I am a TERRORIST ! ආයාගේ පියා!!!!



මේ කතාව සිද්ධ උනේ මං මේ කාන්තාර රටේ උගන්නපු අපේම ඉංග්‍රීසි උසස් විද්‍යාලයේ දි. මෙහෙ මේ පාසලේ මං මාස තුනක් විතර උගන්නල සමු ගත්තත් සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා ඒ ටික කාලෙදි. එකින් එක හෙමිහිට ලියන්න ඕනි.

මේ ඉස්කෝල ඉතින් පෞද්ගලික පාසල්. පාසලේ වාර්ශික ගෙවීම් මුදල දැක්කම අපරාදෙ කියන්න බෑ දෙතුන්පාර කැරකිලා ඉන්දවෙනවා. ඒත් මං ඉගැන්නුවෙ තනිකරම අරාබි දරුවො ඉන්න පන්තියකට. එයාලගෙ අඩුම ගානෙ ගෙදර තව සහෝදර සහෝදරියො 5-6ක් වත් ඉන්නවා. උන් ඔක්කොම ඉස්කෝලෙ යවන වියදම හිතනකොට අනේ මන්දා! ඒත් මේ රටේ ස්වදේශිකයන් හා අපි වගේ විදේශිකයන් ගෙ වැටුප්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් අපි ඇත්තටම පව්.

ඊගාවට මං කිව්වනෙ මගෙ පන්තියෙ හිටියෙ අරාබි පැටව් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ එමිරාටි , ඊජීප්තු, සිරියානු, පලස්තීන, ජෝර්දාන හා සූඩාන පැට්ටො සෙට් එකක් හිටියෙ. උන් ඔක්කොගෙම ආගම එක උනත් ඇවිත් තියෙන්නෙ විවිධ සංස්කෘතීන් වලින් නිසා හැසිරීමත් විවිධාකාරයි . පොඩි හරි නිදහසක් දුන්නොත් පියන වහන්නෙ නැතිව මිශ්‍ර පලතුරු බීම හදන්න බ්ලෙන්ඩර් එක ඔන් කලා වගේ තමා. හතර අතේ.

ළමයි දාහෙන් සම්පතයි කියන්න පුලුවන් උන්ගෙ දෙමාපියො එක්ක බැලුවාම. ආවොත් එන්නෙ ගේමක් ඉල්ලගෙන. මුලදිම බයෙන් හිටියත් ටික දවසකින් මාත් දෙමාපියන්ගෙන් ගේම නම් ගේම ගානට වැටුනා. මේ දැං ලියන්න යන්නෙ එහෙම කතාවක්.

මගෙ පන්තියෙ හිටියා ආයා "Ayah" කියල පුංචි ලස්සන කෙල්ලක්. කෙල්ල පලස්තීන ජාතික කෙලි පැටියෙක්. ඉගෙන ගන්නත් දක්ශයි. උනන්දු යි. හොඳ මතයක් තියෙනවා. සාමාන්‍යෙන් පන්තියෙ හැම බබාටම ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒකෙ ආයාගෙ පියාගෙ රැකියාව තිබ්බෙ "Army" කියලා. ඒ නිසා කෝකටත් මං ආයා ගෙ වැඩ ගැන ඇහැ ගහගෙන මයි හිටියෙ.

ඔන්න වාරෙ අන්තිම දවස. දෙමාපියො ඉස්කෝලෙ එන්න ඕනි ළමයින්ගෙ උත්තර පත්තර ඉල්ලගන්න ටීචර් හම්බ වෙන්න. දෙමාපියො ඔන්න එකා දෙන්නා ඇවිත් යද්දි ආයාගෙ තාත්තත් ආවා පන්තියට. එයාගෙ ශරීරය දැක්කම මට ආමි කියලා තිබ්බ ප්‍රතිරූපය ඩාං ඩෝං ගාලා කඩං වැටුනා. කොටින්ම පන්තියට ආවෙම පෙරලීගෙන වගේ. 

ඔය දෙමාපිය හමුවට කලින් ඉස්කෝලෙන් අපිට තරයේ කියලා තිබ්බෙ පාසල් ගාස්තු එක වාරිකයක් හරි ගෙවන්න ඉතිරි වෙලා තියෙන අයට එයාලගෙ දරුවන්ගෙ උත්තර පත්‍රය වත් ලකුණුවත් කොහෙත්ම දෙන්න එපා කියලා. ඒ වගේම ඉස්කෝලෙ අකවුන්ටන්ට් මහත්තයා හැම ටීචර් කෙනෙකුටම හිඟ ගාස්තු කාගෙද කීයද කියලා ලිස්ට් එකක් ඒ වෙලාවෙම ඊමේල් කරලා තිබ්බා. ඉතින් ලිස්ට් එක බලද්දි ආයාගෙත් එකම එක හිඟ වාරිකයක් තියෙනවා. අපිට කලින් කියලා තිබ්බෙ දෙමාපියන්ට කියන්න කියලා කැශියර් එක ඇරලා තියෙන්නෙ හිඟ වාරික ගෙවලා බිල ගේන්න එවෙලෙම ලකුණු දෙනවා කියන්න. 

මාත් ඉතින් කිව්ව දේ අකුරටම කලා. ආයගෙ තාත්තා මුලදි බටර් පාර ගාගෙන ආවත් මාව වෙනස් කරන්න බැරි බව තේරුනාම රණ්ඩු කරන්න පටන් ගත්තා. මට ටිකක් බය හිතුනත් මමත් අත ඇරියෙම නෑ කාගෙනම ප්‍රතිප්‍රහාර දීගෙන හිටියා. දැං ආයාගෙ තාත්තගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න. 

ඉඳගෙන හිටපු පුටුව ඉස්සරහට කරපු ආයාගෙ තාත්තා රහසක් කියන්න වගේ මගෙ පැත්තට එයාගෙ ඔලුව කිට්ටු කලා. 

"Ma'am, I am from palestine and I am a terrorist."

ආයාගෙ තාත්තා එයාගෙ අන්තිම තුරුම්පුව ගැහුවා. 

මමත් ඉඳගෙන හිටිය පුටුව ඉස්සරහට ඇදලා ආයාගෙ තාත්තා දිහාට මගෙ ඔලුව දික් කලා. 

"Oh sir! I am from Sri Lanka and I am a terrorist too"

ඉඳගෙන හිටි පුටුව පස්සට විසි වෙන්න වේගයෙන් නැඟිටපු ආයාගෙ පියා අතපය විසි කරමින් අරාබි බසින් බැන වදිමින් මගෙ පන්තියට චුට්ටක් එහා තිබුණු ප්‍රාථමික උප විදුහල්පතිනි ජොසී මැඩම්ගෙ ඔෆිස් එකට යන්න පටන් ගත්තා. ඔහුට යන්න ඇරලා මාත් ටිකකින් එතෙන්ට ගියා. ඒ වෙනකොටත් ආයාගෙ තාත්තා ජොසී මැඩම් එක්ක රණ්ඩු වෙන්න පටන්ගෙන. අවසානයේ ඔහු ඉතා ආචාරශීලී ජොසී මැඩම්ගෙන් ආචාරශීලී බැනුමක් අහගෙන බැන බැනම යන්න ගියා. 

Comments

  1. I am from angoda and I am a terrorist too

    ReplyDelete
  2. හි හි ! ඉතා හොඳ මුහුණ දිමක් ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කොහොමද බෝම්බයක් එහෙම පෙන්නුවා නම්

      Delete
  3. තකට තක... ඔය සමහරු නං ඕනම නෑ තනිකරම මස් විතරයි.. මොළේ හොයන්න අන්වීක්ෂයක් ඕන එපා වෙනව...
    මොනා වුණත් හැරෙන තැපෑලෙන් දීපු උත්තරේ නං මරු හිහික්

    ReplyDelete
    Replies
    1. අපේ අයිය නම් කියන්නෙ එමිරාටි උනුයි ඇමරිකන් උනුයි එක්ක එකට වැඩ කලහම ජාති දෙකේ වෙනස හොයන්න බැරි වෙන්න තකතීරුකම. මේගොල්ලො එක මේගොල්ලො දෙක කියන්න බැරි වෙන්න කරටකර කියලා. ළමයි නම් කොහෙත් පව් ආදරේ හොයනවා.

      Delete
  4. මොන විදියේ ‘ටෙරරිස්ට්‘ වුණත්, සල්ලි ගෙවනකම් මුකුත් බෑ නේද....? හි හි ! දියුණු ධනවාදි ආයතනයක් හැඩයි....http://niyontetra.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සල්ලි සම්බන්ධයෙන් ඔය ඉස්කෝලෙ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා අපි ඒවයෙන් දන්නෙ ඔය වගේ සුළු ප්‍රශ්න විතරයි.

      Delete
  5. ලංකාවෙන් කිවුවාම අරූට මොනා හිතෙන්න ඇද්ද දන්නෑ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම