නැටුම් 2

නැටුම් කතා තවම ඉවර නැත. හදිස්සියේ මට නැටුම් ගැන ලියන්නට තද වුණ හේතුවත් ලිවිය යුතුය. 

 සංජුගේ නැටුම් උණ එදායින් අවසන් නොවීය. නමුත් අද මතක් උනේ ගීතයක රූප රචනාවක් දැකීමෙනි. ඒ ගීතයේ ජවසම්පන්න නර්තනය සංජු ගේ සීතලට ගුලී වී තිබුණ නහර සියල්ල කෙලින් කලේය. නැවත නටන්නට පටන් ගත යුතු බව සංජු ට දැනෙමින් තිබේ. ඒ මීට වසරකට පෙර නැවැත්වූ තැනි නි.

ඒ නැටුම් 3 කතාවෙන් ඔබට මා කියන්න යන කතාවේ කොටසකි. 

මේ මට මගේ ඇගේ නැටුම් ඇති බව මතක් කර දුන් ගීතයයි. 

ප.ලි.  මේක ටිකක් ලාවට වැඩිහිටියන්ට පමණයි වර්ගයේ වීඩියෝවක් නිසා අපේ පූසා මල්ලි, පුතා මල්ලී, බ්ලොග් ගඩොල් පූස් මල්ලිලා ටික එහෙම බලනවා නම් අම්මලා තාත්තාලාට කියලා අවසර අරගෙන බලන්න හොද ද???

Comments

  1. හපොයි... දැන් ටීච නටන්ට යන්නේ ඔය ඉස්ටැයිල් එකටද... හොඳා... හොඳා... නැටුම් 3 කතාවත් දැන්මම දැම්මනම්...
    ඒක නෙවෙයි... මට පේන්නේ ටීච හොඳටම සැවටිලා... තෙරෙන විදිහට නම් ඔය මල්ලි මල්ලි කීවට සංජු ටීච පුතාට වඩා අඩු ගානේ අවුරුද්දක්වත් බාල වෙන්ටම ඕන...

    ReplyDelete
  2. මේක හරි අසාධාරණයි අප්පා.... අනික් ඔක්කොම රස්සාවල් කරන කට්ටිය ගෙදර ආවම සාමාන්‍ය මිනිස්සු වෙනවා. ටීච ඉස්කෝලේ ගියත් ගෙදර ආවත් කඩේ ගියත් ටීච ටීච කියන දම්වැලේ බැදිලා. ටීච ට නටන්න බෑ, ලියන්න බෑ, කොන්ඩෙ කපන්න බෑ, ඩෙනිම් අදින්න බෑ. අර කරගෙන හිටපු විදියට SLIIT එකට අමාරුවෙන් හරි තව අවුරුදු 2ක් බඩ ගෑවනම් මේ කතා මොකුත් නෑ :(

    පුතේ නැටුම් 3 හෙට ලියන්නම් හවහට. හෙට මගේ schedule එකේ මරණ ගෙවල් දෙකක් සහ පේරාදෙණියේ අයි.සී.යූ. එකට විසිට් එකක් විදියට දවසම බිසී.

    අප්පට සිරි පුතා කොයි කාලේද උසස් පෙල කොලේ? ඒ කතා මොනා උනත් පුතා පුතාම තමා. හලි ද????

    ReplyDelete
  3. ඒ ගමන මේං මේකි පහුගිය සතියටම හරියන්න ලියනවා.කොහෙද මේ නයිට් මඟුලක් හින්ද කියව ගන්න වෙලාව නෑනෙ.මොකද ටීචලට වාගෙ අපිට සති ගනන් පඩි සහිත නිවාඩු නෑනෙ.;)
    ආ.........ඇයි......!!!පූසො,ගඩොල් ල විතරක්....අපිටත් ඔව්ව බලන්න අවසර නෑ තාම.ආයෙ ඔය වාගෙ එකක් දානකොට මගෙ නමත් දාපන් මචං හරිද??

    ReplyDelete
  4. අක්කේ මම බලලා ඉවර වෙලා අම්මාගෙන් ඇහුවා කමක් නෑ නේ? O_O
    හැබැයි අපේ තාත්තා කිව්ව උඹේ වයස හරි දැන් අපෙන් අහන්න ඕනේ නෑ හොඳ නරක තේරුම් අරන් වැඩ කරපන් කියලා

    මේ ඒක නෙමෙයි අක්කේ මේකේ වැඩිහිටියන්ට පමණයි වෙන්නේ කොයි කෑල්ලද? :D

    ReplyDelete
  5. දිනේශ් : පඩි සහිත නිවාඩු අරගෙන සෙනසුරාදා ටත් වඩ කරන්න කිව්වම කොහොමද ශරීරය පුරා දැනෙන සනීපදායක හැගීම????

    අර පොඩි එවුන් ටිකේ නම් දැම්මා කියලා ඉරිසියා කරන්න එපා අනේ. පුතා ත් බලාගෙන ගිහාම මල්ලි නෙවේ ලු. දැන් මෙයාත් එනවා හුරතල් වෙන්න. නාකි හුරතල්!

    ReplyDelete
  6. පූසා : ඈ බන් පූසා මල්ලි.... බැලුවට පස්සෙද මගෙන් අහන්නෙ කොයි කෑල්ලද කියලා? ආ එහෙනම් කියමු බලන්න මේකෙ පොඩි එවුන් ට හරි යන්නේ කොයි කෑල්ලද කියලා.

    ReplyDelete
  7. නෑ අක්කේ මම ඒක බැලුවේ වැඩිහිටියන්ට පමණයි කෑල්ල හොයාගෙන පොඩි උන්ට ඒ කෑල්ල බලන්ට එපා කියන්න. මට ඒක හොයා ගන්ට බැරි උනා නොවැ ඒකයි අහුවේ ;)

    ReplyDelete
  8. නටල නටල ඇඟ කෙට්ටු කරගන්නනෙ තිබුනෙ.

    ඔයා අහල තිබ්බෙ මම අක්කෙක්ද දන්නෑ කියලා. මම උසස් පෙල කරේ 2004. එතකොට මම හිතන්නෙ ඔයා නංගි වෙන්න ඕනෙ

    ReplyDelete
  9. පූසා : එහෙම කෑල්ලක් නැති නිසා තමා බොල මම කලින්ම කිව්වෙ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න කියලා. කොහෙද වැඩිහිටියෙක් කියන දෙයක් අහනවයැ මේ දැන් ඉන්න කොල්ලො.

    ReplyDelete
  10. පිණිබිදු : දෙයියනේ කියලා මමත් එහෙනම් දැන් අක්කා කෙනෙක්. මම උසස් පෙළ කලේ 2002. :) නටලා නිකන් ඉන්න ගිහාම මහත් වෙනවා නිකම්ම :(

    ReplyDelete
  11. මේං සංජු අක්කට මල පැනලද කොහෙද... :( ඉතින් චීචට චීච නොකියා වෙන මොකක් කියන්ටද... හරි ඕං මින් පස්සේ චීච කියන්නේ නෑලු ඈ....
    ආ... මගෙ ගෙසින් එව්වා එක හරියටම හරිලු.. ඈ... මම ඉස්සෙල්ලම ඒ ලෙවල් කරෙ 2001 දී...

    ReplyDelete
  12. හෆොයි.... නෑ නෑ මට තරහ ගිහිල්ලා නෑ. මේ බැංකුවේ මහත්තුරු ගෙදර ආවම කතා කරන්නෙ කළමනාකාර තුමා, ප්‍රධාන ලිපිකරු කියලා එහෙමද? පරිඝනක ඉංජිනේරු කියල කතා කරනවද? ගනකාධිකාරී සංජු කියයි ද මම එහෙම කෙනෙක් උනා නම් ??? නෑ නෙ.
    පුතා කොයි ඉස්කෝලේ ද ගියේ පුතේ??? කටුගස්තොට ගග අයිනේ එකට ද??? කන්ද උඩ මහා විද්‍යාලයට ද? රජ්ජුරුවන් ගේ කැලේ එකට ද? මහා තාප්ප ඉස්කෝලෙට ද? විද්‍යාව විතරක් උගන්නන එකටද?

    ReplyDelete
  13. ර්..ර්..ර්... බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත... කොහොම වුනත් මම හිතන්නේ ගුරුවරුන්ට රස්සාවේ නමින්ම කතා කරන්ට අපි පුරුදු වෙලා තියෙන්නේ අම්මා තාත්තා ලඟට අපිට ලං වෙන්නේ ඒ ගොල්ලෝ හින්දා වෙන්ට ඇති... ඒක නිකන් ගරු කිරීමක් වගෙ දෙයක් කියලයි මට හිතෙන්නේ... අනික සිරාවටම මම හිතන් හිටියේ ගුරුවරු තමන්ට ඒ නමින් කතා කරනවට කැමති ඇති කියලා... :)
    හරි එහෙනම් කලින් කියපු එව්වා ඔට්ටු නෑ ඕං.... මම සංජුට ටීච කිව්වේ නෑලූ... ආය මුල ඉඳන් ඈ...:)
    මම ගියේ අර විද්දියාව ඉතරක් උගන්වන ඉස්කෝලෙට තමා... මට හිතෙන විදිහටනම් සංජු ගිහින් තියෙන්නේ අපේ සහෝදර බාලිකාවට වද්ද... (අර මල් දන් දෙනවයි කියන්නේ...)

    ReplyDelete
  14. හෆ්ෆා... සහෝදර බාලිකාවට තමා. ඒක කොහොමෙයි හොයා ගත්තේ? දිනේශ් ගේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන් ද?

    ReplyDelete
  15. ඈ... ඒක දැක්කේ දැන්නේ... ඒක දැක්කනම් ඉතා පහසුවෙන් කියන්ට තිබ්බා... මම මේ පොඩි අනුමානයක් කොලේ... :)
    දන්න කියන දරුවෝ ගොඩාක් හිටපු ඉස්කෝලයක්නේ...

    ReplyDelete
  16. එහෙම අනුමාන කරන්නෙ කොහොමද????

    ReplyDelete
  17. :)... ඉස්කෝලෙන් නවයට පනින ෆිරිෆෙක්ට්ස්ලා එක කතන්දරයක්... ඔහොම පහසුකම් තියෙන ගෑණූ ඉස්කෝල තිබුනේ ටවුන් එකටම දෙකක් හරි තුනක් හරි... අනික් එක වෙස්ටර්න් මියුසික් කතන්දරෙ.... නිකමට වගෙ හිතුනා මෙහෙ වෙන්ට ඇති කියලා... ආ... නැටුම් 3 දාන්නේ නැද්ද...

    ReplyDelete
  18. අනේ ඒ අසමජ්ජාති වැඩේ කලේ මම විතරයි. අනික් කට්ටිය වෙලාවට කලාවට 7 ට අවිල්ල 2 ට ගිය අය. ඉස්කෝලෙන් 9 ට පැන්නා නෙවෙයි ඉස්කෝලේ ඇතුලට යන්නේ 9 ට. හැබැයි ඉතින් හරියට 2 ට ස්කූල් බස් එකෙ ෆූට්බෝඩ් එක අල්ල ගන්න නම් යනවා. ඊට පස්සෙ කන්ද උඩ ඉස්කෝලෙයි, කන්ද පහල බාලිකාවෙයි, තාප්පෙන් වෙන් වෙච්ච බාලිකා දෙකේ බස් එකයි එක්ක අපේ බස් එකේ ඩ්‍රයිවර් අන්කල් ව අවුස්සලා රේස් පැද්දා වගේ අහිංසක වැඩ විතරයි අපි කලේ. ( අනික් බස් ඉස්සර කරනකොට ඔන්න අපි හූ කියන්නේ එහෙම නෑ බස් එකෙ අන්තිම පඩියට බැහැලා )

    ReplyDelete
  19. ඕං මගෙ එක අනුමානයක් වැරදිලු... ඒ කියන්නේ සංජු ඉන්නේ අපේ නාමික යුව රජතුමාගෙ ගම් පළාතේ... හරිය... :) නුවර ඉස්කෝලෙ ගිය අවුරුදු අටෙන් මම නැවතිලා නොහිටියෙ ඔය පළාතේ විතරමයි.... අර අන්තිම පඩියේ ඉඳන් හූ නොකිව්වම නොමිලේ නා ගැනීම අවස්ථා එහෙම ආවේ නැද්ද..

    ReplyDelete
  20. කවුද නාමික යුව රජ තුමා????
    මොන නා ද? මගේ ගෑස් ඒ කාලෙ කොල්ලොන්ට ඇල්ලුවේම නෑ. අපේ තාත්තා මගෙන් මම 8 වසරෙ වගේ ඉන්න කාලෙ යාලු වෙන්න අහපු කොල්ලෙකුට ටවුම මැද දි කණේ පාරක් දීලා එදා ඉදලා අපේ ගම් පලාතේ කොල්ලෝ මම යන පාරකවත් යන්නේ නෑ. :(

    ReplyDelete
  21. ර්.. ර්... ර්... ඕං මම ලැජ්ජ වෙන්ටයි වගෙ යන්නේ... :)
    නා ගැනීම=having a shower...
    නාමික යුව රජතුමා = honorable Prime Minister

    ReplyDelete
  22. වැස්ස දවසට අපි ෆූට් බෝඩ් එකේ යන්නේ නෑ පොඩි එවුන් ටිකකගෙන් සීට් ආදරයෙන් ඉල්ලා ගන්නවා.

    ඔව් නේන්නම් එහෙම එක්කෙනෙකුත් මෙහෙ ඉන්නවා නොවෙන්නම්. ගිය බදාදත් දැක්කා එයාව. නාමික යුව විතරයි එයා රජතුමා කෑල්ල දැම්මොත් හිරේ තමා යන්න වෙන්නෙ අපිට

    ReplyDelete
  23. චී සංජු, අපිනම් ඔය වගේ හොද නැති ඒවා බලන්නෙම නෑ. ජීවිතේට බලලාත් නෑ!!! :)

    ReplyDelete
  24. මේ හලෝ . . කවුද කියන්නේ ටීචර්ලට නැටුම් අගුනයි කියලා.
    නැටුම් කියන්නෙත් සංගීතය වගේ විශ්ව භාෂාවක්.
    ලෝකේ මිනිස්සුන්ට (අනේ අපේ අහිංසක පුතාට නෙමේ කිව්වේ හරිය - අර ටීච ට නටන්න බෑ, ලියන්න බෑ, කොන්ඩෙ කපන්න බෑ, ඩෙනිම් අදින්න බෑ.කිව්ව අයට මම කිව්වේ) නටා ගන්න කියලා ඔයා නටන්න සංජු.
    මේ මම කරපු යෝජනාව (තුන්පත් රටා බ්ලොග් එකට ලියන එක ) ගන මොකෝ කියන්නේ?

    ReplyDelete
  25. ඔන්න මගේ මූනු පොතේ මේ ලිපිය ශෙයා කලා හරිය.

    අහ් අපේ ගෙදර උන්දැගේ නගාත් පුශ්පදානෙට ගිහිහින් තියෙන්නේ . එයා 1981 ඉපදුනු කෙනෙක්.

    සංජු දන්න කෙනෙක් වෙන්නත් ඇති.

    නිලංකා කෞශල්‍යා අබේසේකර කියල තමයිලු නම.

    ReplyDelete
  26. බ්ලොග් ගඩොල් පුරු පුරු : හා හොදා මගෙ සුදු පූස් පැට්ටෝ....(ඔයා හිතන්නේ මම අර බ්ලොග් ගඩොල් කියවලාම නෑ කියලා වෙන්න ඇති නේද?)

    ReplyDelete
  27. දුකා අයියා : අනේ වැඩක් නෑ අයියා කතා කරලා. මට වෙලාවකට හිතෙනවා ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින් උදව් කරන්න ගිහින් කියන දේ අහන්න ගිහින් ඇදලා ගාගෙන නාගෙන පිහගෙනත් එන්නේ කියලා.

    ශෙයාර් කරගෙන බ්ලොග් ලියන එක ගැන මම වැඩිය දන්නේ නෑ, අයියා මට කියලා දෙනවද? මගේ මූනු පොතේ නම් දුකා හෙවත් දුක් ගන්නා රාළ නම් ඉන්නවා. සහයෝගයෙන් වැඩ කරන්න ඉතින් මම කැමතියි

    ReplyDelete
  28. දුකා අයියා : අනේ එහෙම කිව්වට බෑ අප්පා මූණත් තහඩුව දකින්නම ඕනේ දැන් නම්. නමින් මෙලෝ මතකයක් නෑ.

    අයියේ මම මේ අහන්නමයි හිටියේ මේ ඔයාගේ ෆොටෝ එකක්මද නැත්නම් දෙමළ නළුවෙක් ගෙ ෆොටෝ එකක් ද? :) මට නම් පේන්නේ ඒ වගෙ

    ReplyDelete
  29. අය්යා සුදූ තැන්කූ මගේ ලිපිය ශෙයා කලාට.

    ReplyDelete
  30. හක් හක් හා . .

    මේ මගේ ෆොටෝ එකක් 2003ඩි ගත්තු එකක්.

    දැන් නම් ඉතිං මැන්ටල්.

    ඒත් ඉතිං පෙනුවෙන් විතරයි.

    හිත නම් තාම 25යි.

    ආ මගේ රියල් මූනු පොතට එන්ඩෝ . .

    අපේ නෑනා පොඩ්ඩගේ පින්තූර ඒකේ ඇති

    ReplyDelete
  31. ඔන්න ඇඩ් කලෝ.... තාම ඒක ඇක්සැප්ට් වෙලා නෑ නොවෙ

    ReplyDelete
  32. මම නම් හිතුවෙම දෙමළ නලුවෙක් ගෙ ෆොටෝ එකක් කියලමයි.

    ReplyDelete
  33. මරු මරු නපටං නපටං කිව්වලු..! එහෙනම් ජය නටපං හොඳේ..! :)
    BTW► මරු music video එක..! ස්තූතියි!

    ReplyDelete
  34. LishWish : ඒක කිව්ව කැත....!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම