කේ.බී. අත්තා

කේ.බී අත්තා යනු තවත් හොඳම එක්කෙනෙකි. හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය. කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ. කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජි නල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය. දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි. “මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?” “ඒ කඩෙන් තමා අප්පච්චී.” “ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ” ගංගා පුංචී ට යකා නැං ගේ ය. “ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?” එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය. කේබී අත්තා...