පළමු ආදර ආරාධනාව
මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි.
හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් පට්ට ටියුබ් ලයිට්. ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට.
ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ. මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල.
අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික. ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කොල්ලො ලියුන් දෙනව ඒවට ප්‍රතිචාර දෙනව කොල්ලන්ගෙ හැඩරුව බලනව එක විකාර ගොඩයි. ඉතින් අර සුදු කොල්ලෙක් අපේ වෑන් එකේ ඩ්‍රයිවර් වෙලා ආවම අපිට අහල පහල අක්කලගෙන් ලැබෙන ප්‍රතිචාර හරී ඉහලයි.
කොහොමත් මම හාවා අයියගෙ ප්‍රසන්න පෙනුමටත් හරි කැමතියි. මොකද මිනිහා ආව දවසට මිනිහගෙ කට තියෙන්නෙ කණේ. අපිත් එක්ක යන අක්කා කෙනෙක් තම දවසක් කිව්වෙ මට හාවා අයියා ඉස්සරහ තියෙන කණ්නාඩියෙන් පස්ස බලනව වැඩියි කා දිහා ද දන්නෙ නෑ බලන්නෙ කියලා. ඉතින් මගුල මට මොකටද ඒවා. අනික මම හෙන ටියුබ් ලයිට් නිසා ඕවා කොහොමත් මීටර් වෙන්නෙ නෑ.
ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා මම වෑන් එකෙන් බහින තැන ඉඳලා දවසක් හාවා අයියා මාව අල්ලගත්තා එයාගෙ පියාට නොපෙනෙන්න. අල්ලගෙන මට කිව්ව අනේ නංගි මට ඔයාව හම්බ වෙන්න ඕනි කියල. නෝන්ඩි හිනාවක් දාපු මම කිව්වෙ ඇයි මේ හම්බ වෙලා නෙවෙයි ද ඉන්නෙ කියල. මිනිහට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති ඒ වෙලාවෙ. ඒ පාර මූ කියනව නෑ නෑ මට ඔයාව තනියම හම්බ වෙන්න ඕනි කියල. ඒ වෙලාවෙ කවුරුත් පාරෙ හිටියෙත් නෑ. මම ආපහු ඇහුවා දැන් මෙතන කවුරුත් නෑ නෙ කියල. මූ කියනව හෙටම හම්බ වෙන්න ඕනිලු. මගෙත් ටිකිරි මොලේ නෙ. මම කිව්ව එහෙනම් මේ වෙලාවට එන්න කියලා.
ඊගාව දවස වෙද්දි කොටින් ම මට අමතක වෙලා තිබ්බෙ මම මෙහෙම මිනිහෙකුට එන්න කිව්ව කියලත්. ස්කූල් වෑන් එකෙන් බැහැලා ගලකට පයින් ගගහ කන්ද නගින්න පටන් ගත්තා විතරයි මෙන්න මේ යකා කොහෙන්දෝ පාත් වුණා.
"නංගි"
"ආ අයියා"
"මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනව නංගි"
"ඉතින් අහන්න" මම දිගටම ගල් වලට පැන පැන පයින් ගසමින් කන්ද අද්දයි.
"මම ඔයාට කැමතියි. "
"ඉතින් මමත් ඔයාට කැමතියි"
"ඈහ් ඇත්තද?"
"ඔව් ඉතින් අන්කල් නැති දවසට ඔයානෙ අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්නෙ"
හාවා අයියාට වස බොන්න හිතුනාට සැක නැත.
"නෑ නෑ.... ඔයාට කොල්ලෙක් ඉන්නවද?"
"නෑ" දිගටම ගල් වලට පයින් ගසමින්.......
"මම ඔයාට කැමති ඒ විදියට"
"කොයි විදියටද?"
"ඔයා කැමතිද මාත් එක්ක යාළු වෙන්න?"
"ඉතින් හලෝ මම ඔයත් එක්ක තරහ වෙලායෑ ඉන්නෙ මේ කතා කරන්නෙ යාළු වෙලා නෙවෙයි ද?" ගල් වලට තවම පයින් ගසයි.
"නෑ නංගි මම කැමතියි ඔයාට. මගෙ ගෑණු ළමය වෙනවද?
හුටා............!
ඒ වෙලාවෙ මගේ කටට ආ දේ එලෙසම ලියමි.
"අයියා මට වෙන කොල්ලෙක් ඉන්නව. ඔයා එක්ක යාලු වෙන්න බෑ"
එසේ කී මා එප පිම්මට ගෙදරට දිව ආමි. පපුව තවමත් ගැහේ. ගණනය කිරීම් හරි නම් හේ අඩුම තරමේ මට වඩා අවුරුදු 8-9ක් වත් වැඩිමහල් විය යුතුය. අනික ඒ අපේ ස්කූල් වෑන් ඩ්‍රයිවර් ගේ පුතාය. ලව් කරන්න ගියොත් ඉස්කෝලේ ගිහිල්ලාද හමාරය. ඔය මට හිතිච්ච එව්වාය.
කතාව ඉවර නැත. මම අපේ අම්මාට මේ සිද්ධිය කියා තාත්තාට නොකියන ලෙස ශපථ කරවා ගතිමි. දින දෙකක් පමණ කිසිදු හැල හොල්මනක් නැතිව ගියේය.
දිනක් මම පාසැල් හැරී එන විට ටවුමේ කට්ටිය මා දෙස කන්න වාගෙ බලා සිටියහ. විශේෂයෙන් ම ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ ය. දින 2-3ක් ම මේ සිද්ධිය දිගටම සිද්ධ විය. මම යන එන විට සියල්ලෝම මා දෙස කන්න මෙන් බලා සිටිති. ඉවසා බැරිම තැන මේ ගැන අම්මාට කියන්නට මම තීරණය කළෙමි.
"අම්මි ටවුමෙ මිනිස්සු හරි අමුතු විදියට මගෙ දිහ බලනවනෙ. හාවා අයියා මොකුත් කියලද දන්නෙ නෑ"
එවිට අපේ අම්මා අමුතු හිනාවක් දැම්මාය.
"තාත්ති හාවා අයියට කණට ගහල!!!!!!!"
"හෑ"
"හ්ම්ම්ම් මම එයාට කිව්වා. දවල් ගිහිල්ලා කුමාර අයියගෙ කඩෙන් බඩු ගන්න එතන හාවයියා ඉඳලා තාත්ති එක පාරම ගහලා"
"ඉතින්?"
"හොඳ වෙලාවට කුමාරයියයි රාජයියයි පැනලා තත්තිව අයින් කරලා."
දැන් සනීපය. ටවුමේ උන් මාව කන්න වගේ බලාගෙන ඉන්නෙ මේ නිසාය. එදයින් පස්සෙ මමද පාඩමක් ඉගෙන ගතිමි. ඒ නම් ආයෙ අපේ අම්මාට රහස් නොකීමයි. සෑහෙන කලක් යන තුරු මම අපේ අම්මට ඉන්පසු රහස් කීවේ නැත. නමුත් එදා ඒ ඇති වූ දුරස් බව නම් තවම අපි අතර තිබේ. ඒ මදිවාට හාවා අයියා.....!!!! නැවත කිසිම කිසිදාක මගේ මූණ නම් හේ බැලුවේ නැත. අදටත් හේ මම යන පාරකින්වත් නොයෑමට වග බලා ගනියි. ඒ මා දකින් වාරයක් පාසා කණේ පහර සිහි වන නිසා විය හැක!
පව් අප්පා හාවා.... හරි අහිංසක සතෙක්නේ.......!
ReplyDeleteහොඳ වෙලාවට ආදරය වෛරයකට පෙරලුනේ නැත්තේ අහිංසක හාවගේ.....!
වෛරයක් වෙලාද මන්දා අයියා එදා ඉඳලා මගෙ මූණවත් බලන්නෙ නෑ
Deleteඅටේ පංතිය තමයි බං පංතිය . . . . සැහ් හත වසරෙදි අටේ අක්කලට බැහැල පටංගත්ත බැහිල්ල ඒ ලෙවල් කරල ඉස්කෝලෙං එලියට එද්දිත් අට වසරම තමයි.
ReplyDeleteයා යා
Deleteහපොයි මේ බ්ලොග් එක කාගෙද කියලා බැලුවේ..මේ සංජු මිස්ගෙ බ්ලොග නේ..
ReplyDeleteකාපු කනේ පාරටද තාමත් බලන්නේ නැත්තේ
වස විලි ලැජ්ජාවනෙ පස්සෙ අපේ පුංචිලත් මිනිහට නෝන්ඩි කරලා තිබ්බා පොඩි එකීගෙන් යාලු වෙන්න ඇහුව කියලා
Deleteහනේ පව් හාවා අයියා....ටියුබ් ලයිට් උනාට ගානට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා පැනලා දුවලා තියෙන්නේ...
ReplyDeleteඑහෙම කලේ නැත්නම් මෙලහකට මගෙ ළමය 11 වසරෙ
Deleteහුටා...ඔච්චරටම ටියුබ් ලයිට් ද සංජු ටිච...හී හී...
ReplyDeleteමමත් ඔය වගේ ටියුබ් ලයිට් පාට් නම් දාලා තියනවා..හැබැයි ඇත්තටම ටියුබ් ලයිට් හින්දා නෙමෙයි...ගැලවෙන්න ඒක හොඳ ක්‍රමයක් හින්දා..:)
සමහර වෙලාවට මමත් එහෙම කරනව. හිතල කරනවට වඩා වැඩිපුර ඉබේ තමා වෙන්නෙ
Deleteඅනේ පව් අප්පා අර අයියා...:D
ReplyDeleteමොනා කරන්නද පොඩීඩියේ :)
Deleteඅනේ හෆොයි අසරණ කොල්ලා ?! පව් අෆ්ෆා.. පාන්දරම හිනා වෙලා ලේ පිරිසිදු කර ගත්තා..8-9 පන්ති වල කතාව නම් සම්පූර්න ඇත්ත..ඒ කාල වල පොදුවේ ගෑණු ලමයි බහුතරයක් ටියුබ් ලයිට්ම තමයි නංගි..
ReplyDelete"මං ඔයාට ආදරෙයි , ඔයාත් මට ආදරෙයිද ?" කියලා අහපුවහම
"ඒ මොකටද?" කියලා මගෙන් අහපි .. අනේ මන් අසරණ වෙච්ච අසරන විල්ලක්..තව කතා මොනාටද ?
එහෙම තමා වෙනී අයියා... කොල්ලො පව් කියලත් හිතෙනව වෙලාවකට කන කටු දැක්කහම
Deleteඔන්න බලන්න . . කෙල්ලංගෙන් ඔහොම ප්‍රශ්න අහල කින්ඩි වෙනවට වඩා කොච්චර පිලිවෙලද "නිකං තියෙන ගර්බාශෙනෙ නංගි, හදමුද ළමයෙක් ?" කියල ඇහුවනං . . . කෙල්ලට එකෙංම තේරෙනව මූ එන්නෙ මොකාටද කියල . . කැමති උනොත් එහෙම ආය අතගගා ඉන්න ඕනෙත් නෑනෙ
Deleteහප්පා.... ඒ දවස් වල ඉඳන්ම යෝජනා ඈ....
ReplyDeleteයා යා දෙවනි එකත් එල සීන් එකක්... ඒක මතක් වෙනකොට අදටත් මගෙ කොන්ද හිරි වැටෙනව.
Deleteඅහ්හ් හිහි හාවා බය වෙන්න ඇති අම්බානට. තාත්තා ගහපු එකේ වරදකුත් නැහැ. ඇයි හතිලව්වේ 8 වසරේ කෙල්ලටනේ යෝජනා කරලා තියෙන්නේ
ReplyDeleteයා අපේ තාත්තා ඇත්තටම එහෙම කලාද කියලත් මට තාමත් හිතා ගන්න බෑ. ඒ තරම් පූස් පැටියා
Deleteඅප්පතිලි පව් අප්පා අර අසරණ කොල්ලා... :D
ReplyDeleteපව් නම් තමා ඉතින් මොනා කරන්නද?
Delete"කිරි සුදු හාවා පැන පැන ආවා...."
ReplyDeleteඅනේ පවු අනේ හාවා... ඔය ටියුබ් ලැයිට් එවුනුත් පට්ට...
හැබයි එපා වෙන්නේ වටෙන් කියන කතා තේරුන් ගන්නේ නැතුව තේරුම් කරලා දෙන්න ගිහාම.
හිකිස්.... වෙලාවකට ඉතින් ජොලි... මොකුත් දන්නෙ නැති බබා වගේ ඇස් දෙක ලොකු කරල බලාගෙන ඉන්නව (හැබැයි ඔක්කොම මීටර් වෙලා ඉවරයි)
Deleteහප්පේ එකනම් ඇත්ත, අම්මට මොනවා තාත්තට කියන්න එපා කියල කිව්වත් අනිත් දවසේ තාත්තා දැනගෙන :/
ReplyDeleteපව් අර අය්යා
ඔව් අනේ ඒක නම් කියල වැඩක් නෑ
Deleteපව් වැඩේ අහිංසකයා! මේ කෙල්ලංගේ මෝඩ වැඩ හන්දා කොල්ලොමනේ ලැජ්ජ වෙන්නේ! :D
ReplyDeleteහික් හික්
Deleteකයියෝ පව් වැඩේ හාවාට. නමුත් එහෙම ගහපු එකනම් වැරදියි සංජුවෝ.. තාත්තට කියහං එහෙමකිව්ව කියල මං හික් හික්....
ReplyDeleteහා මම කියන්නම්කො
Deleteහප්පේ.. ඉතින් ඒ කාලේ පිහිය ඇනුම් ඇසිඩ් ගැහීම් එහෙම තිබ්බේ නැති හොඳට ගියා නේද?
ReplyDeleteඑහෙනම් ඉතින් මම හරි අපේ පියා හරි තමා ගොදුර වෙන්නෙ
Deleteපව් හාවා අයියා
ReplyDeleteෆවූඌඌඌඌඌඌඌ
Deleteඉනික්බිතිව ඒ කුමාරයා ඉතා සතුටින් දිගු කලක් ජීවත් විය...
ReplyDeleteවෙන කශාදයක් බැඳ මේ වෙනකොට දරුවන් 4 දෙනෙක් හා බිරිඳ සමඟ
Deleteහැක්. එතකොට අක්ක ආයෙ ඒ වෑන් එකේ ගියෙ නැද්ද ?
ReplyDeleteගියා.... වෑන් එකේ අන්කල් ඒවා දන්නෙ නෑ. ටික දවසකින් හැබැයි අපේ පල්ලෙහා ගෙදර ඇන්ටිලා වෑන් එකක් දාල මම ඒකට මාරු වුණා
Deleteයකඩෝ මම ඉපදිලා අවුරුද්දයි
ReplyDeleteඒකනෙ අපි පොඩි ළමයි තවම
Deleteහයියෝ.
ReplyDeleteඇයි අනේ!!!!
Deleteහයියෝ! අර කොල්ලට ආදරේ අප්පිරිය වෙන්න ඇති! ඇඩෙනවා!
ReplyDeleteඔව් අප්පා... කාලයක් මිනිහා ඊට පස්සෙ කෙල්ලක් යන අඩි පාරකවත් ගියේ නෑ
Deleteකොහොම උනත් කොල්ලා දැන්නං අංකල් කාරයට හරි ආදරේ ඇති..ඌට කනට එකක් ගහලා හරි මේ විපතින් එදා බේරුවා කියලා..:D
ReplyDeleteසිරාවට මාරයියා.... ඊට අවුරුදු 4 කට විතර පස්සෙ අපේ අත්තා නැති වෙලා මළ ගෙදරදි මම දැක්කනෙ හාවායි අපේ තාත්තයි කරට අත දාගෙන සෙට් වෙලා!!!!!!!!
Deleteපව් අනේ හාව අයියා!
ReplyDeleteබලාගෙන ගියාම අපි දෙන්නම එක වයසෙනේ. මම හිතන්නේ ඔය අවුරුද්දේ ඉපදුනු අයට තියෙන කොමන් ප්‍රශ්නයක් ඔය ටියුබ් ලයිට් සීන් එක. :D :D මටත් ඉතින් අනේ කවුරු හරි තරහට හින්ට් එකක් ගැහුවත් ඒත් තේරෙන්නේ නෑ ඒ මට හින්ට් එකක් කියල. ඒකත් වෙන කවුරු හරි කියල දෙන්න වෙනවා.
හිකිස් මමත් එහෙමයි. නිරෝශිනී අද තමා දැක්කෙ මතක විදියට නම්..... ආවට ස්තූතියි මේ පැත්තෙ...!!
Deleteකතාවක් තියෙනවානේ සංජු එක ගොන්වැඩක් කරන්නේ එක පාරයි කියලා....හි හි හි.....අවුලක් නෑ...ඔයා කරපු දේ නම් හොඳයි මොනවා උනත්....
ReplyDeleteහික් හික් හික් මිනිහා දැන් පවුල් වෙලා සාමකාමීව ඉන්නව. ඒ කාලෙ නම් මම පොඩි එකා නිසා මිනිහ හිතන්න ඇති මාව ගැලපෙනවා කියලා. මේ වෙද්දි තමා තේරෙන්නෙ මිනිහා දැන් මට වඩා අඟල් 5-6ක් කොටයිත් කියල :)
Deleteඋගෙ ග්‍රහයෙක් මාරුවෙලා. ඒකනෙ තාත්තගෙන් කණේ පාරකුත් කාලම ඔයා වගේ කෙනෙක්ගෙන් බේරෙන්න ලැබිල තීන්නෙ.
ReplyDelete"නමුත් එදා ඒ ඇති වූ දුරස් බව නම් තවම අපි අතර තිබේ." මේ තමයි වැදගත්ම කොටස. දෙමාපියො විස්වාසෙ කඩන්න හොඳ නෑ කියල මතක තියාගන්න, ඔව්ව තම්න්ටත් පාඩං.
ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්ර
Deleteමට විතරක් නෙවෙයි ගොඩක් අයට.... දැනටමත් ළමයි එක්ක ඉන්න නිසා මම නම් දන්නව විශ්වාසය කඩපුවම වෙන දේවල්...!!!!
දැන්නම් හාවෙක් හොයා ගන්ඩ කලෙ හරි කියල තමා මට හිතෙන්නෙ..........
ReplyDeleteහාවෙක් තියා ඉත්තෑවෙක් වල් ඌරෙක් වත් හොයා ගන්න නෑ මේ දවස්වල නාකි කෙල්ලන්ට.
Deleteඉටිපන්දමක්වත් පාවිච්චි කරන්න . . . පැකේජ් අන් ඕපන් රිටන් කරන්න හොද නෑ
Deleteඉටි පන්දං වලින් හාවෝ ඇල්ලියෑකිද ඕනයා..මං මේ නොදන්න කොමටයි අහන්නේ?
Deleteඅපොයි බොලා දෙන්නා ආවොත් ඉතින් වර්චස්
Delete@මාරෙ,
Deleteසමාවෙයං මචං, ඔය කියපු ටිකේ මුල් කොටස දාල නෑ. ඒක එන්න ඕනෙ "හාවෙක්, ඉත්තෑවෙක් තියා වල් ඌරෙක්වත් හොයාගන්නම බැරිනං" කියල (මම දන්නව මේවගේ අවස්තාවලදි ඇවිල්ල මාව නිසි මගට ඇදල දාන්න උඹ තරං වෙන එක යාලුවෙක්වත් උනන්දු නෑ කියල .. . . තූ තෝ !)
@සංජු,
දැං තමයි මෙයා ඔයාගෙ බ්ලොග් එකේ "පින් සුවඳ" හමන්නෙ.
සොහොන් ගඳටද පින් සුවඳ කියන්නෙ? @#$%^&*()&^@#$%^##$%^@#$%^&%$#@@#$%
Deleteඔන්න ඕකනේ නංගී..වටිනාකියන දේවල්වල වටිනාකම අදුරගන්න උත්සහ කරන්න...
Deleteඕක මොකද්ද. අපේ ගෙවල් ළඟ එකෙක් මගෙන් යාලු වෙන්න අහලා මම ඕක මෝඩයා වගේ ගිහින් ගෙදර කියලා අපේ ආච්චි උඩ දාගෙන ගිහින් බැන්නෙ නැද්ද උන්ගෙ ගෙදර උන්ට. අපේ ආච්චිට හෙන සැරයි. ගමේ මිනිස්සුත් දන්නවා. මම කාලයක් යනකල් ඒ ගෙවල් පැත්තෙන් ගියෙත් නෑ. අදටත් ඌව දැක්කම මම හැංගෙනවා. මාව දැක්කම ඌ හැංගෙනවා.
ReplyDeleteමේ සීන් එකත් කාලයක් එහෙම ගියා. මම බයේ හිටියෙ හාවා උනත් කොටියා වෙලා මගදි මාව අල්ලගෙන නෙලුවොත් මොන දෙයියන්ට කියන්නද?
Delete"Letters to Sam by Daniel Gottlieb" පොත කියවල තියෙනවද? දරුවෙකුට ප්‍රශ්නයක් ඇතිවුන වෙලාවකට ක්‍රියා කලයුතු ආකාරයත් නොකළයුතු ආකාරයත් විස්තර කරල තියෙනව. ඒ අනුව ඔවුන්ගේ හිතේ දෙමව්පියන් ගැන ඇතිවන විශ්වාසය වෙනස් වෙනව.
ReplyDelete"She fought for me, but first she listened. I asked for help, and she helped me. The battle wasn't about her. it was about me. It was about taking care of her son." - Letters to Sam
දරුවන්ගේ ප්‍රශ්න වලදී දෙමව්පියන් පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. "LETTERS TO SAM by DANIEL GOTTLIEB" පොතේ දරුවන් සම්බන්දව කටයුතු කලයුතු සහ නොකළයුතු ආකාරය ගැන හොඳට විස්තර කරනවා. "My mother fought for me, but first she listened. I asked for her help, and she helped me. The battle wasn't about her, it was about me. It was about tacking care of her son." - LETTERS TO SAM
ReplyDeleteඔයාට තිබ්බ අඩුම තරමේ සොරි වත් කියන්න ..
ReplyDeleteමම නම් ගහනවා තාත්තගේ මූණ පොඩි වෙන්න
දුවටයි අම්මටයි උන හැදෙන්න ..
මොනවා උනත් කැත වැඩක් ඔයාලා ඔක්කොම කරලා තියෙන්නේ ...