චීන කතා 2 - කඩේ යාම
මේක අර අපේ අයියා කිව්ව් දෙවනි කතාව. අපේ රටේ නසරානි අයියලා සෙට් එකක් චීනෙට ගොඩ බැහැලා කරපු හරියේ පළවෙනි කොටස කියෙව්වෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම මේක කියවන්න එන්න.
ඔන්න ඉතින් අයියලා ටික චීනෙ ගියා කියන්නෙ ඉතින් දන්නවනෙ.... අයියලනෙ නෝනලා සහ වෙන්ට නෝනලා බලාගෙන ඉන්නෙ ඉතින් තමන්ගෙ සුවාමිපුරුසයට, වෙන්ට බෝයි ට තමන් ව මතක් වෙලා මොනාද ගේන්නෙ කියලනේ. ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නැති ගානට බිබී හිටපු අපේ සැට් එකට එක පාරටම මතක් වුණාලු මේ සීන් එක. නිකන් අත හොල්ල හොල්ලා ගිහින් පැටියෝ මම ආවා කියනවට වඩා ඉතින් මොනවා හරි ගෙනියන එකනෙ හොඳ.
ඉතින් මේ යුතුකම් දන්න හො....................ඳ අයියලා ටික ඊගාව දවසෙ පාරට බැස්සලු තමන්ගෙ ආදරණීය බිරින්ඳෑවරු රැවටීමේ ව්‍යාපාරයට. ඉතින් මග දිගට බල බල යනකොට කට්ටියටම පේනවලු ලස්සන හෑන්ඩ් බෑග් තියෙන කඩයක්. එක කඩයක් නෙවෙයි අනේ කඩ පේලියක් ම. කාන්තා පාර්ශවේට ඉතින් හෑන්ඩ් බෑග් කීයක් තිබ්බත් මදි බව අත්දැකීමෙන්ම දන්න අයියලා ටික ස් රූස්.... ගාල මේ කඩයකට රිංගුවලු.
හරි දැන් ඔන්න කට්ටිය හෝ ගාලා බෑග් තෝරනවලු. තම තමන්ගෙ බාරි ගෙ සාරි ගැන දන්නෙ අහවල් අයියම නිසා ඉතින් එක එක්කෙනා වෙන වෙනම තමන්ට අවශ්‍ය ඒවා තෝරනවලු. කඩේ අයිතිකාර චීනා දුංමැස්සෙන් පවා ඇද ඇද බෑග් පෙන්නනවලු. ඒ අස්සෙ අපේ එක අයියා කෙනෙකුට ඕනි වුණාලු මේ බෑග් වල මිල දැන ගන්න. ඉතින් අර කඩේ අයිතිකාර චීනට තට්ටුවක් දැම්ම අපේ අයියා මෙහෙම ඇහුවලු.
"හව් මච් ඊස් දිස් බෑග්?"
ඇස් දෙක දොඹ ගානට ලොකු කරලු චීනා අත් දෙකෙන්ම පෙන්නුවලු ගාන.
"තවුසන්ඩ් යූ ආන්"
මේක ඇහුනා විතරයි ගාණ අහපු අයියා විතරක් නෙවෙයි අනික් අයියලත් එතෙන්ට රොක් වුණේ තම තමන් තෝරා ගත්ත බෑග් එක්කලු. කට්ටියගෙම ඇස් දැන් චීනට වඩා ලොකු වෙලාලු. කටවලුත් ඇරිලලු.
"හව් හව්?"
"තවුසන්ඩ් තවුසන්ඩ්"
අපේ කට්ටිය දැන් තවුසන්ඩ් කියන එක මේ ලෝකෙ ජීවිතේට අහල නැති ගානට චීනගෙ මූණ දිහා බලාගෙන ඉන්නවලු. චීනා දන්න චීන අඩි දාලා තවුසන්ඩ් පෙන්නන්න හැදුවත් අපේ කට්ටිය ට තේරෙන්නෙම නෑලු. ඔන්න මෙහෙම අමාරුවෙ වැටිලා ඉන්න චීනාට එකපාරම ගණ දෙවි නුවණ පහල වුණාලු. මිනිහා පැන්න ගමන් කඩේ තිබ්බ කැල්කියුලේටරේ අරගෙන 1000 ගහලා පෙන්නුවලු.
චීනාගෙ මොලේට ගණ දෙවියෝ වැඩියේ ඒ වෙලාවෙ වුණාට චීන නොදන්න දේ තමා අපේ අයියලාගේ මොලේ තමා ගණ දෙයියන්නෙ ස්ථිර වාසභවන කියලා. අපේ කට්ටියත් අතෑරියේ නෑ. ගත්තා චීනා අතින් කැල්කියුලේටරේ.
"වී බයි 5" කියලා අපේ එවුන් ටික කැල්කියුලේටරේ 5 ගහලා දුන්නලු.
ඉතින් චීනා මොකද කලේ! 1000 X 5 = 5000 කියලා ගහලා ඒකෙ ගහලා ආපහු අපේ කට්ටියට දීල චයිනීස් හිනාවක් දැම්මලු. කැල් එක අතට ගත්ත අපේ සැට් එක ඇද්දලු ඇදිල්ලක් උඩට සුසුසුසුසුසුසුසුසුසුසුසූසුසුසුස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාලා අයේ චීනා තව ටිකෙන් අපේ කට්ටියගෙ පෙණහැල්ල අස්සෙන් තමා ගන්න වෙන්නෙ.
අපේ අයියා පැන්නලු. ගත්තලු කැල් එක. ගැහුවලු මොනවදෝ. දුන්නලු චීනට.
"නෝ නෝ නෝ දැට් ඊස් එක්ස්පෙන්සිව්. දිස් ඊස් අවර් ප්‍රයිස්"
අයියගෙ ගාණ දැක්කම චිනාට හුස්ම හිර වෙන්න ඇවිත් ඔළුවෙ අතක් ගහගත්තලු. අපේ අයියා ගහලා තියෙන්නෙ 10 X 5 = 50.
අසරණ චීනා දැන් රටේ නැති අනන් මනන් කියනවලු. ඒ අස්සෙ අපේ කට්ටිය තව අපූරු දේකුත් නෝටිස් කලාලු. චීනා එක බෑග් එකක් 1000 යි කියලා කියල තියෙන්නෙ බොරුවට නෙවෙයි. ඒ බෑග් කඩේට එන චීන මිනිස්සු 1000ක් දීල බෑග් අරගෙන යනවලු. අපේ කට්ටිය දැන් ඉතින් ඉන්නවලු චීනා යූ ආන් 1000 ට විකුණන බෑග් එක 10 ට ගන්න.
චීනා මේ යක්කුන්ගෙන් තියෙන මල වදේ කියලා චයිනීස් වලින් හිතලා ගත්තලු කැල් එක ගැහුවලු. 900 X 5 = 4000. දැන් ඉතින් අපේ කට්ටියට සැටිස්. ගත්තලු කැල් එක ගැහුවලු තමන්ගෙ ගාණ. 10 X 5 = 50 කියලා ඔරිජිනල් ශ්‍රී ලංකන් ස්මයිල් එකක් දැම්මලු චීනට.
මේ විදියට දැන් මේ සීන් එක දැන් සෑහෙන්න වෙලාවක් ඇදිලා ගියාලු. ඉස්සෙල්ල යූආන් 1000 යි කිව්ව බෑග් එක දැන් 200 ට බැහැලලු. අපේ කට්ටිය ඒත් අතෑරලා නෑ. චීනාව බල්ලටම දාල අර බෑග් වල ගාන හෙට්ටු කරනවලු.
අන්තිමට චීනා ගත්තලු තමන් ගෙදරින් ගෙනාව බෑග් එක. කරේ දාගත්තලු ඒක. දෙකට නැවිලා අපේ පොරවල් ටිකට වැන්දලු.
"යූ ස්ටේ.... අයි ගෝ" කිව්වලු. ගියාලු.
හිතා ගන්න බැරි තරමට වේගෙන් වෙච්ච වැඩේ නිසා අපේ කට්ටිය නිකන් තක්කු මුක්කු වුණාලු. ඒ අස්සෙ බෑග් ගන්න ආව වෙන මිනිස්සු කඩේ අයිතිකාර චීනව හොයනවලු. අපේ කට්ටියටම කඩේ කර ගන්න කියලා භාර දීල චීනා මාරු වෙච්චි බව කියන්නෙ කොහොමද? මොකෝ අපේ කට්ටිය චයිනීස් දන්න එකක්යෑ.
ඔන්න පැය දෙකකට විතර පස්සෙ චීනා ආවලු. අපේ කට්ටිය තාම කඩේ ඇතුලෙලු.
"200 X 5 = 1000 සර්... අයි ලොස් අයි ලොස්" චීනා නහයෙන් අඬනවලු. අපේ කට්ටිය ඔන්න අන්තිම ලංසුව තිබ්බලු. 50 X 5 = 250.
චීනා ආයෙ අඬනවලු.
"සර්, අයි බයි ෆිෆ්ටි.... යූ ටේක් ෆිෆ්ටි අයි ලොස් අයි ලොස්"
බලනකොට මේ හොරගෙඩි චීනා යූ ආන් 50 ට ගන්න බෑග් ලූ විදේශිකයට චීනට වෙනසක් නැතුව යූආන් 1000 ට විකුණන්නෙ. අපේ කට්ටියත් දැන් ඉතින් හොඳටම දන්නවනෙ මූ කොණ්ඩෙ බැන්ද චීනෙක් නෙවෙයි කියලා. මෙහෙම මේ යකාව තව දුරටත් මඬවන එකේ තේරුමක් නෑ කියලා අපේ කට්ටිය අවසාන තීරණේ කැල් එකේ ගැහුවලු.
60 X 5 = 300
තවත් මේ නසරාණි සිරිලංකා කාරයො ටික තියා ගත්තොත් තමන්ට කැඳත් නැති වෙන බව තේරිච්ච චීනා මේ ගානට එකඟ වුණාලු. අපේ කට්ටිය ඒ ගානට බෑග් 5ක් නෙවෙයි 10ක් අරගෙන ආවලු.
මේ කතාවෙන් ගන්න විශේෂ ආදර්ශයක් නම් නෑ. ඒත් මේ වගේ සිද්ධි අපේ රටෙත් ඕනි තරම් වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ඉන්න සපත්තු නිශ්පාදකයො එතකොට බෑග් නිශ්පාදකයෝ ඒ වගේම සාරි සහ ආභරණ නිශ්පාදකයොත් කණ රත් වෙන තරම් තමගෙ ලාභය දාල තමා ගාණ කියන්නෙ කියලා. අනේ මන්දා ඉතින් මම නම් කියන ගාණක් දීල අරගෙන එනවා. අපේ අම්මා තමා ගියොත් ගේම ඉල්ලන්නෙ කඩේ මුදලාලිගෙන්.
අපේ අයියා ආපහු පාරක් චීනෙට යනවලු. බොහෝ විට මේ මාසෙ මැදක හෝ අග එහෙම නැත්නම් ලබන මාසෙ අනිවාර්යයෙන්ම. මේ කතා සිද්ද වෙනකොට මාස 6ක් හිටියා වුණත් මේ පාර නම් සති 2යි. ඒත් මම කියලා තියෙන්නෙ අපේ සහෝදරීට සහ පුංචි පැටියට ගේන දේවල් වලට අමතරව මටත් ලියන්න කතා ටිකක් අරගෙන එන්න කියල.
හැබැයි අපේ අයියට ආයෙ නම් අර බෑග් කඩේ පැත්තෙ යන්න බැරිවෙයි මොකද ලංකාවෙන් යන සැට් දකිනකොටම දැන් ඒ චීනා හිස බදාගෙන බිම පෙරලි පෙරලි වචන දෙකක් කිය කිය කෑ ගහනවලු.
"නෝ සිරි ලංකා.... නෝ සිරි ලංකා"
හැබැයි චීනෙන් ගේන චීන බඩු අපේ රටවලට එවන ඒවාට වඩා හොඳයි.
ReplyDeleteඑහෙනම් අපේ අයියලා කොන්ඩෙ බැදපු චීන්නුත් අන්දනවා නොවැ..හික්ස් :D නියම කතාව..
ReplyDeleteඑහෙනං චීනට දුන්නා බඩේ පහර...
ReplyDeleteචීනව කඩේ යවල වගේ.
ReplyDeleteහෆොයි පව්ව්ව්ව්ව්ව්ව්ව්....... චීනා.....
ReplyDeleteඅපූරු කතාව. "නෝ සිරි ලංකා.... නෝ සිරි ලංකා" මං හිතන්නෙ ඉන්දියන් කට්ටිය යනකොටත් චීනා ඔහොම කෑගහනව ඇති. අනේ එතකොට ඉන්දියන්කාරයෙක්ගෙ මූණ බලන්න ආසයි මට,
ReplyDeleteමේ කතාවෙන් ගන්න විශේෂ ආදර්ශයක් නෑ කිව්වට අක්කේ නැත්තෙත් නෑ නෙ. කියන ගානට එක පාරටම ගන්න එපා කියන වැදගත් අවවාදය මේ කතාවෙන් හොදටම ඔප්පු වෙනවානෙ අක්කේ..:D
ReplyDeleteශ්‍රී ලාංකීය අභිමානය ;)
ReplyDeleteචීනාට වෙච්චදේ හිකිz
ReplyDelete//චීනා මේ යක්කුන්ගෙන් තියෙන මල වදේ කියලා චයිනීස් වලින් හිතලා ගත්තලු කැල් එක ගැහුවලු. 900 X 5 = 4000//
ReplyDeleteහපොයි..සංජු ටීච............................
සොරි හොඳේ.
මරු කතාව චීනන්ට එන්න කියමු ඇවිත් රට බලන්න කියමු..
ReplyDelete@ චම්ම... මල්ලි සිරාම කතාව කියල තියෙන්නේ.
ශ්‍රී ලංකා කොල්ලො වසයි කියල තමයි කියන්න තියෙන්නෙ..
ReplyDelete@hari
ReplyDeleteඅපොයි ඉන්දියන් කාරයෙක් අවනම් මොනවා වෙයිද දැන් නෑ?
මේක කිව්වට ඉන්දියන් කාරයෝ තරහා වෙයිද දැන් නෑ. හැබැයි ඉන්දියන් කාරයෝ ප්‍රසිද්ද හෙමිහිට බඩු පන්නන (සරල සිංහලෙන් කියවනම් හොරකන් කොරන එක) වැඩ වලට තමා.
මගේ එක ආචාර්යතුමෙක් කී විදිහට මේ ලෙඩේ (හොරකන් කොරන) උගත් ඉන්දියන් කාරයන්ටත් තියෙනවා.
හොක් හොක් . . . . .අයිය ආපහු චීනෙට යන්න ට්‍රයිකරනව නං . . . ටිකක් හොයල බලන්න මොකද්ද හොරේ කියල . . . .
ReplyDeleteචීනේ අය ඉංග්‍රීසි කතා කරන්නේ ඔහොමම තමා.. හිකිස් කතාව බලා මිටියා වගේ ලියලා
ReplyDeleteඅපේ අයියලා චීනට බෑග් බිසිනස් එපා කරල නේද.. හික් හික්
අනේ අය්යට පුලුවන්නම් කියනවාද මටත් මොනවා හරි අරගෙන එන්න කියලා අය්යලා ඉතින් ගෙන එවා නිකන් වගේ ගානකටනේ ගෙන්නේ
ReplyDeleteබින්දි : වෙන්න ඇති අපිට චීන බඩු කියලා ගේන්නෙ කොහෙ බඩුද කියලා කවුද දන්නෙ
ReplyDeleteවිශ්ව : මේ අයියලා එහෙම තමා... හෆ්ෆා... අනික් කතා ඇහුවනම් තනි ඇහැට ඇඬෙන්නෙ
ReplyDeleteමාළු : චීනට මතක හිටින්න වැදිලා තියෙන්නෙ
ReplyDeleteපිණි බිඳු සහ හා පැටික්කී : පව් තම චීනට වැලේ වැල් නෑ
ReplyDeleteහරී අක්කා : මම අහලා තියන විදියට ඉන්දියන්කාරයො අපේ අයට හපන්
ReplyDeleteනිසුපා: ඔව් අනේ ඒ වුනාට මම නම් එහෙම්මම තමයි හෙට්ටු කරන්න ලැජ්ජයි
ReplyDeleteචම්මා, නදී සහ ලකී : හ්ම්ම්ම්ම්ම් එහෙම තමා අපේ කට්ටිය
ReplyDeleteක්සැන්ඩ‍්ර: බෑ බෑ අපේ කට්ටිය එහෙ යවන්නයි ඕනි ආයේ චීන්නු සිතියමකවත් ලංකාව දිහා බලන එකක් නෑ
ReplyDeleteපිසාච : යා යා ලංකාවේ කොල්ලෝ වසයි
ReplyDeleteඕනයියා : ආපහු කෝස් එකකට තමා. ට්‍රයි කරන්න ඕනි නෑ හොඳට වැඩ කලාම එයාලම තෝරලා යවනවා
ReplyDeleteහන්ශී : ආයෙ අහලා අයියා මේක පණ පිහිටුවලා කිව්වනෙ. එයාගෙ කටින්ම ඇක්ශන් එක්කම අහන්න තිබ්බනම් තමා මරු
ReplyDeleteදේවා : අම්මපල්ල.... බෑ බෑ බෑ බොගෙ ලිස්ට් එක දුන්නම මගෙ එකට මොකද වෙන්නෙ ?????
ReplyDeleteකෝ සන්ජු ටීච..,.තවම 900 X 5 = 4000 යිනෙ...චයිනීස් කැල්කියුලෙටර් එකක් හින්දද ?...
ReplyDeleteLucky : appatasiri.... ow ow Calculater eka Chinese. poddak uspet :D
ReplyDelete