මම උපන් දිනය දා රැයේ තනිවී ලියමි.
කෙනෙකුට උපන්දිනය දා යනු ජීවිතයේ වැදගත් දිනයක් විය හැකියි. සමහරුන් ට එය එසේ නොවේ යැයි තාර්ක කල හැක. මට නම් මගේ උපන්දිනය වැදගත් දිනයකි. ඒ එවන් දවසක් වෙනත් නැති බැවිනුත් ඒ මගේ දවස වන නිසාත් ය.
මනුස්ස වේශයෙන් මෙ ලෝකයේ ඉපදීම සදහා අනන්ත කුසල කර්ම කල යුතු බව මම අසා ඇත. එයිනුත් අංගසම්පූර්ණ මනුස්සයෙකු වීමට තවත් බොහෝ පින් කල යුතුය. ඒ අතින් මම අතිශය වාසනාවන්ත යැයි මම විශ්වාස කරමි. ඒ බෝඩිමේ අක්කා කියන්නාක් මෙන් කණ අස්සේ පය යෑම වැනි දේ මට සිදු නොවීම ගැනය.
නමුත් කලි යුගයේ උපන් නිසාදෝ ඒ මනුසත්කමින් ප්‍රයෝජනයක් ගන්නට මට තවම නොහැකි වී ඇත. සමහර විට එය යුගයේ වැරැද්දක් නොව මගේ පව්කාරකමට සිදු වූ දෙයක් යැයි මම සිතමි. පිනක් කරන්නට මිනිසෙකුට මොන තරම් කැපවීමක් කල යුතු දැයි මම දනිමි. සමහරුන්ට පින් කිරීමට ඉතා ලෙහෙසිය. නමුත් මගේ පව්කාරකම නිසාදෝ පිනක් කිරීමට තිබෙන අවස්ථා ඇස් ඉදිරිපිටම නැති වී යයි.
දකින්නෝ කෙසේ දැක්කත් මා අශ්‍රය කරන අය මම කවුදැයි කියා දනිති. මට අමාරුම කාර්‍රය වී තිබුනේ මිතුරන් ඇති කර ගැනීමයි. ඒ මම පොඩි කාලයේ සිට ගොලුබෙල්ලියක ලෙස ගෙදර නම් වූ කට්ට අස්සේම රිංගාගෙන සිටීම නිසාය. නමුත් වයසෙන් වැඩෙත්ම මිතුර මිතුරියන් ලැබීමට මම පින් කල ද අපේ අම්මගේ හා තාත්තාගේ වැඩි පරෙස්සම නිසා මට බොහෝ මිතුර මිතුරියන් අහිමි විය.
වැඩි පරෙස්සම හොද නැති බැවින් මම පොඩි වලියක් දමා හෝ දැන් ගෙදරින් එලියට පනිමි. ඇත්තටම ඒවා පොඩි වලිමත් නොව සමහර වෙලාවට මහා පරිමාණ වලිය. අපේ අම්මා හා තාත්තාට මම තවමත් වයස 12ක් පමණ වන පොඩි එකී වන බැවින්ද කේන්දර කාරයෝ මගේ කේන්දරය අතට ගත් ගමන් ම මා හිතුවක්කාරයැයි කියන බැවින් ද මම ගේ ගෙම්බියක වීමට පව් කර ඇත.
හැබැයි ඉතින් මේ අසරණ මම නම් තවම එහෙමට හිතුවක්කාර කමක් කර නැත. තවම කරන්නට සිතාවත් නැත. හැබැයි දවසක් එක් කේන්දර අන්කල් කෙනෙකුට මම කීවේ ඔය කතාව බොරුවක් නොවන්නට මම මගේ හිතුවක්කාරකම ඉදිරියේදී පෙන්නන බවයි. නැත්නම් මිනිසුන් කේන්දර විශ්වාස නොකරනු ඇත. එවිට පහර වදින්නේ කේන්දර අන්කලාටමය.
මගේ කේන්දරයේ පළවැනි කොටුවේ චන්ද්‍රයා හිටියා නම් මම සෞම්‍ය මුදු මොලොක් ගති ඇත්තියකැයි මිනිසුන් කියනු ඇති. නමුත් මගේ කේන්දරයේ පළවෙනි කොටුවේ රාහු ඉන්නා බැවින් කේන්දර අන්කල් ලා මෙසේ කියන බව මම සොයා ගතිමි. කෙහෙල්මල් කේන්දරයක් නිසාම මම දඩබ්බරයෙක් වී සිටිමි. ඒ සියළු දෙනාටම අපේ අම්මා “මෙයාගෙ කේන්දරේ විදියට මෙයා හිතුවක්කාරයි” කියා මන්තරයක් සේ මතුරන නිසා මටද එසේ වීමට සිතුණ බැවිනි.
සියල්ලෝම එසේ සිතාගෙන සිටියත් මගේ හැටි දන්නේ මම ය. කේන්දර අන්කල් ලා නොවේ.
මම අතිශය සංවේදී චරිතයකි.( මගේ ෆෝබියා ගැන මම ලියන්නේ නැත්තේ ඒවා මට මඩ ගැසීමට බොල පාවිච්චි කරන නිසාය. ) මම සමනලයෙක් පවා ඇගේ හැපෙනවාට බිය කෙල්ලක්මි. පෙනුමෙන් යකා මාක් වුවද හිතින් පට්ට මෝඩියකි. එලම එලකිරි ටියුබ් ලයිට් එකකි. ඒ බව මා අස්සරය කරන කිහිපදෙනා දනිති. ඒ මදිවාට මම ඕනෑම ලණුවක් සොයා බැලීමෙන් තොරව ගිල දැමීමේ හපනියකි.
හැබැයි මේ මොනවා කලත් මම සිතින් තවම පොඩි එකෙක් වගේ යැයි මටම සිතේ. නංගිලා විවාහ වී දරුවන් හදද්දී මම කල්පනා කරන්නේ කවදා හෝ දරුවෙක් ඉන්න දවසක මම මොනවා කොර ගනීවිද කියා ය. නමුත් මට වඩා තොත්ත බබා ල විවාහ වී දරුවන් හදා ඇති බැවින් මගේ බිය තරමක් පහ වේ.
සමහර විට මා මේ ගෙවන්නේ මගේ අවසාන තනිකඩ උපන්දිනය විය හැක. ඒ පුත්තලම් බූරුවන් 3 දෙනෙකුගේ වයසට අවුරුදු 2ක් අඩු වී සිටින මට ලබන අවුරුද්ද තුල හොදින් හෝ නරකින් මනාලයෙක් සොයා දී අපේ අම්මලා කශාදයක් බන්දා දිමට සූදානම්ව සිටින බැවිනි. අපේ අම්මලා පමණක් නොව දැන් හතරවරිගයම ගේමට බැස මනමාලයෝ සොයති. භාරහාර වෙති. පූජා පවත්වති. සතියකින් පමණ මට ගලවා විසි කරන්නට බෙර තරම් සුර මගේ බෙල්ලේ එල්ලති. රටේ ඉන්නා තරමක් මනමාලයෝ සොයති. අපේ අම්මගෙ දින චරියාවෙන් වැඩි හරියක් ගත වෙන්නේ මට මනමාලයින් සොයමිනි.
බුකියට පින් සිද්ධ වෙන්නට එන මනමාලයෝ මම එක පෑන් පහරින් කපා හරිමි. දෙයියනේ කියා මගේ හිත ගිය එක යෝජනාවක් අපේ අම්මා කපා හැරියේ ඒ කොල්ලා අපේ අම්මාට මල්ලී ද මට මාමාද වන බව කියමිනි. ඕනෑ දෙයක් කොර ගන්නට කියා මම නිකන් සිටියෙමි. ඒ මක්නිසාද යත් අපේ අම්මලා අද වන තුරු මගෙන් මා කැමති මොන ආකාරයේ පුද්ගලයෙකුට දැයි අසා නැති බැවිනි. අම්මා ඇය කැමති ආකාරයේ මනමාලයින් සොයයි. තාත්තා ඔහු කැමති ආකාරයේ මනමාලයින් සොයයි. අපේ අම්මා සොයන්නේ සුදුම සුදු ලස්සන කොල්ලෙක්ය. අපේ තාත්තා හොයන්නේ හැන්ඩ්සම් දුමින් මතින් තොර බෝධි සත්වයෙකි.
ඔය දෙවර්ගයම මම කැමති ජාතිය නොවන නිසාත් සුරතලයට හැදුනු අම්මලාගේ සුරතල් පුතුන් සුරතල් කිරීමට ඩේ කෙයා එකක් දැමීමට මට අවශ්‍ය නැති නිසා ඒ යෝජනාවලට සොරි ය. සමහර කොල්ලන් බුකියේ දකින විට මට මා ගැනම දුක සිතේ. ඒ කොල්ලන් ගැලපෙන්නේ මට නොව අපේ අම්මාටය. අපේ අම්මාට මම කියන්නේ තාත්තා දික් කසාද කර මේවායින් එකක් කර ගන්නා ලෙසය. අඩුම තරමේ ඒ වැනි දිනකවත් ඔවුන් මගෙන් මම කැමති මොන වගේ කෙනෙක් දැයි අසා නැත. මමත් ඔහේ සිටිමි. වංසය කබල් ගා හමාර වූ දිනක මට විවාහයක් කර ගැනීමට සිදු වනු ඇත. මොන මගුල වුණත් මම සොයන්නේ පොලවේ පය ගසා ජීවත් වීමටත් විවෘත අවංක සොදුරු මිනිසෙකු බව කෙසේ මා කියන්නද? හැමදෙයක් ම වචනයෙන් කියන්නට බැරි අවස්ථා ඇත. ඒ නිසා අම්මලාට ඕනෑ දෙයක් කර ගන්නටඉඩ දී මම ඔහේ බලා සිටිමි. නමුත් දරා ගන්නට අමාරු දෙය නම් තනිකමයි.
තනියම ඉන්නට බැරි කම නිසා මම ඉස්කෝලයේදී උගන්වන්නට මගේ කාලසටහන පුරවා ගනිමි. සතියේ කාලච්ඡේද 40 න් 30ක් මම ඉංග්‍රීසි උගන්වමි. ඒ හැර මම මේ වාරයේ සිට එරංග ගෙන් ඉතිහාසය විෂය ඉල්ලාගෙන උගන්වමි. ඉතිහාසය මම ඉතාම ප්‍රිය කරන විෂයකි. ළමයින් ට කතන්දර කියමින් උගන්නන්නට මම ආසා කරමි. ගුරු කාමරයට වී ඕපාදූප කතා කරනවාට වඩා මම ළමයින් සමග සිටීම ප්‍රිය කරමි. ඒ ඔවුන් ඇසුරේ සිත් රිදවීම් වැඩි බැවිනි. ඔවුන්ට වුවමනා මගේ කොල්ලා කවුද මම බදින්නේ කවදාද යන්න මිස වෘත්තීය දියුණුව නොවේ. තුවාලය තියන එකා එහි අමාරුව දන්නා නිසා මම තුවාල පාර ගැනිමට වැඩිය කැමති නැත.
මම හිතුවක්කාරයැයි කියන්නේ සමහර විට මගේ කට ටිකක් සැර වැඩි නිසා වන්නට ද පුළුවන්. සැර යනු කියන්නට තියෙන දේ කාට වුනත් ලෝබ නැතුව කියා ඇරීමයි. කොයි කාට වුනත් මගේ හැන්ද එකය. නමුත් එකම හැන්ද නොදිරවන අයද සිටින බව මම දිනෙන් දින ඉගෙන ගතිමි. එහෙත් කියන දේ කෙලින්ම නොකියා වටේ පදුරු ටික පොඩි කරමින් සිටින අය මට රුස්සන්නේම නැත. කියන දේ කෙලින්ම කියන අයට මම කැමතිය.
නමුත් සමහර දේවල් ගැහැණු ළමයෙක් වන මට කතා කිරීමට සුදුසුකම් නැති බව මම ඉගෙන ගතිමි. දේශපාලනය, ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය යමු ඉන් කිහිපයක් පමණි. නමුත් ගුරුවරියක ලෙස මම මීට එහා සමාජයක් දැක ඇත්තෙමි. සුචරිතවාදී සමාජයක් හදන්නටකල් පහු වුණා වැදි වත් දැයි මට දැන් සිතේ. මක්නිසාද යත් ඉස්සර මෙන් දරුවන් තවදුරටත් පෙම් හසුන් හුවමාරු කර නොගන්නා බැවිනි. දැන් අපට අහු වෙන්නේ පෙම් හසුන් නොව තම කුඩා පෙම්වතිය හා රමණයේ යෙදෙන පෙම්වතුන් ය. වැඩේ කියන්නේ කෙල්ලන්ද ඒවාට බය නැති වීමයි. කෙල්ලන්ට එකම එක ප්‍රශ්නයක් ඇති වී සමහර අවස්ථාවල අප සොයා දුව එති. ඒ එන්නේ තමා ගැබ් ගනීදැයි බයට ඒ ගැන කතා කරන්න මිස තමාට වූ හදිය ගැන කතා කිරීමට හෝ හඩා ඒ ගැන උපදේශනයට නොවේ. ඒ අතින් අප දැමිය යුත්තේ උපදේශන පන්ති නොව් ලිංගික දැනුවත් කිරීම් පන්තිය.
සමහර අයට මේව කියන විට තරහා යයි. ඒත් මට කරන්නට දෙයක් නැත. මක්නිසාද යත් මම මේ පොලවේ සිදුවන දේවල් ළමයින්ගේ කෝණයෙන් ද ගුරුවරයෙක් ලෙසද අත් දකින බැවිනි. සමහර විට ඉස්සර අපට තිබුනු සමාජයීය හා සංස්කෘතික වටිනාකම් ක්ශය වී ඇතුවා විය හැක. නමුත් මා අදහන්නේ ගිය හකුරට බෙරිහන් නොදී ඉතිරිවී ඇති ටිකෙන් වත් ජීවත් වීමයි. සියලූම සමාජ සාරධර්ම සහිත සමාජයක ජීවත් වීමට කිසිවෙකු අකමැති නැත. නමුත් එවන් සමාජයක ජීවත් වන්නට පින් කර ඇත්තේ කවරෙක් ද? සමහර විට ඔබ එසේ සමාජයක ජීවත් වනවා විය හැක. නමුත් මම ජීවත් වන සමාජය එසේ නොවේ.
මගේ ආත්මගෞරවය රැක ගැනීම සදහා මට යක්ශණියක් වීමට සමහර අවස්ථාවල සිදු වේ. මගේ ඇගට හේත්තු වන්නට එන කෙනාට සමහර විට යන්නට වන්නේ මගේ අතේ තිබෙන කටුඅකින් ඇනගෙන ලේ පෙරෙමිනි. එය මම පාසල් වියේ පටන් හුරු වූවකි. පාසැලේ නිල ලාංඡනය හොදට ඇනෙන උලක් බැවින් මම පාසල් වියේදී එය අනන්තවත් ආත්මාරක්ෂක අවියක් ලෙස භාවිතා කොට ඇත්තෙමි. ඒ සමහර වෙලාවට මගේ ගැලවුමටද සමහර වෙලාවට ජැක් ගහන අන්කල්ලාගෙන් සහ අයියලාගෙන් පොඩි පැටවුන් බේරා ගැනීමටත් ය. පට්ට බේබද්දියක් වූවා මදිවාට මම දැන් යක්ෂ කෙල්ලද වනු ඇත. නමුත් සත්‍යය එයයි. තනිව ජීවත් වන්නට ගැහැණු ළමයින් ට ශක්තිය අවශ්‍යය.
සමහර දිනවල අසරණ බව දැනුනු විට මම හඩමි. තනිකම දැනුනු විටද මම තනිව හඩමි. කිසි දිනෙක මම මගේ දුක් කිසිවෙකුට නොපවසමි. මගේ මිතුරියන් මා දන්නේ අන් සියළු දෙනාටම ඇහුකන් දීමට සූදානම් විවෘත ඕනෑම දෙයක් කියන්නට පුළුවන් මිතුරියක් ලෙසය. සමහර වෙලාවට මම මගේ හිත් වේදනා අමතක කරන්නේ තවත් කෙනෙකුගේ දුකකට ඇහුන්කන් දීමෙනි. මගේ හිත් අමාරුව මදිවාට මම අනුන්ගේ දුක් ද අසමි. නමුත් මට කියන දෙයක් කියා හිත නිදහස් කරගෙනයන මිතුරෙක් හෝ මිතුරියක් දකින මට ඇති වන්නේ පුදුමාකාර තෘප්තියකි. සමහර වෙලාවට උපදෙස් දෙන්නට මට බැරිය. ඒ අවස්ථාවල මම අසා සිටිමි. එයත් ඇති යැයි සමහර වෙලාවට මට සිතේ. මේ ලෝකයේ අපට විශ්වාස කල හැකි පුද්ගලයින් එක්කෙනෙක්වත් සිටිය යුතු යැයි මම සිතමි. අප හැම දෙනාම මනුශ්‍යයින් බැවින් සියළු දෙනාගේම ගත යුතු නොගත යුතු දේ ඇතැයි මම විශ්වාස කරන අතර එය තෝරාබේරා ගත යුත්තේ අප විසින්මය.
මගේ මේ වැල් වටාරම් කියවා ඔබට ලැබෙන දෙයක් නැති බව මම දනිමි. අද මම මගේ 28 වන උපන්දිනය දා මේ ලියන්නේ මගේ සිතය. මගේ බ්ලොගේ මම ඇරියේ මගේ සිතේ තෙරපෙන දේ වැමෑරීමටය. අන් ගැහැණු ළමුන් මෙන් මම සුන්දර සුකුමාල කෙල්ලක් ලෙස ඔබට නොපෙනෙනු ඇත. නමුත් බොහෝ දෙනා බලන ආකාරය එය බැවින් මම ඒ දැක්මට කිසිවක් නොකියමි. තනි වූ විට කෙල්ලක් රළු වේ. ඒ ජීවත් වීමටය. ආත්ම ගෞරවය රැක ගැනීමටය. අද වුවත් මගේ මාරුවීම ලෙහෙසියෙන් ම කර ගන්නට හැකි ක්‍රම අවශ්‍ය තරම් තිබේ. ඒ ලෙස මාරු වෙනවාට වඩා වස කුප්පියක් කටේ හලා ගැනීම යෙහෙකැයි මම විශ්වාස කරමි.
මේ කෙල්ල මොන වර්ගයේ දැයි ඔබ දැන් කල්පනා කරණු ඇත. මේ කෙල්ල සුකුමාල සුකොමල කෙල්ලක් නම් නොවේ. නමුත් එවන් ආදරයක් මැද මේ කෙල්ල තරම් අහිංසක කෙනෙක් තවත් නැති බව මම දනිමි. එවන් දේ නොලැබෙන බැවින් ඔබට සැමදාම දකින්නට වන්නේ මේ සංජුවාම පමණක් වනු ඇත.
කෙල්ලක් හිත ලියා අවසානය. වැදගැම්මකට ණති ලිපියක් ලියා අවසානය. සිතා මතාම මම සමහර දේවල් නොලියා සිටියෙමි. එය කාගේ කාගෙත් ඇගට ගුණය. විශේෂයෙන් ම මගේ ඇගටය. අවසානයේ මම මට දැනුනු එක දෙයක්ලියමි. ඒ මා අත්විදි කටුකම අත්දැකීම වන අතර එයින් මගේ ජීවිතයේ සමහර ගතුගුණ මෙන්ම හැසිරීම් පවා වෙනස් විය. අන් කෙල්ලන් මෙන් සොදුරු රුවක් මට නැති බැවින් මම බොහෝ විට සිත් රිඩවීම් වලට හිතා මතාම ලක්වෙමි.සිනා සි අමතක කලා මෙන් සිටියද සමහර විට මගේ සිත විලාප හඩා වැටේ. මා කියා සිටින්නේ මා වර්ණනා කරන ලෙස නම් නොවේ. නමුත් සිතන්නට එකම එක දෙයක් පමණි. ඉන් ඔබට බොහෝ සොදුරු දේ දකින්නට හැකිවනු ඇත.
මෙලොව සෑම ගැහැණියක් ම කොයිම හෝ ආකාරයකින් හෝ මේ ලොව සොදුරු කරයි. විඩාබර වූ සිත් නිවන්නට හැක්කේ සැබවින්ම සොදුරු ගැහැණියකටම පමණි. ඒ සෙනෙහස ආදරය ගැහැණු පිරිමි බේදයකින් තොරව බෙදන්නට හැක්කේද සොදුරු සිතැති ලදකටම පමණි. එවන් ලදුන් මෙලොව ඉතා විරලය.
සැම ගැහැනියකටම මලක් ලෙස සලකන්න.
වයස පාට රුව මේ කිසි දෙයකින් වෙනස් නොවුණු ගැහැනු හිත අපට එදිනට හමු වේවි. ඒ වන් අතරමං වූ ගැහැනු සිත අකුරින් සිත්තම් කරන්නට මගේ ඇගිලි වලට දිරි දුන් ඔබට පින්.
ප.ලි. මේ ලියද්දි හරියටම රෑ 12 විය. අද මගේ උපන්දිනය සමරන්නට කවුරුත් නැති බැවින් මම තනියම උපන්දිනය සැමරුවෙමි. ඒ කණ පැලෙන්නට සින්දු දමාගෙන බෝඩින් කාමරයේ හති වැටෙන තුරු නැටීමෙනි. තවම අවසන් නැත. ඉතිරි ටික සම්පූර්ණ කරන්නට යමි! (හෙට උදේ අක්කා මට වෙනත් බෝඩිමක් සොයා ගන්න ලෙස කියනු ඇතැයි නොසිතමි. හික් ය. ඕ අද මගේ උපන්දිනය බව දන්නීය. අනික මගේ ලැපෙන් එතරම් සද්දයක් නැගේ යැයි මම නොසිතමි.ලොල් ය. වෙන දෙයක් හෙට ය.)
ප.ප.ලි. අක්කා මා තව දුරතත් බෝඩිමේ තියා ගැනීමට තීරණය කලාය. ඒ ඊයේ රෑ සිදු වූ කිසිදෙයක් ඇයට ඇසී නැති බැවිනි. හික් ය. යන්තම් බෝඩිම බේරුණි.

සුභ උපන් දිනයක් වේවා..!!!
ReplyDeleteප්‍රමාද වූවාට අමනාප නොවනු ඇතැයි සිතමි.
ප්‍රියන්ත අයියා : ප්‍රමාද වුනේ මමයි මේවා ලියලා දාන්න. ඔයා නම් මට පාන්දරම සුභ පැතුවනෙ :) ස්තූතියි
ReplyDeleteවෙන මුකුත්ම ලියන්නේ නෑ. සුභම සුභ උපන්දිනයක් වේවා. අනාගතය සාර්ථක වේවා.
ReplyDeleteශාමින්ද : ස්තූතියි මල්ලි
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා..!!!
ReplyDeleteAkke Suba Upandinayak wewa !!!
ReplyDeleteමේ බ්ලොග් එක හැමදාම බලලා ගියත් කොමේන්ට් කලේ මුලින්ම අද තමා.උපන්දිනේ දවසෙම සුභ පතන්න බැරි උනාට සමා වෙන්න ඕන.සුභම සුභ අනාගතයක් වේවා.
ReplyDeleteඋපන්දිනේ තනියෙන් සමරන එකෙත් අමුතු ගතියක් තියෙනවා අක්කේ... ආයේත් අහලා නටන්න තියෙනවා නම් තව මොනවද... :)
ReplyDeleteඅපි හැමෝටම තමන්ට ආවේණික ලක්ශන තියෙනවනේ අක්කේ.. ඉතින් කවුරු කොහොම දැක්කත් බොරු මුණක් දාන් පෙන්වනවාට වඩා තමන්ගේ ඇත්ත මුහුණුවර පෙන්වන එක හොදයි... අනික ලස්සන කියන එක නම් එක්තරා පැත්තක් තමයි..එක අඩු වැඩි වෙන්නේ නම් තමන්ගේ උනන්දුවෙන් අක්කේ.. උපතින්ම කවුරුත් කැතට ඉපදෙන් නැහැ.. අනික කෙනෙක්ගේ ලස්සනට ආදරේ කරන්න එනවා නම් එතන කවදවත් ආදරයක් නැහැ.. කවද හරි එ කෙනා විරුපි උනොත් අර ආදරේ කොහෙද කියලවත් හොය ගන්න බැරි වෙයි..
ඉතින් අක්කේ ඔයාට සුබ උපන්දිනයක් :)
තුසිත, රවීන්ද්‍ර, උදියා : ස්තූතියි සුභ පැතුම් වලට!
ReplyDeleteනිම්ශා: ගොඩක් වෙලාවට මම දකින දේ තමා මම ලිව්වෙ. ඇත්ටම එහෙම වෙනවා නංගි. ලියන්න බැරි වුණත් එහෙම මට ඕනි තරම් වෙලා තියෙනවා. ස්තූතියි මට සුභ පැතුවට <3
ReplyDeleteමිනිස්සුන්ගේ ලස්සන තියෙන්නේ හදවතේ මිසක් මූනේ නෙමෙයි අක්කේ.ඒ අතින් බලනකොට ඔයා ගොඩක් ලස්සනයි කියලයි මට හිතෙන්නේ.නිම්ශා කිව්වා වගේ මූනේ ලස්සනට ආදරය කරොත් ඒක නියම ආදරයක් වෙන්න බෑ.
ReplyDeleteහැබැයි තමන්ගේ ජීවිතයේ වැදගත්ම තීන්දුව ගන්න එක වෙන අයගේ කැමැත්තට කරන්න යන්න එපා.තමන්ට සැටිස් නම් විතරක්........
හැම දෙයකම හොද පැත්තක් තියෙනවා කියලා හිතන්න.එතකොට අපිට රාමුවකට කොටු නොවී නිවැරදි තීරන ගන්න පුලුවන්.
සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!!!
අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ
ReplyDeleteචත්තාරෝ ධම්මා වඩ්ඪන්ති – ආයුවණ්ණෝ සුඛං බලං
ශුභ උපන්දිනයක් වේව! සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!
උපන්දිනේ පහු උනාට කමක් නෑ ඔන්න මගෙනුත් සුභ පැතුම් අක්කේ....!
ReplyDeleteහිතේ එක දෙයක් තියාගෙන වෙන දෙයක් පෙන්නනවට වඩා අක්කා හොදය... කෙලින්ම හිතේ තියන චරිතයම එලියට දාන අයට මිනිස්සු අකමති උනත් කවදා හරි ඉන්නේ ඒ චරිතයමයි....
ReplyDeleteඅන්න ඒ දේ තේරුම් ගන්න මිනිස්සු අකමති එකට අක්කාට කරන්න දෙයක් නෑනෙ.. අපි ආස කරන සංජු අක්කා තමයි ඔය ඉන්නේ... (කැමතිමනම් වලියක් දාගමු... ;) )
තනික්ම නම් මටත් හොදට පුරුදු දෙයක්.. ඒකෙත් මාර ෆන් එකක් තියනවා...
නෑදැ පරපුරට කොල්ලො හොයන ජොබ් එක බාර දෙන්නෙ නැතුව තමං අතට තම හිසමය සෙවනැල්ල කියල වැඩේට බැස්ස නං මොකෝ?
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා....!
ReplyDeleteHappy Bday Sanju Akki, May all your dreams come true ;) be Happy :)
ReplyDeleteඅනේ මන්දා අක්කේ මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා..!!!
ReplyDeleteවෙනදාට වඩා සංජු ටීච අද ටිකක් සංවේදී වෙලා වගෙයි. මට මේ පොස්ට් එක කියවද්දි මට එහෙම හිතුනා.....
රජිත්: ස්තූතියි මල්ලි :) ම්ම්ම් මට සැටිස් නැත්නම් ඉතින් කොහොමත් කරන්න බැහැනෙ
ReplyDeleteටී.බී. ස්තූතියි මල්ලි
ReplyDeleteබීටා : තැන්කූ ඈ
ReplyDeleteමලන් : වලි නම් වානා.
ReplyDeleteබුධා : කෙල්ලොන්ට වැඩ වලට බහින්න බෑ නෙ හිතේ තිබ්බත් :( එක නිසා ඉතින් ඔන්න ඔහෙ ඉන්නව
ReplyDeleteහසී : තැන්ක් යූ නංගි
ReplyDeleteDishan : Thanks malli :)
ReplyDeleteනිර්මල : ස්තූතියි මල්ලි :)
ReplyDeleteහසිත : තනියම ඉන්නකොට හිතෙන දේවල් තමා ඉතින්. ඔහේ ලියලා දානවා. සුභපැතුමට ස්තූතියි :)
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා ටීචර්...
ReplyDeleteඒ වගේම ඔය බලාපොරොත්තු වෙන විදියෙ මනමාල මහත්තයෙකුත් හම්බවෙන්න කියල පතනවා.
දැන්මම අම්මට කිව්වොත් හොඳ නැද්ද ඕනෙ මොන වගේ කෙනෙක්ද කියල? මොකද අම්ම හෙව්වට බැඳගන්න වෙන්නෙ ඔබතුමිටනේ
තාරක : වැඩක් නෑ කිව්වට. ගොඩක් දෙමවුපියෝ තමන් බදිනකොට කරපුවා අමතක කරනව වගේ ම තමන්ට කරගන්න බැරි වෙච්ච දේවල් තමන්ගේ දරුවන් ගෙන් හරි කර ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ දෙන්නටත් ටිකක් ඒ ගතිය තියෙනවා කියලා මට තේරුනා. ඉතින් ඒ දිහා උපේක්ශාවෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මට
ReplyDeleteහපෝ..!
ReplyDeleteඉතිං පුලුවන්ද එහෙම ඉන්න??
මටනම් බෑ
තාරක : නෑ නෑ ඔන්න ඕහේ ඕනි දෙයක් කරගද්දෙන්.අනික කොල්ලෙක්ට වගේ නෙවෙයි හැමෝම බලන්නේ කෙල්ලක්ව තමන්ට ඕනෑ විදියට පාලනය කරගෙන තියා ගන්නනේ. මම යටත් වෙනවා සාධාරන පාලනේකට. ඒත් අනවශ්‍ය විදියට බලපෑම් කලොත් අන්න එතකොට නම් මමත් ටිකක් නරක් වෙයි.
ReplyDeleteහ්ම්ම්ම්ම් අනේ මංදා....... මටත් ඒ කාලේ හිතුන දේවල් සමහරක් මෙහි ලියවිලා තියනවා. ඇත්තටම. කාටවත් නොකිය හිනාවෙලා ඉන්න අපි ඇතුළින් කලකිරෙන බව කවුරුවත් දන්නැහැ.
ReplyDeleteඅනේ මංදා...... ඇතැම් තැන් වලදී මා ලිපියෙහි මාවම දුටුවෙමි.
ගොඩාඩාඩාඩාක් පරක්කු උනත් සුභම සුභ උපන්දිනයක් සංජු අක්කියා.......
තැන්කූ හා පැටික්කියෝ
ReplyDeleteසමහර වෙලාවට මට හිතෙනවා ඇත්ත ලියන්නත් එක්කෙනෙක් හරි ඉන්න එක හොදයි කියලා
මම කිවුව දේම වෙලා,,ඒකයි මම මේ ටිකක් හිටියේ කමෙන්ට් කරන්න
ReplyDeleteඩිලා : හික් හික් ඔව්.... වීරයා මැරිලා
ReplyDeleteWish you a Belated Birthday.. I like the way u write.. Wish you all the best ...
ReplyDeleteWish you a Belated Birthday
ReplyDeleteTrekker : thanks :)
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා....!
ReplyDeleteඅනේ දරුවො. ලියල තියෙන දේවල් දැකල කොල්ලටට ඔයා ගැන දුක හිතුණා......
එහෙම උණත් පුත්තලම් බූරුවෙක්ගෙ වයස අවුරුදු 10ක් කියන දේ අද දැනගත් එක සතුටක්.
අඩේ සංජු අක්කෙ සුභ උපන් දිනයක් වේවා..සියලු බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙන්න කියන බොක්කෙන්ම විශ් කරනව.
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා!!!!
ReplyDeleteමං දාන පලවෙනි comment එක වෙන්න ඕන මේ.
සුභ උපන්දිනයක් අක්කේ.
ReplyDeleteලබන උපන් දිනය ඔබ පතන ආකාරයේ හබියෙක් එක්ක ගෙවන්න ලැබේවා
සුභ උපන් දිනයක් වේවා ගුරුතුමී. සමා වෙන්න ප්‍රමාද වුනාට..හිත හොඳ කෙල්ලෙකුට කවදාවත් වරදින්නෙ නැහැ නඟේ....හැබැයි විවාහය කියන්නෙ කැප කිරීම් ගොඩාක් කරන්න තියන තැනක්. අනිකකුගේ ගෙ සතුට (අම්මාගෙ වත් නැන්දම්මගෙවත් නෙවෙයි හොඳෙ )වෙනුවෙන් තමන්ගෙ සතුට කැප කරන්න වෙන තැනක්. එතනදිත් ඔයාට නොසැලි ඉන්න පුලුවන් නම් ඔයා සාර්තකයි..
ReplyDeleteසුභ උපන් දිනයක් ටීචර්... පරක්කු වුනාට සොරි වෙන්න ඕන... පොස්ට් එකනම් මරු...
ReplyDeleteසුබ උපන්දිනයක් ඔබට.......අද තමා දෑක්කෙ.වෙන කියන්නෙ මොනවද කියලනම් මට හිතා ගන්න බහැ.
ReplyDeleteWish u Happy B'lated B'day Akki...........
ReplyDeleteMage B'day ekath tibbe 30th April........
අනේ සමාව භජනය කරනවා මුලින්ම. දැනුයි දැක්කේ ලිපිය. ලියල තියෙන දේවල්වලට සම්බන්ධයෙන් නම් මම කිසිම අදහසක් දක්වන්න යන්නේ නෑ. එතන තියෙන්නේ බොරැ නැති හැබෑම කෙල්ලෙක්ගේ හිත. මම ගරැ කරනවා ඒකට. සුභ උපන්දිනයක් වේවා කියනව වගේම ඔයා තවත් අවුරැද්දක් වයසට ගිහින් නේද. මගේ උපන් දිනවය ලැබුවාම මට මුලින්ම හිතුනේ ඔන්න ඔහොම. කොහොම වෙතත් සිතේ තියෙන සියලු යහපත් වූ අභිලාෂයන් මල් ඵල ගැන්වේවා. ජොබ් එකේ හැටියට අව්ව වැස්ස රැ දවාල එකයිනේ අපට. ඒකයි වෙලාව අඩු. ඉතින් අහිතක් හිතන්න එපා පමාවුනාට.
ReplyDeleteසංජු නංගියෝ, ඉස්සර වෙලාම සුබම සුබ උපන් දිනයක්. ඔයාට කිව්වම මොකද මටත් ඔහොම හිතුනා, කාලෙකට ඉස්සර. කැත හින්දම නෙමෙය්, අපේ අම්ම තාත්තත් ඔයාගෙ වගේම තමය්, නීති රීති කෙල කෝටියකුත් තවත් එකක් මැද තමය් මමත් හැදුනෙ, සමහර වෙලාවට ඒ සේරටම අවනත වෙන එක හෙනම ඇනයක්, ඒත් අද ආපසු හැරිලා බලද්දි වැරැද්දක් වෙලත් නැ. සොයාගැනීම දෙමව්පියන්ගෙ උනත් තීරනය ඔයා අතේම තියාගන්න. කෝකටත් කියල. ජීවිතේ හොඳම හරිය තව ඉස්සරහට, තවම ප්‍රමද නෑ. සෝ, හිතල බලල ගැලපෙනම කෙනාට කියන්න, එයා ගොඩාක්ම අසාවෙන් ඔයාගෙ අතය් හිතය් බාර ගනීවි. මතක තියාගන්න, පලවෙනි කෙනා නෙව්ය්, හරියන කෙනා. පමා උනාට කමක් නෑ, නිවැරදිම තීරනේ ගන්න, ඔයාට මගේ සුබ පැතුම් නංගෝ.
ReplyDeleteහැමෝම කියනවා ලස්සන තියෙන්නේ හිතේ කියලා.. ඒ වුනාට ඇත්ත ලෝකෙට ගියාම පොඩ්ඩක් ඕක වෙනස් වෙනවා...මටත් ඒ අත්දැකීම තියනවා අක්කි...එක නිසා තේරෙනවා ඔයා කියන දේ....ඒ මොනවා වුනත් තමන්ගේ හිත හොද නම් ටික කාලයක් ඇතුලත රූපෙන් ලස්සන අය දිනාගන්න දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට දිනා ගන්න පුළුවන්... ඔයා දැනටමත් ඒක ඔප්පු කරලා තියනවා...මට අද හිතුනේ ඔයා ගොඩාක්ම අහිංසකයි සහ නිශ්ශබ්දයි කියලා...පොඩ්ඩක් විතර ඒක වෙනස් කරගමු....එතකොට ඔය කියන ගැටළු ගොඩාක් මග අරගන්න පුළුවන් වේවි..මම මහා ලොකු අත්දැකීම් තියන කෙනෙක් නෙවේ...ඒ වුනාට මට හිතුන දේ තමා ලිව්වේ...තරහ වෙන්නේ නැතිවේවි කියලා හිතනවා හිතුන දේ කෙලින්ම ලිව්වට
ReplyDeleteමගෙ බ්ලොග් ගුරුතුමී.... කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකේ කමෙන්ට් දාලා. ඔයා ඉතින් මොනව කිව්වත් මම තරහ වෙන්නෙ නෑ දන්නවනෙ. තැන්ක්යූ නංගි (හික් හික් ඔයාට විතරයි තේරුනෙ මෙතන කෑ ගහන තරම් ඇත්තටම මට කතා කරන්න බෑ කියලා )
ReplyDeleteහප්පේ ගුරුතුමී අපි වගේ පොඩි එවුන්ට ඔහොම කියන එක අව්ල් නැද්ද ඇත්තට ඈ??? ඔව් අක්කේ...මට ඔයාගේ බ්ලොග් එක ආයේ බලන්න හිතුනේ එදා හම්බුන ඔයා සහ බස් එකේ හූ තියන සංජු අක්කයි දෙන්නක් නිසා. :P මේ ලිපිය කියෙව්වම හිතාගන්න පුළුවන් වුනා මොකාද හේතුව කියල වෙනසට
ReplyDeleteඒ මොනවා වුනත් එළ ටීචර් කෙනෙක් කියලා තමා කියන්න තියෙන්නේ...අපේ වෙන්ඩ හස්බන්ඩ් ට එදා හම්බුන අය ගැන විස්තර කියලා, කස්ටියගේ බ්ලොග් ටිකත් පෙන්නුවා...අක්කිගේ එක පෙන්නුවා විතරයි මට බැනුම් ගොඩාරියයි මේ බ්ලොග් එක කලින් පෙන්නුවේ නැහැ කියලා...
තොගෙ හිතේ තියෙන මඟුල හරි යනවා. අර මම කිවුව වගෙ වාසනාවන්ත බබ්බු 4කුත් ලබනවා. නංගි බබාල දෙකයි, මල්ලි බබාල දෙකයි. නංගි බබාල ඩෙක නිවුන්නු
ReplyDelete