ඔක්කොම පැටවු එක වගේ ය.

අවුරුදු පහකට ආසන්න කාලයක් කටුවක් ලෙව කෑමෙන් පසුව මම හෝර්ටන් තැන්න කිට්ටුව තිබූ සිංහල මහ විදුහලට ආයුබෝවන් කියා පැමිණියෙමි. හිතාගෙන උන් තරම් ලේසියෙන් මට එයට සමු දී ඒමට නොහැකි විය. මා ආ දා මගේ පොඩ්ඩෝ දවසම මගේ පසුපසින් ආහ. මට සමුදෙන්නට පැමිණ හඬා වැටුනහ. මටද වචනයක් කතා කර ගන්නට බැරි වෙන තරමට ඔවුන්ගේ කඳුළු මා අසරණ කලේ ය. මොන මගුලකට මෙච්චර උඩ පැනගෙන මාරුවීම හදා ගත්තාදැයි මම සිතුවෙමි. කතාකර ගන්නට බැරි තරම් මගේ ඇස් වලින් කඳුළු කැට කැට කඩාගෙන වැටුණි. හයියෝ සංසාරේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති වී ඉන්නට තිබූ චෑන්ස් එකද නැති කරගෙන මම ආපසු ගෙදර පැමිණියෙමි.

වසර 7 කට පසු මම අපේ ගෙදර ස්ථීර පදිංචියට ආපසු පැමිණියෙමි.  ඒ තව කොපමණ කාලයකටද කියා දන්නෙ දෙවියන් පමණි.



ගෙදර පැමිණි මට ලැබුනේ අපේ ගෙදර සිට කිලෝ මිටරයක් පමණ දුරින් පිහිටි මුස්ලිම් පිරිමි විදුහලකි.  අවුරුදු 4ක් ඉංග්‍රීසි ගුරුවරියකම ව සිටි මට දෙමළ මාධ්‍ය පාසලකට පැමිණීම නිසා සිංහලද ඉගැන්වීමට භාර ගැනීමට සිදු විය. අයියෝ සංසාරේ සිංහල උගන්නන්නට මගේ ඔළුවේ කිසිම අදහසක් නැත. අදටත් නැත. ඉංගිරිසිය උගන්වා පළපුරුදු මුත් සිංහල උගන්නන එක නම් වහ කඳුරු කනවා වගේ වැඩකි. නමුත් උගන්වමි. සිංහල පාඩම් කරමින් උගන්වමි.

 මට ලැබුනේ මුස්ලිම් පිරිමි විදුහලක් යැයි දැන ගත් විට බොහෝ දෙනාට "ලොල්" විය. සමහරු ":කැපිටල් ඩී" කලහ. මගේ එක් ගුරු යෙහෙලියක් පැවසුවේ "මුස්ලිම් නෙවෙයි බන් පෘතුගීසි ඉස්කෝලයක් හරි කමක් නෑ ගෙදර ඉඳලා යන්න තියෙනවනම්" කියා ය. මටත් චකිතයක් නොතිබුණා නොවේ. මක්නිසාද යත් පාසල දෙමළ මාධ්‍ය පාසලක් වීම මදිවාට මුස්ලිම් සිසුන් පමණක්ම සිටින පාසලක් වීමයි.

ඉස්කෝලේ ගිය ගමන්ම ක්‍රීඩා උත්සවයේ සංවිධායක මණ්ඩලයට මාව ගත් අතර ගිය දාට පසුවදාම රුපියල් විසිදාහක් අතට දී මාව භාණ්ඩාගාරික කරගත් විදුහල්පති තුමා මට හුස්ම ගන්නට නොහැකි තරමේ කාලසටහනක් ද පටවා මගේ බෙල්ලට තොණ්ඩුව දැම්මේය. 

හෝර්ටන් තැන්න සිංහල මහ විද්‍යාලයට නොදෙවෙනි ****** පිරිමි විදුහලේ මගේ වැඩ එසේ ආරම්භ විය.

මුළු ගුරු මණ්ඩලයම උඩ සිට පහලටම කළුය. දෙයියන්ට පින් සිද්ද වන්නට මට මිතුරියක් හමු විය. ඈ නෙළුම් අක්කාය. ඕ දැනට වසර දෙකක පමණ සිට මේ පාසලේ සිංහල හා ඉංග්‍රීසි උගන්වයි.  ඇයගෙන් මට ලැබෙන ලොකුම පිටිවහල කුමක්දැයි මට දැන් යන්තමින් වැටහීගෙන එයි. ආත්මාර්ථකාමි මිනිසුන් මැද වසර ගණනාවක් සිටි මට පරාර්ථකාමි ගැහැණියක් හමු වුනේ මුල්ම වතාවටය. ඈ මෙන්ම ඇගේ සැමියාද අතිශය සංවේදී සොඳුරු මිනිසෙකි. සුමුදු සුදු බෝලයක් වන් වූ ඇගේ කුඩා දියණියද සමඟ දිනපතා ඕ මට මගේ අමතක වූ ගැහැණුකම සිහිපත් කරවන්නීය. ඒ නම් ඇයට ආත්ම ගණනකට පින් ලැබෙන දෙයකි. මක්නිසාද යත් කොලුවෙකු මෙන් සිටි මගේ ගැහැණු සිත අවදි කරවන්නට ඇගේ සැමියාට ඇති ආදරය, බැඳීම දියණිය කෙරේ ඇති ස්නේහය මෙන්ම අන් සියළුම මිනිසුන් ඈ දකින් ආකාරය මට අළුත්ම අත්දැකීම් වූ නිසාය.

ඈ හැර තවත් පරිපාලන සහායිකාවක්ද පාසලේ ඉන්නා නමුත් මා ඈ ගැන කතා කිරීමට කැමති නැත්තේ ඇය මට හමු වූ අන් සියළු ගැහැනුන් මෙන්ම ආත්මාර්ථකාමි කෙනෙක් බැවිනි.  වැඩ වලින් මඟ අරිමින් සිටින ඇගේ වැඩ සියල්ලම කරන්නට සිදුව තිබුණේ නෙළුම් අක්කාටය. දැන් මාද පැමිණි පසු අපි දෙන්නා ලිපිකරු වැඩ බෙදාගෙන කරන මුත් ඇය ඒවා දෙස ඇසක් ඇර බලන්නේවත් නැත. නමුත් අප දෙන්නාටම වඩා වැඩි පඩියක් උපාධිධාරී පත්වීම් ලාභිනියක් ලෙස ඈ ලබන්නීය. ඒ වෙලාවට සිතෙන්නේ ටිංකිරි ගා ගන්නවා වැනි දෙයක් උනත් දෙයක් වැරදි ලෙස වනවා බලා ඉන්නට ඇති අකමැත්ත නිසා ඒ වැඩ නිසි ආකාරයෙන් ඉටු කරන්නට හැම මොහොතකම අපට සිදු වේ.

 ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් බුකියේ ඉන්නා නිසා මම මේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ගැන කතා නොකරමි. ඇත්තටම කතා කරන්නට දේකුත් නැත. කතාකලොත් වෙන්නෙ මට හිරේ ලැගීමටයි.

ජීවිතයේ පළමු වතාවට ස්ථිර පත්වීමක් ලබා මම පිරිමි පාසලක වැඩ භාර ගතිමි. එය මට අළුත්ම අළුත් අත්දැකීමකි. උපන්දා පටන් බාලිකා පාසල් වල ඉගෙන ගත් මා හට බාලක පාසලක වැඩ කරන්නට ලැබුනේ එකම එක වරක් පමණි . ඒ ද සති දෙකකට ය. නමුත් මෙවර ස්ථීර වශයෙන්ම ය. මොන වගේ තත්වයක් උදා වේදැයි නොදැන ඇත්තටම මා පාසලට පා තැබුවේ තරමක බියකිනි.

මට පළමුව යන්නට වුනේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමටයි.  පන්තියට යන විට පන්තියේ සිටි 50 දෙනාම එකම ශබ්දයෙන් කතා කරමින් සිටියහ. එකම ශබ්දයකින් කතා කලා නම් ඇති වැරැද්ද කිම දැයි ඔබ මගෙන් අසනු ඇත. නමුත් එය ඔවුන්ටම ආවේණික වූ අපූරු කතා ක්‍රමයකි. එනම් අල්ලපු පුටුවේ ඉන්නා එකාටද කතා කරන්නෙ කණ පැලෙන්නට හයියෙන්ය. ඊට පුටු දෙකක් එහා එකාට ඊටත් වඩා උස් හඬින් ය. මෙපමණ කලක් මගේ උළු උඩ යන්නට තියෙනවා යැයි සිතාගෙන සිටි කිංකිණි කටහඬ ගැන මගේ තිබූ මෙව්වා එක එක සැනකින් සුණු විසුණු වී ගියේය. ඔවුන් අසල මගේ කටහඬ සිහින් කෙඳිරියක් පමණි.

දින දෙක තුනක් පමණ ගෙදර පැමිණි මම කාමරය තුලටම වී ගත කලෙමි. කණෙන් සැමදාම කූංංංංංංංංංංංංංං ශබ්දයක් පාසල ඉවර වී එන විට ඇසේ. තවමත් එය ඇසේ. කවුරුන් හෝ උස් හඬින් කතා කරන විට දැන් නම් මට හොඳටම තරහ යයි. ගෙදර අයටත් දැන් සිද්ධ වී ඇත්තේ සද්ද අඩු කර ඉන්නටයි.

ඒ නමුත් ක්‍රීඩ උත්සවයට වැඩ කරන්නට ලැබීම මට ලැබුණු අමුතුම අත්දැකීමකි. මුළු ක්‍රීඩා උත්සවයම ඇද්දේ නෙළුම් අක්කාත් මමත් ය. ඒ වුනාට අන්තිමට බොහෝ අය ලකුණු දා ගත්හ. කොච්චරද කියනවා නම් පාසලේ නිවාස ශූරතාවයට සහ අනු ශූරතාවයට දෙන්නට අභියෝගතා පළිහවල් දෙකක් මිලදී ගත්තේ නෙළුම් අක්කාත් මමත් අපේ අතේ සල්ලිවලින් ළමයින් පව් කියාය. නමුත් ඉන් ලකුණු දා ගත්තේ වෙන අයයි. අපි දෙන්නා දත්මිටි කමින් බලා සිටියෙමු. ලකුණු අවශ්‍ය නැති වුණත් එයට කිසිදු අගය කිරීමක්ද නැත. කමක් නැත. අපි අපේ රාජකාරිය ඉටු කලෙමු.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මධ්‍යම පලාත් මහ ඇමති ය. හේ තරමක තද ගති පැවතුම් ඇත්තෙකි. ශ්‍රී ලාංකිකත්වය මැනවින් දත් පුද්ගලයෙකි.  ඊගාව ප්‍රශ්නය ආරම්භ වූයේ එතැනිනි. 

ඔබ සමහර විට නොදන්නවා විය හැක. මක් නිසාද යත් ඒ බව මාද දැන ගත්තේ මේ පාසලට ගියාට පසුවය. කවුරුන් හෝ පඬියෙක් විසින් ලංකාවේ ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර ඇත. ඒ ආකාරයෙන් ගත් කල ශ්‍රී ලංකාවට සිංහලෙන් හා දෙමලෙන් ජාතික ගී 2ක් ඇත.  අපේ ඉස්කෝලය දෙමළ මාධ්‍ය පාසලක් බැවින් මේ දක්වා කියා ඇත්තේ දෙමළ පෙළ පොත්වල මුද්‍රණය කර ඇති ඒ දෙමළ ජාතික ගීයයි. නමුත් ප්‍රධාන අමුත්තා ලෙස සිංහලයෙක් ගෙන්වාගෙන දෙමළෙන් ජාතික ගීය ගායනා කළොත් වැඩ වරදින බව දැනුනු අපේ ලොක්කා වහාම සිංහල ජාතික ගීය පුරුදු කරන්නට පටන් ගත්තේය. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද්දෙකු වූ හේ උස් හඬින් කෑ ගැසුවේ "අච්චර භාෂා අසූ ගානක් තියෙන ඉන්දියාවෙත් එක ජාතික ගීයයි තියෙන්නෙ. ඇයි බැරි මුන් ට ඕක සිංහලෙන් විතරක් තියන්න" කියාය. 

ජාතිය ගීය පුරුදු කරද්දි එතැනට කඩාගෙන ආවේ අනික් ගුරුවරුන් ය. ඔවුන් පුල පුලා පැවසුවේ සම්පූර්ණ ජාතික ගීය ගායනා නොකර බාගයක් පමණක් කීවා නම් ඇති යන්නයි.  අන්තිම නැට්ටට තද උන නෙළුම් අක්කා "හා එහෙනම් ටීචලා කැමති විදියට කර ගන්න" කියා කට ඇරගෙන වටපිට බලමින් සිටි මාවද ඇදගෙන එතනින් එළියට ගියාය. 

ක්‍රීඩා උත්සවයට දිනකට පෙර අපි දෙන්නා සහ විදුහල්පතිතුමා සිටි තැනට ගුරු මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ගුරුවරියක් ඇඹරෙමින් පැමිණියාය.  ඕ ජාතික ගීය බාගයක් පමණක් කියන ලෙස බල කරන ලෙස අනික් ගුරුවරියන්ද උසි ගැන්වූ කෙනාය.

"සර්.... අහවල් ඉස්කෝලෙ ස්පෝට්මීට් එකට මහ ඇමති තුමා ඇවිල්ල ජාතික ගීය බාගෙට නතර කලාම ඉතුරු ටික එයා තනියම කියල තමා නවත්තල තියෙන්නෙ.  අපිටත් ඔක්කොම කියන්න ළමයි පුරුදු කරන්න වෙයි"

නෙළුම් අක්කා හිස ඔසවාවත් බැලුවේ නැත.  ඕ මටද ගණන් නොගෙන ඉන්නා ලෙස ඒ වන විටත් ඉඟි කර අවසන් ය. ඒ කතාව අසා දෙකොණ පත්තු වූ විලක්කුව වූයේ අපේ ලොක්කාය. 

මගේ ලඟ ජාතික ගීයේ අනුවාදනයක් ඇත. එය කැසට් පටියකට ගන්නට හැදුවත් ජාතික ගීයේ බාගය කියන්නට තූර්ය වාදක කණ්ඩායම වාදනය කරන නිසා මම එය කලේ නැත. ලොක්කා වහා මා ඇමතුවේය. "සංජීවනී අර මියුසික් එකත් අරගෙන 11 පන්තියට එන්න"

මම ලස්සන හිනාවක් දමා මගේ පෙන් ඩ්‍රයිව් එක ඔහුට දික් කලෙමි. ඔහුගේ කට බාගයට නොව හොඳටම ඇරුණි. "ඈ... මේක කැසට් එකකට ගත්තෙ නැද්ද?"

දැන් තිත්තයාගේ වාරයයි.

"ඇයි සර් බාගයක් කියන්න බෑන්ඩ් එකෙන් ප්ලේ කරනව කිව්වෙ???? මම ඉතින් මේක ආයි කැසට් එකකට ගන්න මහන්සි වුනේ නෑ"

කස්ටියම කට උත්තර නැතුව බලා සිටියි. පව් ය. කරන්නට දෙයක් නැතිය. ජාතික ගීයට නිසි ගෞරව දක්වන්නට බැරි අයට ජාතික ගීය අමාරුවෙන් කටපාඩම් කරවිය යුතුය. සිංහලෙන් ජාතික ගීය ගයනවාට ඔපමණ වෛර කරන්නේ ඇයි දැයි මම නොදනිමි. සොයන්නටද නොයමි. මක්නිසාද යත් මේ ශ්‍රී ලංකාව බැවිනි.  

නමුත් අපේ පාසලේ කොල්ලෝ එතරම් කුහක නැත. උන් ජාතික ගීය අමාරුවෙන් කට පාඩම් කළහ. "ඥාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා" යන කොටස ඔවුන්ට උච්චාරණය කිරීමට ඉතාම අසීරු විය. අවසානයේ නෙළුම් අක්කාත් මමත් ඔවුන් පසෙකින් හිඳ ජාතික ගීය ගායනා කලෙමු. බලාපොරොත්තු වූ පරිදිම බෑන්ඩ් කණ්ඩායම ජාතික ගීයේ බාගයක් වාදනය කර නැවැත්වූහ. එය ගනන් නොගත් ගායක කණ්ඩායමේ සිටි පොඩි පැටවු ටික ඉතිරි කොටස ආරම්භ කළහ. ඒ තරම් ආඩම්බරකාර මොහොතක් තවත් නැත. අන් අය නිහඬව ඉද්දි නෙලුම් අක්කාත් මමත් බෙරිහන් දී ජාතික ගීය ගායනා කලෙමු. 

ක්‍රීඩ උත්සවයේදී ළමෝ අපිට වඩා සමීප වූහ. සිංහල දරුවන්ගේද මුස්ලිම් දරුවන්ගේද වෙනසක් නැති බව මට පසක් කලේ ඔවුන් ය.  වෙලාවකට හුරතල් වෙන්නට එයි. බනින විට විරිත්තාගෙන හිනා වෙයි. ඒ දකින් අපටද සිනා යයි. පිටිපස්සෙන් ඇවිත් ඔසරි පොටින් අදියි. 1 වසරේ පොඩ්ඩෙක් හැමදාම ඇවිත් මගේ පිටි පස්සෙන් අත අල්ලන්නට හදයි. මම ඔහුට තරවටු කරන විට සිනා සෙමින් පැන දුවයි. ඔහුගේ පන්තියට නොගොස් අල්ලපු පන්තියට යන විට බෙල්ල දමාගෙන දුකින් බලා සිටියි. "මුන්සීෆ් යන්න පන්තියට" මම ඔහුව එලවා ගනිමි. ඒත් ඔහුව එලවන්නට මටත් ලෝබය. 

පොඩ්ඩෝ හැමෝම එක වගේය. වයස 16ක් වන තුරුම ඔවුන් ළමයින් ය.  ඉන් එහාට ඔවුන්ව බෙදන්නේ පරිසරයයි. කුහක බව ආත්මාර්ථකාමීත්වය උගන්වන්නේ සමාජයයි. නමුත් අපිට ඔවුන් වෙනසක් නැති දරු පැටවුන් ය. මේ මල් හැමදාම මේ විදියටම සිටී නම් කියා සිතෙන වාර අනන්තය. නමුත් එසේ වන්නේ නැත. අප පරයා නැගෙන වෙනත් රැලි ඔවුන්ව අපෙන් දුරස් කරයි. නැවත ලං වන්නට බැරි තරමටම ඔවුන් ව අපේ මායිමෙන් එලියට ගෙන යයි. නමුත් අනන්ත ආදරේ බිඳුවක් හෝ ඔවුන්ගේ මතකයේ රැඳේ යැයි අපි විශ්වාස කරමු. ඒ බිඳුවෙන්බොහෝ දේ සිදු වන බව අපට දැනේ. නිහඬව බලා සිටිනු හැර අන් විකල්පයක් අපට නැත.

Comments

  1. සබ්ජෙක්ට් දෙකකටම ගුරුවිද්‍යාලෙ යන්න ඇවිත් ගියේ නෑ..අපේ තාත්ත තාම බනිනව ඒ ගියේ නැති එකට..දැං තමයි දුක හිතෙන්නෙ..සිහ්..
    මටනම් ඔය වගේ පංතියකට උගන්නන එක සිම්පල්..මොකෝ මගේ කටත් බොහොම සද්දයි නොවැ....
    අනික් උන් ටැලිපෝං වලිං මල් කඩත්දි දැක්කොත් මිස ඇහෙන්නෙ නෑ..ඒත් මං ටැලිපෝං කෛාල් එකක් ගන්නකොට අල්ලපු ගෙදර එකාත් දන්නව විස්තරේ...

    ReplyDelete
    Replies
    1. කොරල බලකො එතකොට තේරෙයි ඒකෙ රඟ!!!! මමත් හිතන් හිටියෙ එහෙම තමා!

      Delete
  2. පරණ ඉස්කෝලේ දාලා ආවට අක්කට ගොඩක් දුකයි වගේ නේ..

    ඔය ජාතික ගියවල් දෙකක් තියෙනවා කියලා කතාවක් ගියා කියල නම් මතකයි ඒ උනාට ඒක එහෙන්ම නැති උනා නේ..දැන් බලන්යනකොට එහෙම වෙලා නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේවා අස්සෙ මොන මොනව වෙනවද කියල!!!!

      Delete
  3. මේ ලියල තියෙන දේවල් සහතික ඇත්ත

    මේ මල් වගේ ඉන්න පොඩි ළමයින්ව දවස ගානේ බ්‍රේන් වොෂ් කරලා එයාලගේ මත වලට හරවා ගන්නවා අදාළ ස්ථාන වලදී.
    ඒ නිසා අර බිඳුවක් රැඳෙයි කියල හිතේ තියෙන බලාපොරොත්තුව උපන් ගෙයිම මරල දාන්න වෙයි
    ඒ බලපෑම අනන්ත ආදරේට වඩා බලවත්...
    එතන ආදරේ වෙනුවට වෛරය කරන හැටි උගන්වනවා....

    මම අදමයි මේ පැත්තට ගොඩ උනේ..... පුළුවන් වෙලාවට ආයිත් ඇවිත් යන්න එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතා. සතුටුයි අඳුන ගන්න ලැබුන එක ගැන.

      අනේ නෑ මම හිතන්නෙ බිංදුවක් හරි ඉතුරු වෙයි කියල ප්‍රාර්ථනා කරන්නෙත් ඒකමයි. මොකද දරුවන්ට තියෙනව නොකිලිටි හර්ද සාක්ෂියක්. සමහර දේවල් හිතේ යට සදාකාලිකවම ඉතිරි වෙනව!

      Delete
  4. //අච්චර භාෂා අසූ ගානක් තියෙන ඉන්දියාවෙත් එක ජාතික ගීයයි තියෙන්නෙ. ඇයි බැරි මුන් ට ඕක සිංහලෙන් විතරක් තියන්න//

    මසුරන් කතාව ලොක්කගේ...ඉන්දියාවේ අනිත් භාෂා කතා කරන අය කඩු කිනිසි අරගෙන එනවද දන්නේ නෑ අපිටත් ජාතික ගී 80 ක් හදල දියව් කියාගෙන

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සයුරි...! අපේ රටේ සමහරුන් ට පිස්සු!

      Delete
    2. මටත් හිතෙන්නේ ජාතික ගීයට එක භාෂාවක් තිබ්බම ඇති. ඉන්දියාවේ ගොඩක් අයට ඉංග්‍රීසි සහ ඔවුන්ගේ ප්‍රාන්ත භාෂාව (දෙමල, තෙලිඟු, කන්නද, මරාති වගේ) ඇරුනම අනිවාර්යෙන් හින්දිත් පුළුවන්. කාටවත් අඩුවක් කරන්නේ නෙවෙයි - නමුත් මෙහෙම එක එක ජාතික ගී කියද්දී බෙදුම් වාදේ වැඩි වෙනවා කියල මට හිතෙනවා. එතකොට ජාතික කොඩිත් දෙකක් ඕන කිව්වොත්? (දැන් බර්ගර් කට්ටිය කියයිද දන්නේ නැහැ ඉංග්‍රීසියෙන් එකකුත් ඕනේ කියල)

      Delete
  5. මාත් ආසයි ටීචර්ලට! අපේ පංතියේ තිබුන හොඳ වැඩිකමටමද මංදා ලොක්කා එව්වෙම සර්ලාව! හැබැයි කියුමක් කියලා විහිලුවක් කරලා ඒ මිනිස්සු උගන්නපු විදිහට අපිට කවදාවත් ඒ අඩුව දැනුනේ නෑ!

    ReplyDelete
    Replies
    1. තාම මට ඉස්කෝලෙ සබීත් කෙනෙක් නම් හම්බ වුනේම නෑ. බාසිත් කෙනෙක් නම් හම්බ වුනා. හාපෝ අපේ ඉස්කෝලෙනම් සර් ල ඉන්නෙ 5 දෙනයි. ඉස්කෝලෙම අදින්නෙ ටීචලා!!!

      Delete
  6. කොහෙදෝ තැනකදි කියෙවුව මතකයි . .

    ළමයින් පිවිතුරුය මල්මෙන් සුවඳ රැඳී
    දෙවියන් ඔවුන් යන එන සැම තැනම ඉඳී

    (උඹේ පෝස්ට් එකට අදාලද නැද්ද දන්නෑ, ඒත් අන්තිම ටික කියවද්දි මට සිහියට ආවෙ ඕක)

    ReplyDelete
    Replies
    1. නෑ අදාලයි අයියා... අර එකේ පන්තියෙ පොඩි එකාට සිංහලත් බෑ. ඒ උනාට ඌ ආදරේ කරන්න දන්නවා.

      Delete
  7. සංස්ලේෂණය වෙනුවට විෂ්ලේෂණය පුරුදු කරන විට ඔවැනි දේවල් සිදුවේ
    හොඳ අත්දැකීමක් ඔබතුමිය අප එක්ක බෙදාගත්තේ..

    "ඔහුගේ පන්තියට නොගොස් අල්ලපු පන්තියට යන විට බෙල්ල දමාගෙන දුකින් බලා සිටියි.. "
    අපූරු අත්දැකීම්, පොඩි ළමෝ සැර වැර කලද කරුණාවන්ත කම හොඳින් අඳුනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා! දුකත් නෙවෙයි මුන්සිෆ් හරි දඟයි. මමත් ඉතින් ටිකක් සෙල්ලමට බරයි නෙ. පොඩ්ඩට තේරෙන්න ඇති මේ ටීච නම් නටන්න ශෝයි කියල

      Delete
  8. ඔක්කොම පොඩි එවුන් එක වගේනේ අක්කේ... උගේ හිත් අහිංසකයි....!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  9. මාරුව ලැබිච්චි එකට හරි සතුටුයි, ඒත් ඉතින් අපි පතනව ඉක්මනින්ම වෙන ගෙදරක ඉඳන් ඉස්කෝලෙ යන්න ලැබේවා කියලා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා! බෑ බෑ දැන් ඉස්කෝලෙට කිලෝමීටර් 1යි. වෙන ගෙවල් වලට මාරු වෙලා තව දුර වැඩි වුණොත් කරදරයි!

      Delete
  10. ඉස්කෝලවල "අල" කෙළි ..!? හැමතැනම ඔහොම තමයි.
    මුස්ලිම් ළමයිගෙ සද්දෙ ටිකක් වැඩියි තමයි....පල්ලිවල ලතෝනි දීලා පුරුදු වෙලා.

    ReplyDelete
    Replies
    1. හික් හික් අනේ මන්දා! හැබැයි සලාවත් කියන එක නම් හරිම ලස්සනට ආරබි ශබ්ද ඒ විදියටම කියනව කියන වෙලාවට මූන බලාගෙන ඉන්න ආසයි කටවල් උල් කර කර කියවනව

      Delete
    2. පොඩි එවුං සලාවත් කියනව බලං ඉන්න ආසයි තමයි . . . ඒත් ඕක අහං ඉන්නනෙ අප්ප අමාරු

      Delete
  11. ජාතික ගීය භාෂා දෙකකින් කියන එකම රට අපිද කොහෙද.... අන්තිමට කියපු ටික නම් සහතික ඇත්ත. අවුරුදු 16 ළමයි විදියට ඉන්න උන් ඊට පස්සේ වෙනස් කරන්නේ මහා එව්වෝ හදල තියන සාධක මතින්.. හරිම කණගාටුදායක සිද්ධියක් ඒක.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ශ්‍රී ලාංකිකයො මිසක් ආගම් වශයෙන් බෙදුන අය කියල කවදා කියයිද මන්දා! මේ යන ගමන නම් කවදාවත් හොඳක් වෙන ගමනක් නෙවෙයි.

      Delete
  12. Sanju ela machan. Bokkatama waduna :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ නුවන් අයියා!

      Delete
  13. ඇයි අපේ රටේ විතරක් එහෙම අවුරුදු 18 පනද්දී හිත් වෙනස් වෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ , සංජු අක්කා ඉතින් කොහොම හරි දැන් ගෙදර ඉදන් ස්කෝලේ යනවා නේ ඉස්සර වගේ නෙමේ දැන් සවස පුරා ඉන්ටර්නෙට් එකෙත් දකින්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. shhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh ඩිලා කට කට...! මම නැතත් මගෙ ගැලැක්සිය මගෙ පටි රෝල් කරනව ඒකෙ සල්ලි තියේ නම් ඔන්ලයින්. නැත්නම් සද්දක් තියේද මගෙන්???

      Delete
  14. අනේ කැම්පස් වල ඉන්න ළමයිත් මෙහෙම අය වුනා නම් .....

    ReplyDelete
    Replies
    1. අනේ ආත්මෙට වෙන්නෙ නෑ නංගි ඕවා හිතන්න එපා

      Delete
  15. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ දෙමළ මාධ්‍ය පන්තිත් තිබුණු හින්දා අපේ විදුහල්පතිනියත් පටන් ගත්තා දවසක් ඇර දවසක් දෙමළෙනුත් ජාතික ගීය කියන්න. පාසල් ගීතයනම් සිංහලෙන්, දෙමළෙන් ඉංග්‍රිසියෙන් හැම එකෙන්ම ගායනා කළා. තවමත් එහෙමමද මන්දා.
    අර කිව්වත් වගේ, ළමයින්ගෙ ඔලුවලට එකිනෙකාගෙ වෙනස්කම් සහ වෙනස්කම් නොඉවසනසුළු ගතිය ඇතුළු වෙන්නෙ වැඩිහිටියන්ගෙ ලෝකෙන්. එහෙම වැඩිහිටි ලෝකෙක ඔය විදිහට ජාතික ගීයත් බාගෙට කීමට යෝජනා කරනවනම් ගුරුවරුම, තවත් කියනුම කවරේද? නමුත් දරුවොත් එක්ක එකතු වෙලා වැදගත් පාඩමක් හැමෝටම කියා දීලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් එයාලට ඒ බව තේරෙන්නෙ මේ වයසෙදි විතරයි. ලොකු වුනාම වෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ

      Delete
  16. සිංහල, ඉන්ග්‍රිසි වලට අමතරව දෙමලත් ඉගෙන ගන්න පුලුවන්නෙ...... එලකිරි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් දැනටත් චුට්ට චුට්ට පුළුවන්.

      Delete
  17. වයස 16ක් වන තුරුම ඔවුන් ළමයින් ය. ඉන් එහාට ඔවුන්ව බෙදන්නේ පරිසරයයි. කුහක බව ආත්මාර්ථකාමීත්වය උගන්වන්නේ සමාජයයි.

    මොන හේතුවකටද මන්ද මට මේකම අද උදේ හිතුනා.... ස්කෝලේ කාලේ බොක්කෙන් හිටිය එව්වො න්ගෙ සමහරක් අදහස් අහද්දි දකිද්දි දැන්.

    ReplyDelete
    Replies
    1. දැන් පොඩි උන් හරි ඉක්මනට මෝරනව

      Delete
  18. හ්ම්...... //පොඩ්ඩෝ හැමෝම එක වගේය. වයස 16ක් වන තුරුම ඔවුන් ළමයින් ය. ඉන් එහාට ඔවුන්ව බෙදන්නේ පරිසරයයි. // ඒකනම් ඇත්ත.16 වෙන්න ඔනෙ නෑ ඊට කලින්ම බ්‍රේන් වොෂ් වෙන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බ්‍රේන් වොශ් දෙයියලා

      Delete
  19. අයියෝ පරණ ඉස්කෝලෙන් ආවේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. යන්න වෙන වෙලාවක් එනවනෙ කොහෙන් උනත්

      Delete
  20. මරු පෝස්ට් එක බං. ඒක තමයි මේ දවස් වල එලි පහලියෙ දැක්කෙ. අදනෙ දන්නෙ

    ReplyDelete
    Replies
    1. යා යා දැන් ටිකක් නිවාඩු තියෙනව

      Delete
  21. එනම් අල්ලපු පුටුවේ ඉන්නා එකාටද කතා කරන්නෙ කණ පැලෙන්නට හයියෙන්ය. ඊට පුටු දෙකක් එහා එකාට ඊටත් වඩා උස් හඬින් ය

    මේ තමයි පෝස්ට් එකේ මට ආතල්ම වාක්‍ය !!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒක නම්.... උන් කෑ ගහනකොට මට දැන් තද වෙනව

      Delete
  22. සංජු ටීචර් ස..යන්නෙන් නම පටන් ගන්න ඉස්කෝලෙකට ඇවිත් වගෙයි. මොනව උනත් නොසැලී ඉදිරියටම යන්න. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙලුමා

      Delete
  23. hope that 7 years counted with the 3 @ NCOE. how ever happy for You.Now i have finished 5yrs in this school.Hope my Bad Luck will not be ended.

    ReplyDelete
    Replies
    1. It will be fine sir do not worry. I think it's time for you to start a new journey now!

      Delete
  24. dawas dekak tisse mulu blog ekama kiyogena eddi hituna metana idala poddak monahari kiyala yanna.. lassana blog eka. awyaja hegeem walin pirunu awanka blog ekak. :)( murunga atta usa wedida manda? :D )

    mamath kemathi ne jatika geeya basa dekakin kiyanawata. ekata tiyenna one unique identification ekak. komahari mewa okkoma desapalane haraha ratata apu ewa.

    Saunju teechata ara lamiange sadde bohowita kandoskiriyawak wenna basawa noterimath hetuwak wenna puluwan neda? mata matak wune mage skole api kegahanakota kochchara techerlata epa wenna etida? ke gehuwanam ai ahanna deyak ne hoda sudda sinhalen panthi 4 kata ehain ehena widihata tamai.(ehema qwwata hitanna epa giye muslim skoleta kiyala hode.. sinhala skoleyakata giye)

    sinhala kotanna be office eke instal kireema tahanam.e nisa ingireesi walinma ketuwa hode.. samawenna hode...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත