දුන්නු වේදනා................!
අනේ මන්දා මේ දවස්වල මට හරි හමන් සින්දුවක් ඇහුනෙම නෑ. මගෙ කණේ දෝසයක් ද එහෙම නැත්නම් මගෙ කණට පත්තියම් වෙන ජාතියෙ සින්දු හැදෙන්නෙ නැද්ද මන්දා! මේ සින්දුව මට හරි අහම්බෙන් ඇහුනෙ හිරු එෆ්.එම්. එකේ.... ඇහුන දවසෙ ඉදලා මම පෙරලගෙන සින්දුව හෙව්වා. ඒත් සෑහෙන ගේමක් දීලා තමා සින්දුව හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් මට හිතුනා මේක ඔයාල එක්කත් බෙදා ගන්න. මේ සින්දුව කියද්දි සමහර දේවල් මතක් වෙනවා ඒත් ලියන්න නම් අමාරුයි. වේදනාත්මක මතක මොන තරම් නම් අපේ ජීවිතේ තියෙනවද? ඒත් මේ සින්දුවත් එක්ක මතක් වෙන වේදනාත්මක මතක වලත් අපූරු සුන්දරත්වයක් මම දකිනවා. ඒ මතක මගේ කර ගන්න පුළුවන් නම් ............. සදහටම...........!!!