ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම



න්න ස්පෝර්ට්මීට් කතා වල 3 වන කොටස. 

න්න ඉතින් අපේ ක්‍රීඩ උත්සව කතාවේ 3 වෙනි කොටස පටන් ගන්නයි හදන්නේ. මම හිතුවට වඩා ඉක්මනට මේ කතාව ඉවර කරන්න වෙයි වගෙ. මොකද වැස්ස නිසා පෙබරවාරි 25 වෙනිදාට පවත්වන්න නියමිතව තිබූ ක්‍රීඩා උත්සවය 15 වෙනිදාට දමා ගැනීමත් නිරපරාදේ දරුවන් වැස්සට තෙමවමින් බූරුවන් ලෙස සංවිධායක මණ්ඩලය කටයුතු කිරීමත් නිසා ලගදීම සංවිධායක මණ්ඩලය ඇතුලු අපි සියළු දෙනාට දෙමාපියන්ගෙන් ගුටි මුරයක් ලැබීමට ඇති ඉඩ කඩ වැඩි වීමත් ඒවාට හේතු ය.

කොච්චර විරෝධය පෑවත් සංවිධායක මණ්ඩලය පවසන්නේ ක්‍රීඩ උත්සවය වැස්සේ හෝ පැවැත්විය යුතු බවය. පට්ට වැස්සේ එල්ලේ ගසා මගේ නිවාසයේ දුවකගේ සන්ධි බිදීමකට ලක් වූවාය. එයට පෙර සිටම මම මණිමේඛලාවන්ට කියා සිටියේ කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලන්ව වැස්සේ නොතෙමවමු යන්නයි. නමුත් ඕ එය කණකට නොගත්තාය. ඕ මෙන්ම මුලු සංවිධායක මණ්ඩලයම ඒ අවස්ථාවේ බිහිරන් සේ හැසිරුනා හ. එයින් පාඩුව වෙන කාටවත් නොව අර දියණියට පමණි. අවසානයේ මම බැන වැදුනේ ඔබලාගේ දරුවන් මේ ආකාරයෙන් වැස්සේ ක්‍රීඩ කරවනවාද? ඔවුන් ට මෙසේ දිනපතා තෙමෙමින් පට්ටම පට්ට සීතලේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙනවාඩ යන්නයි. සියල්ලෝම නෑසූ කණ්ව සිටියහ.

 මම ද ඉන් පාඩමක් ඉගෙන ගතිමි. දරුවෙකුට යම් අනතුරක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලයට පවරා මම ඉන් ඉවත් වන බවයි. නමුත් හදවතේ සාක්කියට බොරු කල නොහැකි බැවින් මම අර කෙලි පැටියාව ඇයගේ මවට භාර දුනිමි. ඒ මොහොතේ ඇයගේ මවගේ ගුණ යහපත්කම නිසා මම සහ වසන්තී කුණුහරුප යක් අසා නොගෙන බේරුනෙමු. ණමුත් ඒ මවගේ දෑසින් ගිහි පුලිගු පිට වනු අපට පෙනුණි. ගෙදරින් හොදින් ගිය ළමයා අතක් පයක් කඩාගෙන ගෙදර එනවාට කැමති කොයි අම්මාද?

සුවදා ඒ ගැන අලුත් සර්, චානක මල්ලී හා මා අතර පැවති සංවාදයකදී අලුත් සර් කිව්වේ ළමයෙක් ලිස්සා වැටී බෙල්ලවත් කැඩී යාවි යැය් හේ මහත් බියකින් පසු වූ බවය. එසේ වුනා නම් අඩු වැඩි නැතිව මුළු  ගුරු මණ්ඩලයම වැඩ තහනමකට ලක්ව සැපසේ ගෙවල් වල වහලවල් වල රීප්ප ගනන් කරමින් සිටින්නට පුළුවන්කම තිබුණි.

කණ්ඩායම් ක්‍රීඩ පටන් ගත් දින සිටම මොරසූරන වැස්සය. පළමු දවසේ ක්‍රිකට් තරග ය. වාසිය බගලවතී ගේ කහ නිවාසයට ය. මගේ නිවාසය හා රෝස නිවාසය අතර පැවති තරගය මගේ කණ්ඩායම ලකුණු 3 කින් පරාජය විය. රෝස නිවාසයේ චක් කරපුවාට නෝ බෝල් නොදී අහක බලාගෙන සිටීම නිසා එසේ ලකුණු 3කින් පැරදීමට අපට සිදු විය. ඉතින් තරගය ඉවර වූ පසු ඒ ගැන කතා කිරීමට යාමෙන් පලක් නොවන නිසා මම මගේ කොල්ලෝ ටික සනසා පසු බැස්සෙමි. ලකුණු තත්වය රෝස කන්ඩායම සියළු දෙනා දැවී ලබා ගත් ලඛුනු 71 ට පිලිතුරු වශයෙන් අපේ අය විකට් 8 කට ලකුණු 69 ක් ව තිබියදී තරගය නිමා විය.

ඊ ලගට තිබ්බේ බගලවතී ගේ කහ නිවාසයේ සහ රෝස නිවාසයේ අවසාන මහා තරගයයි. මුල පටන් බගී ගේ මූණ නරක් වී ඇත. අප්පට සිරි මාර හේතුවකි. තරගයේ ප්‍රධාන විනිසුරු සමන් මලින් පවන් සැලේ ගේ ආදරණීය ස්වමි පුරුෂයා ය. හීඉක් හික් හික්. දැන් තමා නියම යුද්දේ. සංජු ටීච පැත්තකට වී බලා සිටියි.

මුලින්ම පන්දුවට පහර දුන්නේ රෙස කණ්ඩායමයි. රෝසකණ්ඩායම ට අපේ කණ්ඩායමත් සමග ලබා ගත හැකි වූයේ ලකුණු 71ක් පමණක් වුවද මේ තරගයේ දී ඔවූහූ  කහ කණ්ඩායමට දුවන්නට පහර දුන්හ. ඕවර 10 යෙන් ඔවුන් ලකුණු 150කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත්හ. අම්මියෝ මට දැනෙන සනීපේ!

දැන් බගලවහී ගේ මූණ අස්පෙට් ය. ලකුණු 65 කට පමණ කහ නිවාසයේ සියළු දෙනාම දැවී ගියහ. රෝස නිවාසයේ නායකයා මා අසලටවිත් පැවසුවේ “ටීචලාගේ නිවාසේ අපිට ෆයිනල් එකේදි හම්බ වුණා නම් මීට වඩා ගේමක් බලා ගන්න තිබ්බා”  කියායි. ඇත්තටම කහ නිවාසය දැවී ගිය ආකාරය වැස්සේ බලා ඉන්නට හිරිකිතය. කහ නිවාසයේ සිටි ඇම්බැට්ටයන් 11 දෙනාගෙන් 6 දෙනෙකුම පමණ හෙට සාමන්‍ය පෙළ විභාගය කියා තිබියදීත් අද පිත්ත රැගෙන මගේ බැනුම් පිට පිට්ටනියට බැස්ස එවුන්  ය.

ගලවතී ටීචට ෆයර් වී ඇත.

“අරයා සමන් මලෙන් පවන් සැලේ ගේ නිවාසෙට උදව් කලා. ඒහවුස් එකේ චක් ඇල්ලුවේ නෑ. හොර අවුට් දුන්නා”

ඇලි ශෝයි.

ගලවතී මා සමග සමන් මලෙන් පවන් සැලේ ට බැන වදියි. ඇයගේ සුවාමි පුරුසයාගේ දෙමාපියන් සිහි කරයි. මම තුමීට ද නියම පල්ලමය. තව ජුංඩක් පොහොර දමා ඇයව අවුස්සා මම පැත්තකට වීමි. “වැඩිය දෙන්න ගියොත් මමත් චා වෙනවා”

කොහෙන් කොහෙන් හෝ මේ සීන් ටික කවුරුන් හෝ සමන් මලෙන් පවන් සැලේ ට කියා ඇත. සමන් මලෙන් පවන් සැලේ මා සොයා ආවාය.

“අරුන්දෑ මොනාද කිව්වේ?”

මම මහත් අමාරුවෙන් කීවේ බගලවතී තුමී කියූ කිසි දෙයක් මා සමග නොකී බවයි. සමන් මලෙන් පවන් සැලේ ද දැන් බගලවතී ට අම්බානක බැන වදියි. එදායින් ඒ කතාව ඉවර විය.

නෙට්බෝල් දා මා සොයා දිව පැමිණියේ පාසලේ ශිෂ්‍ය නිල මණ්ඩලයේ කෙල්ලෝ දෙන්නෙකි.

“ ටීච ටීච කහ නිවාසේ අයියලා දෙන්නෙක් එක්ක දම් නිවාසයේ ගෑණු ළමයි දෙන්නෙක් පල්ලෙහා හෝල් එකේ ටීච. අපිට බලන්නවත් බැරි විදියට හැසිරෙන්නේ”

මමත් වසන්තී ත් වහාම පල්ලෙහා හෝල් එකට දිව්වෙමු. කොල්ලෝ දෙන්න කිස්බිස් ගාමාරු වී ඇත. අපි එන බව ඔත්තු බැලූ එවුන් දැනුම් දී ඇත. වහාම අපි මේ ගැන විදුහල්පති උතුමාට පැමිණිලි කලෙමු. ඒ අතරේ මගේ නිවාසයේ ක්‍රීඩා නායිකාව හඩාගෙන මා අසලට පැමිණියා ය.

“ඉහි ඉහි ටීච අර  කහ නිවාසේ අයියලා එක්ක යාලු වෙලා ඉන්න නංගිලා දෙන්නා මට වද  දෙනවා රෝස නිවාසේ තුසී අයියා යලු වෙන්න අහනවා කියලා ඉහි ඉහි. අනේ ටීච අපේ අම්මා දැන ගත්තොත් මට ගහයි ටීච ඉහි ඉහි” පොඩි කෙල්ල වැළහින්නක සේ හඩා වැටේ.

මේප්‍රශ්න සාකච්චා කිරීමට උතුමා වහාම ගුරු රැස්වීමක් කැදෙව්වේ ය. උතුමාගේ ද කට හොද නැති නිසා හේ පළමුවෙන් ම ඇදලා ගත්තේ සමන් මලෙන් පවන් සැලේ ගේ නිවාසයට ඇයගේ ස්වාමියා උදව් කළ බවට නැගුණ චෝදනාවයි. සමන් මලෙන් පවන් සැලේ ගේ ස්වාමියා සහ සමන් ද දැන් බගලවතී සමග බැන ගනිති. ඕනෙවාට වඩා ** දෙන්න ගිහාම වන දේවල් ගැන මේවා පටත් හොද පාඩම්ය.

“මට විතරක් නෙවෙයි සංජු ටීචගේ නිවාසෙටත් වෙරදි වෙලා තියෙනවා නේද ටීච? ඒවත් කියන්න ටීච”

ගලවතී මට අමුතු කරුණාවක් පෑවාය.

“මේ ටීච වස්සා සර් රහත් වෙලා නෑ නෙ වැරදි නොකර තරගේ අන්තර්ජාතික මට්ටමට විනිශ්චය කරන්න. වැරදි වෙන්න ඇති ඒත් තරගෙන් පස්සේ ඒවා ඉවරයි. මට ඒවා පස්සෙ ගිහින් රණ්ඩු වෙන්න උවමනාවක් නෑ”

මම එක දමා ගතිමි. බගලවතී ඇඹරී ගියා ය. උහ්……. ඇද්ද අද කාපන් තනියම!!!! මම එන්නේ නෑ ඔය මඩ කරි එක්ක මඩ නාන්න.

දා මක් වුනත් බගලවතී ලොක්කී නොසෑහෙන්න අහ ගත්තාය. ඇය අවසානයේ පැවසුවේ ඇයගේ අවුරුදු 20 කට ආසන්න සේවා කාලයේදී මෙවැන්නක් අසා ගත් පළමු වතාව මේ බවයි. වස්සා සර් ට මල පැන පැවසුවේ “කලින් අහගෙන නැති ඒවටත් එක්ක අද අහ ගත්ත ඇතිනේ” කියා ය. මට ඔහුට තෑග්ගක්  දීමට සිතුනි. “ඔයා නරකයි කියලා හිතාගෙන හිටියට ඔයා වෙලාවකට හලි ශෝයි නේ වස්සා සර්”

දා වොලිබෝල් තරග වලින් දින්නේ කහ කණ්ඩායමයි. මගේ දම් නිවාසය සහ රෝස නිවාසයේ කණ්ඩායම් දෙකම එදා වොලිබෝල් පිටියේ චිත්‍රපටියකට ෂූටින් කලහ. එය සිද්ධ වන බව අපි කලින් දැන සිටි බැවින් අපි වැඩිය ඒ පසු පස නොපැන්නුවෙමු. ඒත් ඉතින් වසන්ති මම සහ සමන් මලෙන් පවන් සැලේ එදා කෑ ගැසූ තරම් ක්‍රීඩා කලා නම් නිවාස දෙකම 1 හා දෙක වනවාය.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලංකාවට සහලෝලා වැස්ස ය. නමුත් හෙට විසි කිරීමේ තරග ය. ඇඩෙනවා! වැස්සේ යගුලිය විසි කරන්නට ගොස් අනතුරක් නොවේවායි මම පතමි. ඒ  සමගම සංවිධායක මණ්ඩලයද මහත් කරුණාවෙන් සිහි කරමි.

Comments

  1. අනේ ඔය ටීචර්ලා ගහමරා ගත්තට අහින්සක ළමයින්ට තුවාල වෙන්න දෙන්න එපා අක්කේ...

    අනේ අම්මපා මෙහෙමත් කටක්...:-O හි හි...
    අක්කේ අද වැලන්ටයින් එකට හොඳට චොකලට් එහෙම කන්න ඇති නේද??? අර ළමයින්ගෙන් පැහැරගත්තු ඒවා>>>>>

    ReplyDelete
  2. වැස්ස අස්සේ මේ තරඟ තියන එකනම් හරිම මෝඩ වැඩක්... හැබැයි මරු වලි ටිකක්නෙ මෙතන යන්නේ. අනේ මාත් ඔය ඉස්කෝලේ හිටියනම් ඕව බලල බඩ පැලෙන්න හිනා වෙන්න තිබුනා. ඔයාගේ නිවාසයට ජයග්‍රහණය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. අනේ මන්ද මහ කුජීතයි මේව..දැන් ඇති අප්ප මේ ස්පොට් මීට් ගැණ ලිව්ව...
    වෙන එකක් ලියමුකො...

    ReplyDelete
  4. තාරෝ : මම ඉස්කෝලේ ගියේ නෑ අනේ අද.... අපේ මව්තුමී දඹදිව වන්දනාවේ ගියානෙ. එයා ව ඇරලවන්න ගියා.

    ReplyDelete
  5. කොට අක්කා : තැන්කූ තැන්කූ මගෙ නම් හිනා කෙසේ වෙතත් ලේ පයින්ට් ගණනාවක් පිච්චෙනවා දිනපතා

    ReplyDelete
  6. පැන්ඩ්ස් :මේක නම් කුජීතයි තමා ඒක නම් මටත් තේරුණා ඒත් එතකොට පෝස්ට් කරලා ඉවරයි. වෙන ලියන්න දෙයක් නම් තියෙනවා හෙට ලියන්නම්

    ReplyDelete
  7. මම මේ කල්පනා කරන්නේ තීතර් හැමදාම මගෙ බ්ලොගේට ගොඩ වදින තීතර්ගෙ බ්ලොග් එක මට අද වෙනකම්ම මඟ ඇරුනෙ කෝමද කියලා... ඔන්න දාගත්තා රීඩරේට.... දැන් ඉතින් මට හොරෙන් ලියයි.....

    ReplyDelete
  8. really interesting series akka. plz continue thz. Btw, seems like boys in the school are getting some real fun, arn't they? :-)

    ReplyDelete
  9. දැන් ඉතිං දන්නවනෙ මට මේ පෝස්ට් එකේ වැදගත් කොයි හරියද කියල.....අර හෝල්ට් එකේ සීන් එකයි,තුසී අයියගෙ සහ ඔබ තුමීගෙ නිවාසෙ ක්‍රීඩා නායිකාවගෙ සීන් එකයි.ඇයි අප්පා ඔයාල ඔය වාගෙ පුංචි දේවලුත් ප්‍රින්සිපල් ලඟට උස්සගෙන යන්නෙ.ඔය කාලෙ නොකරණ ලව් කවද කරන්නද....මට තව ලියන්න දේවල් ගොඩාක් තියනව.වෙලා නෑනෙ අප්පා...

    ReplyDelete
  10. ස්කෝල වල ඕන තරම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ලේ පුච්චා නොගැනීම වඩා හොඳයි.

    ReplyDelete
  11. දයාබර නංගියේ,
    උඔ කරදරයක වැටුන දාට කව්රැත් නැති වෙනවා. නම්, ගම්, සත්‍ය සිද්ධි ලියද් දී පරිස්සම් වෙයං. මට තිබ්බ ගොඩක් අමාරු පද්දතිය සනීප කලා. ඒ දුක දරන්න පුළුවන් නම් ඔයා හරි. කවදාහරි දවසක ලියපු එක අදාල කට්ටිය දැකපු දාට අව්ල පටන් ගන්නේ. විශේෂයෙන් ගැනු එක්ක වැඩ කිරිල්ල කෙසේ වේද ඊට කෝටි ගුනයක් අමාරුයි කටවල් වලින් දෙන ගේමෙන් බේරෙන්න. සුභ පැතුම්.

    ReplyDelete
  12. ස්පොර්ට් මීට් කාලේ සෙල්ලම් කරන්නෙ නැති ළමයින්ට නම් රජ මගුල් නේද. පිට ඉස්කෝල වල පිරිමි ළමයි ඉඳන් එනවා ගෑනු ලමයි හම්බවෙන්න.

    ReplyDelete
  13. අභී අයියා : අයියෝ අහු වුණා නේද? මෙච්චර දවසක් මම හොරෙන් හොරෙන් කරපු වැඩේ හමාරයි

    ReplyDelete
  14. blog gadol : mmmm might be.... but it causes problems for us at the end

    ReplyDelete
  15. දිනේශ්: අනේ නොකියා ඉන්න තරමට මගේ කට ඇවිස්සෙනවා අඩුයි

    ReplyDelete
  16. හරී අක්කා : එපා වෙනවනේ අනේ

    ReplyDelete
  17. අරුණ අයියා : මීට වඩා මම වැටෙන්න අමාරුවක් නෑ කියලයි මට දැන් හිතෙන්නේ අයියා. ඔයා හැමදාම මගේ ගැන හිතන එකට ඔයාට ගොඩාක් පින්. මේකේ ඇත්ත නම් ගම් නෑ... අනික ලියද්දි කතාවලට කතන්දර රසය කියලා එකකුත් දාන නිසා මේවා සමහර වෙලාවට අතිශයෝක්තියෙනුත් ලියවෙන වෙලාවල් තියනවා. කටවල් නම් ඉතින් කොහෙත් එහෙමයි නේ

    ReplyDelete
  18. පිණි බිදු : අපේ ඉස්කෝලේ දෙගොල්ලම ඉන්නවනේ. අපේ කෙල්ලොත් විභාගෙට සතියක් තියලා හරි පැනලා යන ජාතියේ. ඉතින් කොහොමත් ඇහැ ගහගෙන ඉන්නම වෙනවා

    ReplyDelete
  19. අනේ හැබෑට මෙහෙමත් ටීචර්ලා... දැන් තරගේ ප්‍රතිපල කවද්ද නිකුත් වෙන්නේ?

    ReplyDelete
  20. ෆිෂී : අනේ වැඩක් නෑ මාළුවෝ... අපි 3... අපි කෑ ගහපු තරම්වත් අපේ එවුන් සෙල්ලම් කලේ නෑ නෙ. අනික 3 වෙන්නත් කට්ටියක් ඉන්න එපායැ.. නැද්ද මම අහන්නේ???

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත