මගේ පැටවුන් ට බෙහෙත් විදලා...........!!!
පුංචි කාලයේ මම එන්නත් වලට පණ බය ය. විදින තැනකවත් ඉන්නට කැමති නැත. නමුත් අද ඉන්නට සිදු විය. උදේ රැස්වීමෙන් පසුව විදුහල්පති (උ) තුමා පැමිණ "ටීච අද 7 පන්තියට බෙහෙත් විදින්න පී.එච්. අයි. මහත්තයා එනවා කිව්වා" යැයි පැවසූ විට මට සෑහෙන්න රිදුණි. පන්තියට ගොස් කියන්නට එපා යැයි උපදෙස් ද ලැබුනි. 3 වන කාලච්ඡේදයේදී මම සිටියේ 8 වන ශ්‍රේණියේ ය. වාහනයක් හා යතුරු පැදියක් පාසලට ඇතුල් වනු මට ඇසුණි. මම වහාම 8 පන්තියේ ඉශාන් ව ඒ කවුදැයි බැලීමට පිටත් කලෙමි. ඉශාන් දුවගෙන දුවගෙන නැවත පැමිණියේ ය. "ටීච ටීච සුදු පාට කැබ් එකකුයි බයික් එකක පොලිසියේ දෙන්නෙකුයි ආවා". මට බකස් ගා හිනා ගියේ පොලිසියේ දෙන්නා මතක් වීමෙනි. පේළියක් සාදවාගෙන අමාරුවෙන් මම 7 පන්තීයේ පොඩ්ඩන් රැළ පුස්තකාලයට එක්කරගෙන ගියෙමි. හෙදියන් දෙදෙනෙක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු දෙදෙනෙක් ද, දොස්තරවරයෙක් ද පුස්තකාලයේ විය. හා හාපුරා චතුරංගට පලමු එන්නත ලැබුණි. පන්තියේ සිටින මැරයින් ටිකට දැන් උන ගැනී ඇත. මුහුණු බෙරි වී ගොස් ය. නම් දරා සිටි මැරයා වන උදාර "ටීච" ගාමින් මා වටා දැවටෙයි. අඩන්නට ඔන්න මෙන්නය. බලෙන්ම පුටුවක වාඩි කරවා...