මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?
අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි. අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා. එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා. එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ...