Posts

පළමු ආදර ආරාධනාව

Image
මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි.  හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් පට්ට ටියුබ් ලයිට්.  ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට.  ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ.  මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල.  අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික.   ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කො...

ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්

Image
පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය.   "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි." ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ.  එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි.  ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය.  මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ...

ආපහු අඬන්නට සිද්ධ වුණි.

Image
මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත. මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය. සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉ...

යක්කුන්ගේ දෙමාපියෝ

Image
මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්‍රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්‍රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.  මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්‍රඩ් සර් කියන්නෙ කතා සාගරයක්. ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ.  ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ.  දැන් ඔක්කොම ...

ඔබ එන තුරු.............

Image
                                       මගෙ සුදූ.........                            නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා. මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා. යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා.  ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝ...

චීන කතා 2 - කඩේ යාම

Image
මේක අර අපේ අයියා කිව්ව් දෙවනි කතාව. අපේ රටේ නසරානි අයියලා සෙට් එකක් චීනෙට ගොඩ බැහැලා කරපු හරියේ පළවෙනි කොටස කියෙව්වෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම මේක කියවන්න එන්න.  ඔන්න ඉතින් අයියලා ටික චීනෙ ගියා කියන්නෙ ඉතින් දන්නවනෙ.... අයියලනෙ නෝනලා සහ වෙන්ට නෝනලා බලාගෙන ඉන්නෙ ඉතින් තමන්ගෙ සුවාමිපුරුසයට, වෙන්ට බෝයි ට තමන් ව මතක් වෙලා මොනාද ගේන්නෙ කියලනේ. ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නැති ගානට බිබී හිට පු අපේ සැට් එකට එක පාරටම මතක් වුණාලු මේ සීන් එක. නිකන් අත හොල්ල හොල්ලා ගිහින් පැටියෝ මම ආවා කියනවට වඩා ඉතින් මොනවා හරි ගෙනියන එකනෙ හොඳ.   ඉතින් මේ යුතුකම් දන්න හො....................ඳ අයියලා ටික ඊගාව දවසෙ පාරට බැස්සලු තමන්ගෙ ආදරණීය බිරින්ඳෑවරු රැවටීමේ ව්‍යාපාරයට.  ඉතින් මග දිගට බල බල යනකොට කට්ටියටම පේනවලු ලස්සන හෑන්ඩ් බෑග් තියෙන කඩයක්. එක කඩයක් නෙවෙයි අනේ කඩ පේලියක් ම. කාන්තා පාර්ශවේට ඉතින් හෑන්ඩ් බෑග් කීයක් තිබ්බත් මදි බව අත්දැකීමෙන්ම දන්න අයියලා ටික ස් රූස්.... ගාල මේ කඩයකට රිංගුවලු.  හරි දැන් ඔන්න කට්ටිය හෝ ගාලා බෑග් තෝරනවලු. තම තමන්ගෙ බාරි ගෙ ...

නෝටි කොල්ලෝ

Image
මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ. මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක්.  මිනිහ ටිකක් තරහ යන නපුරු පොඩ්ඩෙක්. තාම ඉන්නෙ 1 වසරෙ. අනික හරිම පණ්ඩිතයි. කොහෙන් කටට එනවද මන්දා කියන දේවල්.  මේ දවස්වල පොරව ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නෙ ෆිට් එක හැදිලා. දැන් නම් හොදයි සෑහෙන්න. ෆිට් එකට දෙන බෙහෙත් නිසා එයාට තරහ යනවා කියලා තමා කියන්නෙ නම්. නමුත් ඉතින් මොණරතැන්න ගැන අපිට කියලා දෙන්න ඕනි නැති නිසා ඒ ගතිගුණ ආවෙ කොහෙන්ද කොහොමද කියලත් ඉතින් අපිට කොලේ වැහුවට අපි දන්නව. :ඩි ඉතින් ඔන්න මේ වසවර්ති පැටියා ඉස්පිරිතාලෙ ඉන්න අතරෙ දොස්තර මහත්තුරු සැරින් සැරේ ඇවිල්ලා බලනවලු.  මෙයා ගෙදරින් නිල් වෙලා තමා ඉස්පිරිතාලෙ ගෙනත් තියෙන්නෙ ඉතින් ටිකක් වැඩිපුර හොයල බලනව. මෙහෙම දවසක් ඒ දොස්තර මහත්තයෙක් මෙයාව පරීක්ෂා කරනවලු. මේ පොරත් ටික වෙලාවක් දොස්තර ගෙ මූණ බලාගෙන හිටියලු. ඉදලා එක පාරටම මුළු වාට්ටුවටම ඇහෙන්න සද්දෙන් දොස්තර මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.  "මේ ....... ඔයා අද උදේ දත් මැද්දෙ නෑ නේද?"  දැන් ඉතින් මොකේදැයි දන් වලඳන්නේ?  දොස්තර මහත්තයට මොනා හිතුණද දන්නෙ නෑ....