මගේ පැටවුන් ට බෙහෙත් විදලා...........!!!
පුංචි කාලයේ මම එන්නත් වලට පණ බය ය. විදින තැනකවත් ඉන්නට කැමති නැත. නමුත් අද ඉන්නට සිදු විය.
උදේ රැස්වීමෙන් පසුව විදුහල්පති (උ) තුමා පැමිණ "ටීච අද 7 පන්තියට බෙහෙත් විදින්න පී.එච්. අයි. මහත්තයා එනවා කිව්වා" යැයි පැවසූ විට මට සෑහෙන්න රිදුණි. පන්තියට ගොස් කියන්නට එපා යැයි උපදෙස් ද ලැබුනි.
3 වන කාලච්ඡේදයේදී මම සිටියේ 8 වන ශ්‍රේණියේ ය. වාහනයක් හා යතුරු පැදියක් පාසලට ඇතුල් වනු මට ඇසුණි. මම වහාම 8 පන්තියේ ඉශාන් ව ඒ කවුදැයි බැලීමට පිටත් කලෙමි. ඉශාන් දුවගෙන දුවගෙන නැවත පැමිණියේ ය. "ටීච ටීච සුදු පාට කැබ් එකකුයි බයික් එකක පොලිසියේ දෙන්නෙකුයි ආවා". මට බකස් ගා හිනා ගියේ පොලිසියේ දෙන්නා මතක් වීමෙනි.
පේළියක් සාදවාගෙන අමාරුවෙන් මම 7 පන්තීයේ පොඩ්ඩන් රැළ පුස්තකාලයට එක්කරගෙන ගියෙමි. හෙදියන් දෙදෙනෙක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු දෙදෙනෙක් ද, දොස්තරවරයෙක් ද පුස්තකාලයේ විය. හා හාපුරා චතුරංගට පලමු එන්නත ලැබුණි.
පන්තියේ සිටින මැරයින් ටිකට දැන් උන ගැනී ඇත. මුහුණු බෙරි වී ගොස් ය. නම් දරා සිටි මැරයා වන උදාර "ටීච" ගාමින් මා වටා දැවටෙයි. අඩන්නට ඔන්න මෙන්නය. බලෙන්ම පුටුවක වාඩි කරවා ඉන්ජෙක්ශන් 2ක් දෙනවා යැයි තර්ජනය කර උදාරට එන්නත ලබා දුණි.
නියම නැටුම නැටුවේ ඩිල්ශාන් ය. හේ පුටුව උඩ වාඩි වී දගලන්නට පටන් ගත්තේ ය. පී. එච්. අයි. මහත්තුරු දෙන්නා ඔහුගේ අත් දෙකෙන් අල්ල ගන්නා ලදි. නැටුම නවතින පාටක් නැත. මම සහ ධම්මිකා කකුල් දෙකෙන් අල්ල ගන්නා ලදි. මෙන්න මේ කොල්ලා හයියෙන් ඔලුව වනන්නට පටන් ගත්තේ ය. දොස්තර මහතා පැමිණ ඔහුගේ හිසින් තද කර අල්ලා ගන්නා ලදි. 5 දෙනෙකු අල්ලගෙන මෙල්ල කරගත් පසු විලාප තබන ඩිල්ශාන් ට එන්නත ලැබුණි.
මී ළගට කෙලි පැටික්කියන් ගේ වාරයයි.
අනේ මගෙ කෙලි පැටික්කියෝ ටික අඩාගෙන පුස්තකාලය තුලට පැමිණියෝ ය. බය නැති පැටික්කියන් ටික ගිය පසු අඩන බබාලා ටික ඉතුරු විය. මීදුම් ට එන්නත දුන් විගස සිහිසන් නැති වුණි. ඕ ඔසවාගෙන ගොස් පුටුවක තබා හිස ඔසවන විට තව විලාපයකි. කාවින්ද්‍යා. ඕ කිසි කෙනෙකුට ඇගට අත තබන්නට එපා යැයි බෙරිහන් දී හඩන්නිය. "කාවින්ද්‍යා" ඕ මා බදා ගත්තීය. "අනේ ටීච එපා කියන්න" මා වැලදගෙන ඕ විලාප තියයි. මගේ පැටවුන් මා වැලදගෙන කෑ ගසන විට මගෙ පපුව රිදුම් දෙයි. කාවින්ද්‍යා මගේ පපුවට තුරුලු වී හඩන අතර එන්නත ලැබී තිබුණි.
මීදුම් ට තවම සිහිය නැත. මම සෙමෙන් ඇයව තුරුල් කර ගතිමි. අවංකවම කිවහොත් ඇයට මම සෑහෙන්න ආදරය කරමි. අන් අයට නොදැනුන ද ඇය මගේ පන්තියේ පුංචි බෝනික්කියයි. එසේ කියා ඇයට මගෙන් විශේෂ සැලකිලි නොලැබේ. නමුත් මගේ සිතේ විශේෂ ස්ථානයක් ඇයට ඇත. යම් දිනෙක ඇය වැනි සුරතල් දියණියක් ලබන්නට මම පෙරුම් පුරමි. ඕ එතරම් නිවුණු දක්ෂ සුරතලියකි. ඇය මගේ ලග ගුලි වී කදුලු සලන්නට පටන් ගත්තාය. මේ වන විට පුස්තකාලය 7 වාට්ටුව වී තිබුණි. කෙලි පැටික්කියෝ 9 දෙනෙක් කලන්තය සෑදී පුස්තකාලයේ විය. (තරමක බෝ වන රෝගයක් බවට මෙ වන විට කලන්තය පත් වීමේ අවදානමක් ද ඇති වී තිබුණි.)
මේ ලිපිය මා ලිව්වේ පොඩි උන් ට ඉන්ජෙක්ශන් ගැසු බව කියන්නට පමනක් ම නොවේ. දෙවසරක් මම ඔවුන් ගේ පන්ති භාර ගුරුතුමිය වී සිටියෙමි. දැන් මට ඔවුන් ට රිදෙනකොට හොදටම රිදේ. හඩන විට තුරුලට ගෙන සනසවන්න තරම් මම ඔවුන් හා බැදී සිටිමි. සැබවින් ම මම ඔවුන් ගෙන් මව් ගුණ පාඩම ඉගෙන ගතිමි. මුන් ට රිදෙන විට මගේ ඇසෙන් කදුලක් වැටෙන්නේ ඇයි දැයි මම සමහර විටෙක කල්පනා කරමි. ලබන වසරේදි සමහර විට ඔවුන් මගෙන් ඈත් වී යාවි. ඒ සිතන විටද මගේ පපුව රිදුම් දෙයි. මුළු පන්තියම වැලදගෙන තුරුලු කරගෙන හඩන්නට මට එවිට සිතේ. ඒ මගේ ජීවිතයට මව් ගුණ දැනුනු මුල්ම කාලයයි. අද ද මම ඒ මවු ගුණ විදිමි. මවු සිත් හදුනා ගනිමි.
මගේ පැටවුනේ ඔබට මම ආදරය කරන තරම් ඔබ දනී නම්..............................
මටත් ඔහොම කාලයක් තිබ්බා, සංවේදී සටහනක්,,,,,,,,,,
ReplyDeleteබෙහෙත් විදින්න නම් එපෝ..............
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමටත් පුරුදු අත්දැකීමක්! මගේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ඉස්කෝලෙන් අයින් වෙලා අලුත් ඉස්කෝලෙකට දාපු දවසේ එයාලටත් වඩා හය්යෙන් ඇඩුවේ මම. එයාලට ප්‍රින්සිපල් බනිනකොට එයාලටත් වඩා රිදුනේ මට. ඒ ඉතින් ගුරුතුමියකගේ හැටි වෙන්න ඇති!
ReplyDeleteඇත්තටම හරි හොඳ ටීච කෙනෙක් ඔයා.ඉස්සර අපේ සිංහල මිස් වාගෙ.එයත් ඉස්සර මාව නිතරම හුරතල් කරණවා...(චූටි කාලෙ......:D)
ReplyDeleteඅම්මෝ.............ඉන්ජෙක්ෂන් වලට මම දැනුත් බයයි.
Your writings are really heart warming.....I've been reading kottu for over 5 years now but nothing I read was able to bring a tear to my eye. But this post did. Maybe because I am a father of two beautiful kids, I feel the same way about all kids.My kids are my life and when I read about children it touches my heart so deeply. Your writing is so beautiful that it melted my heart and brought a lot of love to my heart.I am in a foreign land, a desert land to be specific, without my kids, I get to see them only once or twice a year, so I guess that makes things even more sensitive....keep up the writing.I am slowly falling in love with it.
ReplyDeleteගොඩක් සංවේදී සටහනක්. හිතට අමුතුම හැගීමක් දැනුනා. ඒක විස්තර කරන්න අමාරුයි.
ReplyDeleteරත්ගමයා, දිනේශ් : දෙනවා ඉන්ජෙක්ශන් එකක් ඩොක්ටර් ගාවට ගිහින් මම දෙන්නටම :)
ReplyDeleteINK : sorry sir it took a lot of time or me to reply your comment. Thank you for reading my blog and I really inspired by your words. Still I am a Bachelor so I really not in to motherly feelings at the moment. But time to time there are occasions which I feel that I am a responsible adult. Thank you again sir and waiting to see more feed backs from you.
තාරක: එදා තිබුන ඒ හැගීම මගෙ හිතින් දැන් ටිකක් අඩු වෙලා ගිහින් වගේ. ඒ හැගීම හරි අමුතුයි. විදින්නම ඕනි එහෙම හිතෙන්න
ReplyDeleteපරක්කු වෙලා තමා මේ ඉලව් බ්ලොග් එක දැක්කේ. ඒත් අක්කේ මාරම ගති. ඉලව් බ්ලොග් එක කිව්වේ තරහට නෙමේ මට මේ තරම් හොඳ එකක් මගඈරිච්ච එකට මට තියෙන කේන්තියට. අදින් පස්සේ නම් බලනවා.
ReplyDeleteඅනේ අක්කි අපිටත් ඔහොම ටීචකෙනෙක් හිටියානම්
ReplyDelete