Posts

මගේ පැටවුන් ට බෙහෙත් විදලා...........!!!

Image
පුංචි කාලයේ මම එන්නත් වලට පණ බය ය. විදින තැනකවත් ඉන්නට කැමති නැත. නමුත් අද ඉන්නට සිදු විය. උදේ රැස්වීමෙන් පසුව විදුහල්පති (උ) තුමා පැමිණ "ටීච අද 7 පන්තියට බෙහෙත් විදින්න පී.එච්. අයි. මහත්තයා එනවා කිව්වා" යැයි පැවසූ විට මට සෑහෙන්න රිදුණි. පන්තියට ගොස් කියන්නට එපා යැයි උපදෙස් ද ලැබුනි.  3 වන කාලච්ඡේදයේදී මම සිටියේ 8 වන ශ්‍රේණියේ ය. වාහනයක් හා යතුරු පැදියක් පාසලට ඇතුල් වනු මට ඇසුණි. මම වහාම 8 පන්තියේ ඉශාන් ව ඒ කවුදැයි බැලීමට පිටත් කලෙමි. ඉශාන් දුවගෙන දුවගෙන නැවත පැමිණියේ ය. "ටීච ටීච සුදු පාට කැබ් එකකුයි බයික් එකක පොලිසියේ දෙන්නෙකුයි ආවා". මට බකස් ගා හිනා ගියේ පොලිසියේ දෙන්නා මතක් වීමෙනි. පේළියක් සාදවාගෙන අමාරුවෙන් මම 7 පන්තීයේ පොඩ්ඩන් රැළ පුස්තකාලයට එක්කරගෙන ගියෙමි. හෙදියන් දෙදෙනෙක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු දෙදෙනෙක් ද, දොස්තරවරයෙක් ද පුස්තකාලයේ විය. හා හාපුරා චතුරංගට පලමු එන්නත ලැබුණි.  පන්තියේ සිටින මැරයින් ටිකට දැන් උන ගැනී ඇත. මුහුණු බෙරි වී ගොස් ය. නම් දරා සිටි මැරයා වන උදාර "ටීච" ගාමින් මා වටා දැවටෙයි. අඩන්නට ඔන්න මෙන්නය. බලෙන්ම පුටුවක වාඩි කරවා...

සංජු in වොන්ඩර් land

Image
හප්පේ..... වෙලාව කීයද? 6.30 යි කණ පැලෙන්න සීතලයි ඒත් පස්ස පැත්තට ඉර එලිය වැටිලා නෙවෙ. ඇදෙන් බිමට රෝල් උන සංජු ජනේලෙන් එලිය බැලුවා. නියමෙට සීතල පින්න. සිග්නල් ටිකක් බුරුසුවේ ගා ගත්තු සංජු තුවායත් ෆේස් වොෂ් එකත් අරගෙන බාත් රුම් එකට බඩ ගෑවා. අම්මපා මෙහෙ මෙච්චර අව්ව තියෙද්දිත් සීතල!!!  කට සෝදන්නට වතුර කටවල් 2ක් ඇතිය. කටේ දත් සියල්ලම හිරි වැටී ඇත. කටක් තියේ ද නැද්ද කියාවත් නොදැනේ. සංජු ට සනීපයක් දැනේ. සංජු කාමරයට දිව යයි. යාර 6ක් නමයි පටලවයි කටු ගසයි. කොණ්ඩය පීරයි. පෝනියෙක් දමයි කොණ්ඩ කටුද ගසයි. ක්‍රීම් ගායි ලිප් බාම් ගායි අවුට් ලිනෙ අදියි ලිප්ස්ටික් ගායි ග්ලොස් ගායි. ඒයෙ පෙරදා බොරුවට උස්සාගෙන ආ පොත් නැවත බෑගයට දමයි. සෙරෙප්පු දෙක දමාගෙන කුස්සියට දුවයි.   බත රෙඩි ය.තේ එක රෙඩිය. ඕපාදූපයක් කියවා අසල ගොවිපලෙන් ලබෙන කිරි තේ එකෙන් බාගයක් විසි කොට බසයේ නලා ශබ්දයට දුවයි.   "සුබ උදෑසනක් ටීච"  වටේ ට ම සුබ පැතුම් ය.   සංජු සතුටින් පාසල වෙත පිය නගයි. උදෑසන රැස්වීම. ළමෝ සියල්ලෝ ම තම තමන් ගේ කතා ය. ගුරු මණ්ඩලය තම තමන් ගේ කතා ය. විදුහල්පති(උ)තුමා තනිව බලා සිටිය...

වැදගත් වීම

මීට වඩා ටිකක් වැදගත් විදියට මීට පස්සෙ ලියන්න කියලා හිතුණා. දැන් පිස්සු නටන වයස ඉවරයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් තාම අපේ අම්මලා මම 7 වසරෙ ඉන්න පොඩි එකී කියලා හිතාගෙන ඉන්න නිසා මට වැඩිය ප්‍රශ්නෙකුත් නෑ. (මම ඒ ගොල්ලන්ට කිව්වද මන්දා මම 7 වසරෙ ඉගෙන ගන්න කෙනෙක් නෙමේ 7 වසරේ පන්ති භාර ගුරුතුමී කියලා) ඔව්වා මෙව්වා කොහොම උනත් ඔන්න මම ටිකක් වෙනස් වෙන්නයි යන්නේ.

අපූරු ගීතයක්.....

Image
මේ ගීතය මුලින්ම අහපු දවසේ සහ මේ ගීතයේ රූප පෙළ දැකපු මුල්ම දවසෙ මට ජීවිතේ එපා වුණා. ඒ පරණ දේවල් මතක් වෙලා මට ටිකක් රිදුණ නිසා. ඒත් රිදි රිදී හරි මම මෙ සිංදුව රස වින්දා. ඒ ඒකෙ පද මාලාව නිසා විතරක්ම නෙවෙයි. හරිම අපූරු සංගීතය නිසා. ඒත් මම පුළුවන් උපරිම මේ සිංදුව මග අරිනවා. මග අරින සිංදුවක් ගැන ලියන්න හදන්නෙ මොකද කියලා ඔයාලා කල්පනා කරනවා නේද? ඒකට හේතුව තමයි මම මේ සිංදුව නිසා අපූරු අත්දැකීමක් ලබපු එක. ඒක නොකියම බැරි තරම් සුන්දර අත්දැකීමක්. මම මේ දවස් වල වැඩමුළුවකට සහභාගී වෙනව.ඒක තියෙන්නෙ නුවර එළියේ.මට ඒකට නුවර එළියේ යන්න උනේ මම වැඩ කරන පාසල එහෙට අයිති නිසා. සීතලේ කටු කන්න බැරි නිසා මම මේ දවස්වල ගමනාගමනය AC බස් වල. දවසක් මම එද්දි මේ සිංදුව බස් එකේ රේඩියෝවේ වාදනය වුණා. හරි පුදුමයි. බස් එකෙ සද්ද පද්ද ඔක්කොම ටික ටික අඩු වෙලා ගියා. කිසිම කෙනෙක් සද්ද කලේ නෑ. හැම කෙනාම මේ ගීතය ඇහුවා. අඩුම තරමින් බස් රථයේ රියදුරු අයියා බස් රථයෙ නලාව වත් නාද කළේ නෑ. (රියදුරු අයියා කිව්වෙ එයා අපේ ගමේ කෙනෙක්). මම බෙල්ල කරකවලා බස් එකෙ මිනිස්සු දිහා බැලුවා. හරි පුදුමයි හැමෝම සිංදුව අහනවා. සිංදුව ඉවර වෙලා ගිහාම ත...

කාලය ජීවිතය ඔබ සහ මම

Image
ජීවිතය අරුමයක් යැයි දැනේ. නොසිතු දේ සිදුවන, සිතූ දේ නොමවන, පැතූ දේ පැන ගොස්, නොපතූ දේ ලං කරවන එකවරක් පමනක් කල හැකි ක්‍රීඩාවක් සේ මට හැගෙයි. මේ කුමන සෙල්ලමක් කළ ද එය කිසිවෙකුටත් කිසි දිනෙක මාරන්තික නොවේවායි මම පතමි. ජීවිතය කරන සෙල්ලම් නිසා මනසට සිදුවන බලපෑම කෙතරම් පීඩිත දැයි මම අත් දුටිමි. ඇසුවෙමි. අනෙකුන්ගේ දෑස් වලින් දුටුවෙමි. වචන වලින් ඇසුවෙමි. ඒ එකදු පීඩාවක් වත් සදාකල් නොවන මුත් ඒවා අමතක කිරීමට සඩාකල් ගත නොවන මුත් ඉන් ඇති වෙන පීඩාව, වේදනාව දරන්නට සිතකට විශ්වයේ ම ශක්තිය උකහා ගැනීමට සිදුවේ. මනස යන්ත්‍රයක් කොට, කදුලු ගල් කොට, හැගීම් දැනීම් නැති නපුරුකමින් පිරුණු මිනිසුන් ඔබ කෙතරම් දැක ඇත්ද? සැබවින් ම මෙලොව ජනිත වන සෑම මනුස්සයෙකුම අපගේ ම කොටසකි. තම පපු කුහරය සිදුරු කරවන වේදනා අමතක කිරීමට මිනිසුන් යන්ත්‍ර වෙයි. කදුලු ගල් කර ගනියි. හැගීම් දැනීම් අමතක කර දමයි. නපුරුකම ලං කරගෙන ලෝකයෙන් වෙන් වෙන්නට තැත් දරයි. කිසි දිනෙක අප නොසිතුව ද සැබවින්ම ඒ පීඩිත දුක් දැරූ සිතක චිත්ත වේග පිට කිරීමයි. ඔබෙන් මම එක දෙයක් ඉල්ලා සිටිමි. සෑම සිතක් ම, සිතුවිල්ලක් තිබිය හැකි සෑම දෙයක් ම, මෙලොව සතුටින් වසන්න...

චක් දේ ඉන්දියා......... අපි ගැන ලැජ්ජ හිතුණු දවස.

Image
  අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම මේ මතෘකාව දාන්න සිද්ද උන එක ගැන නම් ටිකක් හිතට දුකයි. නමුත් ඒ ගැන ලියන්න තියෙන දේවල් මතක් වෙනකොට නම් ඒ දුක අඩු වෙනවා. දෙසැම්බර් 31 වෙනිද ට ලංකාවෙ තියෙන ටෙලිවිසන් චැනල් සේරම හින්දි චිත්‍රපට පෙන්නන තරගයක් තියනවා. ඒ අවුරුද්දේ දි ජනප්‍රිය වුණ චිත්‍රපට එකින් එක සියලුම චැනල් වල පොර කාගෙන පෙන්නන්නවා. ඉස්කෝලෙ යන කාලෙ බලපු හින්දි චිත්‍රපට වලට පින් සිද්ද වෙන්න මම අද මුහුණු පොතේ හින්දියෙන් වැඩ පෙන්නනවා. ඒ පුරුද්ද නිසා ද මන්දා ඉදලා හිටලා ෆිල්ම් එකක් යනකොට බලන්නමයි හිතෙන්නෙ. මේ දෙසැම්බර් 31 වෙනිදා මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් ටැලිවිසොන් එකේ ගියා. කොල්ලො කෙල්ලො ගැන කියන සම්මාන ගොඩක් ගත්ත ෆිල්ම් එකක්. ගෙදර 4 දෙනා බලන්න සෙට් උනාම බලන්න වෙන්නෙ වලි තමා. ඒත් ඊයෙ නම් මට තනියම රජ වෙන්න ලැබුනා. චැනල් සේරම මාරු කලත් අන්තිමට හිත නැවතුනේ මෙතන. බලන්න හිටපු එක නෙවෙයි....... "චක් දේ ඉන්දියා " මුලින් ෆිල්ම් එකේ ප්‍රචාරක පට යනකොට මම හිතුවෙ මේක මහ කම්මැලි එකක් කියලා. ඒත් ටිකක් බලනකොට තමයි ඊයෙ තේරුනේ මේක නොබලපු මෝඩකම කියල. බලපු හැමෝම මේකෙ කතාව දන්නව ඇති. ඉ...

2010...........!

Image
ලැබුවා වූ නව වසර ඔබ සැමට සුභම සුභ පැතුම් ඉටුවෙන නව වසරක් වේවා !