ස්පෝර්ට්මීට් කතා 4 – (මහා) ගුරු ( උතුම )න්ටත් අකුරු වරදී



අද අපේ ස්පෝර්ට්මීට් එකේ ජවන ඉසවු ආරම්භ විය. ජවන ඉසවු පැවැත්වුනේ පාසැල් ක්‍රීඩා පිටියේ නොව වෙනත් විශාල ක්‍රීඩ පිටියකයි. පසුගිය දින 3 ම පැවතියේ පිටියේ ඉසව් ය.

අද උදේ ආරම්භ වූ ජවන තරග වලින් බාගයක් පමණ අවසන් වූ විට දැක පුරුදු පුද්ගලයෙක් කුඩයකුත් බිම ඇන ගෙන මහදැන මුත්තා ලෙසින් එනු මට පෙනුණි. මම ධම්මිකාට ඇන ඔහුව පෙන්වීමි.

“හාපෝ අන්න අරයා එනවා”

ඒ වෙනින් කවුරුවත් නොව විදුහල්පති  රැස්වීමකට ගොස් දින 3 ක් අතුරුදහන්ව සිටි අපේ විදුහල්පති උතුමා ය. හේ පැමිනි විගසම මීටර 5000 දිවීමේ තරගයේ වට ගනන් කරන්නෙකු ලෙස ධාවන මංතීරු අසලට යවන ලදි. (පසුව ආරංචි වූ පරිදි එය යැවීමක් නොව ඉල්ලාගෙන යාමක් බව සැල විය )

තරගය හමාර විය. අපේ රජිත 1 වන ස්ථානය දිනා ගත්තේ ය. තරගය අවසන් වූ පසු මණිමේඛලා විසින් තරග කරුවන් ගේ රැස්වීමක් ගන්නා බව අපට පෙනුනි. එය අවසන් වූ වහා රජිත ඇතුලු මගේ නිවාසයේ කොල්ලන් ටික මා සොයා ආහ.

“ටීච මම දුවලා තියෙන්නේ වට 24 යි ලු. උතුමා සර් ට මගේ වට ගාන වැරදිලා ලු. හෙට මීටර 5000 තරගය ආපහු තියෙනවා ලු. අනේ ටීච ආයේ දුවන්න බෑ මට අමාරුයි.”

මටත් වසන්තී ටත් ධම්මිකා තත් මල අතේ ය. අපි 3 දෙනා ඊයක වේගයෙන් වලිය සොයා ගියෙමු.

“ඇයි එහෙම කලේ?”

උතුමා ගලේ පැහැරූ හොර බිලාලයෙකු සේ බෝතල් අඩි දෙක තුලින් බලා සිටියි. තරග විනිශ්චය සදහා ආනයනය කර සිටි රාම ගේ සහෝදර සර් උතුමාව බේරුවේ රටේ නැති හෑල්ලක් කියමිනි. අවසානයේ කොල්ලෝ නොකර වරදකට දඩුවම් ලෙස හෙට තව වට 25ක් නොහොත් මීටර 5000ක් නැත්නම් කිලෝ මීටර 5ක් නැවත දුවති.

දුවන්නට බැරි කමක් නැත. හේතුව වන්නේ අපේ ළමයින් පිට්ටනියට බසින්නේ තරගය වෙලාවට වීමයි. ඔවුන් ට කිසිදු පෙර පුහුනුවක් නැත. දිගු දුර ධාවන තරග යනු ක්‍රීඩකයින්ගේ වේගයට වඩා දරාගැනීමේ හැකියාව පරීක්ෂාවට ලක් කිරීමයි. එක දවසකට පිටියට බට අපේ කොල්ලන් ව දෙවරක් එවන් දරා ගැනීමේ පරීක්ෂනයකට ලක් කිරීම යනු ඔවුන් ව කිහිප ආකාරයකින් අවදානමකට ඇද දැමීමෙනි. අනික් අතට දස අතට පෙත්සම් ගසා විදුහල්පති වූ උතුමා ට මෙයට වඩා වගකීමක් තිබිය යුතු වීමයි. තරග නැරබීමට පැමිණ සිටින අංගනාවන් සමග මුකුළු කරමින් තරග විනිශ්චය කටයුතු කිරීමට නොහැකි බව ඔහුගේ කුඩා මොළයටවත් වැටහෙන්නේ නැත.

අද මීටර 100 සදහා ධාවන තීරු ලකුණු කොට නොතිබිණි. වස්සා සර් ට්‍රැක් ගහන්න ඉන්න යැයි බෙරිහන් දිද්දී ලොකු කොල්ලෝ ටික හෙමින් සීරුවේ මාරු වනු මම දුටිමි. ඉන්පසු මම කෙල්ලන් ටික සමග යන විට මලින්ත සහ නිරෝශන් ව මුණ ගැසුණි.

“හරි අසාධාරනයි ටීච. උතුමා සර් ආවොත් ඔක්කොම අනලා තමා පස්ස බලන්නේ. මොකට ආවද මන්දා!”

“කෑ ගහන්න එපා බූරුවනේ… ඇහුනොත් උඹලට ආයේ එන්න වෙන්නෙ නෑ මේ පැත්තේ”

“ටීච හෙට ආයේ මීටර 5000 දුවනකොට උතුමා සර් ට වට 50ක් දුවන්න කියන්න ඕනේ. අපි අද දිව්ව වට 25 යි හෙට දුවන වට 25 යි එකතුව. එයාට තේරෙන්න ඕනි අපි දුවන්නේ කොච්චර අමාරුවෙන් ද කියලා!”

“හිකිස්”

අම්මපා මට පුලුවන් නම් කෝටුවක් අරගෙන පන්නමින් උතුමා ව වට 50ක් දුවවමි. ගුරු මණ්ඩලයේ අනිකුත් අයද කෙවිටි රැගෙන පන්නනු ඇත. නමුත් ඒ බගලවතී ඉස්කෝලේ හාමිනේ හැර ය. නමුත් එය හිතලුවක් පමණි. අපේ අසරණ කොල්ලෝ උතුමාගේ වගකීම් රහිත ඔලමොට්ටල වැඩේ නිසා හෙට දඩුවම් විදිති. මට ඔවුන් ගේ මුහුණු බැලීමට නොහැක. පොඩි එවුන් ටික පව් ය. 

ප.ලි. අපේ කොල්ලෝ පසුවදා නැවත් දිවූහ. ඒ ශරීරයේ ශක්තියෙන් නොව හිතේ හයියෙනි. ජීවනි පොවා ඔවුන් විජලනය වීම වලක්වා ගැනීමට අපි සමත් වීමු. කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අපි ජවන හා පිටිය මලල ක්‍රීඩ ඉසව් අවසන් කලෙමු.

Comments

  1. හික් හික්!! මේ වගේ විදුහල්පති කෙනෙක් ලබන්න අක්කලා පින් කරන්න ඕනෙ

    ReplyDelete
  2. පූස් මල්ලි : ඉකේයියා.... ඔයාටත් එහෙම හිතුණද?

    ReplyDelete
  3. niyamai teacher akke digatama liyanna...dharshana

    ReplyDelete
  4. මෙන්න මෙහෙනුත් ඉකේයියා එනවා....

    ReplyDelete
  5. ඉතින් ආයෙත් ඔයාලගෙ නිවාසෙ ළමයාද දිනුවෙ? හරිම අසාධාරණයි මේ වැඩ නම්. ගුරුවරුන්ගෙ තරඟ වලට මේ තරඟෙත් දැම්මනම් හරි.

    ReplyDelete
  6. අනේ වාසනාවන්.. අපේ ස්කෝලෙට වෙලා ඉන්නේ නැතුව මහ ලොකුවට උඩදාගෙන ගියානේ... දැන් ඉතිං චීචට සනීප ඈතිනේ... පන්දමක් ගොට්ටක් අල්ලලා අපේ ස්කෝලෙට මාරු වුනානම් ඔය මුකුත් නෑ...

    ReplyDelete
  7. අනෙ අම්මප, සංජු බොරු කියන්නෙ නැහැයි කියල අපි හොඳාකාරවම දන්න නිසා අවුලක් නැහැ, ඒත් මෙහෙම විකාර කරන පිංසිබොල් මහත්තුරු මම ඔය රස කතා වලට එහෙම අහල තිබුනට කවදාවත් හිතුවෙ නැහැ ඇත්තටම වැඩ වාසය කරනවයි කියල,

    ReplyDelete
  8. මාලන් :ඒක හරි ලස්සන වචනයක් නොවැ අප්පා

    ReplyDelete
  9. පිණිබිදු : ඔව් එයාම තමා.... හැබැයි එදා නම් කොල්ලෝ ටිකට ටිකක් ඇවිද ගන්න අමාරු වුණා.

    ReplyDelete
  10. මාළු : අනේ මේ මම ගොටු පන්දම් භාවිතයෙන් තොරයි... සරීර සවුක්කියට අහිතකරයි

    ReplyDelete
  11. රවී : මේ ඉන්නේ අපේ දෙයියා... හකෝ හකෝ... හලි ශෝයි අප්පා එයා.. අපි හරි ආසයි එයාට කරන්නේ ම එයාගේ මොලේ සපත්තුවේ ලේස් එකේ ඉදලම තියෙනවා කියලා ඔප්පු වෙන වැඩ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

මම ආස ගීත

I am a TERRORIST ! ආයාගේ පියා!!!!