කාටූන්
අද මම ලියන්නම් කියලා හිතාගෙන ආවෙ කාටුන් ගැන. මේ මම පොඩි කාලෙ පිස්සෙක් වගේ බලපු කාටුන්. ඒ වගේම මගෙ වර්තමාන ජීවිතයටත් ලොකු බලපෑමක් මේ කාටුන් නිසා මට ලැබුනා. නමුත් කියන්න දුකයි අද ළමයින් ට ඒ දේ ලැබෙන්නෙ නෑ. අඩුම ගානෙ මේ කාටුන් බලන්නවත් ලැබෙන්න හරිම කලාතුරකින්. මේ කාටුන් වලින් මම ලබා ගත්ත ප්‍රධාන දේ තමා මගේ ළමා කාලයේම කඩුව පාවිච්චි කරන්න පොඩි තල්ලුවක් මේවයින් ලැබුන එක. දැන් නම් ඕනි කාටුන් එකයි එපා කාටුන් එකයි හැම එකම සිංහලෙන් හඩ කවලා නිසා කාටුන් එකේ හරය වගේම ඒකෙන් අපිට ලබා ගන්න තියෙන යම් යම් දේවල් නැති වෙලා යනවා. මම පහුගිය කාලෙ හරි අපූරු දෙයක් ළමයින් ගෙන් නිරීක්ෂණය කලා. ළමයි තමගෙ කතා ශෛලිය ගොඩ නගා ගන්නෙ තමන් කැමති කාටුන් එකේ විදියට. නැත්නම් තමා කැමති චරිතයක් විදියට. සියයට සීයක් ම නැතත් සියයට පණහක පමණ බලපෑමක් එයින් ලැබෙනවා. අනිත් එක තමයි හොද දේවල් මොනවද හොද පැත්තට කතා කරන්න ඕනි කියන එකත් සමාජයට දුශ්ඨයෙකු නොවෙන්න කියන දේත්. පුංචි කාටුන් 2-3ක් මගින් ඒක හරියට තේරුම් කරලා දුන්නට අද කාලෙ කාටුන් නම් අනේ මන්දා....! බලන්නත් අප්පිරියයි. ඒවගෙ හඩ කැවීම් ඊට...