අපිට පිස්සු ooooooooooooooooooයි !!!



අපිට පිස්සු ඕයි !!! 

එහෙම කිව්ව කිඹුලෙක්
බබල්ගම් එකක් හප හප 
හැරී පොටර්ගෙ සුදුපාට බකමූණයි 
රොන්ගෙ තඩි ගෙම්බයි එක්ක 
රාජ්‍ය පාලනේ ගැන කතා කරද්දි
ඔශීනුයි චංගුමියි කුස්සිය පැත්තෙ
කෙහෙවලු පටලගෙන
පරිප්පු උයන රෙසිපිය මාරු වෙලා
උපන් ගමං පොඩි එකෙක් 
කැට් වටේට මලක් ඇඳලා
ලයන් කිව්වෙ 
අප්පේ ඒකා බොන්නෙ 
අහවල් කිරලු අම්මව අඳුනන්නෙම නෑලු
අප්ප කියල අඳුන ගත්තෙ 
වත්ත පාර දොළ අසබඩ 
බැඳල හිටිය සුදු වස්සාලු
මූණ ගාව පෑන ගහන් 
නිදහස යැයි බෝඩ් ගහන් 
රටේම කුණු රසය සොයා 
අපේ රටේ මාධ්‍යය ලු
රිංගල හොග්වාර්ට්ස් වලට
හර්මයිනිගෙන් ප්‍රශ්න කරයි
පොටර් ඔයාගෙ පෙම්වතාලු
නෑ නෑ දැන් එයා මෙහේ නෑ 
මේ මොන මල කරුමයක්ද
මෙතන වෙන්නෙ මොනවද අද
ආන්න අර පරිප්පු ඉව්ව් 
චංගුමි කෙල්ල පොලිසියේලු
නාකි ඔශීන් අත්තම්මගෙ 
බෙල්ල මුලින් මිරිකලාලු
ඒක අහල දුවං එනවා කොළඹ හතේ නෝනා කෙනෙක්
පොලවෙ හැපී පොලෝසියත් දෙකක් වෙන්න
මං එනවා සුදු ගුමියෝ 
ඔයාව බේරගෙන යන්න
අපි ගිහිල්ල කොළඹ හතේ
මගේ සුපිරි ගෙදර ඉඳන් 
එකගෙයි කමු මාත් එක්ක
නාකි උනත් මං මගෙ ඩ්‍රයිවර් කොල්ලත් එක්ක
බෙදාගන්න බැරිනෑ මට
කිමෝනාව විසිකරලා කොළඹ හතේ
පැටැං දාමු
කුස්සියෙ හිටියා ඇති සුදු  චංගුමි
බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් කඩ්ඩ දා ගමු අපි
ඔයත් එතකොට සුපිරි
මොකක් සුපිරිවිකි දත් බේත්
හා ඔය මොකක් හරි 
මේක මට පිස්සු නිසා
ඇත්තටම පිස්සුද
මටද ඔයාටද 

මට පිස්සු වගේ හලෝ . . 
වගේ නෙමේ හ‍ලෝ . . 
හොදටම පිස්සු හලෝ !!!



Comments

  1. පිස්සු නැත්නම් සොක්......

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්න.......

    ReplyDelete
  3. ලංකාවෙ කෙල්ලන්ටනම් ඇත්තටම චංගුමී පිස්සුව !!

    ReplyDelete
  4. නුබ නාඩන් අපිට පිස්සු ඕයි....

    ReplyDelete
  5. සික් මුන්ට පිස්සුම තමා,,පිස්සුවෙන් හරි ආයේ බ්ලොග් එක බැලුවට මෙන්න මල් මිටක්

    ReplyDelete
  6. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
  7. පිස්සෝ ගැනම කියෝලා මටත් දැන්නම් පිස්සු වගේ.....

    ReplyDelete
  8. මොන පිස්සුවක්ද ඕයි මේ

    ReplyDelete
  9. ඇයි දැන් නොලියන්නේ. ඉස්සර ඉඳන්ම කියෙවුවා ලියූ දේවල්. ආපහු ලියන්න

    ReplyDelete

Post a Comment