කලකට පස්සේ වෙලකට බැස්සේ... කලකට ආයෙත් මෙහි නොබසින්නේ
බහින්න වෙල් නම් ඉතින් මේ දවස් වල ඕනි තරම්. වැස්සත් නිසා වෙල් හොදටම මඩ වෙලා හිතේ හැටියට මඩ නා ගන්න පුළුවන් මේ දවස් වල වෙල්වලට බැස්සොත්. ඒත් කාලෙකින් මගෙ බ්ලොග් පැංචි දකිනකොට වාවන්නෙ නැතුව ගියා කොච්චර හොදට තිබ්බ වෙලක් ද දැන් මේ පුරන් වෙලා ගිහින් තියෙන්නෙ කියල. උගන්නන ඉස්කෝලෙ වැඩයි ඉගෙන ගත්ත ඉස්කෝලෙ වැඩයි ඔක්කොමත් එක්ක මගේ වැඩ අතපසු වෙනව කියල ගෙදරින් කෙදිරි ගානකොට මම නැසූ කන්ව ලැපේ ස්ක්‍රීන් එක දිහා ඇහිපිය නොගහ බලාගෙන ඉන්නවා. තාත්ත ඇවිල්ලා බැනලා යනවා මම ඒත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන අනිමිසයක. ගිහාම ඉතින් ඇහේ එකතු වෙලා තිබ්බ කදුල හොරෙන් බිමට හලා ගන්නවා. ඔහොම තමා ජීවිතේ. දැන් ඉතින් ආයි ඉස්කෝලෙ කතා ලියන්න වෙන්නෙත් නෑ මොකද පරණ ඉස්කෝලෙ වගේ නිදහසක් නැ ලියන්න. අනික ලියන ඒවා හරිම පරෙස්සමින් ලියන්නත් ඕනි.පොඩ්ඩ ගැස්සුනොත් සංජු ගෙදර වහලෙ පරාල ගනිමින් ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් හලාල් වෙලා තියෙන්නත් පුළුවන්. :D මම ඉතින් කල්පනා කලා ලෝකෙට වැඩදායි දෙයක් කරන්නම් කියල. ඒ බ්ලොග් නොලිය තව ටික කාලයක් ඉන්න එක. චුට්ටක් දැන් නිවාඩුවක් ගන්න ඕනි බ්ලොග් ලෝකෙන්. හැබයි ඉතින් කොච්චර කාලෙකටද කියන්...