ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා....!
ඒ සිංදුව ඇහෙන හැම වෙලාවකම මම ලග ඉන්න කෙනෙක් ගෙන් ඇහුවෙ කොහොමද දැන් දිලුම් ට කියලා.
කියන්න තරම් දෙයක් මගෙ හිතේ ඉතිරි වෙලා නෑ. හැම දෙයක් ම හිස් වෙලා.
වතුර කළ 7 ක් අරගෙන වැල් බෝධිය වටේ ගිය අපි පැතුවේ මේ අවසානය දකින්න නෙවෙයි.
ඒත් හිතුවටත් වඩා කලින් මල්ලි ...... ඔයා අපිව දාල ගිහින්.
සයිබර් සැණකෙළිය දවසෙ මම කලින් යන්න හදනකොට ඉදගෙන හිටපු ඔයා මට ඇනලා කිව්වෙ "ඇයි යන්නෙ ඉක්මනට?? අපිත් එක්ක යන්න ඉන්න" කියලා.
එහෙම කිව්ව ඔයාගෙ ඔලුව අතගාලා මම ආවා.
හැමෝම එක්ක එකට යන්න පටන් ගත්ත ගමනක..... මග වෙනස් කරගෙන ඔයා තනියම වෙන පාරක ගිහින් කියලා මම තාම අදහන්නෙ නෑ.
ඒත් ඒක ඇත්තලු. ඔයා ආයේ කවදාවත් එන්නෙ නැතිලු.
අපේ හදවත් වල හොරෙන් හොරෙන් අඩි තියපු ඉලන්දාරියා අපිව දාලම ගිහින්. ආයෙ නො එන්නම.............!
පපුවට දැනෙන වේදනාව සහෝදර කම වෙන්න ඇති. ඔය හිනාව කතාවල් අපිට ආයෙ ඇහෙන්නෙ නැති වේවි.
මල්ලී ඔබට නිවන් සුව!
:(
ReplyDeleteදිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!
ReplyDeleteඉලන්දාරියා කවදාවත් නොදැක්කක්ත්, කතා නොකෙරුවත් සයිබර් මිතුරු ඔබට නිවන් සුව!
ReplyDeleteඔයගේ පෝස්ට් එක බලලා මට ඇඬුනා.
ReplyDeleteවෙන මුකුත් දැන්මම නම් කියන්ට බැහැ. ඇහේ කඳුලු පිරිලා.
ඉලංදාරියෝ ඔයාගේ හඬ තාම ඇහෙනවා.. ඔයා කවදද ආයෙම චැට් එකට එන්නේ????
ReplyDeleteගිය තැන හොඳින් ඉන්න. මේ හිටියා වගේම....
S..........................A....................D
ReplyDeleteඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!
ReplyDeleteදිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!
ReplyDeleteසිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
ReplyDeleteසිතේ අප හැම මතක තවරා,
ආයෙ දවසක දකින්නට නැත,
සොයුර.........නුඹ,
නොකියම යන්න ගිහින්,
Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet
සුවසේ නිදන්න දයාබර කුමරුනි,
දෙවඟනන් කැළ ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!