Posts

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

Image
මේ කතාව සිද්ධ උනේ මං මේ කාන්තාර රටේ උගන්නපු අපේම ඉංග්‍රීසි උසස් විද්‍යාලයේ දි. මෙහෙ මේ පාසලේ මං මාස තුනක් විතර උගන්නල සමු ගත්තත් සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා ඒ ටික කාලෙදි. එකින් එක හෙමිහිට ලියන්න ඕනි. මේ ඉස්කෝල ඉතින් පෞද්ගලික පාසල්. පාසලේ වාර්ශික ගෙවීම් මුදල දැක්කම අපරාදෙ කියන්න බෑ දෙතුන්පාර කැරකිලා ඉන්දවෙනවා. ඒත් මං ඉගැන්නුවෙ තනිකරම අරාබි දරුවො ඉන්න පන්තියකට. එයාලගෙ අඩුම ගානෙ ගෙදර තව සහෝදර සහෝදරියො 5-6ක් වත් ඉන්නවා. උන් ඔක්කොම ඉස්කෝලෙ යවන වියදම හිතනකොට අනේ මන්දා! ඒත් මේ රටේ ස්වදේශිකයන් හා අපි වගේ විදේශිකයන් ගෙ වැටුප්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් අපි ඇත්තටම පව්. ඊගාවට මං කිව්වනෙ මගෙ පන්තියෙ හිටියෙ අරාබි පැටව් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ එමිරාටි , ඊජීප්තු, සිරියානු, පලස්තීන, ජෝර්දාන හා සූඩාන පැට්ටො සෙට් එකක් හිටියෙ. උන් ඔක්කොගෙම ආගම එක උනත් ඇවිත් තියෙන්නෙ විවිධ සංස්කෘතීන් වලින් නිසා හැසිරීමත් විවිධාකාරයි . පොඩි හරි නිදහසක් දුන්නොත් පියන වහන්නෙ නැතිව මිශ්‍ර පලතුරු බීම හදන්න බ්ලෙන්ඩර් එක ඔන් කලා වගේ තමා. හතර අතේ. ළමයි දාහෙන් සම්පතයි කියන්න පුලුවන් උන්ගෙ දෙමාපියො එක්ක බැ...

දරුපෙම බිඳක් තොල ගා බැලීමි!

කිසි දිනෙක මම දකින දකින දරුවන් අනේ පනේ කියා සුරතල් නොකලෙමි. දුටු සැනින් වඩාගෙන සුරතල් නොකලෙමි. අතේ දුරින් පොඩි උන්ට ආදරේ කල මම කිසි දිනෙක ඕනෑවට වඩා ඔවුන්ව ලං කර නොගත්තෙමි. ඒ මගේ නපුරු කමක් නොව හැටිය. මා විවාහ වී හරියටම සති 4ක් වෙද්දී මට මගේ සිරුරේ සිදු වන යම් විශාල වෙනසක් දැනුනි. ඔක්තෝබර් 30 වනදා විවාහ වූ මගේ නොවැම්බර් 30 වනදා කල ගර්භණී පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්වීය. දෙලොව රත් වෙනවා කියා කතාවට කී දේ ඇත්තටම රත් වෙන්නේ කොහොමද කියා මට හරියටම දැනුනේ එදාය. අමු පැපොල්. කිලෝ එකක් පමණ ඉස්සන් හා අනෙකුත් අපෝ ආහාර ගනිමින් සිටි මට ඇඬුනි. හදිසියේම සිදු වූ මගේ විවාහයට පෙර අප දෙදෙනාට පවුල් කන්නේ කෙසේදැයි කියා කතා කරන්නටවත් ඉඩක් ලැබුනේ නැත. යාන්තම් ට්‍රැක් එකට වැටීගෙන එන්නටත් කලින් මේ පුංචි හොර ගෙඩියාද මගේ කුසට විත් නොසිතූ ලෙස අප දෙදෙනාව දෙමාපියන් කලේය. කොටින්ම අප දෙදෙනාගේ අහලකවත් දරු සිහිනයක් නොතිබිනි. මගේ ආදර සැමියාට හා මට අප දෙදෙනා දෙමාපියන් වන්නට යන බව මොළයට දමා ගැනීමට සතියක පමණ මහා සංග්‍රාමයකින් පසුව යන්තමට හැකි විය. ඒ අතර මගේ කුස පෙරලි කරන්නට විය. විවිධාකාර කැක්කුම් ඇති විය. අප දෙදෙනා එමීර...

ඔබේ යශෝදරා මම...!

Image
නොකැමැත්තෙන් කැමති වී අහසක් තරම් පෙම් කර  ඔබේම වී ඔබ තුරුලේ  කෙතරම් සොඳුරුද ජීවිතයම  ඔබෙ දෑතෙ එල්ලිලා ඔබේ කැදැල්ලට ගිය දා  ලැබුණු ආදරේ තරම  කියන්නට වදන් කොහිද මට මහ මෙරක් දුක් දරා  ඔබව මට දුන්නු ඔබෙ  පෙම්බර මෑණියන්ගේ වදන්  අදත් මට ඇ සෙන්නෙ "දුවේ මම නුඹට දුන්නේ මගේ හොඳම පුතු ය. සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන්  නිසංසල හිතකිනුත්  ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය  මේ මගේ කිරි පුතා  මගේ බුදු පුතු ය...!"  මවගෙන් බුදු පුතු කියා විවරණ ලබන්නට පින් කල  ඔබ සමඟ ජීවිතේ  ඉතිරි ටික ගෙවන්නට මා කෙතරම් පින් කලාදැයි  සිතා ගන්නට නොහැකිව  උපනුපන් තව ජාති ජාතිත්  ඔබේම වන්නට පින් පුරමි මම  ඔබේ යශෝදරා වන්නට ...! 

මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?

Image
අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි.  අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා. එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D  http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා.  එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ...

යන්නට සිත හදා ගනිමි

Image
දෙමාපිය සිහින වලට ඉඩ දී යන්නට සිදුව ඇත මා සිහින පසෙක ලා කිසි දින නොදුටු මාවතක  නොදන්නා අරමුණකට  නොහදුනන අමුත්තන් අතරට  ඉතින් යන්නට සිත හදා ගමි  නොදන්නා අනාගතයකට... (https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)

අපිට පිස්සු ooooooooooooooooooයි !!!

Image
  අපිට පිස්සු ඕයි !!!  එහෙම කිව්ව කිඹුලෙක් බබල්ගම් එකක් හප හප  හැරී පොටර්ගෙ සුදුපාට බකමූණයි  රොන්ගෙ තඩි ගෙම්බයි එක්ක  රාජ්‍ය පාලනේ ගැන කතා කරද්දි ඔශීනුයි චංගුමියි කුස්සිය පැත්තෙ කෙහෙවලු පටලගෙන පරිප්පු උයන රෙසිපිය මාරු වෙලා උපන් ගමං පොඩි එකෙක්  කැට් වටේට මලක් ඇඳලා ලයන් කිව්වෙ  අප්පේ ඒකා බොන්නෙ  අහවල් කිරලු අම්මව අඳුනන්නෙම නෑලු අප්ප කියල අඳුන ගත්තෙ  වත්ත පාර දොළ අසබඩ  බැඳල හිටිය සුදු වස්සාලු මූණ ගාව පෑන ගහන්  නිදහස යැයි බෝඩ් ගහන්  රටේම කුණු රසය සොයා  අපේ රටේ මාධ්‍යය ලු රිංගල හොග්වාර්ට්ස් වලට හර්මයිනිගෙන් ප්‍රශ්න කරයි පොටර් ඔයාගෙ පෙම්වතාලු නෑ නෑ දැන් එයා මෙහේ නෑ  මේ මොන මල කරුමයක්ද මෙතන වෙන්නෙ මොනවද අද ආන්න අර පරිප්පු ඉව්ව්  චංගුමි කෙල්ල පොලිසියේලු නාකි ඔශීන් අත්තම්මගෙ  බෙල්ල මුලින් මිරිකලාලු ඒක අහල දුවං එනවා කොළඹ හතේ නෝනා කෙනෙක් පොලවෙ හැපී පොලෝසියත් දෙකක් වෙන්න මං එනවා සුදු ගුමියෝ  ඔයාව බේරගෙන යන්න අපි ගිහිල්ල කොළඹ හතේ මගේ...

කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...

Image
කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි. නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්. නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්. දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා. දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා. එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න ම...

අම්මා

Image
වෙන අම්මලා ගැන නොව අද මම ලියන්නට යන්නේ අපේ අම්මා ගැනයි.  අපේ අම්මාව මට කාලයක් පෙනුනේ මේ ලෝකයේ වෙන අය වාගේමය. වයසට යන්නට යන්නට ඇය ගැන මගේ සිතේ තිබූ රූපය ක්‍රමයෙන් වෙනස් විය. එය වඩාත් වෙනස් වුනේ ඊයෙ පෙරෙදා අපේ ගෙදර සිද්ධ වූ සිදුවීමකිනි. මගේ මුළු ජීවිත කාලයට එය අමතක නොවනු ඇත.  අපේ අම්මා පෙන්ශන් ගිය පසු ඇගේ තනි නොතනියට ගෙදර හිටියේ බලු රැලකි. දරු මුණුබුරන් සුරතල් කල යුතු වයසේ සිටියද අපේ අමන කම නිසා ඒ වාසනාව නොලද ඇයට සුරතල් කරන්නට ගෙදර සිටියේ කොහේදෝ සිට ආ බැල්ලක දමන පැටවුන්ය. එකම නෑදැ බලු රැලෙන් හැදෙන නිසාදෝ ඒ බලු පැටවුන් ප්‍රතිශක්තියෙන් ඉතා දුර්වලය. එහි ප්‍රතිපලය වන්නේ උන් ටික එක එක ලෙඩ සැදී පොඩි වයසෙන්ම මිය යාමය.  පසුගිය මාර්තු මාසයේ ඒ බැල්ල දැමූ පැටව් වෑස්සෙන් බේරා ගැනීමට කන්දක් ලිස්සමින් බඩ ගෑ අපේ අම්මා පැටවුන් දෙන්නා රෙදිවල ඔතා පිස දමා ගෙදර ඉන්නා ලොකු බල්ලන් දෙන්නා එලවා ගෙදරට ගෙනාවාය. ඒ කිට්ටුවම වාගෙ නිදාගෙන සිටි ලොකු බල්ලෙක් ගාවින් යන්නට ගොස් මගේ කකුල ඌ නින්දෙන්ම හපා කැවේය. ඊට උරණ වූ තාත්තා කීවේ මේ බලු සෙල්ලම හරි යන්නේ නැති නිසා බැල්ලව සැත්කමකට භාජනය කල යුතු බවයි. නැත...

කලකට පස්සේ වෙලකට බැස්සේ... කලකට ආයෙත් මෙහි නොබසින්නේ

Image
බහින්න වෙල් නම් ඉතින් මේ දවස් වල ඕනි තරම්. වැස්සත් නිසා වෙල් හොදටම මඩ වෙලා හිතේ හැටියට මඩ නා ගන්න පුළුවන් මේ දවස් වල වෙල්වලට බැස්සොත්. ඒත් කාලෙකින් මගෙ බ්ලොග් පැංචි දකිනකොට වාවන්නෙ නැතුව ගියා කොච්චර හොදට තිබ්බ වෙලක් ද දැන් මේ පුරන් වෙලා ගිහින් තියෙන්නෙ කියල. උගන්නන ඉස්කෝලෙ වැඩයි ඉගෙන ගත්ත ඉස්කෝලෙ වැඩයි ඔක්කොමත් එක්ක මගේ වැඩ අතපසු වෙනව කියල ගෙදරින් කෙදිරි ගානකොට මම නැසූ කන්ව ලැපේ ස්ක්‍රීන් එක දිහා ඇහිපිය නොගහ බලාගෙන ඉන්නවා. තාත්ත ඇවිල්ලා බැනලා යනවා මම ඒත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන අනිමිසයක. ගිහාම ඉතින් ඇහේ එකතු වෙලා තිබ්බ කදුල හොරෙන් බිමට හලා ගන්නවා. ඔහොම තමා ජීවිතේ. දැන් ඉතින් ආයි ඉස්කෝලෙ කතා ලියන්න වෙන්නෙත් නෑ මොකද පරණ ඉස්කෝලෙ වගේ නිදහසක් නැ ලියන්න. අනික ලියන ඒවා හරිම පරෙස්සමින් ලියන්නත් ඕනි.පොඩ්ඩ ගැස්සුනොත් සංජු ගෙදර වහලෙ පරාල ගනිමින් ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් හලාල් වෙලා තියෙන්නත් පුළුවන්. :D  මම ඉතින් කල්පනා කලා ලෝකෙට වැඩදායි දෙයක් කරන්නම් කියල. ඒ බ්ලොග් නොලිය තව ටික කාලයක් ඉන්න එක. චුට්ටක් දැන් නිවාඩුවක් ගන්න ඕනි බ්ලොග් ලෝකෙන්. හැබයි ඉතින් කොච්චර කාලෙකටද කියන්...

කේ.බී. අත්තා

Image
කේ.බී අත්තා යනු තවත්  හොඳම එක්කෙනෙකි.  හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය. කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ. කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජි නල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය. දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි. “මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?” “ඒ කඩෙන් තමා අප්පච්චී.” “ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ” ගංගා  පුංචී ට යකා නැං ගේ ය. “ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?” එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය. කේබී අත්තා...

ඔක්කොම පැටවු එක වගේ ය.

Image
අවුරුදු පහකට ආසන්න කාලයක් කටුවක් ලෙව කෑමෙන් පසුව මම හෝර්ටන් තැන්න කිට්ටුව තිබූ සිංහල මහ විදුහලට ආයුබෝවන් කියා පැමිණියෙමි. හිතාගෙන උන් තරම් ලේසියෙන් මට එයට සමු දී ඒමට නොහැකි විය. මා ආ දා මගේ පොඩ්ඩෝ දවසම මගේ පසුපසින් ආහ. මට සමුදෙන්නට පැමිණ හඬා වැටුනහ. මටද වචනයක් කතා කර ගන්නට බැරි වෙන තරමට ඔවුන්ගේ කඳුළු මා අසරණ කලේ ය. මොන මගුලකට මෙච්චර උඩ පැනගෙන මාරුවීම හදා ගත්තාදැයි මම සිතුවෙමි. කතාකර ගන්නට බැරි තරම් මගේ ඇස් වලින් කඳුළු කැට කැට කඩාගෙන වැටුණි. හයියෝ සංසාරේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති වී ඉන්නට තිබූ චෑන්ස් එකද නැති කරගෙන මම ආපසු ගෙදර පැමිණියෙමි. වසර 7 කට පසු මම අපේ ගෙදර ස්ථීර පදිංචියට ආපසු පැමිණියෙමි.  ඒ තව කොපමණ කාලයකටද කියා දන්නෙ දෙවියන් පමණි. ගෙදර පැමිණි මට ලැබුනේ අපේ ගෙදර සිට කිලෝ මිටරයක් පමණ දුරින් පිහිටි මුස්ලිම් පිරිමි විදුහලකි.  අවුරුදු 4ක් ඉංග්‍රීසි ගුරුවරියකම ව සිටි මට දෙමළ මාධ්‍ය පාසලකට පැමිණීම නිසා සිංහලද ඉගැන්වීමට භාර ගැනීමට සිදු විය. අයියෝ සංසාරේ සිංහල උගන්නන්නට මගේ ඔළුවේ කිසිම අදහසක් නැත. අදටත් නැත. ඉංගිරිසිය උගන්වා පළපුරුදු මුත් සිංහල උගන්නන එක නම් වහ කඳුරු කනව...

පළමු ආදර ආරාධනාව

Image
මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි.  හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් පට්ට ටියුබ් ලයිට්.  ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට.  ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ.  මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල.  අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික.   ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කො...

ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්

Image
පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය.   "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි." ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ.  එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි.  ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය.  මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ...

ආපහු අඬන්නට සිද්ධ වුණි.

Image
මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත. මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය. සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉ...

යක්කුන්ගේ දෙමාපියෝ

Image
මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්‍රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්‍රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.  මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්‍රඩ් සර් කියන්නෙ කතා සාගරයක්. ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ.  ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ.  දැන් ඔක්කොම ...