ඔබ ගියා..........!

සිතම මල ගෙයක් කොට හඬන මා සිත අතැර අසීමිත පෙම හදැති බොරුවකැයි පසක් කර ඔබ ගියා යන්නටම යලි ආයෙ නො එන්නම...! ප.ලි. ලියන්නට අමතක වූ යමක් ලියන්නට නැවත සිත් විය. ලිවීමේ කම්මැලිකම නිසා කෙටි කවි වලින් පමණක් මා ලියූ පෙම් කතාවේ අවසානය මා අද සොහොන් කරමි. ප්‍රේමය බොරුවකැයි පසක් කොට ඔහු යන්නට ගියේ ය. කවදා හෝ දිනෙක මෙය ඇට ලේ මස් නහර සහිත කතාවක් ලෙස ලියන බලාපොරොත්තුවෙන් මම නවතිමි. මතක තබා ගන්න........... අද හෙට නොවේ... මතු යම් දිනෙක....! මක් නිසාද යත් ඒ කතාවේ සමහර සිද්ධි මටද දරා ගැනීමට බැරි තරම් වේදනාත්මක බැවිනි.