නිලූෂ ගේ අස්වීම් සහතිකය



ඔන්න මම ලියන්න පටන් ගන්නයි හදන්නේ. 

දෙයියනේ කියලා අපේ සරත් ඒකනායක මහ ඇමති තුමා අපිට සතියක්ම නිවාඩු දුන්නා. (සැපසේ ගෙදර හිටියා වගේ නෙමෙයි රජෝ නිවාඩු දවස් වලත් ඉස්කෝලෙ තියලා නිවාඩු දවස් 5ත් අදින්න කියලා චක්‍ර ලේඛන ආවම.... එදාටත් මතක් කරන්නේ ඉතින් එතුමාවම තමා... හිකිස්)  

ඔන්න මේ සිද්දිය උනේ ඉස්කොලෙ පටන් ගත්තු දවසේ. මම බෝඩිමට ඇවිල්ලා කරන වතාවත් සේරම ඉවර කරලා ඇද උඩට පැනලා මෙලෝ රහක් නෑ, ටාසන් බාප්පා සහ පටි රෝල් අහන්න පටන් ගත්තා විතරයි මගේ කාමරේ දොරට තඩි බාන සද්දක් ඇහුනා. ඒ ගෙදර පොඩි පුතා දිලුම්. පොර දොර 2 වෙන්න තඩි බාල තියෙන්නෙ ටීච ගෙ කනේ හෙඩ් සෙට් එක නිසා ටීචට වටා පිටාවෙන් සුනාමියක් ආවත් ඇහෙන්නේ නැති බව අත්දැකීමෙන් දන්න නිසා.  

"ටීච හම්බ වෙන්න කවුදෝ ඇවිල්ලා, ළමයෙක් ගේ තාත්තා කෙනෙක් වගේ"  

 මේ ටීච අනික් ටීචලා මෙන් නොව ගෙදර දොර ශිෂ්‍ය පරපුරටම සහ දෙමාපිය පරපුරටම වසා සිටින්නියකි. ටියුෂන් එකක් දා ගත්ත දවසට මතක් වෙන්නේ මේ වෙලාවේ බෝඩිමේ සිටියා නම් දමන සැප නින්ද ගැනය. පින් ටියුෂන් නිසා ඒ වෙලාවද තනිකර ඉල්ලගෙන ගා ගැනීමකි. ටීචගේ මේ ප්‍රතිපත්තිය ඉදිරියටත් එසේම වේ. කවුරු මොනවා කිව්වත් ටීච මේ ප්‍රතිපත්තිය කවදාවත් වෙනස් නොකරන්නේ පෞද්ගලිකත්වය ටීචට ඉතාම වටිනා දෙයක් බැවිනි. අනාගතයේ සුවාමි පුරුසයාගෙන් ගෙදර ආවත් ඉස්කෝලේ බදාගෙන යැයි බැනුම් අහන්නට ටීච අකමැතිය. 

සෙමෙන් පල්ලෙහාට ගිය මට දක්නට ලැබුනේ මගේ පන්තියේ නාම ලේඛනයේ පළමුවෙන්ම නම සටහන් නිලූශ ලක්මාල් සහ ඔහුගේ පියා ය.  

"ටීච මේ පුතාව ඉස්කෝලෙන් අස් කරන්න කියලා සර් ව හම්බ උනා. ලියුම් වගයක් ගේන්න කියනවනේ"

ලොක්කා හදන්නේ මට වැඩ ගොඩ කරන්නටය. දැන් ඉතින් දවස් 2න් කොල්ලව අස් කරගෙන ගිහාම මට සිද්ද වන්නේ ඉතිරි මුලු අවුරුද්දේම කොල්ලාගේ නම ඉස්සරහින් රතු ඉරි ගැසීමටය.එක පාරටම රතු ඉර මාස 12 ට ම ගහන්නට බැරි මෙහෙ දෙමපියන් ළමයා ටික දිනකින් නවත එක්කගෙන එන බැවිනි. "ටීච මූ මෙහෙදි කරපු තරම්වත් වැඩ එහෙදි කරන්නේ නෑ" 

නිලූශ ද ඒ කාණ්ඩයේ ළමයෙකි. ඉතින් නිලූෂගේ පියා පැමිණ සිටියේද කොල්ලාව අස් කරගෙන යන්නටය. නමුත් අපේ විදුහල්පති උතුමා බාල්දියක් දමා තිබේ. ඒ නම් ළමයා යන දිහාවක දී ඇතුලත් කරන පාසලේ විදුහල්පති තුමා ගෙන් ලිපියක් සහ එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි බවට එහි ග්‍රාම නිලධාරියාගෙන් සහතිකයකි. ඒ දෙක නැත්නම් ළමයාව අස් කර ගැනීමට ඉඩ නොදෙන බව අපේ ලොක්කා සත්තමක් දමා ඇත.  තාත්තා පැමිණ සිටින්නේ මට බටර් පාරක් ගා ලොක්කා ගෙන් අස්වීමේ සහතිකය ගැනීමටය. මේ ලියුම් කතාවක් මම අහුවෙත් අදයි. 

ඉතින් මම ඔහුගෙන් ඇසුවේ එහෙම ලියමනක් ලබා දී නිකන් කතා අසා නොගෙන යාමට ඔහුට බැරි හේතුව කුමක්ද යන්නයි. ඔහු කීවේ තවම ඔප්පු හරවා නැති බැවින් ග්‍රාම නිලධාරී ලවා එවැනි ලිපියක් ලබා ගැනීමට නොහැකි බවයි. එය අපේ උතුමාට කීවේ නැද්දැයි මම ඇසූ විට පියා කලේ කකුලෙන් සිමෙන්තිය හෑරීමයි. "අනෙ අම්මපා බාගෙට කතාව කියල  ඇවිල්ලා මෙතන 10 ට ගනින්න බෑ වගෙ ඉන්න හැටි" 

ඊළග දවසේ මම උතුමා හම්බ වී සීන් එක විස්තර කල විට දැන ගන්නට ලැබුනේ එය කලාපයෙන් ලැබුණු නියෝගයක් බවයි. දෙමාපියන් ළමයින් අස් කරගෙන ගොස් නැවත පාසලකට ඇතුලත් නොකර තබා ගැනීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බව හේ මට කීවේය. කට වසාගෙන අසා සිටියත් මට එම කතවට 50%ක් එකග වීමට සිදු විය. ඉතිරි 50% නම් මේ මෝඩ නීතියට මම එරෙහි බවය. ඒ නිසා දෙමාපියන් පත්වන ප්‍රශ්න අපමනය. 


නිලූෂ ගේ අස්වීම් සහතිකය අද වන විටවත් ඔහුට ලැබී ඇත්දැයි මම නොදනිමි.  නමුත් එක දෙයක් මම දනිමි. මගේ කොල්ලන්ගෙන් එකෙකු අවුරුද්දේ පළමු දාම මා හැර ගොස් ඇති බවය. :(

Comments

  1. ගොඩක් වෙලාවට ඔයාගෙ සටහන් වලින් මම අතීතෙට යනවා. කාලය ගෙවා ගන්න ඔයා වගේම අපිත් ඉයර් ෆෝන් කනේ ගහන් ටාසන් බාප්පා ඇහුවා. හවසට ආරධනා වැඩසටහන ඇහුවා. ඔයා වගේම පිං ටියුෂනුත් කරා නිකන් නෙමෙයි හවසට බෝඩිමට එන්න බස් නැති උනහම තුන් රෝද වලට සල්ලිත් ගෙවාගෙන. හම්මේ එහෙම කාලයක්,,,, සුභ අනාගතයක් පතනවා නඟේ.
    ඉක්මනටම ගම්පලාතට එන්න ලැබේවා !!!

    ReplyDelete
  2. ස්තූතියි අක්කේ... අපිත් ඉතින් එහෙම තමා තුන් රෝද වලට ගෙව්වා අවුරුදු 2ක් බස් කාරයන්ගේ ආඩම්බර බලන්න බැරුව. ඉස්සර නම් බෝඩිමේ 5ක් හිටියා.. ඔක්කොම විවාහ වෙලා එහෙ මෙහෙ ගිහින් දැන් මම විතරයි ඉතුරු :( දැන් ඉතින් ටාසන් බාප්පා තමා තනියට ඉන්නේ ...!

    ReplyDelete
  3. මේ නිකමට අහන්නේ... රජයේ නිවාඩු දවස්වලත් ඉස්කෝලේ තියන්ට කියලා චක්‍රලේකේ ආවදාට මතක් කරන්නේ සරත් ඒකනායක මහ ඇමයිතුමා විතරමද... :)

    ReplyDelete
  4. :) අනේ නෑ... තව කට්ටියව මතක් කරනවා. ඔයා හිතන්නේ මේ අපි තරහෙන් මතක් කරනවා පරම්පරා ගානක් පස්සට කියලද??? පිස්සුද පුතා මල්ලී....??? අපි මතක් කරන්නේ අනේ අර උතුමා අපිට සතියක් නිවාඩු දීලනේ මේ සෙනසුරාදට වැඩ කරන්න කියන්නේ කියලා. ඉතිනේක වැරදි ද මම අහන්නේ??? අපිට නිවාඩු දුන්න එක්කෙනා මතක් කරන එක වැරැද්දක් ද????

    ReplyDelete
  5. අපොයි නෑ... හොඳයි... හොඳයි... කොහොමත් ඔය මනුස්සයා කරන වැඩවලට එහෙම පරම්පරාවම මතක් නොකෙරුවොත් තමයි වැරැද්ද... සංජු අක්කේ... :)

    ReplyDelete
  6. මෙයා මට කරපු හොදකුත් නෑ නරකකුත් නෑ. එකම වැරැද්ද මගෙ ට්‍රාන්ස්ෆර් එකට ටිකක් කොක්ක දාන එක. ඒ ඇරෙන්න මෙයා කරන වැඩ ගැන නම් මම දන්නේ ම නෑ.

    ReplyDelete
  7. ඔයා අනුන්ගෙ සීනි කිරන්න යන්නෙ ඇයි?
    පව්........සංජු අකේලේ වෙලා.......

    ReplyDelete
  8. අනුන්ගේ සීනි කිරීම ඉතින් අපේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් නොවැ. අනික මේ සීන් එකත් එක්ක බලනකොට ඒක අනුන්ගෙ සීනිත් නෙවෙයි. මනුස්සයෙක් උදව්වක් ඉල්ලගෙන එන්නේ බැරිකමක් උනාමනේ.

    ඔව් අප්පා... සංජු අකේලේ වෙලා. කෝයි සංජු කෙ සාත් නහී හේ. බිල්කුක් අකේලී.

    ReplyDelete
  9. බිල්කුක් නෙමෙයි බං."බිල් කුල්"

    ReplyDelete
  10. දිනේශ් : ප්‍රින්ටින් මිස්ටේක් එකක් සහෝ ගනන් ගන්න එපා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම