බෙල්වුඩ් යන්න ශිෂ්‍යත්වයක්…….!
අපේ අම්මගේ පියා නොහොත් මගේ ලොකු අත්තාට සහෝදර සහෝදරියෝ හැට හුට හමාරක් සිටිති. අවුරුදු දවස්වලට අපිට පණ යන්නේ මේ අයට ඔවුන් ගේ දරුවන් වන අපේ නැන්දලා මාමලා සෙට් එකට සහ අයියලා අක්කලා සෙට් එකට වදින්න යාම නිසාය. එය සතියක් කොන්දට තෙල් බෙහෙත් සත්කාර කළ යුතු ගේමකි. මේ සහෝදර රොත්ත අතර දේශපාළුවන්ගේ සිට ගොවියා දක්වා කස්ටිය සිටිති. සහෝදරී රොත්ත සුමනකලා, අමිතකලා, මල්ලිකලා සිට අමරකලා ගෙන පසුව සීතකලා දක්වා අපේ ලොකු ලොකු අත්තා අපේ කොන්ද සීත වන තරමට ළමයින් රොත්තක් හදා ඇත.
මේ අය අතර මරු මරු කස්ටිය සිටිති.
අපේ අත්තා ද මා සේම ගුරෙකි. හේ එසේ මෙසේ ගුරෙක් නොව ඉස්සර ලෙස කීවොත් පාසලේ මුල් ගුරුතුමෙකි. අත්තාගේ විෂය සිංහල භාෂාව ය. අපේ අත්තම්මාද ගුරුවරියකි. ඇය ප්‍රාථමික ගුරුවරියකි. උන්දෑ ගෙදරට වී කලේ මොන්ටිසෝරී යන්නටත් වඩා පොඩි එකා වූ මට අකුරු ඉගැන්වීමයි. ඉතින් මම මොන්ටිසෝරි යන්නටත් කලින්ම හොදින් ලිවීමේ කියවීමේ හැකීයාවෙන් යුක්තව සිටියෙමි. (දැන් බැරි වුණාට ඒ කාලේ පුළුවන්)
අපේ අත්තාගේ විනෝදාංශය චිත්‍ර ඇදීමයි. ඔහුටම ආවේනික ශෛලියකින් ඔහු චිත්‍ර ඇන්දේය. ඒවා වතුරේ දිය කල දියසායම් චිත්‍ර බව මට මතක ය. ඒ වගේම ජලය හා වර්ණ මුසු කර අපූරු ගතියක් මැවීමට ඔහුට හැකියාව තිබුණි. මම කුඩා කල සෑහෙන ගේමක් දුන්නද ඒ චිත්‍ර කොපි කරන්න හිතන්නවත් බැරි විය. අඩුම තරමේ වර්ණ සංකලනයවත්….. ඒ වර්ණ සංකලනය මට එන්නේ අවසානයේ කේන්ති ගොස් වතුර හා තින්ත එකට බිම තබා පයින් ගැසූ විටය.
අපේ අත්තාගේ පොඩි මල්ලීගේ නම උදේනි ය. හේ කොටය. මහතය. එක් දිනක් පාසැල් යන්නට ලැහැත්ති වී සහෝදරයෝ ටික සහ කලා සහෝදරියෝ උදේනි අත්තා සොයන විට හේ අතුරුදහන්ව සිටියේලු.
ඉතින් පොඩි එකා කොහේදැයි ගුරු අයියලා ද සිසු අක්කලා ද ගුරු අක්කලා ද පණ දාගෙන සෙවූහ. මේ අය එවකට නාඹර තරුණ තරුණියන් ය. උදේනි අත්තටද වයස 17ක් පමණ විය.
මේකා කොහේවත් නැත. ඒ අස්සේ අමිතකලා හා මල්ලිකලා අක්කලාට උදේනි මල්ලි ඉන්නා තැන ගැන ඉව වැටුනි. කමතේ ගොඩ ගසා තිබුණු මහා පිදුරු ගොඩවක් හතක් අතර පස්වන පිදුරු ගොඩ අස්සේ හැංගී සිටින උදේනි මල්ලී සොයා ගැනීමට අමිතකලා හා මල්ලිකලා අක්කලා දෙනාට හැකි විය.
මේ පොඩි එකා මෙසේ හැංගීමට හේතු මොනවාද???
එදා ඉස්කෝලයෙන් චිත්‍ර තරගයකට යැවීම ට හැම ළමයාටම චිත්‍ර 3 බැගින් ඇදගෙන එන ලෙස පවසා ඇත. උදේනි අත්තා යනු මල පොතේ චිත්‍රයක්වත් අදින්නට දන්නේ නැති එකෙකි. චිත්‍ර තුන ඇද ගැනීමට බැරි වූ හෙයින් හේ ඉස්කෝලය කට් කිරීම සදහා පිදුරු ගොඩේ රිංගා සැගවී සිටී.
අමිතකලා හා මල්ලිකලා අක්කලා මේකට උපායක් කල්පනා කලෝය. දෙදෙනාටම ගණ දෙවි නුවණ පහල විය. උදේනි මල්ලීට චිත්‍ර තුනක් ලැබුණි. හොර අක්කලා දෙන්නා ලොකු අයියාගේ චිත්‍ර පොතෙන් චිත්‍ර තුනක් ඉරා උදේනි මල්ලීට දී කොල්ලාව ඉස්කෝලයේ පිටත් කර හැරියෝය.
වැඩේ පත්තු වුනේ චිත්‍ර තරගයේ ප්‍රතිඵල පැමිණි දාය. උදේනි අත්තාට චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය හිමිවී ඇත. ඒ මදීවට ඔහුට චිත්‍ර කලාව හැදෑරීමට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් වසර හතරක හෝ පහක ශිෂ්‍යත්වයක් ද ලැබී ඇත.
උදේනි අත්තාට දෙවියන් සිහි වී ඇත්තේ මේ වෙලාවේදීය. අනුන්ගේ චිත්‍ර යවා පළමුවෙනියා වී දැන් අවුරුදු පහක් චිත්‍ර අදින්නේ කෙසේද? පසුව සොයා බැලීමේදී බෙල්වුඩ් හී අපේ අත්තාට මිතුරෙක් වන අයෙක් හිට චිත්‍ර පාඨමාලාව නර්තන පාඨමාලාවට මාරු කරවන ලදි. ඉතින් අපේ උදේනි පැටියා නැටුම් ඉගෙන ගන්නට බෙල්වුඩ් ගියේය. පසු කාලයක හේ උඩරට, පහතරට හා සබරගමු නර්තන සෛලීන් තුනම දන්නා දක්ශ නර්තනාචාර්ය වරයෙකු ලෙස ගුරු සේවයට එක් විය. (ඔව් ඔව් අපේ පවුලේ හතරෙන් තුනක්ම ගුරුවර ගුරුවරියෝය. ඒ අපේ පවුලේ රැකියාවය. අදටත් උත්සවයකට එක්වූ විට ස්ටාෆ් මීටිම වගේය. මල කරච්චලේ ය.)
මේ කතාව අපිට කිව්වේ මේ හොර අක්කලා දෙදෙනා වන අමිතකලා හා මල්ලිකලා අත්තම්මලා ය. ඔවූහූ දැනට ඉතා වයෝවෘද්ධ ය. එහෙත් මල්ලිකලා අත්තම්මා ජොලියට බරය. ඔය කතාව කිව්වේ මේ පහලොස්වෙනිදා අවුරුද්දට අපි ඔක්කොමලාම කකුලක් කඩාගෙන සිටින අමිතකලා අත්තම්ම බලන්නට කොත්මලේ ගිය විටය.
ඔවුන්ගේ රස කතා ගොඩකි. එකින් එක මතක් වෙන වෙන හැටියට ලියමි.

අදකාලෙ ඒකාලෙ කියලා වෙනසක් නෑ එහෙනම්... අත්තා කරල තියෙන්නෙත් හොර වැඩ තමා... ඉතින් මිනිපිරී ගැන අහන්න දෙයක් යෑ... ;-)
ReplyDeleteතාරා : ඒක ඉතින් කොල්ලට ගුටි නොකා බේරෙන්න කරපු වැඩක් අක්කලා.... මට තාම ඔහොම හොරකමක් කර ගන්න බෑ කලොත් අහු වෙනවා
ReplyDeleteමදැයි හොර චිත්‍රයක් ගිය කල .. බෙල්වුඩ්ත් ගියා නේනම්...එකට අපේ උන් කරොත් කරන්නේ පැත්තක් හැදි ගැවිලාම යන්න ..ගැවිච්ච නොගවිච්ච වුන් ඔක්කෝම ඉවරයි...
ReplyDeleteබෙල්වුට්ඩ් කියන්නෙ කොහෙද දන්නෙ නෑ නේ?
ReplyDeleteමමත් ඔහොම මගෝඩි වැඩක් කළා. ලංකාවෙන් පිටත් වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දී තුල්ටෙක්ස් චිත්‍ර තරඟයකට චීත්ත රෙදි ඩිසයින් එකක් ඇන්ඳා. අතේ තීන්ත ගාලා අතෙන් කොළේ පාට පාට වලින් අච්චු තිබ්බා. ඊට පස්සෙ නංගිගෙ නම දාලා තැපෑලට දැම්මා. මම රට ගියාට පස්සෙ නංගි තරඟය දිනලා. ඒක රෙද්දක් හැටියට වෙළඳපොලටත් ගිහින් තිබුණලු. හැබැයි වැඩේ මෙහෙමයි... නංගිට මට වඩා ගොඩාක් ම ගොඩාක් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. නංගිගෙන් බැනුම් ටිකක් අහගත්තා විතරයි.
ReplyDeleteසංජු අක්කත් හොර වැඩ කරන්න පුරුදු වෙන්න ඇත්තේ කලා අත්තම්මලාගෙන් වෙන්න ඇති නේද....?
ReplyDeleteලොකෙ හුගාක් රැකියා තිබ්බට ඒ අස්සෙ සමාජ සේවයක් කරන්න පිනක් කරගන්න ගමන් ම පඩියක් ලබන්න පුලුවන් ඒව ටිකයි තියෙන්නෙ..එකක් ගුරුකම
ReplyDeleteඑල අත්තලා ටිකක් සහ අත්තම්මලා ටිකක් සිටින වගනම් පෙනේ....
ReplyDeleteඅපේ කලින් පරම්පරාවල ගුරුවරුන් වැඩිය ඉන්නේ ඇයි කියලා දන්නවාද?
ReplyDeleteඇත්තට ඇයි කාකා එහෙම වෙන්න හේතුව????
ReplyDeleteහෙට (Sunday 24 April) සිට මා අරඹන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක බලන්න.
ReplyDeleteඑහෙම වෙන්න හේතුව:
ReplyDeletehttp://kathandara.blogspot.com/2011/04/sunday-extra-sunday-extra.html
ඒක ෂෝක් කථාව..........
ReplyDeleteමට අනම් සංජුගේ පරම්පරාවෙ කට්ටියගේ නම් ටික නම් පැටලුනා. ඒ ඔක්කොම අත්තලාට අත්තම්මලාට වැඩි වැඩියෙන් ආයුෂ ලැබේවා අපිට මේ වගේ තව හොඳ රස කතා ටිකක් අහගන්න....!!
ReplyDeleteඅපි දන්න කාලෙනම් බෙල්වුඩ් වල චිත්‍ර ඉගැන්නුවෙ නෑ. ඔය කොයි කාලෙද?

ReplyDelete