මගේ කට
ලෝකයේ පහල වන සියලුම සතුන්ට මෙන් මට ද කටක් තිබේ.
පොඩි කාලයේ මම කුකුල් කේන්තිකාරියක්මි. ඒ වගේම කොහෙන්දෝ අහුලා ගත් අති සුද්ද සිංහල වාග් මාලාවක් ද එකල මට විය. එයින් අපේ පවුලේ අය පත් වූ අපහසුතා අපමණය.
අපේ නැන්දා විවාහ වී ඉස්සෙල්ලාම මහ ගෙදර පැමිණි පසු අපිට අළුත් නෑදෑයෙකු එක විය. ඒ නැන්දාගේ මාමා ය. එක් දිනක් නැන්දා මට දොඩම් යුෂ වීදුරුවක් දී එය මාමාට දෙන ලෙස පැවසුවාය. එකල මගේ වයස අවුරුදු 3ක් පමණ වී යැයි අම්මලා පවසති.
අළුත් මාමා සොයා යන විට ඔහු සාලයේ පුටුවක් මත වැතිර පත්තරයක් බලමින් සිටියේ ය. දොඩම් වීදුරුවද ගෙන අළුත් මාමා අසලට ගිය මම “ඉදා මේක බීපිය” කියා මාමාට දොඩම් වීදුරු ව දී පැමිණ ඇත. හොල්මන් වූ මාමා නැන්දා සොයා ගොස් මගේ කෙරුවාව පිලිබද දැනගෙන ඇත.
එක දිනක් අපේ අසරණ බාප්පා ද මගේ කට නිසා මේ වන් අමාරුවක වැටුනේ ය. මා ගස මුල තබා හේ වෙරළු ගසට නැග සිටින විට මට ඈත ඔහුගේ යාලුවෙක් එනු පෙනුනේලු. බාප්පාගේ යහලුවන් ඒ කාලයේ විනෝදාංශය වශයෙන් කොට ඇත්තේ මගේ කට අවුස්ස ගැනීමයි. ඉතින් මොහු එනු දුටු මම, “අඩෝ තිලකයෝ බැහැපන් බං බිමට. ඇන්න අරූ එනවා” යැයි මහ හයියෙන් පැවසීලු. ගස මුදුනේ සිටි අපේ බාප්පා ගසින් වැටී ඇති අතර ඉන් පසු හේ මගේ කට තදකරගෙන මා කිහිල්ලේ ගසාගෙන ගෙට දිව්වේ ලු. වෙලාවට ඒ කතාව ඇසුණෙකු නොවීලු.
හොදම සිද්ධිය වී ඇත්තේ අපේ අම්මාට හා තාත්තාට ය. අපේ මල්ලී උපන් පසු ඔහු බැලීම සදහා අම්මාගේ ඔෆිස් එකේ කටිට්ය ගෙදරට පැමිණ තිබේ. ඉතින් සිරිත් පරිදි ඔවුන් ට තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇත. දැන් ඉතින් අමුත්තන්ට තේ මේසයේය. ඔවුන් බොන්නේද නැතිලු. මම ඒ වටා කැරකෙමින් සිටියාලු. එකවරම මම මහ හයියෙන් “බලාගෙන ඉන්නෙ මොකද තේ බීපල්ලා” යැයි පවසා ඇත. ඉතින් අපේ අම්මා හා තාත්තා එදා හිනා වුනා ද නැත්නම් ඇඩුවාද දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.
එදයින් පසු වයසින් වැඩුණු මගේ කට සෑහෙන්න අඩු වී ගියේ ය. අපේ අම්මාගේ පියා හෙවත් මගේ අත්තාට මම එකල අමතා ඇත්තේ “ලොකු අයියා” ලෙසයි. ඒ ඔහු පවුලේ වැඩිමලා නිසා අන් සියළුම දෙනා ඔහුට ලොකු අයියා ලෙස අමතනු ඇසීමයි. ඔහු කිසි දිනෙක මට ඒ ආමන්ත්‍රණය වෙනස් කරන ලෙස පවසා නැත. මම අසනීප වී දිනක් ඔහු මා ඔසවාගෙන ගිය දිනෙක මම ඔහුට ප්‍රථම වරට ලොකු අත්තා යැයි ඇමතීමි. ඒ අය්යා කෙනෙකුට වඩා අපරිමිත සෙනෙහසක් මට ඔහුගෙන් දැණුනු බැවිනි. ඒ සිද්ධිය නම් මට තවම හොදට මතකය.
ඒ කාලයෙන් පසුව මගේ කට හොදටම අඩු විය. මම අතිශය නිශ්ශබ්ද ළමයෙක් වීමි. පාසලේ දි මම අතිශය නිශ්ශබ්ද සිසුවියක් වීමි. සමහර දිනවල පියා ගෙදර පැමිණ මට බැන වදින්නේ මම කතා නොකරනවා කියා ය. මගේ කට අඩු වීමට හේතු වූයේ මම පොත් කාවෙකු වීමත් කවි ලිවීමට ඇබ්බැහි වීමත් ය. කවි පමණක් නොව එකල අසු වන හැම එකක්ම කියවීමටත් ලිවීමටත් මම ඇබ්බැහි වුනෙමි. එයින් මගේ කතාව අඩු වූ නමුත් ලිවීමේ හැකියාව උපරිම තලයකට පැමිණි අතර මතක ශක්තිය ද අදට වඩා වැඩි විය.
අසරණ මම අමාරුවේ වැටෙන්නේ ගුරු ශිෂ්‍යාවක ලෙස පත්වීම් ලැබීමෙන් පසුවය.
මගේ පළවෙනි වැරැද්ද ලෙස මට කමෙන්ට් එකක් හම්බ වෙන්නේ අපේ කථිකාචාර්ය වරයෙකුගෙනි.
“නොට් ඔඩිබල් ඉනෆ්. ස්ටුඩෙන්ට්ස් ඇට් ද බැක් ඩිඩ්න්ට් හියර් යූ”
දැන් සනීපය. ප්‍රායෝගික පරීක්ශණ වලදී ලකුණු කැපෙන්නට හේතුවක් ඇත.
එදා පටන් මම මගේ කට හඩ ශක්තිමත් වීම සදහා ශබ්ද නගා කතා කලෙමි. අපේ ගොඩ දෙනෙකුට විද්‍යා පීඨයේ දී මේ ප්‍රශ්නය නිසා වැල්මී බෝතල් පිටින් ගිල දමන්නට සිදු විය. මට ද අත් වූයේ ඒ ආනිශංශයමය. ශබ්ද නගා කතා කර ඉන් පසු වැල්මී බෝතලයෙන් මූඩි 2ක් බී හවසට කහිමින් සිටීම මාස 6ක් පමණ සිදු විය. නමුත් එයින් ශබ්දය යම් තාක් දුරකට වැඩි කර ගැනීමට මට හැකි විය.
මගේ කටහඩ උපරිම තලයට පැමිණියේ හොර්ටන් තැන්න සිංහල මහ විදුහලට පැමිණි පසුවයි. කොල්ලන් 20ක් පමණ පරයා කතා කිරීමේ අවශ්‍යතාවය මට ඇති විය. දෙය්යනේ කියා දැන් මට ඕනෑම තැනක වීදුරු ගැලවී යන තරම් වේගවත් ව හා ශබ්දයකින් කතා කරන්නට හැකිය. විහාගය කිට්ටු වී මම 11 ශ්‍රේණියට වේගවත් බණ දේශනා දෙන විට එහා පන්ති වල ගුරුවරු ඉගැන්වීම නවත්වා මගේ දේශනාව අසා සිටින බව මට පැවසුවේ අනෝමා අක්කාය.
ඊයේ පෙරේදා අපේ ඉස්කෝලයට අලුතින් පැමිණි නිරංජලා ප්‍රථම වරට 10 පන්තියට ගියා ය. එවිට මා සිටියේ අල්ලපු පන්තිය වන මගේ 8 වසරේ ය. 8 වසරේ අයට අවුරුදු 2ක් කියා දීත් 3 වන අවුරුද්ද මුලදීම අමතක කල දෙයක් නිසා එක වරම මම මහ හයියෙන් පන්තියට සද්දක් දැම්මෙමි. එක වරම මට මතක් වුණේ අල්ලපු පන්තියේ සිටින නවක ගුරුවරියයි. මම වහා ඇය දෙස බැලුවෙමි. ඈ වැඩ නවතා මා දෙස කට ඇරගෙන බලා සිටියාය. පසුව මම ඇයට වෙච්ච දේ පැහැදිලි කලෙමි. සිනාසී ඈ කිව්වේ අක්කේ අපිටත් ඔහොම වේද මන්දා කියා ය. තවම ඇය යහතින් සිටියි.නමුත් වෙනදාට වඩා ඇයගේ ශබ්දය වැඩි වී ඇති බව නම් මට වැටහේ.
මේ ද ගුරු කමේ තවත් එක අතුරු ආබාධයකි. මගේ කටේ සද්දය වැඩි යැයි සිතා මම පසුගිය වසර දෙකක් පුරා ගෙදර පැමිණි පසු කතා කිරීම සහමුලින්ම අතහැර දැමුවෙමි. නැවත් තත්තා මගේ ඇගට ගොඩ වෙන්නට පටන් ගත්තේ කතා කරන්නේ නැත්තේ මොකද තරහා වෙලා ද? අසමිනි. කෝල් දෙන යහලුවෝ බැන වදිති. “යකෝ ඇහෙන්න කතා කරපිය. මොනාද ඔය කුටු කුටු ගාන්නේ?” ඒ මොනවා වුණත් මට නම් සිතෙන්නේ කට අඩු කර ගැනීම ඇගට ගුණදායක බවය.
මේ සංජු ටීච ඉක්මනට පොලිසියට ගිහින් ඉන්නවයි කියල ඉන්න
ReplyDeleteඒකනේ කොල්ලෝ බලාපන්කෝ.... දැන් සෙනසුරාදාටත් ඉස්කෝලේ නේ.
ReplyDeleteවැඩිය උගුර වෙහෙසෙන විදිහට කතා කරන්න එපා. ගොඩාක් ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වයස යනකොට කටහඬ නැතිවෙන එක. චෝක් පාවිච්චියත් ඒකට බලපානවලු.... බලාගෙනයි....
ReplyDeleteකට ඇති පුතෙක් නෑ නෑ දුවක්(හද ) රුව ඇති දුවෙක් මා දැක්කෙමි(මනසින් ) නොදුටු
ReplyDeleteසංජු චුටි ටීචර් ...!!!
ඉස්කෝලෙ පුරුද්දට දවසක් සද්දෙන් මොකක්ද කියනකොට අපේ මහත්තය කිව්වනෙ "මම ඔයාගෙ ඉස්කෝලෙ ළමයෙක් නෙවෙයි" කියලා :D
ReplyDeleteඔයා ආත්තාට අයියා කිව්වා වගේ අපේ දෝණිත් අපේ අම්මාට කතාකරන්නෙ ලොකු අක්කා කියලා :D
සෙනසුරාදත්?
ReplyDeleteවාසනාවයි එහෙනම්
තාරා: අනේ මන්දා ඉතින් මට කොහොමත් චෝක් ඇලජික්. පොඩ්ඩක් ලගින් ගියොත් හචිස් තමා. මම හරිම අඩුයි චෝක් බෝඩ් එක පාවිච්චී කරනවා. අදත් ඔන්න ග්‍රවුන්ඩ් එකේදි කෑ ගහලා ආවේ!
ReplyDeleteරවීන් : කට තිබ්බට සංජු ටීච චූටි නම් නෑ. අඩි 5 අගල් 5ක් පමණ උස පොඩි අලි පැටියෙකුගේ බර ඇති..... දැනට ඔය විස්තරේ ඇති.
ReplyDeleteහරී අක්කා : අක්කාගේ දෝණි නම් මම වගේ තනියම පිස්සු කරන්නේ නැතුව ඉන්නවා ඇතැයි සිතමි. කලත් ඉතින් වරදක් නෑ. අක්කාගෙයි මගෙයි සෑහෙන්න සමානකම් තියෙනවා නෙවෙ!
ReplyDeleteමාලන් : පයින් 2ක් දුන්නා කියලා හිතා ගන්න.
ReplyDeleteතාමත් පොඩිකාලේ වගේම හිටියනම් මරු!
ReplyDeleteඅම්මෝ....ඔබතුමිය ඇවිල්ල ඉන්නේ....සති දෙකකින් නේද??ඔයා ඔහොම ස්කෝල කතා කියනකොට මටත් හිතෙනව චූටි ටීච කෙනෙක්ව හොයා ගන්න.
ReplyDeleteඔයාගෙවාගෙ පොඩි දවස්වල කට තිබුන කෙල්ලෙක් හිටිය අපේ ගෙවල් ලඟත්.ඔය වාගෙ තමයි කතාව.හික්........
LoL මට.... මේ බ්ලොග් ලියන කෙල්ලො හරි වසයි නොවෑ.... (ඔයාටත් එක්කයි ඇන්ටි කිවුවේ :D )
ReplyDeleteපූසා : තාමත් හිටපු ගමන් කියනවා මෝඩ කතා. ඊට පස්සේ මැට්ටා වගේ මෝඩ හිනාවක් දාගෙන ඉන්නවා.
ReplyDeleteදිනේශ් : මලා....!!!
ReplyDeleteඔයා වෙලාවට අපේ ගෙදර කිට්ටුව නෙවෙයි නේද හිටියේ? නැත්නම් අපේ අහල පහල මිනිස්සුත් මගේ කෙරුවාව දන්නවා.
මාලන් : ඔව් අප්පා දරුවෝ අපි හරි වසයි පුතේ. ඇන්ටි කිව්වට තද වෙන්නේ නෑ දැන් ඉන්න පොඩි එවුන් කියන්නෙම ඇන්ටි කියලා නෙ.
ReplyDeleteහපොයි, මෙහෙමත් කටක්!
ReplyDeleteතාරක : නරක ආශ්‍රය තමා
ReplyDeleteවාසනාවට පොඩි කාලෙ බ්ලොග් ලිව්වෙ නැත්තෙ. ලිව්වනම් එහෙම ඕව කියවන අපේ අද තත්වය හිතා ගන්න පුළුවන් :-)
ReplyDeleteකල්ප : අපි බෝ පැළ වගේ ළමයි හරිද? පොඩි කාලේ බ්ලොග් ලිව්ව නම් මම මීට වඩා නරක් වෙනවා බ්ලොග් කියවලාම
ReplyDeleteඅපෝ ඔවු ඔවු ටීචර්ලට හෙමින් කතා බෑ ගෙදරදි වත්.අපේ අම්මත් ඔහොමයි . මහ හය්යිනෙ තමයි අපිට කතාකරන්නෙත් :)
ReplyDeleteටීචර් බොහොම තදට කේන්ති යන කෙනෙක් වගේ....... :)
ReplyDeleteඅක්කේ මම ඔයාගේ බ්ලොග් එක කියෙව්වේ අද. අපේ අම්මත් ඉතින් ටීච කෙනෙක්. ඉස්සර පොඩිකාලේ මම ගියෙත් අම්ම ගියපු ඉස්කෝලෙටමයි. මම, අපේ අම්මව හොයාගන්න ඕනෙ උනාම කරන්නේ ඉස්කෝලෙ මැද්දට ගිහින් අම්මගෙ කටහඩ ඇහෙන්නෙ කොහෙන්ද කියල බලන එක. අම්ම කොහෙ හරි පන්තියක උගන්වනවා නම් අනිවා ඇහෙනවා.
ReplyDelete