියන්ගේ වදන්  අදත් මට ඇ සෙන්නෙ "දුවේ මම නුඹට දුන්නේ මගේ හොඳම පුතු ය. සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන්  නිසංසල හිතකිනුත්  ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය  මේ මගේ කිරි පුතා  මගේ බුදු පුතු ය...!"  මවගෙන් බුදු පුතු කියා විවරණ ලබන්නට පින් කල  ඔබ සමඟ ජීවිතේ  ඉතිරි ටික ගෙවන්නට මා කෙතරම් පින් කලාදැයි  සිතා ගන්නට නොහැකිව  උපනුපන් තව ජාති ජාතිත්  ඔබේම වන්නට පින් පුරමි මම  ඔබේ යශෝදරා වන්නට ...! 

මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?

Image
අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි.  අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා. එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D  http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා.  එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ටික

යන්නට සිත හදා ගනිමි

Image
දෙමාපිය සිහින වලට ඉඩ දී යන්නට සිදුව ඇත මා සිහින පසෙක ලා කිසි දින නොදුටු මාවතක  නොදන්නා අරමුණකට  නොහදුනන අමුත්තන් අතරට  ඉතින් යන්නට සිත හදා ගමි  නොදන්නා අනාගතයකට... (https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)

අපිට පිස්සු ooooooooooooooooooයි !!!

Image
  අපිට පිස්සු ඕයි !!!  එහෙම කිව්ව කිඹුලෙක් බබල්ගම් එකක් හප හප  හැරී පොටර්ගෙ සුදුපාට බකමූණයි  රොන්ගෙ තඩි ගෙම්බයි එක්ක  රාජ්‍ය පාලනේ ගැන කතා කරද්දි ඔශීනුයි චංගුමියි කුස්සිය පැත්තෙ කෙහෙවලු පටලගෙන පරිප්පු උයන රෙසිපිය මාරු වෙලා උපන් ගමං පොඩි එකෙක්  කැට් වටේට මලක් ඇඳලා ලයන් කිව්වෙ  අප්පේ ඒකා බොන්නෙ  අහවල් කිරලු අම්මව අඳුනන්නෙම නෑලු අප්ප කියල අඳුන ගත්තෙ  වත්ත පාර දොළ අසබඩ  බැඳල හිටිය සුදු වස්සාලු මූණ ගාව පෑන ගහන්  නිදහස යැයි බෝඩ් ගහන්  රටේම කුණු රසය සොයා  අපේ රටේ මාධ්‍යය ලු රිංගල හොග්වාර්ට්ස් වලට හර්මයිනිගෙන් ප්‍රශ්න කරයි පොටර් ඔයාගෙ පෙම්වතාලු නෑ නෑ දැන් එයා මෙහේ නෑ  මේ මොන මල කරුමයක්ද මෙතන වෙන්නෙ මොනවද අද ආන්න අර පරිප්පු ඉව්ව්  චංගුමි කෙල්ල පොලිසියේලු නාකි ඔශීන් අත්තම්මගෙ  බෙල්ල මුලින් මිරිකලාලු ඒක අහල දුවං එනවා කොළඹ හතේ නෝනා කෙනෙක් පොලවෙ හැපී පොලෝසියත් දෙකක් වෙන්න මං එනවා සුදු ගුමියෝ  ඔයාව බේරගෙන යන්න අපි ගිහිල්ල කොළඹ හතේ මගේ සුපිරි ගෙදර ඉඳන්  එකගෙයි කමු මාත් එක්ක නාකි උනත් මං මගෙ ඩ්‍රයිවර් කොල්ලත් එක්ක

කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...

Image
කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි. නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්. නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්. දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා. දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා. එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න ම