යක්කුන්ගේ දෙමාපියෝ
මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්‍රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්‍රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්. මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්‍රඩ් සර් කියන්නෙ කතා සාගරයක්. ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ. ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ. දැන් ඔක්කොම ...