කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි. නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්. නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්. දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා. දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා. එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න ම...
Comments
Post a Comment