Posts

Showing posts from February, 2011

ස්පෝර්ට්මීට් කතා (අවසාන කොටස) - මම ඔබෙන් ආදරය කරන්නට උගත්තෙමි.

Image
ස්පෝර්ට් මීට් කතා සීරිස් එක මම අල කර ගත්තේ වලි කතා ලියන්න ගිහින්. මොන වලිය තිබ්බත් ඔන්න අද අපි අපේ ස්පෝර්ට් මීට් එක ඉවර කර ගත්තා. ඊයේ දවල් තමා ඔන්න කට්ටියටම ඕනී වුනේ නිවාසය හදන්න. මගේ නිවාසයේ කොල්ලෝ ටික ඉතින් දෙයියනේ කියලා හණ කැලේකටයි මාන කැලේකටයි වග කියලා තිබ්බා. කොල්ලන්ගේ අත් මාන වලට සහ හණ වල කටු වලට හොදටම කැපිලා තිබ්බේ. වැඩේ අල වෙලා තිබ්බේ ඒවා චන්දන අයියාගේ ලොරියෙන් ඉස්කෝලෙට ගෙනාපුවාමයි. ඔක්කොම පොඩි වෙලා.  අපේ රජිත ට ඕනි වුනේ නැවක් හදන්න. මනුස්සයාගේ නැවේ ප්ලැන් එක දැක්කම මට මොලේ නරක් වුණා. ඒක නැවක් කියලා පේන්නේ අහසින් ගිහාම විතරයි. පස්සේ විස්තර කරලා කරලා කට්ටියම එකග වුණා ඉස්සරහ නැවක් වගේ හදන්නත් පිටිපස්ස නිකන් හරි හතරැස් කාමරයක් හදන්නත්. ඉතින් ඔන්න අපි වැඩේ ට බැස්සා.  මෙහෙම වැඩකට මමත් ළමයිනුත් බැස්ස පළවෙනි වතාවයි මේ.  අපි නිකන් උඩින් වැටිලා වගේ. වෙලාවට පිහිටට ආවේ චන්දන අයියා. 6 වසරේ නෙත්මි ගේ තාත්තා. එයා කණු හිටවන්න පොළවේ වලවල් හාරලා කනු හිටවලා සැකිල්ල හදලා දීලයි ගියේ. ඒත් අත්දැකීම් නැතිකම නිසා අපි සෑහෙන්න පසු බැහැලා හිටියේ. අපි උදේ ඉදලා රෑ 8 විතර වෙනකල් ම උත්සහ කලේ ස්වභාවික ද්‍

ස්පෝර්ට්මීට් කතා 4 – (මහා) ගුරු ( උතුම )න්ටත් අකුරු වරදී

Image
අද අපේ ස්පෝර්ට්මීට් එකේ ජවන ඉසවු ආරම්භ විය. ජවන ඉසවු පැවැත්වුනේ පාසැල් ක්‍රීඩා පිටියේ නොව වෙනත් විශාල ක්‍රීඩ පිටියකයි. පසුගිය දින 3 ම පැවතියේ පිටියේ ඉසව් ය. අද උදේ ආරම්භ වූ ජවන තරග වලින් බාගයක් පමණ අවසන් වූ විට දැක පුරුදු පුද්ගලයෙක් කුඩයකුත් බිම ඇන ගෙන මහදැන මුත්තා ලෙසින් එනු මට පෙනුණි. මම ධම්මිකාට ඇන ඔහුව පෙන්වීමි. “හාපෝ අන්න අරයා එනවා” ඒ වෙනින් කවුරුවත් නොව විදුහල්පති  රැස්වීමකට ගොස් දින 3 ක් අතුරුදහන්ව සිටි අපේ විදුහල්පති උතුමා ය. හේ පැමිනි විගසම මීටර 5000 දිවීමේ තරගයේ වට ගනන් කරන්නෙකු ලෙස ධාවන මංතීරු අසලට යවන ලදි. (පසුව ආරංචි වූ පරිදි එය යැවීමක් නොව ඉල්ලාගෙන යාමක් බව සැල විය ) තරගය හමාර විය. අපේ රජිත 1 වන ස්ථානය දිනා ගත්තේ ය. තරගය අවසන් වූ පසු මණිමේඛලා විසින් තරග කරුවන් ගේ රැස්වීමක් ගන්නා බව අපට පෙනුනි. එය අවසන් වූ වහා රජිත ඇතුලු මගේ නිවාසයේ කොල්ලන් ටික මා සොයා ආහ. “ටීච මම දුවලා තියෙන්නේ වට 24 යි ලු. උතුමා සර් ට මගේ වට ගාන වැරදිලා ලු. හෙට මීටර 5000 තරගය ආපහු තියෙනවා ලු. අනේ ටීච ආයේ දුවන්න බෑ මට අමාරුයි.” මටත් වසන්තී ටත් ධම්මිකා තත් මල අතේ ය. අපි 3 දෙනා ඊයක වේගයෙන් වලි

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම

Image
ඔ න්න ස්පෝර්ට්මීට් කතා වල 3 වන කොටස.  ස් පෝර්ට් මීට් කතා 1 – ක්‍රීඩ උත්සවයේ ගුරු මණ්ඩලයේ තරගය  ස් පෝර්ට් මීට් කතා 2 –  මැරතන් ඔ න්න ඉතින් අපේ ක්‍රීඩ උත්සව කතාවේ 3 වෙනි කොටස පටන් ගන්නයි හදන්නේ. ම ම හිතුවට වඩා ඉක්මනට මේ කතාව ඉවර කරන්න වෙයි වගෙ. මො කද වැස්ස නිසා පෙබරවාරි 25 වෙනිදාට පවත්වන්න නියමිතව තිබූ ක්‍රීඩා උත්සවය 15 වෙනිදාට දමා ගැනීමත් නිරපරාදේ දරුවන් වැස්සට තෙමවමින් බූරුවන් ලෙස සංවිධායක මණ්ඩලය කටයුතු කිරීමත් නිසා ලගදීම සංවිධායක මණ්ඩලය ඇතුලු අපි සියළු දෙනාට දෙමාපියන්ගෙන් ගුටි මුරයක් ලැබීමට ඇති ඉඩ කඩ වැඩි වීමත් ඒවාට හේතු ය. කො ච්චර විරෝධ ය පෑවත් සංවිධායක මණ්ඩලය පවසන්නේ ක්‍රීඩ උත්සවය වැස්සේ හෝ පැවැත්විය යුතු බවය. ප ට්ට වැස්සේ එල්ලේ ගසා මගේ නිවාසයේ දුවකගේ සන්ධි බිදීමකට ලක් වූවාය. එ යට පෙර සිටම මම මණිමේඛලාවන්ට කියා සිටියේ කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලන්ව වැස්සේ නොතෙමවමු යන්නයි. න මුත් ඕ එය කණකට නොගත්තාය. ඕ මෙන්ම මුලු සංවිධායක මණ්ඩලයම ඒ අවස්ථාවේ බිහිරන් සේ හැසිරුනා හ. එ යින් පාඩුව වෙන කාටවත් නොව අර දියණියට පමණි. අ වසානයේ මම බැන වැදුනේ ඔබලාගේ දරුවන් මේ ආකාරයෙන් වැස්සේ ක්‍රීඩ කරවනවාද? ඔ වු

පාද පරි චාරිකාවෝ

Image
අප හැම දෙනාටම පාද පරි චාරිකාවක් ඇත. අඩුම වශයෙන් එකක් වත් ඇත.  දවස් 3ක් ගෙදරට වී සිට මොලේ කොලොප්පන් වී ඇත් දැයි ඔබට කල්පනා වනු ඇත. මක් නිසාද යත් පාද පරි චාරිකාවක් සිටින්නේ පුරුශයන්ට පමණක් නිසාත් එක් පුරුශයෙකුට සිටින්නේ එක් පාද පරි චාරිකාවක් නිසාත් ය.   අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමාට පාද පරි චාරිකාවන් තිදෙනෙකු සිටියේ ය. තවමත් සිටියි. පළමුවැනියා ඥාණවතී ය. ඇගේත් අපේ හිටපු විදුහල්පතිතුමාගේ ත් පළමු පත්වීම අප පාසලේමය. එදා පටන් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සැපෙන් වසර 30 කට ආසන්න කාලයක් අප විදුහල දැහැමින් සෙමින් රාජ්‍ය කලෝ ය. ඒ අපේ වර්තමාන විදුහල්පති (උ) තුමා පෙත්සම් ගසා ඔහුව පන්නන තෙක් පමණි. ඉන් පසු ඔවුන් දෙදෙනාම වෙනත් පාසැල් වලට මාරු වූහ.  ඔහුගේ දෙවන පාද පරි චාරිකා ව නම් සැන්ඩී ය. ඔව් ඔව් ඔබ කියෙව්වා නිවැරදිය. බණ්ඩා විදුහල්පතිතුමා ගේ දෙවන පාද පරි චාරිකාව සැන්ඩි ය. ඇයද දිනපතා ඔහු සමග පාසැලට පැමිණෙන්නීය. ඇය ඔහුගේ පණ වැනිය. ඇයගෙන් තොර ලොවක් ඔහුට නැත. ඔහු යන හැම තැනම ඔහු මේ සැන්ඩි ගෙන යයි.   ඔහුගේ තුන්වන පාද පරිචාරිකාව නම්  ඩෙකී ය. ඔව් ඔව් හරි ඇහුනා හරි. ඩෙකී අපේ බණ්ඩා විදුහල්පති තුමා වැඩියෙන්ම

සදමාලි කෑල්ල

Image
මම රස්සාව  කරන්නේ බෝඩිමක නවාතැන් ගෙනය. අපේ බෝඩිමේ මා හැරුණු කොට තවත් ටීචලා 4ක් සිටි අතර මංගල කාරණා සඵල වීම නිසා ඉන් 2ක් ද ස්ථාන මාරු කාරණා සඵල වීම නිසා තවත් 2ක් ද සංජු ටීච තනිකර ගියහ. දැන් බෝඩිමේ සිටින්නේ මම පමණි. අපේ බෝඩිමේ ගෙදර මම ඇරුනු කොට තව 4ක් වෙසෙති. අපේ බෝඩිමේ අක්කා මගේ අක්කා මෙන් ආදරයෙන් අදටත් මට සලකන අතිශය විරල හොද ගුණාංගයන් ගෙන් හෙබි කාන්තාවකි. ඇයගේ සැමියා ද පොලිස් නිලධාරියෙක් වන නමුත් ඔහුද අක්කාටම ගැලපෙන අපූරු සොදුරු මිනිසෙකි. මගේ යහලුවන් මා හැර ගිය පසු මගේ දෙවනි මව් හා පියා වෙමින් ආදරයෙන් මට සලකන ඔවුන් දෙදෙනා නිසා මම අදටත් එහි වාසය කරමි. ඔවුන් ගේ පවුලේ සාමාජිකයෙක් සේ සිටින්නටත් සැලකුම් ලබන්නටත් සැබවින් ම මම බොහෝ පින් කර ඇත. අයියා හා අක්කා මගේ දෙවැනි මවුන් හා පියා වන විට මට ඒ ගෙදර සහෝදරයෝ දෙදෙනෙක් ද සිටිති. ලොක්කා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාන් වන අතර පොඩ්ඩා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලූ ය. (කොල්ලෝ දෙන්නා මේක දැක්කොත් කවදා හරි අදුන ගන්න මම ඔන්න උන් දෙන්නාගේ ඇත්ත නම් ම දැම්මා) මුන් දෙන්නාටම මම මුල් දින වල ටීච ය. අදටත් මම උන් දෙන්නාට ටීච ය. නමුත් අක්කා කොල්ලෝ දෙන්නා හ