මල්ලිට ලොකු ඒවා........ මට පොඩි ඒවා.....!
මේ කතාව මාත් අපේ මල්ලිත් ගැන නම් නොවේ. නමුත් පොඩි කාලේ අපේ ගෙදරද මේ වගේ වලි අනන්න තිබුණි. නමුත් මේ තරම් මේ අක්කා ඇඩ්වාන්ස් නැත. මේ වලිය සිද්ධ වුනේ අපේ යාබද පාසැලක සහෝදර ගුරුතුමියකගේ ගෙදරයි. ඇයට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියක් වන අතර බාලයා පුතෙකි. සුපුරුදු පරිදි පොඩි එකා නිසා ලොකු එකා ගුටි කන සීන් එක මෙහෙදීද අඩු නැතුවම සිදුවේ. "මොකක්ද දුව මල්ලි පොඩියිනෙ" "මල්ලි පොඩියි ගහන්න එපා" "මල්ලිට දෙන්න මල්ලි තාම පොඩියි නෙ" දවසක් මේ වගේ වලියක් පටන්ගෙන තදට වලිය නැගලා ගියේ ය. මල්ලි නිසා අක්කාට ගුටි 3-4 ක් ද වැදුනේය. දැන් අක්කා හඩයි. හඩන ගමන් දෙස් දෙවොල් තියයි. "අම්මා හැම එකම කියන්නෙ මල්ලි පොඩියි මල්ලි පොඩියි කියලා. මොන පිස්සුද ??? මල්ලිට දෙන හැම එකමලොකුයි. මටයි තියෙන්නෙ ඔක්කොම පොඩි ඒවා" කෙල්ල මරහඩ තලමින් හඩයි. "අම්මම බලන්න මල්ලිගෙ හැම එකම ලොකුයි. බලන්න මට වඩා මල්ලිගෙ චූවත් ලොකුයි. මගෙ එක එතනත් පොඩියි. අම්මා කොහොමද කියන්නෙ මල්ලි පොඩියි කියලා" කෙල්ල නැවතත් මරහඩ තලමින් හඩයි. මේ ටීචර් අම්මා ඉස්කෝලයේ ඇවිත් සීන් එක කියලා පෙරලෙමින් ස...