ස්පෝර්ට් මීට් කතා 2 - මැරතන්



ඔන්න සංජු ටීචගේ ස්පෝර්ට් මීට් කතා අංක 1 කියෙව්වේ නැති කවුරු හරි ඉන්නවනම් ගිහින් කියවන්න.

ඉතින් මේ ස්පෝර්ට් මීට් කාලය බැවින් ද වලි පිට වලි හැදෙන මේ කාලය බැවින්ද ජොලි කතා ගනනාවක් ලිවීමට හැකි වේ යැයි සංජු ටීච ට සිතේ.

අපේ ඉස්කෝලේ නිවාස 3කි. දම් පාට නිවාසය රෝස පාට  නිවාසය සහ කහ පාට නිවාසය ලෙස ඒවා නම් කරමි. ඔය නිවාස වලින් දම් පාට නිවාසය භාරව සිටින්නේ සංජු ටීචය. රෝසා පාට නිවාසය භාරව සිටින්නේ සමන් මලෙන් පවන් සැලේ ය. කහ පාට නිවාසය භාරව සිටින්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ය.

ස්පෝර්ට් මීට් එක පටන් ගත් දා සිට බගලවතී  ඉස්කෝලේ හාමිනේ වැඩ කලේ අපට හොරෙන් ය. කැපුවේ ද අපටය. ඇයගෙන් වේන් කෙණිහිලිකම් දම් නිවාසයේ දරුවන් නිතරම සංජු ටීචට ගෙන එයි. සංජු ටීච ද තිත්තයාගේ වාරය එන තුරු ඇගිලි ගනිමින් සිටියාය.

පසුගිය බදාදා පාසලේ මැරතන් ධාවන තරගයයි. සංජු ටීචගේ මුලු ක්‍රීඩා උත්සවයටම තියෙන බජට් එක රුපියල් 2000 කි. ඉතින් අතේ තියෙන විදියට වියදම් කිරීමට සිද්ද වීම නිසා සංජු ටීචගේ දම් පාට නිවාසයට මැරතන් අංක ගසා ගැනීමට සිදු  වූයේ ලා කහ පාට රෙදි කැබලි වලය.

ඔන්න ඉතින් සංජු ටීච මණිමේඛලා ටීච සමග “ඩූම් මචාලේ” කණ පැලෙන්න දා ගත් ත්‍රී රෝද රියක නැග ජීවිතයේ කවරදාකවත් නොගිය තරම් වේගයකින් තරගය ආරම්භක ස්ථානයට ගොස් පිරිමි මැරතන් තරගයේ ආරම්භ ය දී එයිට කිලෝ මීටර 3 කට පසුව කාන්තා මැරතන් තරගයට ආරම්භය ලබා දීමට පැමිණියහ.

“මෙන්න යකෝ බගලවතී ඉස්කෝලේ හාමිනේ එයාගේ කහ නිවාසයේ ගැණු ළමයින් ට මගේ දම් නිවාසයේ කොල්ලෝ ටිකගේ නොම්බර ටික ගහලා”

වෙලාවට එය මට කලින් දුටුවේ මණිමේඛලා ය. සංජු ටීච කොහොමත් ටියුබ් ලයිට් ය.  ඕ තුමූ එහිම බාල්දියක් ඇද පැමිණ මට සීන් එක කියමින් තරගය ආරම්භ කර නැවත් ත්‍රීරෝද රියේ නැගී තරග අවසානය වන පාසල් ක්‍රීඩා පිටියට පැමිණියාය. ඉතින් සංජු ටීච ද දත කට මැදගෙන සිටියේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ මොලේ නරක් වෙන වෙලාවක් බැවින් නිවාසයේ අනික් ගුරුතුමියන් දෙදෙනා වන දම්මිකා හා වසන්තී ටත් සීන් එක කියා තරග අවසානය ට ගියාය.

තරග අවසානයේ දීර්ඝ සාකච්චාවකින් පසු මැරතන් තරගයේ ප්‍රතිඵල කියන අවස්ථාව එලඹියේ ය. කහ නිවාසය කල ගොන්කම වෙනුවෙන් ඔවුන්ගේ ලකුනු 42 ක් කපා එය දම් හා රෝස නිවාස 2 ට 21 බැගින් බෙදා දෙන ලදි. එයින් දම් නිවාසය කාන්තා මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගත්හ. දම් නිවාසයේ  ගුරුතුමීලා කරනම් ගසමින් උඩ පැන්නහ. බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ කහ නිවාසයේ කොල්ලෝ බගලවතී ඉස්කෝලේ හාමිනේ සමග රණ්ඩු කර ගනිති. ජීවිතයේ පලමු වරට විරේක පෙති බිව්වාක් සේ ඕ බලා සිටියි. ඉතින් කාටද ජොලි?

මීලගට මැරතැන් එක ගිය පොඩ්ඩෝ පැමිණිලි ගෙන ආහ. “ටීච කහ නිවාසයේ ගීත් ගෙ තාත්තා එයාට බයික් එකකින් ඇවිත් උදවු කලා”

ගීත් තක්කඩි කොල්ලෙකි. ඇහුවාට ඇහුවාට හේ එය පිලි නොගනී. ඇන්තිමේ මණිමේඛලා ප්‍රශ්න කිරීම ඇරභුවා ය.

“පුතා අර බයික් එකක ඔයා එක්කම ආවේ කවුද?” මේකී දැක්කා සේ ප්‍රශ්න කරයි.

“ඒ අපේ අයියා ටීච”

“අයියා පුතාව බයික් එකේ දාගෙන ගියා ද?”

“නෑ ටීච”

“ඇදගෙන ගියා ද?”

“නෑ ටීච”

“එතකොට එහෙනම් පිටට අත තියලා තල්ලු කලා නේ ද?”

“ඔව් ටීච එහෙම නම් සපෝට් කලා”

හිකිස්

මැරතන් තරගවල ප්‍රාථමික නීතියක් නම් ධාවකයින් ගේ ශරීරය කිසිදු ආකාරයකින් වටා පිටාවේ අය ස්පර්ශ නොකල යුතු බවයි. ඒවා නියමාකාරව කලින් දිනයේ දී කියා දී තිබියදීත් මේ කර ඇත්තේ නීතියට පිටින් යාමකි. ඉතින් බගලවතී ඉස්කෝලේ හමිනේ ට තම ස්ථාන වලින් 1 ක් අහිමි විය.

“තව නිවාසයක් කහ පාටින් අංක ගහලා ඒක නිසා අපේ නිවාසේ අසාධාරණයක් වුනා. අපේ ළමයින් ගේ නොම්මර වැරදුනත් පාට තිබ්බා නම් අදුනා ගන්න තිබ්බා.”

සංජු ටීච මෙච්චර වෙලා කට වහගෙන හිටියත් මේ අවස්ථාවේදී මල පැන්නේ ය.

“අපිට පුලුවන් ද දම් පාට රෙදි වල කලු පාටින් ලියන්න? අනික සල්ලි නැති නිසා මගේ ගාව තිබ්බ රෙද්දක් අරගෙන අංක ලිව්වේ කලු පාට මාකර් පෙන් එකකින්. ඒවා ගන්න සල්ලි දෙන්නේ කවුද? අනික නිවාසේ පාට රෙදි ගහගෙන ඒකෙන් ළමයි අදුර ගන්න නම් අංක ඕනේ යැ”

මේ අවස්ථාවේ මැද්දට පැන්න මණිමේඛලා හා විදුහල්පති උතුමා ප්‍රශ්නය හමාර

“සංජු ටීච ලාට විතරක් නෙවෙයි හැම නිවාසෙටම සල්ලි ප්‍රශ්නේ තියෙනවා තමා. ඉතින් ඒගොල්ලෝ තියෙන දේවල් පාවිච්චි කරන එකේ වැරැද්දක් නෑ. සල්ලි ප්‍රශ්නය තියෙනවා තමා”

“ මම කිව්වේ පැහැදිලිව අංක ගහන්න කියලා විතරයි. ඔය කහ නිවාසේ එහෙම කිව්වට ඒගොල්ලන්ගේ අංකත් කුරුමිණි අඩු වගේ පැහැදිලි නෑ” ඒ කිව්වේ මණිමේඛලා ය.

හූ හූ

මැරතන් තරගය අවසානයේ දී බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ කහ නිවාසය 1 වන ස්ථානයේ ලකුනු 25ක් රැගෙන සිටි අතර සංජු ටීචගේ දම් නිවාසය ලකුනු 20ක් ගෙන දෙවන තැනද  සමන් මලෙන් පවන් සැලේ ගේ රෝස නිවාසය ලකුණු 15 ක් බැගින් ගෙන තෙවන තත්වයේ ද වූහ.

සදුදා ක්‍රිකට් තරග ය. ඉන්පසු දිගටම තවත් ක්‍රීඩා ය. අලුත් ම ස්පෝට් මීට් විස්තර සමග එනතුරු අදට ආයුබෝවන්.

Comments

  1. ඔන්න ඉතින් සංජු ටීච මණිමේඛලා ටීච සමග “ඩූම් මචාලේ” කණ පැලෙන්න දා ගත් ත්‍රී රෝද රියක නැග ජීවිතයේ කවරදාකවත් නොගිය තරම් වේගයකින් තරගය ආරම්භක ස්ථානයට ගොස් පිරිමි මැරතන් තරගයේ ආරම්භ ය දී එයිට කිලෝ මීටර 3 කට පසුව කාන්තා මැරතන් තරගයට ආරම්භය ලබා දීමට පැමිණියහ.

    මම නම් මේ පොස්ට් එකේ ආසම මේ ටිකට. දිගටම ලියන්න ඉස්කෝලේ නොනේ.

    ReplyDelete
  2. හසිත : මට ඒ වෙලාවෙ හිතුණා අපි නිකන් ෆිල්ම් එක ෂූට් කරනවා වත් ද කියලා.

    ස්තූතියි දිරි ගැන්වීමටත් මේ පලාතේ ආවටත්

    ReplyDelete
  3. බුදු අම්මෝ... මේක නම් කටක් නෙමෙයි... කමෝන් ටීච කමෝන්...

    ReplyDelete
  4. තාරා : හවුස් කැක්කුම

    ReplyDelete
  5. මෙච්චර කල් බ්ලොග් කියෙව්වට මට අද තමයි මේ බ්ලොග් එක කිලික් වුනේ. මම දැන් පරණ පෝස්ට් කියවන ගමන්. හරි අපූරුවට කියලා තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව කියවන්න පුලුවනි.

    මේ වගේ මට ලගදි කිලික් වුන බ්ලොග් අඩවියක් තමයි "කෙහෙල් කො‍ටුවේ චූටි මහත්තයා" ලියන සයිබර් යාය බ්ලොග් එක.

    http://cyberyaya.blogspot.com/

    මටනම් මේ දෙකම එක වගේ. දෙකේම තියෙන්නේ වෙන කාටවත් වුන දේවල් නෙමෙයි. තමන්ට වුන දේවල්. දිගටම ලියන්න. ජය වේවා!

    ReplyDelete
  6. හසිත : තැන්ක් යූ :) ස්තූතියි!

    ReplyDelete
  7. හප්පේ.. මෙච්චර කේස් යනවද ගුරුවරු අතර.. මං අදනේ දන්නේ.. :D

    ReplyDelete
  8. දම් පාට නිවාසෙට ජය වේවා..

    ReplyDelete
  9. යකෝ මේක මාර ස්පෝට් මීට් එකක්නේ... ටීච මේ... දෙවැනි තැන හරියන්නේ නෑ, ඵලවෙනි තැනයි අපිට ඕනේ... හරිය?

    අනිත් එක ටීච ගාව තිබුනේ කහ පාට රෙද්දක් විතරමද? ඈ? (එල්ලෙන්නම තමා හිත නේද?)

    ReplyDelete
  10. ස්පෝට් මීට් කාලෙත් සුන්දර කාලයක් නේද

    ReplyDelete
  11. හිකිස්.... වෙලාවකට අක්කෙ කට ගැන පුදුම හිතුනත් බය නැතුව නිසි තැන නිසි විදියට ඇත්ත කතා ක‍රන්න හැකි වීමනම් අගය ක‍රන්න ඕන...

    ReplyDelete
  12. ළමයා : එවා ළමයින් ට අදාල නෑ :)

    ReplyDelete
  13. පැන්ඩ්ස් : වැඩක් නෑ කොල්ලෝ කෑ ගහලම මගෙ උගුර රිදෙනවා... අපි දැන් 3 :(

    ReplyDelete
  14. fishi: මෙ හලෝ අපි එල්ලෙන්න ගියේ නෑ... !!! මේක හරි වැඩක් නෙ. අර ලොකුනම ඉස්කෝලෙට වගේ අපේ ඉස්කෝලෙට සල්ලි නෑ හරි ද?

    ReplyDelete
  15. පිනිබිදු : ඔව් ඉතින් වලි ටික ඉවර වෙලා ලේ පයින්ට් ගනනාවක් පුච්චා ගත්තට පස්සේ... ! අදත් යන්තම් ඔලුව බේරගෙන ගෙදර ආවේ

    ReplyDelete
  16. අනුරාධ : අර අවුරුදු උත්සවේට ආවොත් බලන්න මගේ කට. :) මෙතන පොර ටෝක් දුන්නට මම ලේසියෙන් කතා කරන කෙනෙක් නෙවෙයි

    ReplyDelete
  17. ස්පෝර්ට් මීට් එකක් කරනවා කියන්නෙත් යුද්ධයක් කරනවා වගේ තමයි නේද?

    ReplyDelete
  18. කොට ජීවිතේ : තැනේ හැටියට තමා... මම පේරාදෙණියේ විස්සවිජ්ජාල මල්වත්ත ස්කෝලේ ඉන්න කාලේ මෙහෙම ඒව වුනේ නෑ. තම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යනවා කට්ටිය. මෙතන සීන් එක අනුන්ගේ ඒවට හොට දාන්න එන එක

    ReplyDelete
  19. කොතනත් වැඩි හරියක් ඉන්නේ අනුන්ගේ දේවල් වලට හොට දාන අය තමයි. ඒ වෙලාවට හොට ගලවලා අතට දෙන්න හිතෙනවා. :D

    ReplyDelete
  20. මට ඔයාව මැවිලා පේනවා.මම ඊයේ පෙරේදා college ගිය වෙලාවක දැක්කා සුරංගනාවියෝ වගේ චූටි ටීචලා වගයක්.කථාව කියවද්දි එයාලව මතක් උනා.
    දිගටම ලියන්න.
    Best of luck අක්කි

    ReplyDelete
  21. යන්තර බණ්ඩා : ස්තූතියි ඔයාට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම