චක් දේ ඉන්දියා......... අපි ගැන ලැජ්ජ හිතුණු දවස.
අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම මේ මතෘකාව දාන්න සිද්ද උන එක ගැන නම් ටිකක් හිතට දුකයි. නමුත් ඒ ගැන ලියන්න තියෙන දේවල් මතක් වෙනකොට නම් ඒ දුක අඩු වෙනවා. දෙසැම්බර් 31 වෙනිද ට ලංකාවෙ තියෙන ටෙලිවිසන් චැනල් සේරම හින්දි චිත්‍රපට පෙන්නන තරගයක් තියනවා. ඒ අවුරුද්දේ දි ජනප්‍රිය වුණ චිත්‍රපට එකින් එක සියලුම චැනල් වල පොර කාගෙන පෙන්නන්නවා. ඉස්කෝලෙ යන කාලෙ බලපු හින්දි චිත්‍රපට වලට පින් සිද්ද වෙන්න මම අද මුහුණු පොතේ හින්දියෙන් වැඩ පෙන්නනවා. ඒ පුරුද්ද නිසා ද මන්දා ඉදලා හිටලා ෆිල්ම් එකක් යනකොට බලන්නමයි හිතෙන්නෙ. මේ දෙසැම්බර් 31 වෙනිදා මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් ටැලිවිසොන් එකේ ගියා. කොල්ලො කෙල්ලො ගැන කියන සම්මාන ගොඩක් ගත්ත ෆිල්ම් එකක්. ගෙදර 4 දෙනා බලන්න සෙට් උනාම බලන්න වෙන්නෙ වලි තමා. ඒත් ඊයෙ නම් මට තනියම රජ වෙන්න ලැබුනා. චැනල් සේරම මාරු කලත් අන්තිමට හිත නැවතුනේ මෙතන. බලන්න හිටපු එක නෙවෙයි....... "චක් දේ ඉන්දියා " මුලින් ෆිල්ම් එකේ ප්‍රචාරක පට යනකොට මම හිතුවෙ මේක මහ කම්මැලි එකක් කියලා. ඒත් ටිකක් බලනකොට තමයි ඊයෙ තේරුනේ මේක නොබලපු මෝඩකම කියල. බලපු හැමෝම මේකෙ කතාව දන්නව ඇති. ඉ...