ගුරු (01)

විශ්වාස කල ද නොකල ද මට රැකියාවක් ලැබුණි. අපේ අම්මාට එය ගෙදර කැවුම් ඉවීමට තරම් මංගල කාරණාවක් විය. තිත්ත වී නොතිබුණ ද යම් යම් කාරණ උඩ මට ද රැකියාවක් උවමනා වී තිබුණි. (එය මා කල ලොකුම මෝඩකම බව අදටත් මම පිලි ගනිමි.) පාසැලෙන් එලියට් එන විට නැවත පාසලකට අඩියක් නොතබමියි ශපථ කරගෙන එලියට පැමිණි මම නැවත පාසලට යාමට මග පාදා ගත්තේ එලෙසය.


 පස්දුන්රට යන විට මම උසස් තාක්ෂණ ආයතනයේ අම්බානක වාත වී සිටියෙමි. වාත දින 28න් මම එහි ගොස් තිබුනේ දින 14ක් පමණි. එය මට එතරම්ම වාතයක් වී තිබුණි. මම යන්නේ අත්‍යවශ්‍යම දේශන ඇති දවසට පමණි. මා වාත වන බව දන්නා අම්මා ද හරියට 4 ට මාව රැගෙන යාමට ආයතනයේ ගේට්ටුව ගාවට පැමිණේ. ජ්‍යෙෂ්ඨ උත්තම අයියලා මට අම්මා දකින විට තිත්ත කුණුහරුපයෙන් බැණ වදියි. "ඈ බොල තොගෙ අම්ම මේක මොන්ටිසෝරිය කියලද හිතාගෙන ඉන්නෙ?" යැයි ඔවුන් මට තර්ජනය කරති. පරක්කු කරන එක හොද නැති බැවින් මට ඉක්මනින් එලියට යාමට ලැබේ. අනික් උන් 6 වන තෙක් වාත වෙද්දි මම 4.30 ට එලියට පැන ගනිමි. මා එසේ කලේ ආත්මාර්ථකාමි බව නිසා නොව මානසිකව මම බිංදුවටම ඇද දැමීමට වාත කාලය සමත් වූ බැවිනි. මේ සියලු අත්දැකීම් සමග විද්‍යා පීඨයට පා තැබුවේ වාත කිරීමට ආවොත් දෙන්නම් ජම්බු යන න්‍යාය මතය.
 
 9 දෙනෙක් සිටි නේවාසිකාගාර කාමරයේ 11 වෙනියා ලෙස මට යාමට සිදු විය. අනික් 9 දෙනාම මට දින කිහිපයකට පෙර පැමිණි අය වේ. ඔවුන් රවති ඔරවති. මුන් අතින් ම වාත වීමට වේ යැයි මට හැගුණි. අපේ තාත්තා අසල සිටි කෙල්ලකට මට රැග් කරන්න එපා යැයි පැවසූ විට ඈ කීවේ මෙහෙ රැග් කරන්නේ නෑ කියා පමණි. ජීවිතයේ පළමු වතාවට මම තනි වූ පසු මට එක දෙයක් සිහි විය. "දෙයියෝ සාක්කි...... අදින් පස්සෙ මේ යාර 6ක් දිග සාරිය පටලවගන්නෙ කොහොමද?"


දින 2ක් පමණ ඇඩුවෙමි. ඒ ගෙදර සිහි වී ය. ඇත්තම කියතොත් මනාලියන් මංගල දිනයේ දී හඩන්නේ ඇයි දැයි මට වැටහුනේ එදා ය. දින 2ක් නොව සිහි වන වාරයක් පාසා මගෙ ඇස් වලින් කදුලු වැටේ. රැග් මතක් වන විට ගුරුකම පැත්තක තබා ගෙදර යන්න ට සිතේ. දින කිහිපයක් ගත උනද රැග් කෙරෙන පාටක් නැත. ඒ වන විට මගේ කාමරයේ මා සමග දැවුරුද්දක් ගෙවීමට පවු කර සිටි එවුන් (විටෙක මෙහි අනික් පැත්ත ද සිදු විය) මා සමග සමීප වී සිටියහ. "මෙහෙ රැග් කරන්නේ නැද්ද?" 


ඕනෑම එකකට පනින හසා උත්තර බැන්දාය.


"අපේ ප්‍රසිඩන්ට් සර් සැරයි. රැග් කරලා අහු උනොත් ගහනවලු. එක නිසා මෙහෙ රැග් නෑ."
"එයා ඉස්සර ආමි එකෙ ඉදල තියෙනවලු. මෙහෙ නරකටම තිබ්බ රැග් එක නැති කරන්නලු එයාව මෙහාට දැම්මෙ" තව එකියක් පිලිතුරු බැන්දා ය.


දෙය්යන්ගේ බැල්මෙන් හා පීඨාධිපති තුමාගේ බැල්ම නිසා එදයින් පසු සංජු සැනසිල්ලේ නිදා ගත්තා ය. දන්නා තරමින් මේ සිරි ලංකාවේ රැග් නැති එකම විද්‍යාපීඨය පස්දුන්රට ය. අනෙකුත් බැචා ලා රැග් ගැන කියන විට පස්දුන්රට අපි "අලයෝ" වෙමු. නමුත් ඒ "අල" ගැන අපි ආඩම්බර වෙමු. 

Comments

  1. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ඉංජිනේරු පීඨයේ හිටියේ.

    මම හිතන්නේ රැග් එකේ හොඳ පැත්තකුත් තියනවා කියලයි.හැබයි අමාණුෂික නොවිය යුතුයි.
    මම නම් වැඩියෙන්ම හිනා වුනේ ඒ කලෙ තමයි.අදටත් මතක් වෙනකොට හිනා එනවා.

    අපිටත් කුණුහරුපයක් දෙකක් නම් කිව්වා තමයි.
    ඒත් ඊට වදා ගොඩාක් දේවල් මම එකෙන් ඉගෙන ගත්තා.
    අපිට සින්නො හැම දේම කියල දුන්නා.උදව් කලා.
    ඒ එක්කම අපි බැචාලා,බැචීලා ගැන දැන ගත්තා සින්නන්ට බයේ.මොකද ඒ ගොල්ලො ඇවිත් අහනවා විස්තර.අපි ලොකුවට හිටියොත් ඉවරයි.
    මට රැග් එකෙන් ජීවිතේට ලොකු පන්නරයක් ලැබුනා.
    මුහුණ දීමේ හොඳ ශක්තියක් ලැබුනා.
    විෂේශයෙන්ම ඉංජිනේරුවරියක් වන මට ඒක හරිම වැදගත්.

    ReplyDelete
  2. අකමැති නම් ඇයි රැග් වෙන්නේ?
    නොඇහුණා වගේ ඉන්න බැරිද?

    ReplyDelete
  3. නෑහුනා වගේ ඉද්දි ලගට අවිල්ල ඩෙස් එකට අත මිට මොලවලා ගහලා ගිරිය පුප්පලා කුනුහරුපෙන් බනිනවා. මගෙ ඇස් වලින් කදුළු පෙරෙනවා... අම්මා තාත්තාවත් බැනලා නෑ මේ කොහෙවත් ඉන්න එවුන් ගෙන් කුනුහරුප අහන්න වෙලා නේ කියලා හිතෙනකොට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම