හිරුණ උදාර - නපුරුම නපුරු හදවතේ කොටස
සංජු මේ කියන්න යන්නේ ආදර කතාවත් නම් නොවේ. ටිකක් කල් ගිය කතාවකි.
මේ කතාවේ කතා නායකයා හිරුණ ය. ඒ මගේ පන්තියේ සිසුවෙකි. 6 වන ශ්‍රේණියට එන විට හේ මගේ පන්තියේ කොල්ලන්ගෙන් එකෙකි. මම පන්තිය භාර ගනිද්දී කුමාරි ටීච මට කිව්වේ මේ පන්තියේ තක්කඩියන් සිටින බැවින් ඔලුව බේරාගෙන කටයුතු කරන ලේසයි. මම එය ගනනකට නොගත්තෙමි.
දෙවන දිනයේ මට පැමිනිල්ලක් ලැබුණි.
“ටීච ටීච උදාර ජනේලයේ වීදුරුවක් කඩලා.”
දැන් ඉතින් ගෙන්වා සැලකිල්ලක් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මම හිරුණව ගෙන්වා ගතිමි.
“කවුද හිරුණ?”
මේ මමත් පන්තිය භාර ගෙන දින 2 කට පමණ සිදු වූ සිද්ධියකි.
කොලු පැංචෙකු බයේ ගැහෙමින් මා වෙත පැමිනියේ ය. තනිකරම චබ්බෙකි. චබ්බා වීමට අමතරව ඔහු සතුව අපූරු දිදුළන දෑසක් විය. එය කලාතුරකින් කෙනෙකුට පිහිටන ආකාරයෙ විරල සුන්දර දෑසකි.
“තමුසෙ මේ මොනවා කලා කියලා ද මේ චෝදනා එන්නේ?”
“මම මොකුත් කලේ නෑ ටීච!”
දෑසේ කදුළු පුරවාගෙන කී ඒ වදන් වලට මම හසු වුණෙමි.
“හා හා යනවා පන්තියට. හෙට සල්ලි ගේනවා වීදුරුවක් දාන්න”
කුමාරි ටීච ඔවුන් ගේ 5 ශ්‍රේණියේ පන්ති භාර ටීච ය. ඇය මා වෙත සමච්චල් සහගත බැල්මක් හෙලුවාය.
“සංජු ටීච…. ඔය තමා පන්තියේ ඉන්න නොම්මර එකේ අමාරුකාරය. ඔහොම සලකලා නම් මදි වෙයි.”
එදා පටන් හිරුණ ඉස්කෝලේ එන්නෙ කවදාද මට පැමිණිලි විය. සමහර වෙලාවට කුමාරි ටීචම පැමිණ මට සලකා ගැනීමට බැරි ටික සලකා යන්නීය. නමුත් හිරුණ වැඩියෙම්ම බය අනෝමා අක්කාටය. ඒපාසලේ අන් කිසිම ගුරුවරයෙකුට වඩා අනෝමා අක්කගේ සැලකිල්ල වේගවත් සහ මතක හිටින එව්වා බැවිණි. සමහර දිනවලට මම පැමිනීමේ ලේඛනය ලකුණු කර සැනසුම් සුසුම් හෙලමි. “අනේ දෙය්යනේ ඇති යාන්තම් අද හිරුන නෑ”
හිරුණ ගේ තක්කඩිකම් වලින් මට මතකම හිට්ටේ ඔහු දුමේශ් ට පහර දුන් දවසයි. මගේ පන්තියේ කොල්ලෝ මා වෙත දිව විත් “ටීච ටීච උදාර දුමේශ් ට ගහලා. දුමේශ් වැටිලා. හෙල වෙන්නෙවත් නෑ.”
සැනකින් මමත් අනෝමා අක්කත් පහලට දිව ගියෙමු. ළමෝ වටවී කානුවක් දෙස බලා සිටිති. මම ළමුන් එලවා කාණුව දෙස බැලීමි. මල මිනියක් සේ දුමේශ් කාණුවේ වැටී සිටියේය. මේ දුටු මට මේකා මැරිලාවත් දැයි බය සිතුණි. දිව ගොස් මම දුමේශ් ව දෝතින් ඔසවා ගතිමි. කොල්ලා හුස්ම ගන්නා පාටක් ද මට නොපෙනේ. මගේ ඇගම හිටි වැටී ගියේය. මම දුමේශ්ව ඔසවාගෙනම පන්තියකට ගෙන ගොස් ඩෙස් පේලියක් උඩ තැබුවෙමි.
අනෝමා අක්කා පැමින දුමේශ් ගේ මුහුණේ වතුර ටිකක් තැවරුවාය. යන්තම් කොල්ලා ඇස් ඇරියේ ය. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ ඒ මොහොතේදී ය. ඒ සමගම මට ජීවිතේ කවදාවත් නොගිය තරම් කේන්තියක් ද හිතට ආවේය. ඒ වැරදිලා හෝ මේ කොල්ලාට මොනවා හෝ වුණා නම් යන සිතුවිල්ල ඇතුලු වීමෙනි.
“කෝ හිරුණ? එක්කරගෙන එනවා”
හිරුන කලේ පැන සිටියේ ය. දුමේශ් ට සිහිසන් නැති වන තුරු පහර දී අද වැඩ වැරදී ඇති බව ඔහුට වැටහී දැන් ඔහු ආගිය අතක් නැත. මම වහාම මගේ බලකායේ කොල්ලෝ ටික කැදෙව්වෙමි. මගේ බලකාය යනු පාසලේ ශිෂ්‍ය නිල මණ්ඩලයයි.
“හිරුණ උදාර කැලේ පැනලා. ඛොහෙන් හරි හොයාගෙන එන්න.”
මගෙ කොල්ලෝ ටික වහා පාසලේ හතර වටින් අතුරුදහන් වූහ. ටිකකින් අසිත් හිරුණ ව කණින් ඇදගෙන පැමිණියේ ය.
“ටීච මූ කැලේ පැනලා හිටියේ අර මාන පදුරු අස්සේ හැංගිලා”
ඒ වන විට හිරුණ අඩමින් සිටි අතර අනෝමා අක්කාට ද මට ද අම්බානක කේන්ති ගොස් තිබුණි. මම කලින් ම අනෝමා අක්කට කියා තිබුනේ “අක්කේ මට නම් ඕකට ගහන්න බෑ ඔයාම බලා ගන්න” කියා ය. හිරුණ ගේ ඇස් දුටු විට මට සියල්ල අමතක වේ. ඒ ලස්සන ඇස් අද තක්කඩි කමක් කලා මදිවාට දිලිසෙමින් හඩා වැටේ.
එදා හිරුණට අනෝමා අක්කගෙන් ජීවිතයේ අමතකම නොවන පාඩමක් ඉගෙන ගන්නට ලැබුණි. අප වඩා බය වුණේ දුමේශ් ට කුමක් හෝ සිදු වේ කියා ය. මක් නිසා ද යත් දුමේශ් සිහිය ලැබීමෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුනු බැවිනි. ඒ පපුවට පහර දීම හේතුවෙන් ඇති වූ කම්පනය විය හැක. නමුත් නරක තැනකට වැදී තිබී කොල්ලාට පූර්ණකාලීන අකර්මන්‍ය තාවක් සිදු වුවහොත් කොයි දෙය්යන්ට කියන්න දැයි අපි කල්පනා කලෙමු. හිරුණගේ පහරවල් ඒ තරම් තදින් වැදී තිබුණි.
කෙසේ හෝ දුමේශ් ද දින දෙකක් විවේක ගෙන පාසලට පැමිණියේ ය. දුමේශ් ද තක්කඩි හොර ගෙඩියෙක් වූ අතර මේ පහර දීමෙන් පසුව මට දුමේශ් ගේ වෙනසක් පෙනුණු. ඒ වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කරන්නට පටන් ගෙන තිබූ අතර බුද්ධිමත් ලෙස පාඩමට සහභාගි වෙමින් සිටියේ ය. අදටත් දුමේශ් යනු ඒ ආකාරයෙන් වැඩ කරගෙන යන කොලුවෙකි. හිරුණගේ ගුටිය වැදී ඇත්තේ දුමේශ් ගේ නරක තැනක නොව හොද තැනකය.

තව විශේශ දෙයක් ඇත. ඒ මොන තක්කඩි කම කලත් හිරුණගේ අම්මා හෝ තාත්තා කිසිම කිසි දිනෙක ඉස්කෝලයේ පස් පෑගීමට නොපැමිණීමයි. හිරුණ යනු පන්තියේ වැඩට දක්ශ සිසුවෙක් වූ අතර ඔහු මෙවන් ප්‍රචණ්ඩ කොල්ලෙකු වූයේ කෙසේදැයි මම වටින් පිටින් විපරම් කර බැලීමි.
හිරුණගේ මව රට ගොස් ය. නමුත් තවත් ටිකක් වැඩිපුර විපරම් කර බැලූ විට ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ ජීවත් වූවාය. ඒපවුලේ අනික් සාමජිකයින් සමගය. පියා සමග සිටියේ හිරුණ පමණි. ඔහුට හිරුණ ගැන සොයා බැලීමට වඩා සෙවීමට එලවළු වගාවක් විය. බොහෝ දිනවල හිරුන අපිරිසිදු ඇදුම් ඇන්ද අතර ඒවා සෝදන පාටක් ද නොවීය.
කොලු පැංචා අම්මගෙන් හා තාත්තාගෙන් නොලැබෙන ආදරය සොයා ප්‍රචණ්ඩ වී ඇත. එදා පටන් මම ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූයෙමි. තක්කඩි වැඩක් කර පැමිණි විට මම අනික් උන් පන්නා හිරුණට දිග බණ දේශනාවක් දී මුදා හරිමි. ඒමගේ ආදරයත් පෙන්වා බටර් තලියක් ඇතිල්ලීමෙන් ද අනතුරුවයි. නමුත් මෙවරද මගේ උත්සාහය වතුරේ ගියේ ය. ළමයාගේ පියා ළමයා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වීය. මම යැවූ පණිවිඩ සිය ගනනින් එකකටවත් ඔහුගෙන් ප්‍රතිචාර නැත. එක් දිනක් ඔහු මා හිටගෙන සිටි බසයේ එල්ලුන නමුත් මා හිරුණගේ ටීච යැයි දැන ගත් සැනින් අතුරුදහන් විය. තම දරුවාට නැති අවධානයක් ඔහුට මා දුටු විට පහල විය. එහෙමත් තාත්තලා මේ රටේ සිටියි.
හදිසියේම හිරුණගේ මව පාසලේ ප්‍රාදූර්භූත වූවාය. මම ඇයට හොදවායින් දෙකක් කියා ඇයි ආවේ යැයි ඇසීමි.
“ටීච පුතාව අස් කරගෙන වෙන්නපුවේ ගෙනියන්න”
මගේ හදවත කඩා වැටෙන්නාක් මෙන් මට දැනින. සොදුරු දෑස් ඇත්තා ද මා හැර ගොස් ය. කෙතරම් තක්කඩියෙක් වුවත් මම හිරුනට අසීමිතව ආදරය කලෙමි. ඒ අර දිලිසෙන දෑස් වලට සහ වෙලාවකට හොද වන ඔහුගේ ගතිගුණ වලටයි. ඔහු දක්ෂ දරුවෙකි. නමුත් දෙමාපියන්ගේ වැරදි නිසා ඔහු නොමග ගොස් ඇත. දැන්වත් ඔහු හොද දරුවෙක් වේ යැයි මම සිතමි. ඒ ඔහුගේ අම්මා ඔහු අසල බැවිනි.
නිලූෂ ගෙන් පටන් ගත් මගේ කොල්ලෝ මා හැර යාම නැවත සිදු විය. නිලූෂ, ඩිලාන්, ඩිල්ශාන්, අනාස් ගෙන් පසුව හිරුණද මා හැර ගොස් ය. දැන් මගේ පන්තියේ සිටින්නේ කොල්ලෝ 13ක් පමනි. තව කොල්ලෝ 2ක් පාසැලෙන් අස් වී ගියහොත් පන්ත්යේ සිටින කෙල්ලන් විසි දෙදෙනාට දෙන්නා බැගින් එක්වී එක කොල්ලෙකුට වශයෙන් පන්තියේ ම සිටින කොල්ලෝ ටිකට පහර දිය හැකි යැයි මම දැන් පන්තියේ කොල්ලෝ ටිකට විහිළු කරමි. අසරණ කොල්ලෝ ටික එවිට පන්තියේ ඔළු ගාන ගනන් කර සුසුම් හෙලති. ඔවුන් හා සමගම ඔවුන් ට නොපෙනී මම ද සුසුම් හෙලමි. සොදුරු මතකයන් එක එක අතීතයට එක් වෙද්දී මේ ජීවිතය යැයි සිතා සිත හදා ගන්නවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් මට නැත.

ඇත්තටම මටත් ගොඩක් දුක හිතුන මේක කියවල.ඇයි අප්ප ළමයි ගැන කිසිම උනන්දුවක් නැත්තෙ දෙමව්පියන්ට.එයාලගෙ වැරදිවලට අහිංසක පොඩි එවුන් තමා වන්දි ගෙවන්න ඕනෙ.
ReplyDeleteඅර හිරුණගෙ තාත්ත බස් එකේදි හම්බ උන සීන් එක ටිකක් මීටර් උනේ නෑ.මෑන් මාරු උනේ ඔයා ළමයගෙ ටීච කියල දැනගෙනද,නැත්තන් වෙන ලයින් පාරක් දාන්න ඇවිත් පස්සෙ වැඩේ මාට්‍ටු උන හින්දද?
අනේ චීච නමයින්ට ගහන්න එපා චීච... පව්. ගෙදරදි අම්මගෙන්න් තාත්තගෙන් වත් ගුටි කන්නෙ නැතුව මලක් වගේ හැදෙන ලමයි...
ReplyDeleteඒ වුනාට අණ්ඩපාලලාට කෝටුව පෙන්නලා විතරක් බය කරන්න්න...
ReplyDeleteවෙන්නප්පුව කියන්නේ අපේ රාජකීය ඒරියා එකනේ.... මොනාද වෙන්න ඕනා....
ReplyDeleteඔය ලමයා බැරි වෙලාවත් වෙන්නප්පුවට ආවනම් යන්න ඕනා අපේ ඉස්කෝලෙට ඒක හින්දා බය වෙන්න එපා ඒ ලමයා හොදට ඉගනගනී මොකද අපේ ඉස්කෝලෙ "උප විදුහල්පති" තුමා හරි වසයි ඒත් ලමයින්ට ආදරෙයි එයා හොදට ඔය ලමයව හදලා ගනී
ප.ලි.- අපිව හැදුව වගේ...
ප.ප.ලි.- ලමයෙක්ට අම්මගෙ තාත්තගෙ ආදරේ දැනෙන්නේ නැතුව ගියාම ඒ ලමය ගොඩක් වස වෙනවා ඒත් එහෙම ලමයෙක්ගෙ මුරන්ඩු කම වස කම කවදාවත් දඩුවමකින් හදන්න බෑ ටීච.. මොකද දඩුවම් කරන්න කරන්න ලමය තවත් මුරන්ඩු වෙනවා... එතකොට ඒ ලමයා හිතන්නේ තමන්ට කවුරුත් ආදරෙ නෑ කියලා එහෙම මුරන්ඩු ලමයෙක්ට දැනෙන්න ආදරෙ කලොත් ඒ ලමයා ගොඩක් වෙනස් වෙනවා හිතාගන්නත් බැරි විදිහට හොද වෙනවා, ඉගනගන්නවා
හමුවීමක්නම් සමුගැනීම අනිවාර්යයි ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම
ReplyDeleteසිතට දුකා..යි ..තමයි නේ සංජු
කෙනෙක් අපෙන් සමුගත් දවසට තමයි එයා කොච්චර අපිට සමීපද
ලෙන්ගතුද කියා දැනී දැනෙන්නේ...
:)) \\අදටත් දුමේශ් යනු ඒ ආකාරයෙන් වැඩ කරගෙන යන කොලුවෙකි. හිරුණගේ ගුටිය වැදී ඇත්තේ දුමේශ් ගේ නරක තැනක නොව හොද තැනකය....\\ ඒ කෑල්ල නම් මරු... හවස ඉඳන් මල පැනල තිබුනු ඔක්කම අමතක වෙලා ගියා...
ReplyDeleteදිනේශ් : පිස්සුද අනේ ඒ මනුස්සයා කොහෙද මට ලයින් දාන්නේ? හිරුණගේ අක්කලා අයියලා ඉන්නවා මගේ වයසේ.
ReplyDeleteමනුස්සයා මග ඇරියේ මම හිරුණගේ ටීච කියලා දැනගෙන. මොකද මම ඒ වෙලාවේ හිරුණව මගේ ගාව වාඩි කරගෙන හිටියේ. අනික මනුස්සයට මතක් වෙන්න ඇති මම එවාපු පණිවිඩ කන්දරාව.
මම ඒ මනුස්සයට පණිවිඩ ඇරියේ මේ ළමයා ගැන හොයලා බලන්න මේ ළමයට කන්න බොන්න වෙලාවට දෙන්න ළමයගේ ඇදුම් සෝදලා දෙන්න වගේ මට අදාල නැති දෙමාපියෝ දැන ගන්න ඕනි පුංචි දේවල් ටිකක් කියන්න.
තාරා : ගහලා හදන්න බැරි බව අත්දැකීමෙන් දැන ගත්තට පස්සේ මම දැන් ඒ ක්‍රමේ පාවිච්චි කරන්නේ නෑ. ඊට වඩා ලේසියි පන්තියේ දී පොඩි පල් එකක් දාන එක. ඒ මොනවා කළත් අපි ලමයි කියලා හිතුවට තාත්තලා වගේ කොල්ලොත් ඉන්නවා. සමහරුන් ගේ ලැජ්ජා නහරෙත් කපලා.
ReplyDeleteදැන් නම් මම කරන්නේ උඹලා ඕනි දෙයක් කර ගනිල්ලා කියලා ඉගෙන ගන්න එවුන් ටිකට උගන්වන එක.
මාලන් : දැන් නම් මම කරන්නේ උඹලා ඕනි දෙයක් කර ගනිල්ලා කියලා ඉගෙන ගන්න එවුන් ටිකට උගන්වන එක. විසදා ගන්න බැරි නම් ඉස්කෝලේ උපදේශන සේවයට භාර දෙනවා. ලමයින් ට ගහන එක විතරක් නෙවෙයි හිත රිදෙන්න වචනයක් කියන්න බෑ දැන්. ලම අපචාර චෝදනා යටතේ නඩු පවරන්න පුලුවන් වරදක් ඒක
ReplyDeleteකොල්ලාව ජෝශප් වාස් එකට නම් දා ගන්න බැරි වුනා කිව්වා. මල්ලි ඒ ඉස්කෝලේ නම් ඉතින් සොරි තමා. ඒත් කොල්ලා විනයක් තියෙන ඉස්කෝලෙකට ගියොත් හොදයි. මොකද අපේ ඉස්කෝලේ විනයක් නැති හදන්නත් බැරි ඉස්කෝලයක්.
රවින් : ඔව් ඉතින් මොනවා කරන්නද?
ReplyDeleteපුතා : ඒක ඒ තරම් ජොලි කෑල්ලකුත් නෙවෙයි. ඒක නෙවෙයි මල පැන්නේ මොකට ද? තව හිනා යන කතා 2ක් තියනවා ඒකත් දානවද නැද්ද කියලා මම මේ කල්පනා කර කර ඉන්නේ!
ReplyDeleteකල්පනා කර කර ඉන්නේ මොකද... ඔන්න ඔහේ දාන්ට...
ReplyDeleteමේ දවස් ට්කේ සර්කිට් අප්සට්, ලංකාවට යන්ට ලඟයිනේ... වැඩත් ගමකට... ඒ අස්සේ වැඩ කරන අල්ලපු රටේ එවුන් පිස්සු කෙලිනවා... ඉතින් මල අතේ... :)
මොකෝ ඒ ඉස්කෝලෙනම් සොරි කියන්නේ? එච්චර හොද ඉස්කෝලයක් මේ මුලු ලෝකෙටම නෑ
ReplyDeleteපුතා : ඔන්න එකක් නම් දැම්මා...! ආපුවාම මට මෙහෙ ගද එයිනේ නේද? :) නුවරදී දැක්කොත් මම ගලකින් හරි ගහන්නම් ;)
ReplyDeleteමාලන් : හරි හරි මම කිව්වේ කොල්ලා ට සොරි තමා කියලා. ශ්‍රේෂ්ඨ ඉස්කෝල වලට ගිහින් වත් ඉගෙන ගත්තොත් හොදා! නැත්නම් කොල්ලාගෙන් මොලේ විදියට කොල්ලා රට නසරාණියෙක් වෙනවා ඉගෙන ගත්තේ නැත්නම්
ReplyDeleteආ.... ඒක මිසක්
ReplyDeleteසංජු මෙහෙම කිව්වට තරහ ගන්න එපා.
ReplyDeleteඔයාගෙ කතා ඇහුවාම මට අනික් අයට වගේ පුදුම හිතෙන්නෙ නං නෑ.
මොකද ඔය ගොඩාක් සිද්ධි අපේ ගෙදර ඉන්න ගුරුවරු දෙන්නා වාර්තා කරන නිසා .
හැබැයි මට හිතෙනවා අනික් හැම කෙනෙක්ටම වඩා ඒ වෙලාවල් වල ඔයාට හැඟිච්ච දේ මට දැනෙනවා ඇති කියලා.
දඟ ළමයින්ට පුලුවන් තරන් ආදරේ කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. ඒ ළමයි ගොඩක් වෙලාවට එහෙම වෙලා තියෙන්නෙ දෙමාපිය ආදරේ හරියට නොලැබිච්ච නිසා. හැබැයි ඔයාගෙ ආදරෙන් ඒගොල්ලො ගොඩ ගියොත්, ඒක කවදාවත් ඒගොල්ලො අමතක කරන එකක් නෑ.
අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි :)
එද්දි අත හෝදගෙනලු එන්නේ... ඒ හින්දා ඒ ගැන බයවෙන්ට එපා...:)
ReplyDeleteදැක්කොත් පොඩි ගලකින් ගැහුවට නම් කමක්නෑ...ඕං... මොකද මගේ මේ කෙට්ටු ශරීරයක් තියෙන්නේ...
ස්වප්නා : ඒක නම් ඇත්ත ඒත් ඒගොල්ලන්ට ඕනේ තරම් ආදරේ දෙන්න අපිට වෙලාව මදි. අපිටත් ටාගට් පස්සේ දුවන්න වෙලා නේ. හරි දුකයි ඉතින් දාලා යන්න යනකොට
ReplyDeleteපුතා : ඒ වුනාට අරාබි ගද එයි
ReplyDeleteහපොයි!!!
ReplyDeleteමම ලගදි දැකපු දෙයක් තියේ දැන් අලුතෙන් පත්වුන හුගාක් තරුණ ගුරුවරු ළමයි ගැන හරි සැලකිලිමත් ..ඒ වගේ ගුරුවරු ලබන්න අද ලමයි වසනාවන්තයි.සංජු අපේ අක්ක අක්කගෙ යාලු ගුරුවරු මේ හැමොම එහෙමයි..ඒත් බගලවතී වගේ ඇයො ඒ අලුත් වෙනසට අකමැති ඇති..ලමයි ගුරුවරු සමීප වෙනවට අකමැති ඇති.ඉස්සර ගුරුවරු ලමයින්ට ලමයින්ගෙ දෙමාපියන්ට කියල කොච්චර තමන්ගෙ පෞද්ගලික වැඩ කර ගත්තද ? අපෝ එපා වෙනව.
ReplyDeleteපැන්ඩ්ස්: අනේ මන්දා ඉතින්....! අපේ සමහර ඈයෝ නම් වෙඩින් වලට මල් ගෙදර උයන්න එලවලු හිටන් ගෙන්න ගන්නෙ ළමයින් ට කියලා.
ReplyDeleteඑහෙමද..තාමත් රජයෙ පාසල් එහෙම ඇති..අපේ අක්කණ්ඩි ආණ්ඩුවෙ ස්ටාෆ් රූම් වල කපා ගැනිලි වලට එහෙම බොහොම අකමැති හින්ද ඒව අත ඇරල දැන් මෙරට ඉන්න ලාංකීය අම්මල තාත්තලගෙ ජ්‍යාත්යන්තර දූ පුතුන්ට උගන්වනව.
ReplyDeleteඅක්කී හැම ටීචම ඔහොම ලමයින්ට ආදරේ කරනවද?
ReplyDeleteයන්තර බණ්ඩා : ආදරේ කරනවා ඇති ඒත් පෙන්නන්නෙ නෑ. මමත් එහෙමනේ
ReplyDelete