ROCK ශ්‍රී ලංකා!


සංජු සින්දු අහන්නට මල පෙරේතියකි. නමුත් සංජු ගේ සිංදු ඇසීමෙන් වැඩිපුරම කරදර සිද්ධ වන්නේ සංජු ගේ තාත්තාටය. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න සිතාගෙන සිටිමි. 

සංජු අහන්නේ තාත්තාට අනුව නම් එලොවටත් මෙලොවටත් නැති සින්දු ය. ඒත් සංජු ට අහන්න ප්‍රියතම ගීත ගණනාවක් තිබේ. බොහෝ විට ඒවා ලයාන්විත සංගීතයක් සහිත සෙමෙන් ගයන ගීතය. පොප් සංගීතය, ආර් ඇන්ඩ් බී සංජු ගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන වර්ග ය. ලංකාවේ වේවා පිටරට හෝ වේවා නැත්නම් එලොව සින්දුවක් වුනත් සංජු ට හිතට ඇල්ලුවොත් කට පාඩම් වෙන තුරු අසයි.  

 මේ මොනවා ඇහුවත් සංජු ගේ ලිස්ට් එකෙ නැති ඒවා ද තිබේ. සංජුට පෙන්නන්නටම බැරි වර්ගය නම් රොක් ය. ටින් කබල් ගනනාවකට පහර දෙමින් යටි ගිරියෙන් බෙරිහන් දෙමින් කියන මේ රොක් සංජු ට ඇලජික් ය. 

හැබැයි ලගදී සිට සංජු ගේ මේ හැසිරීම වෙනස් විය. රොක් ගීයක් ප්‍රියතම ගී අතරට එකතු කර ගත්තාය. ඒ ගීතය අසන විට සංජු ට අනික් සියලුම සින්දු එපා වෙයි. ඒ තරම් සුන්දර රොක් සින්දුවකි. ඒ සොදුරු බව ඔබත් සමග විදින්නට සංජු කැමතිය. ඉතින් මේ ගීතය ඔබටයි. 

මේ ගීතයද සංජු ගේ හදවත දවා අළු කල සින්දුවකි. නමුත් සංජු ඒ වේදනාව නැවත නැවත් විදිමින් මේ ගීය අසන්නීය. විටෙක උග්‍ර වේදනාවද වේදනාවට ඔසුවකි. 


Comments

  1. ලස්සනයි අක්කේ! මම ඔයාව මගේ බ්ලොග් ලිස්ට් එකටත් ඈතුල් කරගත්තා. ඔයත් දැන් බ්ලොග්අවකාශෙ අත්‍යාවශ්‍ය සාමාජිකාවක් වෙලා ඉවරයි

    ReplyDelete
  2. අපෝ ටීච ඇයි රොක් සින්දු වලට ඔහොම කියන්නේ.....
    මේ සින්දුව පොඩ්ඩක් අහන්න
    http://www.youtube.com/watch?v=Ux8E4crycI4
    http://www.youtube.com/watch?v=vH9cYyBF7S4&ob=av3nl

    ReplyDelete
  3. සංගීතය ජීවිතයට පණනල සේය...
    සමහර ගීත ඇසෙද්දී තමන්ගේම අත්දැකීම්ද,අතීත සැමරුම් ඇත..
    ඔය සින්දුව අහලා සංජුට අනිත් සින්දු සේරම එපා වුනාට...
    මේ සින්දුව නම් http://www.youtube.com/watch?v=M_1b4UN1gmE&feature=related අහන්න එපාවෙන එකක් නෑ..?

    ReplyDelete
  4. Blog Gadol : තැන්ක්යූ මල්ලි.

    ReplyDelete
  5. ෂා.......එල song එක.ඉස්සරනම් එකක් නෑර හොයනවා.කොහෙද දැන්bzy වෙලානෙ කොල්ලා.
    මොකද්ද බොලේ අපේ ටීචට ඔච්චරම දැනෙන වේදනාව.....!!ඔහොම තමයි ඉතිං යාළු ජීවිතේ හැටි.කොහොම උනත් එකම දේ ගැන හිතල හිත රිද්දව ගන්න එපා.

    ReplyDelete
  6. මාලන් : අර සින්දු දෙක නම් මට ඇල්ලුවේ නෑ. මට තියෙන්නෙත් ඉතින් පිස්සු තේරීම් නේ.

    ReplyDelete
  7. දිනේශ්: මොකක්ද අප්පා ඔය හැටි බිසී???? එච්චරටම අතු ගාන්න තියෙනවද? ඇයි මට වේදනා දැනෙන්නේ නෑ කියලද හිතන්නේ? එකම දේ සැරින් සැරේ කැරකි කැරකි ඇවිත් රිද්දනවට ඉතින් මොනවා කරන්න ද?

    ReplyDelete
  8. රවීන් : අහලම ඉවර කරලා තමා රිප්ලයි කරන්න ආවේ. ඒවා අතීත සැමරුම් මතක විතරක් නෙවෙයි සමහර වෙලාවට. දැන් ඉන්න හැටි ගැන පසුතැවීමකුත් එක්ක තියෙනවා.

    ReplyDelete
  9. නෑ එතන තියෙන්නේ පිස්සු තේරීම් නෙමේ එක එක්කෙනාගෙ රස වෙනස් නේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ... මේ 1ත් අහලම බලන්නකෝ....
    http://www.youtube.com/watch?v=sSPyx23FOl0

    ReplyDelete
  10. මම කැමතිම සිංදුවක් ඔය සිංදුව :) \m/


    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුනා ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා

    කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියදුනේ

    හද දැවුන කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරෙ එතුනා
    නිවුනා ලොකෙ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලොකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබේ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නා
    මායාවේ නෑ මා යලි බැදෙන්නා

    ReplyDelete
  11. ම්....පරණ කතාවක් නේද ඔය කැරකෙන්නෙ.දැන් ඉන්න හැටි එක්ක පසු තැවෙන්නෙ මොකද?
    හික්...මූටත් ඕන්නැති මඟුලක් නෑ නේද?

    ReplyDelete
  12. රොක් කියන්නෙ මටත් දිරවන්නෙම නැති ජාතියක්. ඔලුව කකියන්න ගන්නවා රොක් සින්දු ඇහෙද්දි. ලංකාවේ රෝක් කියලා හැදෙන සිංදුනම් ටිකක් හ‍රි අහන්න පුලුවන්. ඒත් ඉන්ග්ලිශ් එව්වනම්. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්.......
    නිකන් මොකටද බොරු කියන්නෙ. ඔය මේ දාලා තියෙන සිංදුවත් එච්ච‍රම ඇල්ලුවේ නෑ මටනම්. එක එක්කෙනාගේ චොයිස්නේ ඉතින්.

    MaRlaN දාලා තිබුනනේ සිංදුවක්. මේ එකේම මුල් සිංදුව. කැමතිනම් අහල බලන්නකො. රොක් එකට වඩා මේක හදවතට දැනෙනවා කියලයි මගේනම් හැගීම. ඒ වගේම මේක කියන ගෑනු කෙනා ඇත්තටම අන්ධ කෙනෙක් කියලයි ආරංචිය. කැමතිනම් අහලා බලන්න.
    මෙන්න සිංදුව

    ReplyDelete
  13. අනුරාද- මම නම් අහල තියෙන්නේ ඉන්ද්‍රචාපගෙ මුල් සින්දුව පස්සෙ ඒක අන්ද අක්කා කෙනෙක් කියුවා කියලා....මම 2ම අහල තියනවා

    ReplyDelete
  14. ටීච මමත් ටීච කෙනෙක්ට ආදරේ කලා ! එයා දවසක් දා මාව දැක්කෙ නෑවගේ ගියා ! එතකොට මම ගෙදර ඇවිත් හයියෙන් සබ්වුපර් එකේ මේක දාගෙන හයියෙක් කෑගගහා ඇඩුවා ! හිතේ දුක නිවෙනකම්. කඳුලු ඉවර වෙනකම්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම