Posts

Showing posts from 2009

ගුරු (02)

Image
රැග් කතා තවම ඉවර නැත. මේ කතාව කැප වන්නෙ මම කලුතර දිස්ත්‍රික්කයේ තනිව සිටියදි මගෙ සෙවණැල්ල සේ සිටි කලණ මිතුරා වෙනුවෙනි. පීඨ ගොස් දින කිහිපයකින් අපට පන්ති වලට බෙදන ලදි. මම අයත් වූයේ ජී 1 පන්තියටයි. කඩ්ඩ ඔපවත් ව තිබීමේ පින නිසා බය නැතුව මම පන්තියේ ගොස් වාඩි වුනෙමි. කරුමයට මට ලැබුනේ පන්තියේ සිටි එකම කොල්ලන් 4 දෙනා ගේ මුහුණු බලාගෙන සිටිය හැකි පන්තියකි. කොල්ලන් ට මගෙ තිබුණු බිය ඒ වන විටත් පහව නොතිබිණි. රැග් වීමේ කරුමය නිසා මම බිම බලාගෙනම සිටියෙමි. දේශන 2ක් අවසන් වූ පසු යන්තම් ඔලුව උස්සගෙන සිටීමට මට හැකි විය. කොල්ලන් 4 දෙනාගෙන් එකෙකු මුස්ලිම් වූ අතර ඔහු ට ඇසීමට ප්‍රශ්න බොහෝ විය. අනිකා බුද්ධිමත් පිලිතුරු සැපයූවෙකු වූ අතර මට කෙලින්ම සිටි නිස ඔහු දෙස මම කෙලින් නොබැලීමි. තව එකෙකු පෙනුමින් ම පයිතගරස් වූ අතර අවසන් එකා දැලි රැවුලවත් නොකැපූ තරම් පෙනුම ඇති නිශ්ශබ්ද කොල්ලෙකු විය.  මීළග කාලපරිච්ඡේදය නිදහස් වූ බැවින් මට මගේ පන්ති සගයන් සමග මුසු වීමට හැකි විය. ගෙවල් කොහෙද? පාසැල කුමක්ද? එක එකා ගෙන් අසන විට පන්තියේ නොසිටියේ යාපනයේ එකෙකු පමණි. නමුත් යාපනයේ කොල්ලො ද ත්‍රස්තවාදීන් ට කප්පම් ගෙවා හෝ තම ගුරු

ගුරු (01)

Image
විශ්වාස කල ද නොකල ද මට රැකියාවක් ලැබුණි. අපේ අම්මාට එය ගෙදර කැවුම් ඉවීමට තරම් මංගල කාරණාවක් විය. තිත්ත වී නොතිබුණ ද යම් යම් කාරණ උඩ මට ද රැකියාවක් උවමනා වී තිබුණි. (එය මා කල ලොකුම මෝඩකම බව අදටත් මම පිලි ගනිමි.) පාසැලෙන් එලියට් එන විට නැවත පාසලකට අඩියක් නොතබමියි ශපථ කරගෙන එලියට පැමිණි මම නැවත පාසලට යාමට මග පාදා ගත්තේ එලෙසය.  පස්දුන්රට යන විට මම උසස් තාක්ෂණ ආයතනයේ අම්බානක වාත වී සිටියෙමි. වාත දින 28න් මම එහි ගොස් තිබුනේ දින 14ක් පමණි. එය මට එතරම්ම වාතයක් වී තිබුණි. මම යන්නේ අත්‍යවශ්‍යම දේශන ඇති දවසට පමණි. මා වාත වන බව දන්නා අම්මා ද හරියට 4 ට මාව රැගෙන යාමට ආයතනයේ ගේට්ටුව ගාවට පැමිණේ. ජ්‍යෙෂ්ඨ උත්තම අයියලා මට අම්මා දකින විට තිත්ත කුණුහරුපයෙන් බැණ වදියි. "ඈ බොල තොගෙ අම්ම මේක මොන්ටිසෝරිය කියලද හිතාගෙන ඉන්නෙ?" යැයි ඔවුන් මට තර්ජනය කරති. පරක්කු කරන එක හොද නැති බැවින් මට ඉක්මනින් එලියට යාමට ලැබේ. අනික් උන් 6 වන තෙක් වාත වෙද්දි මම 4.30 ට එලියට පැන ගනිමි. මා එසේ කලේ ආත්මාර්ථකාමි බව නිසා නොව මානසිකව මම බිංදුවටම ඇද දැමීමට වාත කාලය සමත් වූ බැවිනි. මේ සියලු අත්දැකීම් සමග විද්‍යා පීඨයට

පරිප්පු

Image
කාපු පරිප්පු වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...... අයෙ නම් ලංකාවෙ දේශපාලනය ගැන ලියන්නෙ නෑ කියල හිතා ගත්තා. ලියන්න තරම් වැදගත් දෙයකුත් නැති තරම් නෙ. ඔන්න මීට පස්සෙ සංජු එක්ක නෝ පොලිටික්ස්. අපි තාම චූටි පැටවු නෙවෙ. 

බිංදුව සොයා යෑම....!

බිංදුව යනු මම පාසැල් ජීවිතයේ කිසි දිනෙක නොලද දෙයකි. දන්නා නැටුම නොකර බටහිර සංගීතය කිරීමට ගොස් වරිගෙ නසා ගැනීමට ක්‍රියාකළනිසා බිංදුවට් ආසන්න එකොළහ ප්‍රගති වාර්තා පොතේ සටහන් කර ගැනීමට මට වරක් හැකිවිය. බිංදුවට ඇති බිය නිසාම පරාණ බය පසෙක තබා විදුහල්පතිතුමිය හමුවේ කන්කෙන්දිරි ගෑමේ ප්‍රථිඵලයක් ලෙසමට නැවත නැටුම් පන්තියට යා හැකි විය. ඒ බිංදුවට ඇති අසීමිත බිය නිසාය. දෙවන බින්දුව මා ලැබුවේ නැවතත් වරිගෙ නසා ගැනිමට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂන ආයතනයට ඇතුලත් වූ පසුය. වාණිජ්‍ය විෂය උසස් පෙළට හදාරා වසර ගනනාවකට පසු තොරතුරු තාක්ෂණය කිරීමට ගොස් මා ඇණ ගත්තේ ගණිතය විෂය මට වහ කදුරු මෙන් වූ නිසාය. බලතල සහිතව බිංදුව භාවිතා කිරීමට මට රස්සාව ලැබුනු පසු හැකි විය. ( ඒ කතා පසුවට ) ඉන්පසු මම බොහෝ බිංදු දුටුවෙමි. මගේ බැංකු පොතේශේෂය බොහෝ විට බිංදුවට සමාන වේ. පසුම්බිය ද දිග ඇරියාට වැඩක් නැත. සමහර මාසවල අපේ අම්මාත් තාත්තාත් මා සමගම බිංදුවට වැටේ. එවිට අපි රන් කරන්නේ මගේ හිගන පඩිය මෙන් තුන් ගුණයක වැටුපක් ලබා ගන්නා මල්ලීගේ පිහිටෙනි.අපි තිදෙනාටම නැතිඋගේ ලෝබ ගතිය නිසා බිංදුවට වැටීමේ අවදානම නොමැති එකම පොර අපේ මල්ලී ය. නමුත්

කාලෙකට පස්සෙ.............!!!

කාලෙකට පස්සෙ බ්ලොග් ලියන්න සෙට් වුණෙ පටන් ගත්ත දවසෙ වගේම පට්ට පාන්දර වෙලාවක. බකමූණට වගෙ නින්ද යන්නෙ නැති ලෙඩෙ තදින්ම තියෙන නිසා කොච්චර කලින් නිද ගන්න හැදුවත් නින්ද නම් ආසවකටවත් එන්නෙ නෑ කලින්. ඩීප්ස් ගෙ ලින්ක් එකක් දැකලා මම නිකමට වගෙ ගිනි හිවල ගෙ අලුත් අප්ඩෙට් එක දාගෙන ඇඩ් ඔන්ස් ටික ක්‍රියාත්මක කලා. දෙය්යනෙ කියල දැන් නම් යුනිකෝඩ් ටයිප් කරන්න පුලුවන් බබා වගෙ. පුදුම කම්මැලි කමකින් හිටියෙ කොන්වර්ටර් එක පාවිච්චි කරන්න. දැන් නම් අවුලක් නෑ වගෙ. මගෙ ආදරණීය ඩීප්ස් සහෝදරියට තෑන්ක් යූ වේවා! ඔයාලටත් සින්හල පාවිච්චි කරන එක ලෙඩක් වගෙ නම් මේ ලින්ක් එකෙන් ගිහින් මම කලා වගෙ සින්හල ක්‍රියාත්මක කර ගන්න. https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හැදුවේ Isuru Udana අදහස දීපිකා ප්‍රියදර්ශනි

බ්ලොග් ලියන්න ගත්ත පලවෙනි දවස

අද තම මම බ්ලොග් ලියන්න ගත්ත පලවෙනි දවස. මතක් කරන්න ඉන්න පලවෙනි කෙනා තමයි සන්ජීව අය්යා... එයගෙ බ්ලොග් එක දැකල තමයි මටත් බ්ලොග් ලියන්න ආසාවක් පහල උනේ.හැබැයි ඉතින් එයාට වගෙ ශාස්ත්‍රීය බ්ලොග් ලියන්න නම් මට තේරෙනවා අඩුයි. ඒක නිසා දන්න සිහලෙන්ම වැඩේ පටන් ගන්නයි හිතගෙන ඉන්නෙ. බ්ලොග් ලියන එකත් ආර්ට් එකක් කියලයි මට නම් හිතෙන්නෙ. ඒත් සමහර බ්ලොග්ස් කියෙව්වම අසා හිතෙනව. ලස්සන කවි... අදහස් වලින් සමහර බ්ලොග්ස් පිරිලා.මගේ බ්ලොග් එක ඉස්සරහට මොන වගේ වෙයිද දන්නෙ නෑ. හැබැඉ අවක අදහස් නම් ගොඩාක් තියෙයි.