ස්පෝට්මීට් කතා 1 - ක්‍රීඩා උත්සවයේ ගුරු මණ්ඩලයේ තරගය


ඔන්න ඉතින් අපේ ඉස්කෝලයේ ක්‍රීඩා උත්සවය සුභ මොහොතින් ආරම්භ විය. අපේ ක්‍රීඩා ගුරුතුමී වන මණිමේඛලාට ප්‍රශ්නයක් ඇති විය. ඒ ගුරු මණ්ඩලයේ තරගය ලෙස පවත්වන්නේ කුමක් ද යන්නයි. වෙලාව  ඉන්ටවල් එක බැවින් ද සියළු දෙනා ගුරු කාමරයේ සිටි බැවින් එක එක්කෙනා අදහස් දක්වන්නට පටන් ගත්හ.

“අපි ගුරු මණ්ඩලයේ විකට ඇදුම් තරගයක් තියමු”
එයට උත්තර දුන්නේ අපේ සංගීත ටීච ය. “එදාට ඉතින් අපි කලබලෙන් පාන්දර ඇදගෙන අවිල්ලා දගලලා හවසට කොහොමත් විකට තමා.” ඒ අදහස එතනින් හමාර විය.

“අපි ටීචලාට රේස් එකක් තියමු”

“යකෝ ඒගාව දවසේ අපෙ රෑඅස් එකේ පින්තූරේ පත්තරේ තියෙයි ටීචලා අසභ්‍ය විදියට සාරි උස්සගෙන දිව්වා කියලා”
ඒ තරගය ද හමාරය.

“එහෙනම් ටීචලාගේ තරගයක් තියමු බෝතලයට වතුර පිරවීම. නිවාස වලට බෙදිලා. ළමයිනුත් හොදට සපෝට් කරයි”
එවිට මැද්දට පැන්නේ අපේ මල්ලී චානක ය.

“අපෝ අර 3 වසරේ ළමයින් ගේ තරගෙත් ඒක නේද? “
ඒකත් කොට උඩ ගියේ ය. සංජු ටීච අසාමාන්‍ය ලෙස නිහඩය. කට්ටියට මේක පුශ්නයකි.

“සංජු ටීච කියන්නකෝ බලන්න ඔයාගේ අදහස්….. ඔයාට හොද අදහස් තියෙනවනේ”

“අනේ මන්දා මගේ අදහස් වලට ඕගොල්ලෝ කැමති වේද මන්දා”

“කියන්නකෝ බලන්න ඉතින්” කට්ටියම පෙරැත්ත කරති. සංජු ටීච මණිමේඛලාට ඇසක් ගැසුවාය.

“අපි ගුරු මණ්ඩලයට තියමු දිය යටින් ගින්දර් ගෙන යාමේ තරගයක්”
අලුතින් පැමිණි කෙල්ලෝ ටිකට හා සංජු ටීචගේ  හැටි දන්න අයට බකස් ගා හිනා ගියේ ය.

“හරි නැද්ද ඒක? එහෙනම් ගුරු මණ්ඩලයේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ තරගයක් තියමු. හැබැයි ඉතින් ඒ තරගේ තිබ්බොත් මේකෙ දිනන්නේ එක්කෙනයි අපි ඔක්කොටම ඉන්න වෙන්නෙ බෙල්ල නැතුවයි” සංජු ටීච ඇගට පතට නොදැනී කියා දැම්මාය. සියල්ලෝ ම කොක් හඩ ඩී සිනා සෙති. කතාවට අදාල තොප්පිය කියන්නත් කලින්ම තමා විසින් ම හිස ලා ගත් බගලවති ඉස්කෝලේ හාමිනේ සහ ඇයගේ නැට්ට වන ශා කවී ටීච සස් බස් ගා වාශ්ප වූහ.

ඇත්තටම සංජු ටීච ඒ දීලා ඇද්දේ ඒ දෙන්නාටමය. දෙන්නාම නියමෙට තොප්පිය පිටින් හිසේ දා ගත් හ. ඉතින් මම මක් කොරන්ට යැ…! කොකාට වාර ගොඩක් ආ විට තිත්තයාට එන එක වාරයෙන් තිත්තයා මොනවා හරි කරන්නත් එපායැ

Comments

  1. අම්මපා අක්කේ අක්කාගේ කට තමයි කට :D

    ReplyDelete
  2. හැබෑටම මොකද ඔයා "බගලවතී" ටීච එක්ක ඔච්චරම ඔරොප්පු?
    ස්ටාෆ් වල ඔයවාගෙ සීන් තියනව නේද?බලාන යනකොට ඔයත් සාම්ප්‍රදායික ගුරු මණ්ඩලේට වැටෙන්නයි යන්නෙ.ටිකක් වෙනස් විදියට හිතන්න බැරිද?

    ReplyDelete
  3. මට නම් හොඳටම ෂුවර්, සංජු ටීච ඉක්මනට මාරුවක් හදාගෙන නුවරට එනවා කියලා... නැත්තං කට්ටිය එකතු වෙලා අක්කාව මෙහාට එවනවා...

    ReplyDelete
  4. col3neg : ගුරු මණ්ඩලේ තර‍ඟෙ තමයි ආතල්ම එක.. :D

    ReplyDelete
  5. පූසා : එහෙම නැතුව පණ ගැට ගහ ගන්ට බෑ

    ReplyDelete
  6. දිනේශ් : එයා එක්ක ඔරොප්පු එයා රාජ්‍ය දේපල අනිසි පරිදි පාවිච්චි කිරීමත් ලැජ්ජා නැතුව ඕනෑම කෙනෙකුට ** දීමත් ගොට්ට ඇල්ලීමත් නිසා සහ අපිත් ඒ විදියට ඒ ජරා වැඩ කරයි කියලා බලාපොරොත්තු වීමත්. ඒ වගේම අපි ගැන අනිසි බොරු කතා පැතිරවීමත් හේතුවක්. නැතුව වෙන පුද්ගලික තරහක් නෑ.

    සාම්ප්‍රදායික කට්ටිය එක්ක එහෙම ඉදලා අනික් වෙලාවට එහෙම ඉන්නවා.

    ReplyDelete
  7. ෆිශී : හි හි හි ඔව් මම ඒහොල්ලෝ ම මට මාරුව හදා දීල අනේ යන්න කියලා කියන විදියට තමා වැඩ කරන්නේ. නැත්නම් මේ කපේට මට තනියම මාරුව හදා ගන්න බෑ අනේ

    ReplyDelete
  8. පරෙස්සමින් ටීච...
    ඔය ස්ටාෆ් රූම් ඇතුලෙ කෙහෙවලු පටලවාගන්න එපා...
    එතකොට බලන් ඉන්න ළමයි ටිකට තමයි ජොලි...

    ReplyDelete
  9. පට්ටම කටක් තමා අක්කකට නම් තිෙයන්ෙන්...
    ෙමානා වුනත් අැත්තම කියලා තියනවා..ඒල..

    ReplyDelete
  10. තාරා : පිස්සුද තාරෝ.... එහෙම කෙහෙවලු පටලවා ගන්නේ නෑ ටීචලා.. උගත් විදියට ගේම දෙන්නේ. වෙලාවකට හිතෙනවා කෙහෙවලු පටලවා ගත්තනම් කේස් එක එලිපිට ඉවරනේ කියලා. ගේම් එක අස්සෙන් යනකොට මොනවා වෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි.

    ReplyDelete
  11. ළහිරු : තැන්කූ තැන්කූ එහෙම නැතුව බෑ අනේ දැන් ඉන්න මිනිස්සු එක්ක ඉන්න.

    ReplyDelete
  12. අපි එහෙම හිතුවට ටීචලගෙ හැම කෙංගෙඩියම අන්තිමට ලමයි දැන ගන්නව..අම්ම ස්ටාෆ් එකෙ එහෙම ඉන්නව නම් තවත් ස්පීඩ්..කෙසෙ වෙතත් ඕව ගැන මම හිතන්නෙ සංජු කම්පා වෙන කෙල්ලෙක් නෙවෙ කියල..එහෙම වෙන්නත් එපා.මොකො මම දන්න විදිහට ලංකාවෙ කිසිම ගුරු ස්ටාෆ් එකක් නැ ඔය තරග දෙක නැති...ඒක තමයි හැටි..

    ReplyDelete
  13. අනිවා පැන්ඩ්ස්... අපි ඕවට සැලෙන්නේ නෑ. එන එකට පුලුවන් තරම් සැර රිටන් එකක් දීලා පසු බසිනවා. රස්සාවත් කොහොම හරි කොරන්ට එපායැ.

    ReplyDelete
  14. මගෙ අම්මියෝ! සංජුගෙ කට තමයි කට! බගලවතී ඊටපස්සෙ මොනවත් කියන්න ආවෙ නැද්ද?

    ReplyDelete
  15. පූස් : මොනා කියන්නද ඉතින්...! මොකුත් කිව්වෙ නෑ. එය ගැන සීරිස් එකකම ලියන්න වෙයි වගේ. මගේ ඊගාව පෝස්ට් එකටත් එයා සම්බන්ධයි

    ReplyDelete
  16. මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ......
    කියලා සින්දුවකත් තිබ්බා......

    ReplyDelete
  17. අනුරාධ : ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර්

    ReplyDelete
  18. මම ගිය ඉස්කෝලෙත් අක්කි බගලවතීල වගේම රත්තරං සංජු ටීචලත් හිටියා.සංජු ටීච කවදාවත් වෙනස් වෙන එකක් නෑ නේද?

    ReplyDelete
  19. යන්තර බණ්ඩා : මම රත්තරන් නම් නෙවෙයි කොල්ලොන්ට මම සැරයී ටිකක් :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම