මාරුවීම
නැත මා ලියන්නට යන්නේ මගේ ස්ථාන මාරුව ගැන නම් නොවේ. ස්ථාන මාරුව ගැන මා නැවත බලන්නේ මා විවාහ වන දිනක කියා සිතාගෙන මම එය සහමුළින් ම අමතක කර දැමුවෙමි. ඒ මට කොයි දිග්භාගයේ යන්නට සිදු වේදැයි දන්නේ දෙයියෝ පමණක් නිසාය. මේ ලියන්නේ ඒ ගැන නොවේ.
කවුරුත් දන්නා පරිදි මගේ විෂය ඉංග්‍රීසි ය. වසර 4ක් පමණ එක දිගට ඉංග්‍රීසි උගන්වා මට දැන් තරමක් අමාරු ය. එපා වී ඇත. එකම දේ කරන විට එපා වන බැවින් ඒ ආනිසංසය මටද සිදු වී තිබුණි. මට යම්කිසි හෝ වෙනසක් අවශ්‍යවම සිටියෙමි.
ශාකවී ටීච පූර්ව ප්‍රසව නිවාඩු ලබාගෙන ඇති බැවින් ඇයගේ කාලසටහන දඩෝං ගා එරංග මල්ලීගේ ඔලුවට කඩාපාත් විය. මාස 4ක් 5ක් පමණක් බාල වුවත් පොඩි එකා සේ ඉන්නා බැවින් මම ඔහුට කටපුරා මල්ලී කියමි. පලමු දිනයේ ගුරු රැස්වීමේදි ජනප්‍රිය 3 වන වතාවට වෙනස් කල කාලසටන් ලැබෙන විට එරංග ගේ කාලසටහන දෙයියනේ කියා ඔහුට හුස්මක් කටක්වත් ගන්නට නොහැකි පරිදි හිර වී තිබුණි.
ගුරු රැස්වීම යන අතරතුරම එරංගගේ නව කාලසටහන ඉල්ලා ගත් මම මගේ නිදහස් කාලච්ඡේද හා එය සැසදුවෙමි. ඉන් පසු 6 වන ශ්‍රේණියේ ඉතිහාසය විෂය කිරීමට භාර ගතිමි.
ඒ අස්සේ ම මගේ කණ ගාවම වලියකි. අළුත් සර් වන ජිත් සර් හා උතුමා සර් වාදයකය. උතුමා සර් අලුත් සර්ට කොම්පියුටර් ලැබ් එකේ දි විද්‍යාව උගන්වන්නට එපා යැයි කියයි. අලුත් සර් විද්‍යාව පමණක් නොව කොම්පියුටර් ද ඉගැන්වීම පසෙක තබා කොම්පියුටර් ලැබ් එකේ යතුර භාර දෙන බවට තර්ජනය කරයි. දෙන්නා වාදයක ය. උතුමා සර් අන් කිසිවෙක් කියන දෙයක් පිලි ගන්න පුද්ගලයෙකු නොවන බැවින් ඔහු හා වාදයට යනවාට වඩා කට බලු බෙට්ටක උලා ගැනීම යෙහෙකැයි මම අත්දැකීමෙන් දනිමි.
මා අසලම සිටි ජිත් සර් ගෙ සපත්තුවට මම පයින් පාරක් ඇන්නෙමි. එය ඔහුට දැනුනේවත් නැත. ඊගාව පාර මදක් සැරට ඇන්නෙමි. එවර ඔහු මදක් මා දෙස බැලුවේ ය. නමුත් මා යමක් කියන්නට කලින් නැවත වාදයට පැන්නේ ය.
එනපොට හොද නැත. මූ මටත් හපන් කෙක්කකි. මමත් අමාරුවෙන් හෝ කෙකි නවත්තා ගන්නා තැන දන්න මුත් මේකා එහෙම එකක්වත් දන්නේ නැත. එවර මා වැරෙන් ඔහුගේ අතට ඇන “ජිත්, දැන් ඇති” යැයි රහසින් කීමි. මොන පිස්සුද? ඔහු නවතන්නේ ම නැත. දැන් මගේ වැඩේ ජිත් ගෙ අතට පෑනෙන් හා අතින් අනිමින් නවත්වන ලෙස කෙදිරි ගෑමය.
කෙසේ හෝ වැරෙන් පහර කීපයක් ඉලපතට සහ කකුලට එල්ල කිරීමෙන් ඔහුගේ කට වස්සවා ගැනීමට මම සමත් වීමි. ඒ අතර ගොන් කතාවක් කියා මටත් කේන්ති ගොස් මම ද උතුමාට ටිකක් සැරෙන් ඇමතීමි. ජිත් කලේ මා දෙස බලා “ඔයාටත් තද වෙන්නේ එහෙම නෑ නේද?” යැයි කියා පල් හිනාවක් දැමීමය.
එතැන් පටන් ජිත් හා මම රැස්වීමේ නොවූහ. අපි දෙන්නා අපි දෙන්නගේ පාඩුවේ වෙන වෙන කතා ය. ජිත් ඔහුගේ විවාහ මංගල්ලයේ සංවිධාන කටයුතු ගැන කියයි. මම ඒවාට උපදෙස් දෙමි. එක වරක් හේ මගේ කාලසටහන උදුරා පෙරලාගෙන සිට “ටීච මට 7 වසරේ ඉංග්‍රීසි දෙන්න මම කරන්නම්” යැයි කීවේ ය.
“සර් ට වැඩ වැඩි නේද?”
“නෑ නෑ මුංගෙ ආඩම්බර බලනවට වඩා හොදයි මට පන්තියකට ගිහින් මොනව හරි උගන්නන එක. අනික මගෙ දැනුමටත් හොදයි ඉංග්‍රීසි උගන්නන්න ගත්තොත්”
ඉන් පසු අපි දෙන්න කාලසටහන් දෙක සංසන්දනය කලෙමු. (ගුරු රැස්වීමද ඉවර නැත. එයද ක්‍රියාත්මක වෙමින් තිබුණී) සිකුරාදා දිනය හැර අනික් දින 4 ම ජිත් ට හතේ පන්තීයට ඉංග්‍රිසි ඉගැන්වීමට හැකිය. හේ එය භාර ගත්තේ ය. මම ඔහුට කිව්වේ සිකුරාදාට මම ගොස් අඩුපාඩු ඇදකුද සොයන බවයි. ඔන්න දැන් අපි දෙන්න සුහද වලියකි.
ඒ වලිය අස්සෙන් ම අපි දෙන්නා උතුමා සර් ඇමතුවෙමු.
“සර් ජිත් සර් මගෙ හත වසර ඉංග්‍රීසි වලට ගන්නවලු. මම එරංග ගෙ ඉතිහාසය 6 වසර ගන්නවා”
උතුමා ඉන්දවුණි.
“ඇහ් එහෙම පුලුවන්ද?”
“ඔව්… එරංග මල්ලි පව් හුස්ම ගන්නවත් වෙලාවක් නෑ”
“මම ඉංග්‍රීසි ගත්තෙ මගෙ දියුණුව බලාගෙන” ජිත් පැන්නේ ය.
එපා කියන්නටත් බැරිය. තරුණ ගුරුවරු අත්හදා බලන තරමට ප්‍රතිඵල වෙනස් විය හැක. ඉංග්‍රීසි ගුරුවරිය ඉතිහාසයත් විද්‍යා ගුරුවරයා ඉංග්‍රීසි ත් ඉගැන්වීමට පැන්නහ. එසේ හෝ අපේ මාරුවීම් කර ගත් අපි ඉන් සැනසෙමු.
මා ජිත් සර් ගැන ඉගෙන ගත් දෙයක් නම් ජිත් සර් මා මෙන්ම සෝඩා බෝතල් කේන්තිකාරකු බවයි. අසාධාරණය දුටු විට කට පියාගෙන ඉන්නට ඔහුට බැරිය. කාලසටහන් ඝට්ටනය වනු දුටු හේ මගේ කණට කර කීවේ “අර යකා තව 3 පාරක්වත් මේ වාරේ කාලසටහන වෙනස් කරයි ඔන්න බලන්නකෝ” කියාය. කණට කර කීවද එය වට පිටාවේ කිහිප දෙනෙකුටම ඇසුනි. අපේ උපදේශනය ටීච මුළු රැස්වීම කාලයේම කලේ මගේත් ජිත්ගේත් කසුකුසු හිකි හිකි ගෑම් දෙස විමසිල්ලෙන් බලාගෙන සිටීමයි. හෙට අනිද්දා බදින්න යන මිනිහා එක්ක මේකි ගෙ මුකුළුව වැඩි යැයි ගුරුමණ්ඩලයේ කවුරුන් හෝ සමග කියා ගින්නක් අවුලුවන්න්ට ඇයට පුලුවන් ය. ඒත් ඉතින් අපේ සිත් පිරිසිදු බැවින් ද ඒ වැනි යහලුවෙකු අහිමි කර ගැනීමට මා අකමැති නිසාද එවනි අසමජ්ජාති කතාවක් කිව්වොත් එයට දෙකක් කියන්නට මම සූදානම් ය.
එපා වී සිටින රැකියාවේ විවිධත්වය මදකට හෝ රැකෙන්නේ එවැනි අපූරු මිතුරන් සමග එක්ව වැඩ කිරීමෙනි. ප්‍රතිඵලදායක වෙනසක් උදෙසා ඔවුන් පර්යේෂන කිරීමට සූදානම් ය. නිකන් ඉස්කෝලයේ ගොස් උගන්වා පඩි ගන්නවාට වඩා යමක් කරන්නට අපේ තරුණකම අපට ජවය දී ඇත. ඉන් පලක් නොගෙන ඕපාදූප කතා කිරීම අපේ තරුනකම ජවය කාලය නාස්ති කිරීමකි. එක ලෙසකින් කීවොත් ජිත් හා මම වෙනම විෂයන් වලට අතගසා භයානක පර්යේෂණයක් ආරම්භ කලා සේ ම විශාල අභියෝගයක් ද භාර ගත්තෙමු. නිකන් ඔහේ ගෙවෙනා ජීවිත වලට වෙනසක් අවශ්‍ය ව ඇත. ඒ වෙනස අපි ආරම්භ කලෙමු. දැන් එහි සංක්‍රාන්ති සමයයි. ප්‍රතිඵල තව ඉදියේ ය. එය සුභවේ යැයි මමත් ජිත් සරුත් අපේක්ෂා කරමු.

එළමායි... ඔන්න මගෙනුත් සුභ පැතුම් කිවුවා.....
ReplyDeleteසුභම වේවා
ReplyDeleteඑකම දේ කරන විට එපා වන බැවින් ඒ ආනිසංසය මටද සිදු වී තිබුණි. මට යම්කිසි හෝ වෙනසක් අවශ්‍යවම සිටියෙමි.
ReplyDeleteබුදු නංගියේ පරිස්සමින්.... :D
<
ReplyDeleteඋතුමා සර් අන් කිසිවෙක් කියන දෙයක් පිලි ගන්න පුද්ගලයෙකු නොවන බැවින් ඔහු හා වාදයට යනවාට වඩා කට බලු බෙට්ටක උලා ගැනීම යෙහෙකැයි මම අත්දැකීමෙන් දනිමි.
/>
එහෙනං අත්දැකීමෙන්ම දන්නව ඈ.. ඊයා..... ඈක්...
හෙට අනිද්දා බදින්න යන මිනිහා එක්ක මේකි ගෙ මුකුළුව වැඩියි....
ReplyDeleteමලන් : තැන්කූ ඈ
ReplyDeleteතාරක : තැන්ක්යූ
ReplyDeleteඅබේපාල අයියා : ඇයි ඉතින් ඒකේ මොකට පරෙස්සම් වෙන්න ද? O.o
ReplyDeleteචන්දික : ඔව් ඔව් අනන්තවත්... හික්
ReplyDeleteසත්සර : අන්න බුකියෙ ඉන්නව ජිත් ඕනි නම් ගිහින් කියන්න ඕක. දෙකක් අහගන්න හම්බු වෙයි හිතේ හැටියට
ReplyDeleteයාලුවෝ දෙන්නට පාසලට ලොකු සේවයක් කරන්න ලැබෙන්න ඕනේ
ReplyDeleteරජිත් : තැන්ක් යූ මල්ලි :) දෙන්නෙක් නෙවෙයි මේකට එරංගත් අයිතියි. එතකොට 3 දෙනෙක්
ReplyDeleteබලනකොට ඉගැන්නිල්ලත් මරු වැඩක් වගේ ඈ......
ReplyDeleteලොකු වෙනසක්,,එකත් හොදයි වෙනසක් ඔයා හොය හොය නේ හිටියේ
ReplyDeleteසංජු ටීචර් ආයි ලේසි පාසු ටිචර් කෙනෙක් නෙමෙයි වගේ... ගේමටම තමයි නේද?...
ReplyDeleteහිතා ගන්න පුළුවන් අවුරුදු හතරක් උගන්නපු හැටි.මට අවුරුද්දක් උගන්නලා එපාම වුනා ඔය කියන ඒකාකාරී බව නිසා....
ReplyDeleteMata gedarata kiyanneth sanju kiyala akkiyo.....
ReplyDelete