ඒකපාර්ශවීය ප්‍රේමය


හැමදාම රිදව රිදවා
මට වද දෙන ආදරේ
ආයෙත් අතරමං වෙන්න හදනවා
කොහේදෝ නොදන්නා ඉසව්වක

ඔය ඇස් වලට වශී වී
ඔය සිනහව හදේ හංගා
පෙම් කලේ නෑ මම
කවදාවත්ම ඔබට

සිහිනෙන්වත් විමසන්න එපා
අසරණයි පිළිතුරක් නෑ මට
නොදැක්ක නොදන්න ඔබට
ආදරේ කලා මම

කවියක් නොවූවත් ඔබේ ඔය ජීවිතය
ඔය කවියක් වන් සිත මා හද සොරකම් කර
ඔය පතුල පෙනෙන හදවත මගේ ප්‍රේමයත් සොරාගෙන
මුලා කර මා ඔය අවංකම සුවදින්

කොහොම කියන්නද මම ඔබට
මගෙන් හරි දුරයි ඔබ
ගුණයෙන් පිරි මුත් රුවයෙන් අඩු 
ඔබේ ඇසට අසු නොවනා
අසරණ පුංචි හිතක් එක්ක 
තනි වුණ කෙල්ලක් මම








Comments

  1. බලාන යනකොට අපේ සංජුවත් කවි කාරියක් නොවැ...........ලස්සන නිර්මාණයක්.

    කවුද දන්නෙ නෑ නේද මෙයා..........?!!

    ReplyDelete
  2. Do not be sad; because you never know who will fall in love with your smile.

    ReplyDelete
  3. දිනෙශ් : තැන්කූ තැන්කූ. කවුද දන්නේ නෑ අප්පා...!

    ReplyDelete
  4. Hishan : hmmmmmmmmmmm I don't hope. This is a noral scenario to me. partial love

    ReplyDelete
  5. ආදරේ කොහොම උනත් වන් වේ නෙ අනේ..
    ඕවා ඔහොම තමයි ....
    දෙපැත්තෙන්ම ආදරේ එකතු වෙන දවසට අපි කියනවා, "අපි එකිනෙකාට ආදරෙයි" කියල.
    වෙලාව ආපුහාම ඔක්කොම හරි ...

    ReplyDelete
  6. ස්වප්නා : මේ දවස් වල නම් ඉතින් වෙලාව හෙනහුරා ට ගොහින්ද කොහෙදෝ! මෙලෝ රහක් නෑ පතෝල පරාදයි.

    ReplyDelete
  7. අයියෝ බය වෙන්න එපා අනේ ඔහොම යනකොට අක්කට හම්බවෙයි කවුරුහරි

    ReplyDelete
  8. ඒක තමා වැඩියම බය. :) කොයි වගේ කෙනෙක් හම්බ වෙයිද කියලා.

    ReplyDelete
  9. බලන් ගියාම සංජුත් එළ කයිකාරියක්නේ... :)
    ආදරේ ගැන නම් මම කියන්ට දන්නේ නෑලු... මොකද දැන් ආදරෙ මොකක්ද කියල මටත් අමතක වෙලා ගිහින්... :(
    කොහොම හරි අර සුනිල් එදිරිසිංහ මහත්තයා කියනවා වගේ "හිඳීවි කොතැනක හෝ..." කියලා තමයි කියන්ට තියෙන්නේ...

    ReplyDelete
  10. අනේ සංජු චීචට, ගිය කල...

    ReplyDelete
  11. ඇත්තම කියන්නම්. මං බයේ ඉන්නේ නොදැකපු කෙනා කොයි වගේද කියලා.

    ReplyDelete
  12. රතී : හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම