Posts

Showing posts from January, 2011

ස්පෝර්ට් මීට් කතා 2 - මැරතන්

Image
ඔන්න සංජු ටීචගේ ස්පෝර්ට් මීට් කතා අංක 1 කියෙව්වේ නැති කවුරු හරි ඉන්නවනම් ගිහින් කියවන්න. ඉතින් මේ ස්පෝර්ට් මීට් කාලය බැවින් ද වලි පිට වලි හැදෙන මේ කාලය බැවින්ද ජොලි කතා ගනනාවක් ලිවීමට හැකි වේ යැයි සංජු ටීච ට සිතේ. අපේ ඉස්කෝලේ නිවාස 3කි. දම් පාට නිවාසය රෝස පාට  නිවාසය සහ කහ පාට නිවාසය ලෙස ඒවා නම් කරමි. ඔය නිවාස වලින් දම් පාට නිවාසය භාරව සිටින්නේ සංජු ටීචය. රෝසා පාට නිවාසය භාරව සිටින්නේ සමන් මලෙන් පවන් සැලේ ය. කහ පාට නිවාසය භාරව සිටින්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ය. ස්පෝර්ට් මීට් එක පටන් ගත් දා සිට බගලවතී  ඉස්කෝලේ හාමිනේ වැඩ කලේ අපට හොරෙන් ය. කැපුවේ ද අපටය. ඇයගෙන් වේන් කෙණිහිලිකම් දම් නිවාසයේ දරුවන් නිතරම සංජු ටීචට ගෙන එයි. සංජු ටීච ද තිත්තයාගේ වාරය එන තුරු ඇගිලි ගනිමින් සිටියාය. පසුගිය බදාදා පාසලේ මැරතන් ධාවන තරගයයි. සංජු ටීචගේ මුලු ක්‍රීඩා උත්සවයටම තියෙන බජට් එක රුපියල් 2000 කි. ඉතින් අතේ තියෙන විදියට වියදම් කිරීමට සිද්ද වීම නිසා සංජු ටීචගේ දම් පාට නිවාසයට මැරතන් අංක ගසා ගැනීමට සිදු  වූයේ ලා කහ පාට රෙදි කැබලි වලය. ඔන්න ඉතින් සංජු ටීච මණිමේඛලා ටීච සමග “ඩූම් මචාලේ” කණ පැලෙන්න දා

එලාම් එක

Image
සංජු ට නින්ද නොයෑමේ රෝගය අම්බානක ඇත. ඒ  විද්‍යා පීඨයේදී නිදි මරාගෙන පාඩම් කිරීමට ඇබ්බැහි වීමෙනි. ඉතින් රෑ දෙගොඩ හරිය වන තුරු අනන් මනන් කුරුටු ගමින් දිවි ගෙවන සංජු ට අමාරුම වැඩේ උදේ ට නැගිටීමයි. සංජු ස්වභාවයෙන් ම උදේට නැගිටින්නට  කම්මැලියෙකි. ඉතින් තනිවම බෝඩිමේ ඉන්න සංජුට වෙන අකරතැබ්බ බොහෝ ය.  ඉස්සර සංජුත් සමග කාමරය බෙදා හදා ගත් වසන්තී ගේ පෙම්වතා හරියට උදේ 5 ට වසන්තී ට කෝල් එකක් දෙයි. ජංගම දුරකතනය තියෙන්නේ කොට්ටය ලග බැවින් එය වදින විට සංජු ට ද ඇහැරේ. ඉවසන්නටම බැරි තැනන් සංජු කොට්ටය වසන්තිගේ කකුල් දෙක පැත්තට දමා නිදන්නට පටන් ගත්තාය. ඇදේ අනික් අතට නිදන්නට සංජු ට පුරුදු වුනේ ඒ සීන් එක නිසා  ය. අදටත් සංජු නිදන්නේ ඇදේ කකුල් දමන අතට ඔළුව තබාගෙනය.  5 ට කෝල් එකට කතා කරන වසන්තී ට ආයේ නින්ද යන්නේ නැත. ඇය කාමරයේ ඔබ මොබ ඇවිදියි. ලයිට් එක දමයි. දොර ඇරිය විට සංජු ට මලම පනියි. ඒ පලාතේම සීතල සුලං එවිට කාමරයට එන බැවිනි. වසන්තී දොර ඇර දමා නාන කාමරයට යයි. ඒ අස්සේ බෝඩිමේ අක්කා එලියට යන දොර ද අරියි. එවිට  හොර්ටන් තැන්න සිංහල මහ විදුහලට පත් කල කෙනාගේ සනුහරයම සිහි කරමින් සංජු තවත් ගුලි වන්නීය. වැඩේ දෙක

හිරුණ උදාර - නපුරුම නපුරු හදවතේ කොටස

Image
සංජු මේ කියන්න යන්නේ ආදර කතාවත් නම් නොවේ. ටිකක් කල් ගිය කතාවකි. මේ කතාවේ කතා නායකයා හිරුණ ය. ඒ මගේ පන්තියේ සිසුවෙකි. 6 වන ශ්‍රේණියට එන විට හේ මගේ පන්තියේ කොල්ලන්ගෙන් එකෙකි. මම පන්තිය භාර ගනිද්දී කුමාරි ටීච මට කිව්වේ මේ පන්තියේ තක්කඩියන් සිටින බැවින් ඔලුව බේරාගෙන කටයුතු කරන ලේසයි. මම එය ගනනකට නොගත්තෙමි.  දෙවන දිනයේ මට පැමිනිල්ලක් ලැබුණි.  “ටීච ටීච උදාර ජනේලයේ වීදුරුවක් කඩලා.”  දැන් ඉතින් ගෙන්වා සැලකිල්ලක් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මම හිරුණව ගෙන්වා ගතිමි. “කවුද හිරුණ?”  මේ මමත් පන්තිය භාර ගෙන දින 2 කට පමණ සිදු වූ සිද්ධියකි.   කොලු  පැංචෙකු බයේ ගැහෙමින් මා වෙත පැමිනියේ ය. තනිකරම චබ්බෙකි. චබ්බා වීමට අමතරව ඔහු සතුව අපූරු දිදුළන දෑසක් විය. එය කලාතුරකින් කෙනෙකුට පිහිටන ආකාරයෙ විරල සුන්දර දෑ සකි. “තමුසෙ මේ මොනවා කලා කියලා ද මේ චෝදනා එන්නේ?” “මම මොකුත් කලේ නෑ ටීච!”  දෑසේ කදුළු පුරවාගෙන කී ඒ වදන් වලට මම හසු වුණෙමි. “හා හා යනවා පන්තියට. හෙට සල්ලි ගේනවා වීදුරුවක් දාන්න”  කුමාරි ටීච ඔවුන් ගේ 5 ශ්‍රේණියේ පන්ති භාර ටීච ය. ඇය මා වෙත සමච්චල් සහගත බැල්මක් හෙලුවාය. “සංජු ට

ස්පෝට්මීට් කතා 1 - ක්‍රීඩා උත්සවයේ ගුරු මණ්ඩලයේ තරගය

Image
ඔන්න ඉතින් අපේ ඉස්කෝලයේ ක්‍රීඩා උත්සවය සුභ මොහොතින් ආරම්භ විය. අපේ ක්‍රීඩා ගුරුතුමී වන මණිමේඛලාට ප්‍රශ්නයක් ඇති විය. ඒ ගුරු මණ්ඩලයේ තරගය ලෙස පවත්වන්නේ කුමක් ද යන්නයි. වෙලාව  ඉන්ටවල් එක බැවින් ද සියළු දෙනා ගුරු කාමරයේ සිටි බැවින් එක එක්කෙනා අදහස් දක්වන්නට පටන් ගත්හ. “අපි ගුරු මණ්ඩලයේ විකට ඇදුම් තරගයක් තියමු” එයට උත්තර දුන්නේ අපේ සංගීත ටීච ය. “එදාට ඉතින් අපි කලබලෙන් පාන්දර ඇදගෙන අවිල්ලා දගලලා හවසට කොහොමත් විකට තමා.” ඒ අදහස එතනින් හමාර විය. “අපි ටීචලාට රේස් එකක් තියමු” “යකෝ ඒගාව දවසේ අපෙ රෑඅස් එකේ පින්තූරේ පත්තරේ තියෙයි ටීචලා අසභ්‍ය විදියට සාරි උස්සගෙන දිව්වා කියලා” ඒ තරගය ද හමාරය. “එහෙනම් ටීචලාගේ තරගයක් තියමු බෝතලයට වතුර පිරවීම. නිවාස වලට බෙදිලා. ළමයිනුත් හොදට සපෝට් කරයි” එවිට මැද්දට පැන්නේ අපේ මල්ලී චානක ය. “අපෝ අර 3 වසරේ ළමයින් ගේ තරගෙත් ඒක නේද? “ ඒකත් කොට උඩ ගියේ ය. සංජු ටීච අසාමාන්‍ය ලෙස නිහඩය. කට්ටියට මේක පුශ්නයකි. “සංජු ටීච කියන්නකෝ බලන්න ඔයාගේ අදහස්….. ඔයාට හොද අදහස් තියෙනවනේ” “අනේ මන්දා මගේ අදහස් වලට ඕගොල්ලෝ කැමති වේද මන්දා” “කියන්නකෝ බලන්න ඉතින්” කට්ටියම පෙර

මගේ කට

Image
ලෝකයේ පහල වන සියලුම සතුන්ට මෙන් මට ද කටක් තිබේ.  පොඩි කාලයේ මම කුකුල් කේන්තිකාරියක්මි. ඒ වගේම කොහෙන්දෝ අහුලා ගත්  අති සුද්ද සිංහල වාග් මාලාවක් ද එකල මට විය. එයින් අපේ පවුලේ අය පත් වූ අපහසුතා අපමණය. අපේ නැන්දා විවාහ වී ඉස්සෙල්ලාම මහ ගෙදර පැමිණි පසු අපිට අළුත් නෑදෑයෙකු එක විය. ඒ නැන්දාගේ මාමා ය. එක් දිනක් නැන්දා මට දොඩම් යුෂ වීදුරුවක් දී එය මාමාට දෙන ලෙස පැවසුවාය. එකල මගේ වයස අවුරුදු 3ක් පමණ වී යැයි අම්මලා පවසති. අළුත් මාමා සොයා යන විට ඔහු සාලයේ පුටුවක් මත වැතිර පත්තරයක් බලමින් සිටියේ ය. දොඩම් වීදුරුවද ගෙන අළුත් මාමා අසලට ගිය මම “ඉදා මේක බීපිය” කියා මාමාට දොඩම් වීදුරු ව දී පැමිණ ඇත. හොල්මන් වූ මාමා නැන්දා සොයා ගොස් මගේ කෙරුවාව පිලිබද දැනගෙන ඇත. එක දිනක් අපේ අසරණ බාප්පා ද මගේ කට නිසා මේ වන් අමාරුවක වැටුනේ ය. මා ගස මුල තබා හේ වෙරළු ගසට නැග සිටින විට මට ඈත ඔහුගේ යාලුවෙක් එනු පෙනුනේලු. බාප්පාගේ යහලුවන් ඒ කාලයේ විනෝදාංශය වශයෙන් කොට ඇත්තේ මගේ කට අවුස්ස ගැනීමයි. ඉතින් මොහු එනු දුටු මම, “අඩෝ තිලකයෝ බැහැපන් බං බිමට. ඇන්න අරූ එනවා” යැයි මහ හයියෙන් පැවසීලු. ගස මුදුනේ සිටි අපේ බාප්පා ගසින් වැට

ROCK ශ්‍රී ලංකා!

Image
සංජු සින්දු අහන්නට මල පෙරේතියකි. නමුත් සංජු ගේ සිංදු ඇසීමෙන් වැඩිපුරම කරදර සිද්ධ වන්නේ සංජු ගේ තාත්තාටය. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න සිතාගෙන සිටිමි.  සංජු අහන්නේ තාත්තාට අනුව නම් එලොවටත් මෙලොවටත් නැති සින්දු ය. ඒත් සංජු ට අහන්න ප්‍රියතම ගීත ගණනාවක් තිබේ. බොහෝ විට ඒවා ලයාන්විත සංගීතයක් සහිත සෙමෙන් ගයන ගීතය. පොප් සංගීතය, ආර් ඇන්ඩ් බී සංජු ගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන වර්ග ය. ලංකාවේ වේවා පිටරට හෝ වේවා නැත්නම් එලොව සින්දුවක් වුනත් සංජු ට හිතට ඇල්ලුවොත් කට පාඩම් වෙන තුරු අසයි.    මේ මොනවා ඇහුවත් සංජු ගේ ලිස්ට් එකෙ නැති ඒවා ද තිබේ. සංජුට පෙන්නන්නටම බැරි වර්ගය නම් රොක් ය. ටින් කබල් ගනනාවකට පහර දෙමින් යටි ගිරියෙන් බෙරිහන් දෙමින් කියන මේ රොක් සංජු ට ඇලජික් ය.  හැබැයි ලගදී සිට සංජු ගේ මේ හැසිරීම වෙනස් විය. රොක් ගීයක් ප්‍රියතම ගී අතරට එකතු කර ගත්තාය. ඒ ගීතය අසන විට සංජු ට අනික් සියලුම සින්දු එපා වෙයි. ඒ තරම් සුන්දර රොක් සින්දුවකි. ඒ සොදුරු බව ඔබත් සමග විදින්නට සංජු කැමතිය. ඉතින් මේ ගීතය ඔබටයි.  මේ ගීතයද සංජු ගේ හදවත දවා අළු කල සින්දුවකි. නමුත් සංජු ඒ වේදනාව නැවත නැවත් විදිමින් මේ ගීය අසන්නීය

ඒකපාර්ශවීය ප්‍රේමය

Image
හැමදාම රිදව රිදවා මට වද දෙන ආදරේ ආයෙත් අතරමං වෙන්න හදනවා කොහේදෝ නොදන්නා ඉසව්වක ඔය ඇස් වලට වශී වී ඔය සිනහව හදේ හංගා පෙම් කලේ නෑ මම කවදාවත්ම ඔබට සිහිනෙන්වත් විමසන්න එපා අසරණයි පිළිතුරක් නෑ මට නොදැක්ක නොදන්න ඔබට ආදරේ කලා මම කවියක් නොවූවත් ඔබේ ඔය ජීවිතය ඔය කවියක් වන් සිත මා හද සොරකම් කර ඔය පතුල පෙනෙන හදවත මගේ ප්‍රේමයත් සොරාගෙන මුලා කර මා ඔය අවංකම සුවදින් කොහොම කියන්නද මම ඔබට මගෙන් හරි දුරයි ඔබ ගුණයෙන් පිරි මුත් රුවයෙන් අඩු  ඔබේ ඇසට අසු නොවනා අසරණ පුංචි හිතක් එක්ක  තනි වුණ කෙල්ලක් මම

ටීච ගේ බබා

Image
අද ලියන්න හදන්නේ ටීච කෙනෙක් වෙච්ච නිසාම මුහුණ දෙන්න වෙන අපූරුඅත්දැකීමක් ගැන. මේවා අපේ ප්‍රසන්න මල්ලි, මාර අයියා එහෙම ලියලා තියෙන ටීචලාගේ දුවලා සම්බනධ කතා කියවද්දි තමා මත වුණේ. ඒ නිසා අමතක වෙන්න කලින් ලියන්න හිතුවා.  ඉතින් ඔය ගොඩක් ටීචලා තමන්ගේ බබා ව තමන් ඉන්න ඉස්කෝලෙටම දා ගන්නවනේ. ඒ ඉතින් ළමයාව ඉස්කෝලෙ ගෙනියන්න එක්කරගෙන එන්න තියෙන පහසුවට, ළමයා ඉස්කෝලේ ඇරිලා තමන් ගෙදර එනකල් තියන්න තැනක් නොමැති වීම වගේ ම ළමයාගේ අධ්‍යාපනයට නිරන්තරව ඇගිලි ගසා ඒකාව 5 වසරේ සිස්සත්ත විභාගයෙන් හොදින් හෝ නරකින් ගොඩ යවා ගන්න එක තමා මේ ටීච අම්මලාගේ පරම පිවිතුරු චේතනාව.   මම දැන් ඉන්න තක්සලාවේ එහෙම ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ පුතා හිටියේ මම එහෙ යනකොට 2 ශ්‍රේණියේ. මට කොල්ලගේ නම නම් මතක නෑ. අහ්හ් හලි හලි මතක් වුණා භානු තමා නම. ඉතින් මේ භානු හිටියේ අම්මා ලගමයි. පන්තියේ නෙවෙයි. භානුට කවුරු හරි සත්තමක් දැම්මද භානු අම්මට කියනවා සත්තම දාපු එකාට අම්මගෙන් ගුටි. භානු කෙලින්ම නඩුව ගෙනියන්නෙ අම්මට. අම්මා ටීචත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව අනික් ළමයට පාර දෙනවා. මේ කේස් වලට වඩියෙන්ම අහු වුනේ ඒ පන්තියේම තව චණ්ඩි පොඩ්ඩ

ගුරු රැස්වීම සහ කරුණු 30

Image
අපේ විදුහල්පතු උතුමා මාර නිර්මාණශීලීය. ඔහු සිතාගෙන සිටින්නේ ඔහු තරම් බුද්ධිමත් නිර්මාණශීලි  විදුහල්පති කෙනෙකු මුළු මධ්‍යම පළාතටම නැත කියාය. ඇත්තටම ඔහු නිර්මාණශීලීය. ඒ හැරී පොටර් වැනි කතා ලිවීමට මිස පාසලක් පරිපාලනය සදහා නොවේ. අපේ කරුමය නම් ඔහු එය නොදන්නා කමයි. 2011 වසර පටන් ගත් දිනම හේ ගුරු රැස්වීමක් කැදෙව්වේ ය. එය ආරම්භ උනේ දවල් 11 ට ය. 2 ට පාසල ඇරීමට සීනුව ගැසූ නිසා එය අවසන් කිරීමට සිදු වුණ නිසා හැර පුලුවන් කමක් තිබ්බා නම් හේ එය රාත්‍රිය වන තුරුම කරගෙන යන්නට ආසා ඇත්තෙකි. අපේ ඉස්කෝලේ ගුරු රැස්වීම් යනු තනිකරම වලි ය. එම නිසා ගුරු රැස්වීම්, පාසල් සංවර්ධන සමිති රැස්වීම් සංජු ට වහ ය.  අහම්බෙන් අසු වුනොත් හැර සංජු අනෙක් සියලුම දවස්වල එක්කෝ කලින් මාරු වේ නැත්නම් අසනීප නිවාඩුය. ඒ ශරීරයේ තියෙන ලේ පයින්ට් 5න් 4 1/2 ක් පුළුස්සා ගැනීමට තියෙන අකමැත්ත නිසාය.  එදා ඉතින් ඔන්න හා හා පුරා ආරම්භ වූ ගුරු රැස්වීමයි. මම නිකමට මෙන් මා අසල සිටි වසන්තී ට කිව්වේ " අද අපිට අවුරුද්දේම වැඩ කියයි" කියලා ය. "සුභ අලුත් අවුරුද්දක් ටීචලා සියලුම දෙනාට. අපි ට අද දීර්ඝ කාලයක් ගන්න වෙයි මේ රැස්වීමට මොකද

නැටුම් 3

Image
අර කිව්වත් වගේ සංජු ගේ නැටුම් උණ හොද කරන්නට බැරි විය. ගෙදර සිටින දින වල කන් අඩි පුපුරා වහලය උඩ යන තෙක් ශබ්දය වැඩි කර ගන්නා සංජු මොලේ නරක් වන තෙක් නටා හවස අම්මා එන විට බබා සේ සිටියි. අන්තිමට සංජු ට උවමනාවට වඩා ඉන්ගිරිස් වීමට ඉන්ගිරිස් චිත්තරපට බැලීමට ඇබ්බැහි වීම නිසා අලුත්ම රෝගයක් වැලදුනි. Social Dancing !!! ඇසූ මුල්ම දිනයේ අපේ පියා කොස්ස අතට නොගත්තා පමණි. සංජු ද තටු බටු අකුලාගෙන පැත්තකට වූවාය. දින කිහිපයකින් නැවතත්.... අම්මා මාර්ගයෙන්. අනේ දෙයියනේ කියලා මගේ හිතට එන විකාර අදහස් ක්‍රියාවට නංවන්න උදව් කරන්නේ අපේ අම්මා. ඉතින් අම්මාගේ මාර්ගයෙන් අම්මවත් එක්කරගෙන යන පොරොන්දුව පිට සංජු ට Social Dancing පන්තියකට යන්නට අවසර ලැබුණි. ඉස් ඉස්සෙල්ලාම පන්තියට ගිය වෙලාවේම කොර වුණි. තනිකර කඩ්ඩෙනි. ගුරුතුමා දුටු විට රංග අයියා මුහුණු පොතේ දකින්නට පෙර මවාගෙන සිටි රූපය වැනි එකක් හැබැහින් පෙනුණි.  නමුත් හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපූරු ගුරුවරයෙකි. නැටුම් ගුරුවරයෙකු යැයි බලන කෙනෙකුට නොසිතෙන නමුත් ඔහු අති දක්ෂ ගුරුවරයෙකි.  පන්තියේ 1 වන දවසේ මගේ සහාය ශිල්පියා වුනේ ඉන්ජෙක්ෂන් එකක නම තියෙන ඉස්කෝලේ උසස්පෙ

නැටුම් 2

Image
නැටුම් කතා තවම ඉවර නැත. හදිස්සියේ මට නැටුම් ගැන ලියන්නට තද වුණ හේතුවත් ලිවිය යුතුය.   සංජුගේ නැටුම් උණ එදායින් අවසන් නොවීය. නමුත් අද මතක් උනේ ගීතයක රූප රචනාවක් දැකීමෙනි. ඒ ගීතයේ ජවසම්පන්න නර්තනය සංජු ගේ සීතලට ගුලී වී තිබුණ නහර සියල්ල කෙලින් කලේය. නැවත නටන්නට පටන් ගත යුතු බව සංජු ට දැනෙමින් තිබේ. ඒ මීට වසරකට පෙර නැවැත්වූ තැනි නි. ඒ නැටුම් 3 කතාවෙන් ඔබට මා කියන්න යන කතාවේ කොටසකි.  මේ මට මගේ ඇගේ නැටුම් ඇති බව මතක් කර දුන් ගීතයයි.  ප.ලි.  මේක ටිකක් ලාවට වැඩිහිටියන්ට පමණයි වර්ගයේ වීඩියෝවක් නිසා අපේ පූසා මල්ලි, පුතා මල්ලී, බ්ලොග් ගඩොල් පූස් මල්ලිලා ටික එහෙම බලනවා නම් අම්මලා තාත්තාලාට කියලා අවසර අරගෙන බලන්න හොද ද???

නැටුම් 1

Image
ඒ පාර මොකාට එන්න හදනවාද???? මගේ තහනම් ලැයිස්තුවට තව මාතෘකාවක් එක් විය. ඒ මත්ද්‍රව්‍ය යි. මින් පසු මේ බ්ලොගේ දේශපාලනය සහ මත්පැන් පිලිබද ලිය වෙන්නේ නැත.   දැන් ලියන්නට යන්නේ නැටුම් ගැනයි.   මගේ ජීවිතයේ මට ලැබෙන අවස්ථාවලින් මම ආශාවෙන් ම සහභාගී වුනේ නර්තනය ටයි.  නර්තනය ආරම්භ කරන විට මා සිටියේ 6 වන ශ්‍රේණියේය. හදිසියේ ම අපේ පාසැලට බටහිර සංගීතය හදුන්වා දුනි. මම ගෙම්බා සේ එයට පැන්නෙමි. අහා...... කලු හිසක් සහ කෙට්ටු ශරීර ඇති මිනිසුන්ගේ ඉරි 5ක් උඩ ගමන් කිරීමේ කලාව මගේ ඇගට පත්තියම් වූයේ නැත. නැවත අකුලාගෙන බැනුම් කන්දරාවක් විදුහල්පතිනියගෙන් සහ නැටුම් ගුරුතුමියගෙන් අසාගෙන මම නැවත නැටුම් කාමරයට ගියෙමි.   එදා සිට මම පැත්තකට වී සිටි අහිංසක සිසුවියක් වීමි. පැනලා නටන අයට නටා ගන්නට දී මම පැත්තකට වී සිටියෙමි. එක දිනයක් මාසික පරීක්ශනයක් දා මගේ ඉදිරිපත් කිරීමෙන් පසුව මගේ මිතුරියකට අවස්ථාව ලැබුණි. ඇය නටන හැටි බලා මගේ නැටුම් ගුරුතුමියට කේන්ති ගොස් තිබින. "මොනවද ළමයෝ මේ කරන්නේ??? අර අච්චර මහත ළමයත් ලස්සනට ඇග බැලන්ස් කරගෙන නැටුවා. ඔයා මෙච්චර කෙට්ටු වෙලත් බලන්න නටන හැටි. හරියට නිකන් මනුස්සයෙක් කඩි ගු

ෆේල්...! ඩිල්ශාන්, අනාස්, ඩිලාන් සහ උමේන්ද්‍රා ගේ කතාව.

Image
මේ 2011 වසරේ මට ගන්නට සිදු වූ අසීරුතම තීරණයයි. මගේ පන්තියෙන් 10%ක් ෆේල් කරන්නට නියෝග ලැබුණි. මම උත්සාහ කලේ කොහොම හරි 40 ම 8 වන ශ්‍රේණියට රැගෙන යාමටය. 40ක් පන්තියේ සිටීම නිසා මට 4 දෙනෙකු ෆේල් කරන්නට සිදු වීය. ඒ මේ හතර දෙනාය.  1. ඩිල්ශාන් -  ඩිල්ශාන් ගැන කතාවක් මගේ පරණ ලිපියකද ලිව්වෙමි. ඩිල්ශාන් තරමක් කෙලි ගති තිබුණ කොල්ලෙකි. ඒ ඔහු පවුලේ එකම කොල්ලා වීමත් ඔහු වටා අක්කලා හා නංගිලා 5ක් පමණ සිටීමත් ය.   මගේ පන්තියේ කොල්ලො 18ක් සහ කෙල්ලො 22ක් විය. දිනක් මට හදිසියේ ගණන අමතක වී මම පන්තියෙන් "කීයක් ඉන්නවාද?" කිය ඇසුවෙමි. ධනේශ් දුන් උත්තරයෙන් මට වැඩ අමතක විය. "ටීච කොල්ලො 17 කෙල්ලො 23" .... මුළු පන්තියේම කොල්ලෝ හක හක ගාති. කෙල්ලෝ මුහුණු වසාගෙන සිනා සෙති. "මොකක්ද ඒ හරුපේ තේරුම?" "ටීච ඩිල්ශාන් ව අපේ ගොඩට ගන්න බෑ. එයා ගෑනියෙක් වගේනේ"   දීපල්ලකෝ උත්තර! පන්තියම හක හක ගායි. ඩිල්ශාන් කඩුලු පිසිමින් අඩයි. යන්නට ආ සිනහව මැඩගෙන මම පන්තියට තරවටු කලෙමි. නමුත් ඒ කතාව යම්තාක් දුරට ඇත්තය. පන්තියේ කේලම් ගුරුවරුන්ට ගොස් පවසන්නේ ඩිල්ශාන් ය. ඒ නිසා කොල්ලෝ ඩිල්ශාන් ට අ

නිලූෂ ගේ අස්වීම් සහතිකය

Image
ඔන්න මම ලියන්න පටන් ගන්නයි හදන්නේ.  දෙයියනේ කියලා අපේ සරත් ඒකනායක මහ ඇමති තුමා අපිට සතියක්ම නිවාඩු දුන්නා. (සැපසේ ගෙදර හිටියා වගේ නෙමෙයි රජෝ නිවාඩු දවස් වලත් ඉස්කෝලෙ තියලා නිවාඩු දවස් 5ත් අදින්න කියලා චක්‍ර ලේඛන ආවම.... එදාටත් මතක් කරන්නේ ඉතින් එතුමාවම තමා... හිකිස්)   ඔන්න මේ සිද්දිය උනේ ඉස්කොලෙ පටන් ගත්තු දවසේ. මම බෝඩිමට ඇවිල්ලා කරන වතාවත් සේරම ඉවර කරලා ඇද උඩට පැනලා මෙලෝ රහක් නෑ, ටාසන් බාප්පා සහ පටි රෝල් අහන්න පටන් ගත්තා විතරයි මගේ කාමරේ දොරට තඩි බාන සද්දක් ඇහුනා. ඒ ගෙදර පොඩි පුතා දිලුම්. පොර දොර 2 වෙන්න තඩි බාල තියෙන්නෙ ටීච ගෙ කනේ හෙඩ් සෙට් එක නිසා ටීචට වටා පිටාවෙන් සුනාමියක් ආවත් ඇහෙන්නේ නැති බව අත්දැකීමෙන් දන්න නිසා.   "ටීච හම්බ වෙන්න කවුදෝ ඇවිල්ලා, ළමයෙක් ගේ තාත්තා කෙනෙක් වගේ"    මේ ටීච අනික් ටීචලා මෙන් නොව ගෙදර දොර ශිෂ්‍ය පරපුරටම සහ දෙමාපිය පරපුරටම වසා සිටින්නියකි. ටියුෂන් එකක් දා ගත්ත දවසට මතක් වෙන්නේ මේ වෙලාවේ බෝඩිමේ සිටියා නම් දමන සැප නින්ද ගැනය. පින් ටියුෂන් නිසා ඒ වෙලාවද තනිකර ඉල්ලගෙන ගා ගැනීමකි. ටීචගේ මේ ප්‍රතිපත්තිය ඉදිරියටත් එසේම වේ. කවුරු මොනවා කිව්වත්

චීච ට ඉක්කෝලේ නන්න බැලියෝ..........!

Image
මෙන්න චීච කෙනෙක් ඉක්කෝලෙ නන්න බෑ කියා අඩනවෝ.  මේ චීච ඉක්කෝලේ ගිය කාලේ වත් ආසාවෙන් ඉක්කෝලේ ගිහින් නැත. පුරුද්දට වගේ යැවුනාය. කොලරයේ ගසා තිබූ ශිෂ්‍ය නායක ලාංඡනයට පින් සිද්ද වෙන්නට 13 වසරේදී ඉක්කොලේ ගේට්ටුව පැන්නේ උදේ මහ පාන්දර 9 ටය. (අද ඒ ළමයා චීචර් කෙනෙකු වීමත්, පාසලේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් වීමත්, ශිෂ්‍යා නිල මණ්ඩලයේ උපදේශිකාව වීමත් වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකාවකි) ඉක්කෝලය මට හැමදා වහ කදුරු වූ ස්ථානයකි. ඉක්කෝලයෙන් එලියට බැස්ස දා මම යලි කිසි දිනෙක වැස්සකටවත් නැවත ඉක්කෝලයක පස් නොපාගමි යැයි සිතා පිට වීමි. දෙයියෝ මට සැමදා දෙන්නේ මම එපාම කියූ දේවල් ය. ඔහු මාව නැවත ඉක්කෝලයකම නැවැත්තුවේය.  (දෙයියෝ එක දෙයක් මට ඕනෑ විදියට දේවියැවි මම සිතමි. ඒක නොදුන්නොත් මම දෙය්යන්ව දිව්‍ය ලෝකයේදි හෝ අල්ලා හොල්ලමි)  ඉතින් හෙට ඉක්කෝලය පටන් ගන්නා බැවින් හෙට චීච ඉක්කෝලයට යා යුතුය. ඒ නිසා චීච හෙට ඉක්කෝලයේ යයි. සතියකින් සිකුරාදා ආපසු එක විට චීචට කියවන්න ගොඩාරියක් බ්ලොග් යහලුවෝ ලියා තබන බව චීචට විශ්වාසය. ඉක්කෝලයේ යන කාලයේ පටන් උදේට හැදුණු වමනය ගතිය, බඩේ අමරුව, ඔලුවේ කැක්කුම සහ බෙල්ලේ හිර වෙන ගතිය යලිත් හෙට

ඔන්න 2011...........

Image
"~ආදරණීය නවාතැන~"   එන ජනනියා ටත් "අම්මා සහ බබා" එක්ක එන මා ටත් "දියත් කුලේ අපි"   ගැන කියන ආගන්තුකයා ටත් "බිඟූ නද" ගේන බිඟූ ටත්  "සලාදය හෙවත් මගේ salad එක" ගේන වරු ටත් * * * | කணிshකගේ Cyber සටහන | * * *  ගේන කණිෂ්ක ටත් - රූපාවලෝකණ - - කැමරා ඇසින් දකින ලෝකය - ගේන අංජු ටත්    :::: සිතුවිලි ගංගා :::: ගේන ගංගා ටත් අච්චාරු දාන තරිදු ටත් BLOG ගඩොල් කපන පූසන්ටත්  Pahan's Diary| පහන්ගේ දින සටහන් ලියන පහන් ටත්   DeepS ගේ අනං මනං ලෝකය ලියන දීපිකා නංගී ටත් Dil Scoop ක්‍රිකටර්ස් ලා ටත්  Fit එකේ සෙට් වෙන්න!!!! ඕනෙ වෙලාවක ලෑස්ති පිටස්තරයාටත්    Gee Mihira ගේන සුදු මහත්තයාටත් KamuBomu   කියලා වචනෙන් හරි අපේ බඩ කට පුරවන නලියා ටත් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලියන දිගගගගගගගග නමක් තියෙන කෙනාටත් Kussiya :: කුස්සිය :: குசினி අස්සේ ඉන්න කට්ටියටත්  Morning පැංචි!  ලියන මොර්නින්ග් පැංචී ටත් සේයාවලෝකණ ලියන ~බිன்ku~ ටත් NUWAN's lane ලියන නුවන් ටත් One | Zero | Zero ලියන ආගන්තුකයා ටත් Panda ගේ