මගේ කෙල්ලෝද මා වාගේම දග ය…..!
අද උදේ මට නිකන් ඉන්නට බැරුවාට යමක් සිතුනි. ඒ මගේ පන්තියේ පොඩ්ඩෝ ටික සමග මගේ උපන්දිනය සැමරීමටයි.
මම අසල කඩයකට ගොස් චොකලට් මහ ගොඩක් ද ගෙන පාසලට රිංගීමි. මගේ පස්සෙන් හා ඉස්සරහින් හමු වූ ගුරු මණ්ඩලයේ එකා එකා ඒ බෑගයට ඇන ඇන පස්සෙන් ආවද එය සගවාගෙන පන්තියට ගෙන යාමට මම සමත් වීමි. රවා ගොරවා පාඩමක් කියා දී මම නම් ලකුණු කරන්නට පුටුවේ වාඩි වී චමෝදා ඇමන්තුවෙමි.
“චමෝදා මේක බෙදන්නකෝ ළමයි හැමෝටම එක්කෙනාට එක ගානේ”
මම පාඩුවේ වැඩය.
කට්ටියගේ ම කටවල් කණේ ය. වාරයේ ආරම්භය බැවින් මම මේ නත්තල් ආච්චී සේ චොකලට් බෙදන්නේ මොන හේතුවක් නිසාදැයි ඔවුන් ට එක පාරම මීටර් නොවුණි. ටිකකින් ධනේශ් කෑ ගැසුවේ ය.
“ඒයි………..අද ටීචගෙ උපන්දිනේ නෙ!”
මම ධනේශ් ට ගොන් හිනාවක් දමා අහක බලා ගතිමි. ඉන් පසු සුපුරුදු පරිදි මම අනික් පන්ති වලද ඉගැන්වීමේ යෙදුනෙමි.
විවේකයෙන් පසුව මම සිටියේ 6 වසරේ ය. මගේ පන්තියේ කෙල්ලෝ ටික එබෙමින් දගලනු මට පෙනුණි. මම උගන්වන අතරම “ඇයි?” කියා ඇසුවෙමි. උගන්වන වෙලාවල් වලදි එලියේ සවාරි ගසා මගෙන් දෙක තුන අසාගෙන ඇති පැරණි අත්දැකීම් නිසාම එනපොට හොද නැති බව පෙනුණ ඔවුන් පන්තියටම දිව ගියහ.
දවසේ වැඩ අවසන් කල මම සුවපහසුවට පඩි චෙක් එක මාරු කර ගැනීම සදහා කලින් පාසැලෙන් පැන්නෙමි. මම යනවිට කෙල්ලෝ ටික පාරට පැන්නහ.
“ටීච…. මේක ටීචට”
ඔවුන් මා දීසට සුදු ලියුම් කවර කිහිපයක් දික් කලහ.
“මේ මොනාද?”
“ටීචගේ උපන්දිනේට……….. ටීච අපිට තෑගි ගේන එකත් තහනම් කලානේ”
ඇත්තටම මම ඔවුන් ට මට කිසිම දවසක තෑගි නොගෙනෙන ලෙස දිනක් තර්ජනය කලෙමි. ඒ ඉස්කෝලයේ අනික් ගුරුවරුන් ගේ ෆට්ට ඉරිසියාවට මා ලක්වන නිසාය. ගිය අවුරුද්ද අන්තිමට තෑගි නිසා මා අමාරුවේ වැටුනේ අන් කිසිම ගුරුවරයෙකුට නැතුව ඉස්කෝලයේ ළමයි මට පමණක් තෑගි දීම නිසා ය.
කෙල්ලන් ටික ගෙනත් තිබුණේ සුභ පැතුම් කාඩ් පත් තොගයකි. ඒ මුහුණු බලාගෙන පන්නා ගැනීමට බැරි නිසා මම කාඩ් ටික අතට ගත්තෙමි. දැන් කෙල්ලෝ ටික මම කාඩ් ටික දිග අරින තුරු බලාගෙන සිටිති. මමද යන ගමන පසෙක තබා ඒ ටික දිග හැරියෙමි.
“ඔයාලා මේ ටික දෙන්නද මම හයේ පන්තියේ ඉද්දි කැරකුණේ?”
“ඔව් ටීච”
කාඩ් ටික පෙරලාගෙන යද්දී මට එකවරම දෙයක් කල්පනා විය.
“ඒයි….කාඩ් ගත්තෙ කොයි වෙලේද? මගෙ උපන්දිනේ අද කියලා තමුසෙලා ටික දැන ගත්තේ අද උඩේ මම පන්තියට ආවටත් පස්සෙනෙ?”
කෙල්ලන් ටිකට හිකිස් ගෑවුණි. මමත් බොරු කේන්තියක් මවාගෙන උත්තර අපේක්ෂාවෙන් සිටියෙමි. කෙල්ලන් ටික දුවන්නට සැරසේ.
“ඔහෙ හිටු….. කොයි වෙලේද ඉස්කෝලෙන් පැන්නෙ?”
කෙල්ලෝ ටික දුවන්නට ගත්හ.
“ඉන්ටවල් එකේ ටීච”
කෙල්ලෝ ටික හිකි හිකි ගාමින් දුවති. මම පස්සෙන් පැන්නුවෙමි. උන් ටික කලින් ඉස්කෝලයෙන් පැන්න විදියටම එහෙට මෙහෙට පැන අතුරුදහන් වූහ.
“හෙට අල්ලා ගන්නම්කෝ” කියා සද්දක් දමා මම යන්නට ආ ගමන නැවත ආරම්භ කලෙමි. එහෙත් මගේ කට කණේ ය. කෙල්ලන් කර ඇත්තේ වරදකි. නමුත් ඒ වරදට මා දඩුවම් කරන්නේ කෙසේද? ඔවුන් ගේ ආදරය සැමදා එක ලෙසටම ලැබීමට මා කෙතරම් වාසනාවන්තද? ඒ හැරත් මගේ කෙල්ලෝ මා මෙන්ම දගකාරියන් ය. ඒ දගකාරකමට මා දඩුවම් කරන්නේ කෙසේද?
දිනෙන් දින ඔවුන් ට ආදරය කරනවා ඇරෙන්නට මට වෙන කරන්නට දෙයක් නැත. දන් නම් මට ඔවුන් දමා යන්නට සිදු වන දවසට මා හඩා වැටෙනු නියතය. නිකමට ඒ ගැන කල්පනා කලත් මගේ ඇස් වලට කදුලු පිරේ. ඔවුන් සමග සිටියා වැඩි යැයි මට විටෙක සිතේ. ඔවුන් මට මෙතරම් ආදරය කරන්නේ ඇයිදැයි මා ඇත්තටම නොදනිමි. මගෙන් දිනපතා බැනුම් ද අසා සමහර විට ටොක්කකුත් කා ඒ නමුත් පෙරලා මට ආදරය කරන්නට තරම් ලමයින් සිතන අයුරු ගැන මට විටෙක පුදුමය දනවන්නකි. සැමතැනින් ම තැලී පොඩිවන සමදෙනාම රිදවන මගේ සිත සනසන්නේ ඔවුන් ය. ඔබෙන් ආදරය ලබන්නට මම අසීමිත පින්කාරියක්මි.
ප.ලි.: මේ වගේ වැඩ වෙන්නේ මටම බැවින් මම ඉස්කෝලයේ විනය භාර ගුරුකමින් ඉල්ල අස් වන්නට තීරණය කළෙමි.

පොඩි ලමයි ඉතින් එහෙම තමයි.තමන්ට ආදරේ කවුද එයාට ඉතින් පන ඇරලා......
ReplyDeleteටීචට ලමයි හරි ආදරෙයි වගේ නේ....
ReplyDeleteහැම ගුරුවරයටම ළමයි ඔය වගේ ආදරේ කරනෙන නෑ ටීච ඒක හින්දා ටීච හරි වාසනාවන්තයි
හාහා, විකාර කතා කොරන්න එපා ටීචැර්, ඔහොම කිවුවම තියන තත්වෙ මොකක්ද? දැං ට්‍රෙන්ඩ් එක තමා "බලන්න පිංවතුනි, අද කාලෙ හැදෙන ළමයින්ට කිසිම හැදියාවක් නෑ, කල ගුණ දන්නෙ නෑ, එන්න එන්නම පිරිහෙනවා." කියල ඕන තැනක කියන එකනෙ. එහෙම කීවම ඕන කෙනෙක් පිළිගන්නවා! ඔය වගේ කතා කියන්න ගියොත් කවුරුවත් ගනං ගන්නෙ නෑ!
ReplyDeleteහම්... අක්කා අපේ ස්කෝලේ හිටියනම් ඔය වගේ ආදරය වෙන කෙල්ලෝ නෑ... (අපිට ආදරේ නැති කෙල්ලෝ ගුරුවරුන්ට ආදරේ වෙයිද ? :) )
ReplyDeleteඔය ගැමිකම... අක්කා වාසනාවන්තයි. නගරයේ ඉන්න ගොඩක් දෙනා ගාව ඔය ගතිගුණ නෑ.. උං දුවන්නේ තරඟෙට නිසා උපන්දින, ගුරුදින වල ගානක් උංට නෑ...
අර අන්තිම තීරණයටනම් මං ලයික්...
ලස්සනයි අක්කා..ඔන්න මාත් කියනවා සුබම සුබ උපන් දිනයක් වේවා...මොනා උනත් සංජු අක්ක ලමයින්වත් නරක් කරලනෙ..හි..හී :)
ReplyDeleteවිනය භාර ගුරු කම දුන්න කෙනා සංජු, නියමෙට හිතලා බලලා දීලා තියෙන්නේ.. හරියට පන්තියේ ඉන්න නරකම ලමයා පන්ති නායකයා කලා වගේ....
ReplyDeleteරජිත : අනේ මන්දා මම එහෙම ආදරේ පෙන්නන කෙනෙකුත් නෙවෙයි පන්තියෙදි.
ReplyDeleteමාලන් : ඒක නම් ඇත්ත ඒත් මුන් ටික මෙච්චර මට ආදරේ මොකද කියල මටත් ප්‍රශ්නයක්
ReplyDeleteබුධා: අන්න ඒක තමා මේ සංජු කියන දේවල් ගොඩක් දෙනෙකුට දිරවන්නෙ නැත්තෙ
ReplyDeleteප්‍රසන්න : එහෙම නෑ මල්ලි ළමයි හැමෝම එකයි. මම ඉන්න දිහාත් ගැමිකම කියලා දෙයක් නෑ. මේ ළමයි මගෙ පන්තියේ අවුරුදු 3 ක් එකට එතකොට සමහර විට නිකම්ම බැදීමක් ඇති වෙනවා. පානදුරේ ඉස්කෝලෙ මීට වඩා හොද ළමයි හිටියා ගුරුවරුන්ට ගරු කරන හොද ළමයි. ළමයි හැමෝම එකයි අපි දැන ගන්න ඕනි එයාලගෙ හොද පැත්තෙන් වැඩ ගන්න
ReplyDeleteටීචගේ උපන්දිනේට
ReplyDeleteසුභ පැතුම්!
අනු : තැන්ක්යූ :) හි හි හි මගෙ ළමයි මගෙ විදියට නෙවෙයි නම් වෙන කොහොම හැදෙන්නද? හි හි හී
ReplyDeleteඅභීත අයියා : ඇහ්.... එතකොට මමද ගුරු මණ්ඩලේ ඉන්න නරකම ගුරුවරයා?? හි හි හි අපේ ඉස්කෝලෙ ඒ කේස් හරි යන්නෙ නෑ. නරකම එකා පන්ති නායකයා කලොත් මාසෙන් උගෙ පටි රෝල් ඒ තරම් නරක් වෙනවා හේතුව මොකක්ද මන්දා
ReplyDeleteකාකා : ගොඩක් ස්තූතියි :)
ReplyDeleteහිහ්...... බනින ටීචස්ලා තමයි හොඳම...... මොකද ඔය බැන්නට විනාඩියෙන් ආයේ ඔළුව අතගානවා. හැබැයි තරහා හිතේ තියන් ඉන්න අය ගැන නෙමෙයි ඔන්න මං කීවේ.........
ReplyDeleteඅපිත් ටීචගේ අයි ඩී එකෙන් හොරෙන් උපන්දිනේ බලාගත්තේ......
හා පැටික්කි : මම නම් හිතේ තියා ගන්නව කියලා හිතා ගත්තත් මතක නෑ විනාඩි 5න් මොකක්ද මම ඉස්සෙල්ලා කල්පනා කලේ කියලා.
ReplyDeleteHaleeee teacher sorry for the late wishes .Many happy returns of the day have a great year ahead !
ReplyDeletesorry 4 singlish. nimai akka lamai hodai loku ayage hitha thamai hoda naththe.
ReplyDeleteTG : Thank you akka.:) godak kaalenin neda me pAththe aawe??
ReplyDeleteprabhath : hmmmm eka Aththa
ReplyDeleteපොඩි ළමයින්ට ලෙංගතු උනොත් පණ උනත් දෙනවා.... ඇත්තටම සන්‍තෝස වෙන්ඩ ඕනෙ ඒ වගේ තමුන් ගැන හිතන ළමයි ටිකක් ඉන්න එක ගැන.
ReplyDeleteමට ඉරිසියයි අක්කේ ඔයා ගැන මාත් අවුරදු තුනක් ඔය වගේ දග මළු ටිකක් එකක් හිටියා අනේ.. මම කර ගත්ත අෆරාදයක්....
ReplyDeleteඔක්කොමත් හරි... විනයභාර ගුරත් ටීචර්ම වෙච්චි එකත් හරි...
ReplyDeleteහික් තමා...ඔයා වගේ ගුරුවරු මට හම්බෙලා නෑනේ
ReplyDelete