පළමු ආදර ආරාධනාව
මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් පට්ට ටියුබ් ලයිට්. ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට. ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ. මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල. අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික. ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කො...