මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?
අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි.
අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා.
එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D
http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg
හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා.
එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ටික දවසකින් කිව්වෙ නොවැම්බර් වලින් පස්සෙ.
ඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........!
බ්ලොහ් ලිවීම විනෝදාංශයකි. විනෝදයක් නොලැබේනම් ලියා පලක් නැත.
ReplyDeleteනොවැම්බරයේ කසාද බැදලා ජොබ් එකෙන් අස් වෙන බවද මේ කියන්නේ?
ම්ම්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් කතන්දර ආතේ :D
Deleteඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........! ///
ReplyDeleteඒක නං ටිකක් අවුල් කතාවක්...
මම නං හිතන විදියට මේ ලෝකෙ තියන හොදම ජොබ තමා ටීචිං...
ඒත් එක එක අය එක එක අදහස් නෙව...
හික්ස්....
අලුතෙන් ලියන්න පටං ගත්තටසතුටුයි....
අපිත් එන්නංකො මේ පැත්තට
ස්තූතියි ආවට. රස්සාව ඉතින් අනේ මන්දා මම අයින් උනහම ටිකක් දේවල් ලියන්නම්කො
Deleteමේ ඉවසුවා වගේ නොවැම්බර් වෙනකං ඉවසමු
ReplyDeleteඉවසපන් පපුව ඉවසපන් (මේ දවස්වල මගෙ තීම් එක )
Deleteආයෙත් ලියන එක ලොකු සතුටක්. අලුත් ජීවිතේ ගැනත් ගොඩක් සතුටුයි. ගුරු ජීවිතේට සමුදෙන එකනම් අපරාදෙකියල හිතුනා. ඉස්සර වගේ ආයෙත් දිගටම ඒ වගේම ලස්සනටම ලියන්න. හැම දේටම සුබපැතුම්!
ReplyDeleteස්තූතියි ගන්ගාවේ ගීතය :)
Deleteඅඩේ ලියපං බං...උඹ නැතුව පාලුවෙං අපි හිටියෙ!!!
ReplyDeleteටැන්කුයි ඈ අනේ මන්දා එක පාරම මගේ කතා සාගරේ හිදුනනෙ :(
Deleteමේක ආයෙත් ලිවුවොත් අපි මේක ආයෙම කියවයි... ;)
ReplyDeleteකියවන අය මොනවද කියන්නෙ කියල දැන ගන්නත් ආසයි
Deleteදැන් ලියන අයගේ ප්‍රමාණය අඩුයි. ඒ නිසා ලියන්න. මමත් ලියන ප්‍රමාණය අඩු වෙලා. ඔන්න ෆලෝ කරලා තියෙන්නේ, ඒ නිසා මොනවා හරි ලියන්න.
ReplyDeleteu write ,we read
ReplyDeleteසංජු! ඔයාගේ කලින් පෝස්ට් එක දැකලා මම ගොඩාක් සතුටු උනා, ආව් ආව් කෙල්ලට හරි ගියානේ කියලා. මේ පෝස්ට් එක දැකලා තවත් සතුටු වෙනවා, ලියන්න ලියන්න, ආපහු ලියන්න. ඔයාගේ කතා කියවන්න මමත බලන් ඉන්නවා. ඔයාගේ පණටත්, ඔයාටත් දෙන්නටම මගේ සුභ පැතුම්!
ReplyDeleteෂාහ්.. එහෙනං සුභ පැතුම් ඔන්න.. බලමු බලමු මොනවාද අලුතෙන් ලියවෙන්නේ කියල.. :) උයන පිහන දේවල් වුනත් මදැයි..
ReplyDeleteමම ආසම බ්ලොග් එකක් මේක. අක්කානම් මාව දන්නෙත් නැද්ද මන්දා...ලියමු ලියමු ආපහු :)
ReplyDeleteශෙහ්, එහෙනං ඒකත් ජයසිරිමංගලම් කිව්වලු! වෙඩිමට ලෑස්ත්වෙන හැටි ගැන්වත් ලියහන් සුභසිරි වගේ.
ReplyDelete