නැටුම් 1
ඒ පාර මොකාට එන්න හදනවාද????
මගේ තහනම් ලැයිස්තුවට තව මාතෘකාවක් එක් විය. ඒ මත්ද්‍රව්‍ය යි. මින් පසු මේ බ්ලොගේ දේශපාලනය සහ මත්පැන් පිලිබද ලිය වෙන්නේ නැත.
දැන් ලියන්නට යන්නේ නැටුම් ගැනයි.
මගේ ජීවිතයේ මට ලැබෙන අවස්ථාවලින් මම ආශාවෙන් ම සහභාගී වුනේ නර්තනය ටයි.
නර්තනය ආරම්භ කරන විට මා සිටියේ 6 වන ශ්‍රේණියේය. හදිසියේ ම අපේ පාසැලට බටහිර සංගීතය හදුන්වා දුනි. මම ගෙම්බා සේ එයට පැන්නෙමි. අහා...... කලු හිසක් සහ කෙට්ටු ශරීර ඇති මිනිසුන්ගේ ඉරි 5ක් උඩ ගමන් කිරීමේ කලාව මගේ ඇගට පත්තියම් වූයේ නැත. නැවත අකුලාගෙන බැනුම් කන්දරාවක් විදුහල්පතිනියගෙන් සහ නැටුම් ගුරුතුමියගෙන් අසාගෙන මම නැවත නැටුම් කාමරයට ගියෙමි.
එදා සිට මම පැත්තකට වී සිටි අහිංසක සිසුවියක් වීමි. පැනලා නටන අයට නටා ගන්නට දී මම පැත්තකට වී සිටියෙමි. එක දිනයක් මාසික පරීක්ශනයක් දා මගේ ඉදිරිපත් කිරීමෙන් පසුව මගේ මිතුරියකට අවස්ථාව ලැබුණි. ඇය නටන හැටි බලා මගේ නැටුම් ගුරුතුමියට කේන්ති ගොස් තිබින. "මොනවද ළමයෝ මේ කරන්නේ??? අර අච්චර මහත ළමයත් ලස්සනට ඇග බැලන්ස් කරගෙන නැටුවා. ඔයා මෙච්චර කෙට්ටු වෙලත් බලන්න නටන හැටි. හරියට නිකන් මනුස්සයෙක් කඩි ගුලක් උඩ හිට ගත්තා වගේ නේ ඔයා නැටුවේ" ඈ මහත ලමයා කිව්වේ මටය. මම කොහොමත් පොඩි කාලේ සිටම අනික් අයට වඩා උස මහතය.
ඒ මට ලැබුණු පළමු වැනි හොද ය. එදායින් පසුව මම තනිවම නැටුම් පුරුදු වීමි. පන්තියේ තඩියා වුනත් මම සැමදෙනාටම වඩා නම්‍යශීලී සමබර කෙල්ලක් වීමි. ගෙදර තනිව සිටින වෙලාවට ඇස් වලින් කදුලු වැටෙන තුරු මම අඩි පුරුදු වීමි. කකුල් පුපුරු ගසන තුරු නියම හැඩ එන තෙක් නවාගෙන සිටියෙමි. එපා වුන විට ඉංග්‍රීසි හෝ හින්දි සින්දුවක් දාගෙන හිතේ හැටියට නැටුවෙමි. උඩරට නැටුම් පමනක් නොව තවත්නැටුම් නටන්නට මම පුරුදු උනේ එසේය. නමුත් ඒවා දැක්කේ මා පමණි. මගේ සිරුරේ නම්‍යතාවය වැඩි වෙන්න වෙන්න එයින් සතුටු වුනේ මාය. ඒ හැගීම ඇත්තටම දන්නේ මම පමණි.
ඒ මගේ ශිල්ප දැක්වීමේ දිනයයි. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂන දිනයයි. වසර 5ක් මා ප්‍රගුණ කළ ශිල්ප දැක්වීමයි.
නෛයිඅඩි වන්නම, වට්ටමක් සහ අභිරූපනයක් සමග තව ගායනා සහිත නර්තන අංග කිහිපයකින් මගේ ප්‍රායෝගික පරීක්ෂනය සමන්විත විය. අවසානයට තිබුනේ අභිරූපන යයි. එහිදී මම ඉන්දියානු භරත නර්තන අහිනයන් ගෙන් වනයට ගොස් අතරමන් වී වන සතුන් ගෙන් මැරුම් කන කාන්තාවක් ලෙස අභිරූපණ රංගනයක් ඉදිරිපත් කලෙමි. එය අවසාන වූයේ මා බිම වැටී මරණයට පත් වීමෙනි.
මා එය අවසන් කරන විට බෙර හඩ නැවතුණි. මා හිස එසවීමට පෙර මට අත්පුඩි තලන ශබ්දයක් ඇසුනි. හිස ඔසවා බලන විට මා දුටු දෙය මටම අදහා ගත නොහැකි විය. තඩියා ගේ නැටුම බලා සියල්ලෝම අත්පුඩි ගසති. මගේ 2 වන නැටුම් ගුරුතුමිය ඇස් අයා මා දෙස බලා සිටියා ය. "දුවේ උඹ මෙච්චර දවසක් කොහෙද හිටියේ?"
එදා මම උඩරට නැටුමින් සමු ගත්තෙමි.
අයියෝ අපරාදෙනෙ සමුගත්තෙ. හැකියාව තියෙනවනම් දිගටම කරානම් හරි.
ReplyDeleteThiraya : සමහර දේවල් අපිට නවත්තන්න වෙන වෙලාවක් එනවා. කැමැත්තෙන හෝ අකමැත්තෙන්. මේකත් ඒ වගේ අකමැත්තෙන් අවසන් කරපු දෙයක් ජීවිතේ වෙන තීරණයක් ගන්න
ReplyDeleteඒ තීරනය කොහොම උනත් ඔය සහෝදරියට සුබ පතනව.
ReplyDeletewiaw : ස්තූතියි මේ පැත්තේ ආවාටත් සුබ පැතුවාටත්
ReplyDeleteෂිහ්.....මට අර ඔයා ඩිලීට් කරපු එක බලන්න බැරි උනානෙ.....දුකයි ආ.......මොකද මොකක් හරි වැදගත් දෙයක් ඒකෙ තිබිල තියනව ඩිලීට් කරන්න තරම්.ඒකයි :).
ReplyDeleteනැටුම කිව්වම මතක් උනේ.අපිටත් ඔය අනූ ගනන් වල ජැක්සන්,ප්‍රභූ දේවා පිස්සුව ඔළුවට ගහල හෆොයි කෙලපු පිස්සු.
චුටි ටිචර් , දැන් කෙට්ටු , කොට ටිචර් කෙනෙක් බව සලකන්න ..,
ReplyDeleteහැබැයි අක්කියෝ අපි නටන නැටිල්ලට ඔයත් පරාදයි හොඳේ ... :O
දිනේශ් : ඒක ගැන කතා නොකර ඉමු
ReplyDeleteමට නම් පෙන්නන්නම් බැරි දෙන්නෙක් ඔය දෙන්නා ඒ කාලෙ. අපේ මල්ලි නම් මූන් වෝක් එකෙන් තමයි ටොයිලට් ගියෙත්.
හිගන්නා : ඇත්තටම නම් ඉතින් මම චූටි නම් නෑ. 10 කට ගහන්න වගේ ඉන්නේ. ඒත් 1ක් බැන්නොත් අඩලා ඉවරයි.
ReplyDeleteහී හී ඔයාත් නැටුම් කරලා තියෙනවද?
මමත් පුංචි කාලෙ ඉඳන් එක එක පුංචි පුංචි තරඟ වලින් දිනලා තිබ්බට හරියටම අවස්ථාවක් ලැබුණේ 12 වසරටත් ගියාට පස්සෙ.
ReplyDeleteහැබැයි මම නං ඔන්න ඒ අවස්ථාව අත හැරියේ නෑ. ඒ පිනෙන් තමා මේ ගීත ටික වත් කලේ.
http://sonduru-sihina.blogspot.com/search/label/%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොයි දේ උනත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනෙ :) ඉතින් කොහොමහරි ආයිමත් හොඳ දෙයක් කරන බලාපොරොත්තුව හිතේ පුරෝගෙන ඉන්නවා :)
ඔයාගේ අර වයින් පෝස්ට් එක කලින් දවසක කියෙව්වා.
ReplyDeleteඒකට දාන්න කියලා මේ කම්නෙට් එක ටයිප් කලා බැරි උනා.
අද ඒක දන්න යඩ්ද්දී පෝස්ට් එක නෑ.
"අම්මෝ මේ සංජුත් හෙන ජොලි පොරක් වගේ.
මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් දැක්කාම හිතුවේ මාර සිරා කේස් එකක් වෙන්න ඇති කියලා.
බලාගෙන ගියාම මගේම ජාතියේ පිස්සු කේස් එකක් වගේ . .හික්ස්
නියමයි ආ
නැටුම් ගැන කියනවනම්
ඔය නැටුම් තමයි මගේත් ප්‍රියතම විෂය.
එක කාලයක් මගේ හීනය වුනේ නැටුම් ගුරුවරයෙක් වෙනෑක.
අපේ ඩාන්සින් ටීචර් කකුලේ දූවිලි ගෑවෙනවා කියලා සපත්තු ගලවන්නේ නැති මළ හෝන්තුවක්.
එයාට පිං සිද්ද වෙන්න මගේ නැටුම් ගුරු හීනය බොඳවෙලා ගියා.
මම ඕ ලෙවල් වලින් නැටුම් ෆේල්.
අහ් අපේ අර "තුන්පත් රටා" හවුල් බ්ලොග් එකට ලිපි ලියන්න එකතු වෙන්න බැරිද ඔයාට??
හැමෝම බිසී නිසා කාලෙකින් අප්ඩේට් කරන්නත් බැරි උනා.
ස්වප්නා : හරි ලස්සනයි ඒ සිංදු ටික. මම කියවලා බලන්න ඕනි නිවි සැනසිල්ලේ. හොද දෙයක් ඉක්මනටම කරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. මම නම් අද වෙනකල් පන්තියේ 20 වෙනියගෙන් උඩට ඇවිල්ලත් නෑ කිසිම තරගෙකින් දිනලත් නෑ. :(
ReplyDeleteදුකා අයියා : එන පොට හොද නැති නිසා තමා මම ඒක මැකුවේ. තව පොඩ්ඩෙන් මට කාඩ් ගනනාවක් වැටෙන්න ඉඩ තිබ්බා ඊට පස්සෙ තමා මම මේ කමෙන්ට් මොඩරේටර් එකත් දැම්මේ. හැබැයි මම ඒකෙ ලිව්ව එකක්වත් බොරු නෙවෙයි. :) ඇත්තට තැනක් නැති හැටි අම්මපා. මම ඔයාගෙ මොකක් හරි එකකට කමෙන්ට් කරා ද? හිකිz මම ගිහින් කමෙන්ට් කරලා එන එවා මටම මතක නෑ. රීඩර් එක දැක්කම මගෙ ඔලුව නරක් වෙනවා.
ReplyDeleteපිස්සු ගෑණියෙක් නොවැ කකුල් වලින් නටන්නේ නැතුව එයා නැටුවේ අත් දෙකෙන් ද? මම නැටුම් නැවැත්තුවේත් මගේ නැටුම් ගුරුතූමීවත් තරහ කරගෙන. එයා මට උසස් පෙළට නැටුම් කරන්න කියද්දි මම වාණිජ්‍යය කලේ. :( දැන් අපරාදේ කියලා හිතෙනවා.
අය්යා ඒ ගැන විස්තර ටිකක් කියන්න මට. හැබැයි ඉතින් මටත් වීකෙන්ඩ් වල තමා ඒ ගැන බලන්න වෙන්නේම් මම ඉන්න වනන්තරේට ගෙනියලා මගේ ලැප් ටොප් එකේ ස්ක්‍රීන් එකත් පිටිපස්සෙන් පුපුරලා තියෙන්නෙ ඒත් දුක නෑ ඩොන්ගල් එකට සිග්නල් තියෙනවනම්... ඒකට එන්නෙත් GPRS සිග්නල්.
Truely inspirational, Sanju.
ReplyDeleteඔබේ කතාව බලා සත්තකින්ම හිතට දිරියක් ඇතිවිය!
ස්තූතිය් ඔබට :)
ReplyDelete